Thursday, December 25, 2008

සත්‍යවාදියකුගේ දිනපොත-සුනිල් මාධව පේ‍්‍රමතිලක

1986 ජුලි 11

ජීවිතය බෙහෙවින් ඛෙදජනකය. මෙබඳු කලක ජීවත් වීමට සිදුවීමත් ජීවන අරගලයට මුහුණ දීමට ඇති අපහසුතාවයත් එයට ප‍්‍රධානම හේතුන් යැයි මට සිතේ. ජීවිතය මොහොතින් මොහොත පරවෙමින් ගිලිහී යන දෙයක් මිස යළි යළිත් දලු ලමින් ලෝකයට එක්වන දෙයක් නොවන බව සත්‍යයකි. එනමුදු මිනිසකු මිය යන තෙක් ජීවත් විය යුතුය. ඒ සඳහා මෙ දිනපොත මට අනුබලයක් වනු ඇත. බොහෝ කලකට පසු යළිත් දිනපොත ලිවීමට සිත් වූයේ එනිසාය. රුපියල් සත රජකරන යුගයක රුපියල් සත නැති එවුන් අපායක ජීවත් විය යුතුය. සිහිනෙන් දුටු සුන්දර පුෂ්පයක් මෙන් මනස විකසිත කොට ගෙන මිරිගුවක් පසු පස දිව යන පාදඩයකු වීමට මා සූදානම් නැත. මා දකින අසන සහ සිතන සත්‍යය තුළ ජීවත් වීමට මෙ දිනපොත මට පිටුවහලක් වනු ඇත. එය මම අත්දැකීමෙන්ම දනිමි. මා පිළිගන්නා සත්‍යය මෙහි ලියන්නට කිසිවෙකුගෙන් හෝ අවසර ඇවැසි නැත. කිසිවෙකුටත් බිය විය යුතු නැත. සත්‍යය සමග ජීවත්වෙන්නා සැබැවින්ම ජීවත් වන බව මම පිළිගනිමි.

යුද්ධයේ මහා විනාශයට මුහුණ දෙමින් මරණයේ බියකරු හඩ හදවතට කොදුරද්දී ඈන් ෆ‍්‍රෑන්ක් දැරිය ලියූ දිනපොත මෙන් මගේ මෙ දිනපොත අනාගතයේදී මහා ශ්‍රේෂ්ඨත්වයෙන් ෆ‍්‍රාන්ස් කෆ්කා ලියූ දිනපොත මෙන් මෙය කිසිදා බුද්ධිමතුන් අතරට නොයන බව ද මම දනිමි. දිළිඳුකමෙ හා නිර්ධනභාවයේ පාහර ජඩ පෑගීමට ලක්වූ කැරොලිනාගෙ දිනපොත මෙන් මෙය මානව හිතවාදීන්ගේ මනසට යොමු නොවනු ඇත.

මට ප‍්‍රශ්නයක් නැත। ඒත් කෆ්කාගෙ දිනපොතේ තිබූ එක් වැකියක් මට සිහිපත් වෙ. දෙව්ලොව සිටින සුරගනන්ගේ ගී ලෙස මෙ ලොව සිටින අයට ඇසෙන්නේ අපාගතව දහ දුක් විඳින පීඩිතයින්ගේ මර ලතෝනියයි.

මගෙ සාධාරණ සිතිවිල්ල ද එයමය. මෙය දුප්පතුන්ගේ ලෝකයයි. එසේ නැත්නම් දුප්පතුන් විසින් ජයගත යුතු ලෝකයයි. අද ලෝකය අයිති කරගෙන සිටින්නේ පාහරයින් විසින්ය. දුප්පතුන් ගැන කතා කරන්නකුවත් අද නැත.කණගාටුව එයයි.

සත්‍යවාදියකුගේ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක 1995

සුනිල් මාධව නොදන්න පරම්පරාවට...
http://www.silumina.lk/punkalasa/20081109/_art.asp?fn=ar08110910

Tuesday, December 2, 2008

පැරණි සටන් සගයෙකුට කී කව-චූලානන්ද සමරනායක

පැරණි සටන් සගයෙකුට කී කව

ඉල් මසක ගිනි බිඳුණ
රතු කැකුළු පොකුරක
දුක්බරම මතකය දරාගෙන
බස් පොළට ගිය දිනක
ඒත් ඉල් මසකම
දුටිමි නුඹ කෙසග රුව

ලෑලි කඩ පේලියේ කෙළවර
බුකියේ ලෑලි හිඩැස් අතරින්
පෙනුණු අසරුවාගේ මුහුණේ
අතීතේ ලකුණු බොහෝ විය

තබා වම් පය සෑදල වළල්ලේ
සූදානමින් නගින්නට අසුපිට
නේරංජනාවෙන් ඔබ
සිහින කහවනුවක් නෙලන්නට

පළමු මොහොතේම
ඇසට ඇස පැටලුණ
සොඳුරු මදහසමය
දහ අට වසරකට පෙර පුරුදු
සැණින් එය මරාගෙන
නාඳුනන බවම ඇගවෙන
බැල්මකිය
තුරග උප්පැන්න සහතික පළාගෙන

සොයුර පෙර දවස
ගිනි ඇවිල සටන් බිම
උරෙන් උර ගැටී උන් සගයා
මම වෙමිය

ජය වෙවා භංග වෙවා
නගා රණ ගොස
බැටන් පොලු රබර් ඊයම් මූනිස්සම්
දැක දැක
රතු ධජය ගෙන
පෙළපාලියේ නුඹ සමග නුඹ අසලින්ම
ගිය සගයා මම වෙමිය

බූස්සේ පූනානියේ
පැලවත්තේ තෙලවල
ඇල්දිය සමග කදවුරු බත කා
එකට කොක්කෙ එල්ලී
ගුටි කෑ දත් මිටි කමින් උසුලාන උන්
සගයා මම වෙමිය

වැටෙන්නේ අහවල් දෙටද මහත්තයෝ
තෙරෙනවා නම් අපොහකෙ
නිබඳ නුඹ දිරි වදන්
අසා හුන් සගයා මම වෙමිය

අනන්තය සේ ගෙවී ගිය
වසර ගණනක කාලයක පසුව
අද අහම්බෙන්
ඇස ගැටුණ නිමෙෂයක
ඇයි ද නාඳුනන බැල්මක
වහං වී පලායන තැත

එදා ළග නොසිටි අසු ඇති මුත් අද
කො එදා ළග තිබූ අසිපත
එන්නේ නැද්ද කවමදාවත් ආයෙ නුඹ
උරෙනුර ගැටී
ජය වෙවා භංග වෙවා කියන්නට

චූලානන්ද සමරනායක

ලංකා ඉරිදා සංග‍්‍රය 30-11-2008 උපුටනය විල්තෙර කවි පිටුව -සංස්කරණය රත්න ශ‍්‍රී

අකීකරු පුත‍්‍රයාට ලියමි- ඉසුරු ප‍්‍රසංග

අකීකරු පුත‍්‍රයාට ලියමි

පූර්විකාව

කවියකු උපන් කල

මව්වරු හඩා වැලපෙති
ඒ දරුවා තමාට නොව
ලෝකයට හිමිවන බැව් දැන

ස්ටෙපාන් ත්සනෙව් බල්ගේරියාව

නුඹ උපන් කල
හඩා වැළපිනි මව
කවියකු නිසා නොව
උපන් එ සැනෙහි
නාඩාම නුඹ හුන් වග දැක...

ලොව දැක නිබඳ
හඩා පල නැතියෙන
හුනිව ද දරා සිත දැඩිකර...

විනම් කවියකු මෙරට
වලඳින ගුහා සුව මිස
ලොවට උන් හිමි නැතියෙන
දුක්වන කරුණු නැත මව්නට...

වැළපෙයි අදත් නුඹ මව
කවියකු නොවු පුතු ගැන...

කවි සිත කවියටම
නොව ලෝකයට පුද කර

රතු මලෙක රූ ලැබ
නුඹ පිපෙන ගොහොරෙහි තතු දැන...

ඉසුරු ප‍්‍රසංග
තුරු හිසක තරු සැගව 2006 කාව්‍ය සංග‍්‍රහයෙන්


tbc

Friday, November 28, 2008

සිසිරයේ පිපුන මල [2000] කාව්‍ය සංග‍්‍රහය-ජගත් ජේ එදිරිසිංහ

නූගත් ඝාතකයාගෙ කවිය

නීතිඥයන් දෙදෙනෙකු මැරුවෙමි ඊයේ
දොස්තර කෙනෙකු අළු කෙරුවෙමි දර සෑයේ
සගය බලව අර මුල්ලේ ගැහෙන්නේ
ඉංජිනේරුවෙකි අත් පා කපා දැමූ

කඩුවෙන් කළ යුත්ත පෑනෙන් වලකන්න
වැර දැරූ උන්ට කර ඇති දේ බලපන්න
මුර දේවතාවන් කුමට ද මෙ දැයට
බණ පොත් ගිණි තබමි උණුසුම ලැබ ගන්න

උපාධිය සමග කඩුවක් නොදෙන නිසා
බොහෝ පහසු විය කරනට මගෙ සේවෙ
මගෙ අසිපතට නැත කසි අභියෝගෙ
උගත් කම මොටද කඩුවක් නොමැතිකොට

නිමා කොට රැුයක් බොහො වෙහෙසයි සගය
විවෙකයට සැතපෙමි කහවනු මත්තේ
හෙටත් නැවත ඔ්නැවෙන නිසාවට
මුවත් තබමි අසිපත ඇහැරුණ පසුව


ජගත් ජේ එදිරිසිංහ
සිසිරයේ පිපුන මල 2000 කාව්‍ය සංග‍්‍රහයෙන් උපුටා ගන්නා ලදී.



සිසිරයේ පිපුන මල ජගත්ගෙ ප‍්‍රථම නිර්මාණ සංග‍්‍රහයයි. එය අදින් වසර අටකට ඔබ්බෙන් ඔහු තුල වු සමාජ දැක්මෙ ප‍්‍රකාෂිත ලක්ෂ්‍යයි. වසර දෙදාහ ලබද්දී ද ලොවම කැලඹී නව සහස‍්‍රය පිලිබඳ නොයෙක් භීතිකාවන් සිත් මවා ගෙන මාධ්‍ය කේන්ද‍්‍රීය මහා ව්‍යසනයක් වපුරමින් ඉලක්කම් මාරු වීමට පසුබිම් වූ ආර්ථික මූලෝපායන් ප‍්‍රතිසංවිධානය වූ බැංකු කොල්ලකරුවන්ගෙ සිහින බිඳ වැටුන සමයයි. අන්තර්ජාලය ලොව වඩාත්ම වෙගයෙන් ව්‍යාප්ත වූ කාල වකවානුවයි.ඊට මදක් එහාට දශකයකින් කාල රේඛාව දිග් කළ හොත් ලාංකීය ප‍්‍රගතිශීලි සමාජ ව්‍යාපාරයන්හි දෙවන කඩා වැටීමෙ ඛණ්ඩාංකය හමුවෙ. මෙ ෙඓතිහාසික යුග අන්තර්කාල වකවාණුව කවියාගේ විෂය පථය සපයා ඇත්තේය.

උතුරෙ යුද පීඩනයත් 1988 න් පසු ගොඩනැගෙන පශ්චාත් වාමවාදී නිර්වින්දිත සමාජයත් සමස්ත ආර්ථිකය තුලටම කිඳා බැසගත් මහා පරිමාණ පෙද්ගලීකරණ ව්‍යාපෘතිත් ඉමක කොනක් නැති සංස්කෘතික පුපුරා යාම් ද හරහා අන්ත අසරණ වන දේශීය නිදහස් අධ්‍යාපනයෙන් රජයේ ජනතාවගේ මුදලින් සිය උසස් අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගත් අල්පතරයක් විදේශයන් කරා සංක‍්‍රමණය වන්නේය. බොහෝ අය දෙමළ දේශපාලන රැකවලුන් ලෙස බටහිර රටවල් කරා ඇදෙද්දී සිංහල යමක් කමක් කරගත හැකි මධ්‍යම පංතිකයෝද සිය අනාගත සුරක්ෂාව සම්බන්දයෙන් විදේශ පිහිට පතා ගත්හ.

එබන්දන් ගේ ලසොව ද ජගත් සිය කවි ඇසෙන් විනිවිදින නිමැවුමක් මගේ සිත් ගති.

තරණය

මෙ කන්ද මා නැගුන බොහො උසයි
ගොඩ වුනේ කෙලෙස දැයි මට සිතෙයි
අත දුන්න අතලොස්ස සිහි නැගෙයි

ආ ගමන දුෂ්කරයි හරි දුකයි
බැන්ද බැමි මග දිගට බෝ තිබෙයි
මා පයෙන් ඇද්ද වුන් අපමණයි

මට කළින් පැමිණි වුන් මෙහි සිටියි
උන් පැමිණි දඩුමොණර මෙහි තිබෙයි
මා දෙපා නම් අනේ රිදුම් දෙයි

බිම සිටින බොහෝ අය මට පෙනෙයි
අතරමග වැටෙනවුන් ගැන දුකයි
දිගු කෙරුන මා දෑත නුඹටමයි

to be continued...






Thursday, November 27, 2008

ගම හැර ගිය අඳ ගොවි පුතුගෙන් ලියමනක්-ලක්ශාන්ත අතුකෝරල

ගම හැර ගිය අඳ ගොවි පුතුගෙන් ලියමනක්

තට්ටු තුනේ මැදුර ළගින්
වමට හැරී පෙරට වරෙන්
මා බලන්න එනවා නම් මගේ යාළුවෙ
මෙ මුඩුක්කු ලැයිං අතර
ලෑලි ගැසූ කුටිය අතැර
ගමෙ යන්න අඩ නොගසාපන් කිරි බණ්ඩෙ

ඉර නිදි කොට සඳ නැගිටින
තෙක් බඩ වැටිවල ඇවිදින
ඉර හඳ වාගේ මතකයි ඒ පොඩි කාලේ
කොච්චරවත් හිත තිබුණට
කඩා සෙයිලමෙ කටු වැට
යළි ඒ කාලයට යන්න බෑ නොවැ මිතුරෙ

පාළු පැලේ ? ලැගගෙන
පඹයි මෙන් කෙතේ හිටගෙන
ගමෙ ඉන්න හිත් නොදෙන්න මොකද කාරණේ
මුහන්දිරම් පට්ටම් වල
උජාරුව නැමී බල බල
බැල මෙහෙ කෙරුවා විතරයි අපේ සනුහරෙ

අපෙ වීරිය කිරි වැදිලා
අප මෙන් පහතට නැමිලා
උන්ගේ බිහි පිරෙව්වාට අපි බඩගින්නේ
දවසක උන් පරද්දන්ට
දහඩිය ටික විකුණගන්ට
මාත් එක්ක නතර වෙයන් මගේ මස්සිනේ

ලක්ශාන්ත අතුකෝරල
අමාවකේ සඳක් සිඔිමි 2006 කාව්‍ය සංග‍්‍රහයෙනි


මට මෙ කවිය කවදාවත් ලියන්න බැහැ මොකද මම උපන්නෙම ගාලු පාර අයිනෙ නිසා. ගමක් ගැන මතකයක් නැත්තෙත් නැහැ ඒ ආච්චිලයි ගෙදර තිබුනේ ගමක නිසා. අම්මා ඉඳ හිට අපව කැටුව ආච්චිලයි ගෙදර සති අන්තෙ යන කාලේ තමයි මෙ ගම මගේ ඔලුවට ඇතුල් වෙලා තියෙන්නේ.

ඒත් මෙ සංසිද්ධි තේරුම් ගන්න ගමක ඉපදීමට වඩා ජීවත් වීම වැදගත් වෙනවා.

මම නාගරික වී ඉපිද ගම් ගොඩක ජීවත් වෙච්ච අතීතයක් සමග විදෙස් ගතව ක‍්‍රමයේ තවත් සොඳුරු ගොදුරක් බවට පත් වී ඇත්තෙක්මි. මෙ කවිය මට කියවා ගන්නට මෙ සියල්ල විග‍්‍රහ කරගන්නට බල කෙරෙයි.

මෙ කව මගේ ජීවන අත්දැකීම් ප‍්‍රශ්න කිරීම අරඹන්නේ එහෙමයි.
මට මස්සිනා ලත් නැහැ මෙ වගේ එතිල ඉන්න ජීවිතයට. ආසාවට ඇසුරකට වැටුන කිරි බණ්ඩෙලත් නැහැ. පඹයන්මෙන් නිසොල්මනේ වෙල් එලිවල හිටන් ඉන්න සමහර විට ඒ වෙල්වල රංචු ගැහී කරක් ගහපු මෙ සිදුවීම් මට මැජික් වගෙයි.

ඒත් අඳේට වැඩ කරන ගොවියෝ මම දැකල තිබ්බා ඒ පුංචි කාලෙත්. මට මතකයි අපෙ අම්මා එහෙම කතන්දර කියනවා ලොකු අම්ම එක්ක අහවලා ගේ අඳේ අන්න මෙ පාර අහවලෙකුට දීලා යනාදී වශයෙන්.
ඒත් මට දැනුන එකම දේ ඒක මොන යම් ආකාරයක හෝ වරදක් යන්න පමණි.
ඒක ඒ ක‍්‍රමයේ වරදක් බව දැනගන්න ඊට වඩා ගොඩක් කාලයක් ගත වෙලා.
නගරවල වැදිල රස්සාවල් කරල එතනින් නොනැවති විදේශවල කරක් ගහල ගොඩ ආපු කෙනෙක් තාම මම දැකල නැහැ. ගමෙන් නගරෙට ඒමෙන් ගොඩ යන්න පුළුවනි කියල හිතන එකත් නගරෙන් වෙනත් රටකට පැනල ගොඩ යන්න පුළුවන් කියල හිතන එකත් මෙ ක‍්‍රමයේම මුළාවක් බව අද දවසේ මා වටහා ගන්නේ නිරුත්තර ප‍්‍රශ්නාවලිය තාමත් කෙළවරක් නැති ලෙස මා අභියස දිග හැරෙන නිසාවෙනි.

Tuesday, November 25, 2008

අවි තැනීම-පියන්කාරගේ බන්දුල ජයවීර

අවි තැනීම

මා පියබඳ
බදා වැළඳ
හඩ හඩා
මෙ දුකඳුළු
නිමා කරමු
තුටු කඳුළුම
නෙතු සරසන
දින එනතුරු

බුලත් කසට
බැඳි මුවගින්
විෂ වදනින්
හද පාරන
කල නොසැලී
සිත දිරි ගෙන
රුදු රළු මග
දෙපා නගමු

පරම්පරා සංස්කෘතික
දෘෂ්ටිවාද සීතල යුද
මැද නුඹ මම
අප සැමදෙන
සිරකරුවන්
වෙමු කුටුම්භ
හිරගෙදරක
මාපිය නෑදෑ පූජක
ජේලර්වරු
සංස්කෘතික යෂ්ටි රැගෙන
සීරුවෙන් සිටිති
අවදිව

මෙ අප සැදූ
හිරගෙයක් නොව
හිරගෙදරක
උපනෙමු අපි
කඩා බිඳ දමා හිරගෙය
නිදහසට දෙපා තබනට
අවැසි අවි තනයි
ඉවසුම

පියන්කාරගේ බන්දුල ජයවීර

ලංකා ඉරිදා සංග‍්‍රහය 23-11-2008 න් විල්තෙර කාව්‍ය නිර්මාණ සංග‍්‍රහයෙන් උපුටා ගන්නා ලදී.

ඉවසීම යනු වෛරය එක් රැස් කිරීමයි.



Friday, November 14, 2008

කර්තෘ අඥාතයි කාව්‍ය සංග‍්‍රහය-ඊ එම් ඩී උපාලි

මෙතනින් මාරු වෙනු 1983
පියාඹන අස්සයා 1985
එව බලව 1998
චර පුරුෂ 2000
චෙරිමල් යාය 2000
වන තාරාවී 2006
බෝනික්කිගේ සෙල්ලං ගේ 2008

ඒ සියල්ල වේදිකා නාට්‍ය පිටපත්ය. හොඳින් කණට හුරුය. දෙකක් පමණක් තවම නිෂ්පාදනය වී නැත්තේය...

මුල් දෙකම ස්වතන්ත‍්‍රයි.
තෙවැන්න අනුවර්තනයකි.
සිවුවැන්න පරිවර්තනයකි. මුල් නිර්මාණය නිකොලායි ගොගොල්ගේය.
ඊළගට ඇත්තේ ඇන්ටන් චෙකොව් ගේ නිර්මාණයේ වෙදිකා නාට්‍ය පරිවර්තනයයි.
වෙදිකාවෙ සිහසුනේ සදාකාලික රැුඳිවිහෙන්රික් ඉබ්සන් ගේ සුප‍්‍රසිද්ධ නාට්‍ය පිටපත් හතරෙන් දෙකකි අවසානයේ පරිවර්තිත ව ඇත්තේ.

1996 දී
තුන්සිත් රටා මැයෙන් කාව්‍ය සංග‍්‍රහයක් ද

2005 දී
දඹරන් පිළිමය නමැති යොවුන් නවකතාව ද

2007 දී
ළය විරේකය නමැති නව කතාව ද
කළ හෙතෙම

2008 දී
කර්තෘ අඥාත වී ඇති හෙයිනි මේ හෙලි දරව්ව...
මේ කර්තෘ අඥාතයි කාව්‍ය සංග‍්‍රහයෙන් උපුටා ගත්කවියකි.

අලු

අඩ සිය වසක
රොඩු බොඩු
වදන් වරණ රෙක්කයෙන්
ඇවිස්සුවෙමි
එකතු කළෙමි
එක තැනකට
පිළිවෙළකට

දැන් ඉතින්
ගිනි තබමු
එකතු කළ
එ රොඩු බොඩු

තෙමෙ
අලු වී යද්දී
අවට
අලු කරනු වස්

ඒ කවියාගේ පෙරවදනයි.

මෙ ප‍්‍රථම කවයි

හෙවණැල්ල

වැසි වස්සන ඇලි ඇතු දී බමුණන්ට
ආයෙමි වංකගිරි පාරමි සපුරන්ට
රුව ඇති දූ පුතුන් පිදුවත් බුදුවන්ට
ප‍්‍රාණසරි බිසෝ නම් බෑ දන්දෙන්ට

කිරි එරුණලු සඳමහ මුත්තණු ළයට
දෙදරුන් බරට රන් දුන්නලු ජූජකට
නුඹේ බරට රත‍්‍රන් මුලු රටෙත් නැත
මා හිස ගිය ද නුඹෙ හිත බෑ දන් දෙන්ට

තෙමා වැටුණි කිඳුරග නෙත් සඳගිරියේ
දමා කුමරි වැඩියෙද කිසි අත් බවයේ
අදරින් පැතු එ බුදු බැව් මහද බැබළියේ
එද හෙවණැල්ල මට දන් දිය හැකි ද පියේ ?

ඊ එම් ඩී උපාලි

චන්ද‍්‍ර කුමාර වික‍්‍රමරත්න කවියා

අවසර සකි සඳ - චන්ද‍්‍රකුමාර වික‍්‍රමරත්නට


චන්දරෙ
මම ශීතකරණය ඇරියා
චන්දරෙ
මම හමස් පෙට්ටිය ඇද්දා
මම කවි පොතක් ගහන්න යනවා
මට උඹව මතක් වුනා
උඹ මළවුන්ගේ ලෝකෙ ද?
එහෙනම් උඹ පණ පිටින්
චන්දරෙ
දැන් මෙක මිනී කාමරයක්
අධි ශීතකරණයකටත් වැඩිය ශීතලයි
උණුහුම පොදක් නෑ
හාල්පාරු වෙලා සේරම
මිනිස්සු මිනිස්සු එක්ක කතා කරන්නේ නෑ
මූණ බලන් නෑ
බස් වල ගල් ගිලල වගේ
මූණට මූණ බලන් නෑ
නැග්ග ගමන් නිදා ගන්නව
උඹ එදා පිලි නොගත්තට
අද උඹ ආවොත් නං
සාංදෘෂ්ටිකවාදේ පිලිගන්නව සිකුරුයි

චන්දරෙ
මම කවි පොතක් ගහනවා
කවි කියන්නේ
මොනව ද චන්දරෙ

මතක ද
අපි ඒ දවස් වල හම්බණාම
කුරුටු ගාපුවා කියෙව්වා එකිනෙකාට
සමහරු උඹව යුගයේ කවියා කළා
උඹ එහෙම හිතුවෙ නැති වග
දන්නවා මං හොඳටම
චන්දරෙ
අපි ට තරගයක් තිබුන් නෑ
උඹ ලියපුව ද හරි
මං ලියපුව ද හරි
එහෙම බෑ චන්දරෙ
කවියෝ වෙන්න
කවියෝ වෙන්න නං
හිතන්න ඔනෑ
මං තමයි ඊළග සේකර
කී දෙනෙක් උන්න ද චන්දරෙ එහෙම
ආගිය අතක් ආතක් පාතක් නෑ

චන්දරෙ
උඹ තාමත් සින්දු කියනවා ද බස් වල?
ජෝතිපාලගෙ සිංදු කවදාවත් කිව්වෙ නැති
චන්දරෙ
ඔබ ගැනම මා ලියනා ඒ කවිය
ඔබ හටම අද දිනේ නොවැටහෙන බව දනිමි
ඒත්
ලෝකය මීට වඩා සුන්දර වන
අනාගතේ යම් දවසක
ඔබ එය ආදරයෙන් කියවන බව දනිමියි සැක හැර
නුඹම හැදු
කවුරුවත කවදාවත් නාහපු
සිංදු කීව චන්දරෙ
දන්නවාද
පශ්චාත් නූතන තත්වය මෝරලා
සහස් වස එනවා
දැන් කතාව ගෝලීයකරණය ගැන
උඹ දන්නවා ද අන්තර්ජාලය?

චන්දරෙ
මතක ද
අපි ඉල්ලුවෙ රුපියලයි නැත්නම් දෙකයි
ඒත් දැන් හුගාක් වෙනස් චන්දරෙ
එක ප්ලේන්ටිය ගහලා
බි‍්‍රස්ටල් එක බීලා
මතක ද?
මේ කාලේ චන්දරෙලා ගැන මං මුකුත් දන්නෙ
නෑ චන්දරෙ
උනුත් මං ගැන මුකුත් දන්නෙ නැතුව ඇති
චන්දරෙ උඹ කොහෙද ?
මළවුන්ගෙ ලෝකෙ ද?
උඹ ට ලීනක්කවත් හම්බුනා ද?

තිසාහාමිත් මැරුණා
මට කවියක් ලියන්න හිතුනා
ඒත්ඒ කවිය
රෙන්න බරක් නැති වෙන්නැ හේ නැති වුණා
විකුණන හැටි දැක්කම
රාජිනිත් මැරුණා
ඒත් එහෙම්මයි
චන්දරෙ
උඹ මැරුණයි කියලා
දැන ගත්තෙ නැති එක හොඳා
මෙහෙම නෙමේ හෝල් සේල් විකුණාවි
ඒත් චන්දරෙ
මිනිහෙක් උන්නයි කියල දන්නෙත් දැන් අපි
මැරුණාම
මිනිය ලෝකෙටම වික්කාම
ඉතිංමරණය ගැන දැන ගන්න එක
වැදගත් නේද?
අපි ඒ තරමට ම කුණුවෙලා චන්දරෙ
ඒත් මෙ මළ බද්ධෙයි
අ ඩස්සියයි
ඊට වඩා හොඳයි

චන්දරෙ

චන්දරෙ
ඉන්නවා නම් කොහේ හරි
ලියුමක්....
ඒත් චන්දරෙ

උඹට වගේම
අයිඩෙන්ටිය මිසක
ඇඩ‍්‍රස් නෑ තාම මටත්
කියාපන් උඹ කොහෙද
මහ කැලේ හේනක් කොටාන
ගෑණියෙක් එක්ක
ඉන්නවා ද චන්දරෙ?
පුංචි කාලේ ඉඳන්
උඹ ඉල්ලූ ආදරය
ලැබුණා ද උඹට?
තුන් වෙල වරදින් නැද්ද උඹට දැන්වත්?
චන්දරෙ
යුගයේ කවියා කියා කුරුසයක
ඇණ ගසා තියෙද්දිත්
ආදරය පොදක් ඉල්ලුව
නුඹෙ අවිහිංසක ඇස්
ගොම්මන් මන්දාරම මැදින් දිදුලනවා මට
පේනවා

චන්දරෙ
මට සමාවෙයන්
මම කවි පොතක් ගහනවා
මොකටද කියලා මං දන්නේ නෑ
හුග කාලෙකට කලින් ලියන එක අතෑරපු
ඔහේ ලියවෙච්ච කවි
හෙට
මිල කරලා තියේවි රාක්කවල
විකුණන්න
මතක ද උඹ පොත් සීයක් විකුණලා දෙන්න බාර ගත්ත
කවදාවත් ගැහුවෙ නැති මගේ කවි පොත?
ඒත් චන්දරෙ
මෙ ඒ කවි පොත නං නෙමෙයි

කේ කේ සමන් කුමාර

මෙ කවිය සර්පයාගෙ කවි පොතේ එනම් නගා මැරූ අල නිර්මාණ සංග‍්‍රහයේ පෙරවදනින් පසුව හමුවන පූර්විකාමය කවියයි. චන්ද‍්‍රකුමාර වික‍්‍රමරත්න 80 දශකයේ ජනතාවාදී කවියෙකි යැයි ද ජනතා විමුක්ති පෙරමුණේ සංස්කෘතික ක‍්‍රියාකාරීන් විසින් යුගයේ කවියා සහ අපේ මැක්සිම් ගෝර්කි වශයෙන් ඔහු නම් පටබැඳි වගත් සිය කෘතියේ අටුවාව කොටසේ විස්තර සටහන් කර ඇත.

චූලානන්ද සමරනායකයන් විසින් පරිවර්තනය කරන ලද අයි ලැව්රෙට්සිකි ගේ චෙ චරිතාපදානය කෘතියේ පෙරවදනේ නැවත චන්ද‍්‍රකුමාර වික‍්‍රමරත්න කවියා හමුවන්නේ මෙ කවියත් සමගය.


ගුවන් තලාවෙ ගීතය


අලුත් තෘණ ගොබ මතට

පිනි කඳුලු පොද වැටෙන

තද සීත ගනඳුරෙ

අලුයමෙ මල් පිපෙන

තුන් පරෙවි තටු බිඳී

රුධිර දහරා සැලින

නිදි බරිත මිහිමඩල

කම්පිතව සසලවිනි


ශතවර්ෂ ගණනක් මුලුල්ලේ

කෝටි ගණනක් හදවත් ගැඹුරෙ

වෙදනා බිජුවටින්

උපන්නේ වී ඔවුන්

කැපවීමෙන් පරිත්‍යාගයෙන්

උතුම් මව්බිමෙ නිදහස පතා

ගෙවෙන හැම දවසක්ම දුක්බරය

දවසකට ඉවසන්න බැරි තරම් සීතලය

දවසකට මහා ගිනි උණුසුම්ය

පඳුරු දමමින් වැඩෙන අසත්‍යය

දේශයම රෝගී දුක් බවින් පුරවාය

හැමදාම මේ දුක ඉවසන්න බැරිවාය


නිසල වා ගැබ දෙබෑ කරගෙන

උණ්ඩ ඉගිලුන අලුයමෙ

සත්‍යයේ රතු පරෙවි පැටවුන්

මිහිතලය මත වැතිරුණි

මියදුනේ උන් දරුවනේ

මව් බිමේ නිදහස වෙනුවෙනි

ඒ ලෙයින් සුපිපෙනා හිරු හෙට

නුඹලාගේමය සැබැවිනි

කඳුලු හුරු නැති රුදු කුලී හිත්

නිකුත් කළ ඒ කුරිරු අණටා

පොකුරු වෙඩි තැබූ ගුවන් මිතුරනි

අපේ සිත්වල නැතේ විරසා

ඉකුත් රැය ගණ අඳුරු නම් හෙට

අරුණ රන්වන් රැසින් දිලෙනා

පරෙවියන් අද වැතිරුනත් බිම

දහස් ගණනින් නැවත ඉපදී

රණ බිමෙ පෙරමුණට එන්නා

චන්ද‍්‍ර කුමාර වික‍්‍රමරත්න


1987 වසරෙ දී ආත්මාරක්ෂාව සඳහා වුව ද ප‍්‍රතිප‍්‍රහාර එල්ල නොකොට කටුනායක කඳවුරෙදී දිවි පිදූ වීරවරයින් තිදෙනා වෙනුවෙනි





Thursday, November 13, 2008

දෙවැනි යාමයේ කතාව

දෙවැනි යාමයේ කතාව

දරුවන් බිහි කළ පසුව එන
රාත‍්‍රී කාලවල
හුරු පුරුදු නිර්වසත‍්‍රභාවයෙහි
තෘප්තිමත් නොවී ඔබ
සොයන්නෙහිය
මගේ නොකිලිටි රූ සපුව

පෘථුල සිරුරත්
ප‍්‍රසව ඉරි කුරුටු ඇති උදරයත්
බොහෝ පිලිකුල්ය දැන් ඔබට
අද හෝ හෙටක
නැත්නම් මතු කවරදාක හෝ
මගේ මෙ සිරුර වෙනස් නොවෙතියි
කියන්නෙහි ඔබ
නිහඩතාවයේ තැනි තලා මත
වැළලී තිබෙන මගේ හඩ
මුමුණයි තමන් තුලම හිඳ
ඉතින් ඇත්තයි
මගේ ඇග වාගේ ද ඔබෙ ඔය ඇග ?

විවෘතයි!
පුරසාරම් දෙසමින්
විවෘතව තිබෙ එය බාහිරට!!!

මීට පෙර
කොහේ හෝ කාට හෝ
ඔබෙ දරුවන් ඉපදී ඇති
ඉතින් සලකුණු නැතැයි ඒ ගැන
ආඩම්බර විය හැක ඔබට

මා කුමක් කරන්න ද ?
යටහත් පහත්ව
අවනතව සිටිනවා මෙන් ඔබට
මෙ ප‍්‍රසව ඉරි
පහසුවෙන් ලේසියෙන්
යථා තතවෙට නොඑයි
කපා අලවන්නත්
මගේ ඇග කඩදාසියක් නොවෙයි

ඔබටත් වඩා දරුණු ලෙස
දෙ‍්‍රා්හිකම් කර තිබෙ
සොබාදම් දියත මට
ඔබෙනුයි ඇරඹුනේ
මගේ පැරදුමෙ පළමු අවධිය

පළමු යාමෙට වඩා
දරුණුයි
සිහින වැඩි වන දෙවන යාමය

නිහඩව නිමග්නව
බිතුසිතුවමෙහි සිටි
කොටියා
දෙවන යාමෙ තමයි
වාඩි වී මගේ ඉහ ඉද්දර
තියුණු ඇසකින් බලා සිටියේ
මගේ සියොලග


සල්මා


ඉන්දියානු යොවුන් කිවිඳියකි. මුස්ලිම් ජාතික කාන්තාවක වූ ඇය සිය කවියෙන් සංස්කෘතික සීමා ඉක්මවන මතවාදයක් පළ කරයි. ස්තී‍්‍ර විමුක්තිය ඇගේ කවියෙන් ස්වර නැගෙයි.

ඔරු මාලෙයුම් ඉන්නෙරු මාලෙයුම්
සැඳැවක් සහ තව සැඳෑවක්

ඇගේ එකම කවි පොතයි. එහි වු කවියක් නිලාර් කාසිම් විසින් පරිවර්තනය කර ඔහුගේ සහෝදර පියාපත් කවිසරණියේ අන්තර්ගත කර ඇත්තේ තවත් බොහෝ එබඳු විවිධ කවියන්ගේ නිර්මාණ ද දෙමලින් සිංහලට පරිවර්තනය කරමිනි.

Wednesday, November 12, 2008

අමු මස් කෑල්ලෙ කතාව

අමු මස් කෑල්ලෙ කතාව

හිතමු අපි අමු මස් කෑල්ලක් අනුභව කරන්නට යෙදුනේ යැයි.වඩාත් ජුගුප්සාජනක උදාහරණය නම් අපි පණ පිටින් ජීවියෙක් ගිල දැම්මා යයි සිතමු. දැන් අපගේ ආමාෂය මෙ ආහාරය ජීර්ණය කර ගැනීමෙ ව්‍යාපෘතිය අරඹයි. මෙහිදී ජීවය සහිත ගොදුර සහ ජීවය සහිත ආමාෂය යන දෙකෙන් ගොදුර පමණක් ජීර්ණය කර ගැනීමෙ අවස්ථාව හමු වෙ. එය අපගේ සුලභ අත්දැකීමයි. ඉතින් කුමක් ජීරණය වන්නේ දැයි තීරණය වන්නේ කෙසේ දැයි යන ගැටලුව වෙත ආමාෂය ගමන් කරයි. ඇත්තටම වෙන්නේ මොකද්ද

1 ජීවය සහිත ගොදුර ජීරණය වීම
2 ජීවය සහිත ආමාෂය ජීරණය වීම
3 ජීවය සහිත ගොදුර සහ ජීවය සහිත ආමාෂය යන දෙකම ජීරණය වීම
4 කිසිවක් ජීරණය නොවීම

මොහොතකට අපි අපේ මොළය ආමාෂය සමග සමපාත කරමු.
මෙහිදී ආහාර යනු මතවාද යි.
සොබාදහම යයි අප නාමකරණය කල දෙය තුල සිදුවන්නේ ආමාෂය විසින් ගොදුර ජීරණය කිරීමයි.
අප විසින් කතිකාවට ලක් කරන බොහෝ දේ ද මෙබඳුම තීරකයන් හරහා ගමන් කරවන්නට සිදු වන්නේය.

එහිදී බොහෝ විට ආමාෂය බෙරා ගෙන මතවාද ජීරණය කර ගැනීමෙ වගකීම කියවන්නන්ටය...

කල්පනා ලෝකය

කල්පනා ලෝකය

මගේ හිත තුල

කැරලි ගසන
නන්නාඳුනනයන්
පිරිසක් විසින්
සහමුලින්
වනසා



ලද්දෙන්
කල්පනා ලෝකයක්

මෙතන නැත...

Tuesday, November 11, 2008

තුෂාරි ගෙ කවියක්...සඳ පායා

සඳ
පායා
(rea) කළුවරට
සොයයි
සඳ එළියක් !

- තුෂාරි පි‍්‍රයංගිකා-

මෙම නිර්මාණය ගැන ඉතා කෙටියෙන් හෝ යමක් ලිවිය යුතු වන්නේ මා කලාතුරකින් අහම්බෙන් රස විඳින්නට යොමු වූ අතිශය ගුප්ත වූ යම් දෙයක් මෙම නිර්මාණයේ ගැබ්ව ඇතැයි මට දැනෙන හෙයිනි.

කල්පනාලෝකයේ එක් පරිච්ඡේදයක මෙසේ දැක්වෙ.

බොහෝ විට කවියා වර්ණනා කරන සිදුවීම් ඇත්ත ව ශයෙන් සිදු වූයේ කෙසේ දැයි ඔහු නොදනී. ගුත්තිල පඩිතුමා හා මූසිලයා ද අතර වූ වීණා වාදය කෙසේ සිදු කරන ලද දැයි වෑත්තෑවෙ හිමියන් දැන සිටියේ නැත. උන්වහන්සේට එය දැන ගන්ට ලැබුනේ ආරංචි මාත‍්‍රයෙන්ය එනම් ජාතක පොතෙහි කියවෙන ප‍්‍රවෘත්තියෙන්ය. ඒ වර්ණනාව කියවන පාඨකයා වීණා වාදනය සිදු වූයේ වෑත්තෑවෙ හිමියන් කියන සැටියෙන් ද නැතහොත් වෙන සැටියකින් දැයි නොසිතයි. වීණා වාදනය සැබවිනුත් සිදු වූයේ එසේ යැයි ඔහු අදහයි.

- වැදිතන්තිරිගේ එදිරිවීර සරච්චන්ද‍්‍ර

මෙ කවියේ එන සුලභ රූපකය වන සඳ අඳුරෙ පායා තම ආලෝකය නැවත සොයා යන්නේ කෙලෙස දැයි කවියා නොදනියි. එය අපි දු නොදනිමු. එහෙත් කවියක ඇති වෙනස ද මේම වෙ. එය අප දන්නා භෙෘතිකය ඉක්මවා යන පාරභෙෘතිකයන් කරා පාඨක මනස රැුගෙන යාමට බල කරයි. නොහොත් අණ කරයි.

දෙවනුව

Jacques Derrida took an hermetic view of language. Words refer to other words, not to things or thoughts. His quarrel was with 'logocentrism', that assumption (as he saw it) that we have an idea in our minds which our writing or speaking attempts to express. That is not at the case. No one possesses the full significance of their words. Texts in some sense write themselves: i.e. are independent of an author or his intentions.

source: http://www.poetrymagic.co.uk/literary-theory/derrida.html

ස්වාභාවධර්මය තුල වු අස්තිර ලෝකයත් පාරභෘතික වූ මිනිසා නිර්මාණය කර ගත් කල්පනාලෝකයත් ගැන පසුවට ලියමි.

Sunday, November 9, 2008

Tonight I Can Write-Pablo Neruda

Tonight I Can Write

Tonight I can write the saddest lines.

Write, for example, 'The night is starry
and the stars are blue and shiver in the distance.'

The night wind revolves in the sky and sings.

Tonight I can write the saddest lines.
I loved her, and sometimes she loved me too.

Through nights like this one I held her in my arms.
I kissed her again and again under the endless sky.

She loved me, sometimes I loved her too.
How could one not have loved her great still eyes.

Tonight I can write the saddest lines.
To think that I do not have her. To feel that I have lost her.

To hear the immense night, still more immense without her.
And the verse falls to the soul like dew to the pasture.

What does it matter that my love could not keep her.
The night is starry and she is not with me.

This is all. In the distance someone is singing. In the distance.
My soul is not satisfied that it has lost her.

My sight tries to find her as though to bring her closer.
My heart looks for her, and she is not with me.

The same night whitening the same trees.
We, of that time, are no longer the same.

I no longer love her, that's certain, but how I loved her.
My voice tried to find the wind to touch her hearing.

Another's. She will be another's. As she was before my kisses.
Her voice, her bright body. Her infinite eyes.

I no longer love her, that's certain, but maybe I love her.
Love is so short, forgetting is so long.

Because through nights like this one I held her in my arms
my soul is not satisfied that it has lost her.

Though this be the last pain that she makes me suffer
and these the last verses that I write for her.

translated by W.S. Merwin

Pablo Neruda


http://www.poemhunter.com/poem/tonight-i-can-write/

Death by Harold Pinter

Where was the dead body found?
Who found the dead body?
Was the dead body dead when found?
How was the dead body found?

Who was the dead body?

Who was the father or daughter or brother
Or uncle or sister or mother or son
Of the dead and abandoned body?

Was the body dead when abandoned?
Was the body abandoned?
By whom had it been abandoned?

Was the dead body naked or dressed for a journey?

What made you declare the dead body dead?
Did you declare the dead body dead?
How well did you know the dead body?
How did you know the dead body was dead?

Did you wash the dead body
Did you close both its eyes
Did you bury the body
Did you leave it abandoned
Did you kiss the dead body


Harold Pinter
The Nobel Prize in Literature 2005

මරණය

මරණය

කොතැනින් ද සොයා ගැනුනේ
මළ සිරුර ?
කවුරුන් ද සොයා ගත්තේ මළ සිරුර?
මළ සිරුර මිය ගොස් ද
සොයා ගන්නා විට
සොයා ගනු ලැබුයේ කෙලෙසකද
මළ සිරුර?
කවුරුන් ද මළ සිරුර
කවුරුන්ද
මවක පියකු
සොහොයුරකු සොහොයුරියක
මාමෙකු දියණියක වන්නේ
අත්හැර දැමූ විට දෝ සිරුර මැරුණේ
සිරුර අතහැර දමා තිබුණේ ද
කවුරුන විසින් එය අත් හැර දමුවෙද
නිරුවත්ව සිටියා ද?
ඇඳුම් ඇඳ සිටියා ද
මළ සිරුර මරණයට ඔබ හැදු ප‍්‍රකාශය
කුමක් වී ද?
ඔබ
නොවලහා කීවෙ ද?
මළ සිරුරෙ මරණය ?
කෙලෙසක ද ඔබ
දැන ගත්තේ මරණය
ඔබ
මළ සිරුර සේදුවෙ ද?
ඇස් දෙක ම වැසුවෙ ද?
සිරුර වැළලුවෙ ද?
අත්හැර දමා ආවෙ ද?
සිප ගත්තා ද මළ සිරුර?


හැරල්ඩ් පින්ටර්

පරිවර්තනය පබෝදනී චන්ද‍්‍රරත්න
උපුටනය ලංකා ඉරිදා සංග‍්‍රහය 08-06-2008 සිහින වෙනුවට මරණය කවියට නැගීම

Saturday, November 8, 2008

සිහින වෙනුවට මරණය කවියට නැගීම


එක් උදයක සියලු දේ දැවෙමින් තිබිණි
එක් උදෑසනක
පොලොව මත්තෙන් නැගී මතුවුණු
ගිනි මැලයේ ගිනි දලු
වැනසූය මිනිස් කැළ
එතැන් සිට වෙඩි හඩය
එතැන් සිට වෙඩි බෙහෙත්
එතැන් සිට රුධිරය
ගුවන් යාන් මුසල්මානන්
සමග වු පල් හොරුය
ආර්යාවන් සමග
වයන්නට මෙන් සැකසූ අත් ඇති
පල් හොරුය
අහස හරහා
විසුරුවා සුභ පැතුම්
දරුවන් මරා දැමුමට
කලු තවුසන් සමග
පැමිණියේ පල් හොරුය
දරුවන්ගේ සිරුරු තුල
ගලා යන ලේ මෙන්ම
නොමැති ව කිසිදු කලබල
වීදිවල ගැලුවෙය
දරුවන්ගේ රුධිර දහරා
හිවලුන් ද නොඉවසන හිවලුන්
කටු පඳුරා කපා ඉවත ලූ ගල් බොරලුය
සර්පයන් පිළිකුලෙන්
ඉවත ලන සපුන්මය
මුහුණට මුහුණ ඔබ හමු වූ විට දී ඔබ
ලෙයින් නැග ආ රළක් මෙන්
දුටිමි ස්පාඤ්ඤ කුලුණ
පෙෘඨත්වය සහ මහිත්
එකම රැුල්ලේ ඔබ ගිලී යන
ගෙයින් ගෙය
මල් වෙනුවට
ගලා යනූයේ
පිළිස්සෙන ලෝහය
දෙ‍්‍රා්හී ජෙනරාල්වරුනි
පෙනෙයි මගෙ
මරණයේ නිවහන
බලනු
බිඳ වැටී ගිය ස්පාඤ්ඤය
ස්පාඤ්ඤයේ සෑම තත්වයක්ම
තුවක්කුවක ඇස් ඇරුණු
සෑම ළදරු මරණයක්ම
ඉපදුනු
සෑම අපරාධ උණ්ඩයක්ම
ස්පාඤ්ඤය එළිදරව් කරවයි
සොයා ගත් යම් දිනක
උඹලගේ හදවත් හි ගොන් ඇස
අසනු ඇත
ඇයි ඔහුගේ කවියේ දී
ඔහු උපන් භූමියේ
ගිනි කඳු තුරු ලතා
සිහිනයන් පිළිබඳව
කවි වලට නොනැගුවෙ
එව බලව
වීදිවල ලේ දහර
එව බලව
වීදිවල ලේ දහර

පැබ්ලෝ නෙරුඩා

උපුටනය ලංකා ඉරිදා සංග‍්‍රහය 08-06-2008 සිහින වෙනුවට මරණය කවියට නැගීම


2005 වසරෙ නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද හැරල්ඩ් පින්ටර් ගේ නොබෙල් සම්මානය ලබා ගනිමින් කළ දේශනයේ සඳහන් කල පැබ්ලෝ නෙරුඩා ගේ කවියක කොටසක්. මෙම ලිපිය පරිවර්තනය කරන ලද්දේ පබෝදනී චන්ද‍්‍රරත්නය.



සම්පූර්ණ ලිපිය බලන්න


http://nobelprize.org/nobel_prizes/literature/laureates/2005/pinter-lecture-e.html












මහා කවි කාලිදාසයන්ගේ සෘතු සංහාරය

පෙම්බරයා විසින
පරිභෝග කළ බලා සියලඟ
අතිශයින් ප‍්‍රමෝදිත
තන බරින පුලුලුකුල බරිනා
නැමුණු අන් තුනුවඟා
කර ලවන රංජනා
එල්බෙනා නිල් වනින්
දිලි කියඹු ලතාවෙන්
මඳක් වැසි නෙත් උපුල්
දරා හඳී රත් දුහුල්

චිර කාල සුරත කෙළි
සරතසිනි මැලව ගිය
අඟපසඟ දරන ලිය
සිහිව පෙර රැය නැඟන ලොමුදහ
පයෝධර වටොර යුත්
සියලෙඟහි ගල්වත් අඳුන් තෙල්

මහා කවි කාලිදාසයන්ගේ සෘතු සංහාරය
මහැදුරු සුචරිත ගම්ලතුන්ගේ පරිවර්තනය
සිව්වන සග16 , 17 වැනි කව්

Friday, November 7, 2008

ලංකාවෙ වමෙන් බිහි කළ විශිෂ්ටතම සංගීතවෙදියා කේමදාස –එරික් ඉලෙයප්ආරච්චි

ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස
සංගීත ඥාණය සහ සමාජ දෘෂ්ටිය

ලංකාවෙ වමෙන් බිහි කළ විශිෂ්ටතම සංගීතවෙදියා කේමදාස –එරික් ඉලෙයප්ආරච්චි

ලංකා ඉරිදා සංග‍්‍රහයෙන් උපුටනය 02-11-2008

මාස්ටර් ගේ සමාජ දෘශ්ටිය ඔහුගේ නිර්මාණ වලින් පිළිබිඹු වුණේ කොහොමද ?

මාස්ටර් ඔහුගේ නිර්මාණ වලින් උගන්වන්න හැදුවෙ ලංකාවෙ වම දේශපාලනික වීම පමණක් නොව කලාත්මක වන්නේ කොහොමද කියන එක. ඒ සඳහා විශිෂ්ට ධනේශ්වර සංස්කෘතිය නිර්ධන පංතිය අවියක් ලෙස භාවිත කරන්නේ කොහොමද කියන එක. ගොලු හදවතින් උගන්වන්නේ ලංකාවෙ වමට ලව් කරන හැටියි. ලංකාවෙ වමට මුහුද දිහා බලන හැටි තමයි ඹබරු ඇවිත් තුලින් උගන්වන්නේ. මාස්ටර්ගේ මනසේ හිටපු පාඨකයා වුනේ ලංකාවෙ වාමාංශික මිනිසා.

වචනය ගැන -පැබ්ලෝ නෙරුඩා

වචනය ගැන


මනුෂ්‍ය වචනය
වචන මාත‍්‍රය
ආලෝක කම්පනයාගේ සම්මිෂ‍්‍රණය
පරම්පරා උරුමයෙන් ලද රිද්මය ධාතු කරඩුව
මිනිස් වචනයේ සර්ව සම්පූර්ණත්වය තුල උපදින
නිහැඩියාව
ආරක්ෂා කරන්නේ ඒ ධාතු කරඩුවයි
මිනිසා කතා නොකරනවා කියන්නේ
මළා කියන එකයි
භාෂාව පාදාන්තයේ සිට
කේෂාන්තය දක්වාම පැතිර තිබෙ
දෙතොල සැලුනේ නැතත් කට කතා කරයි
දෑස හිටි හැටියේ වචන බවට පත්වෙ
වචනය මිනිස් බලි රුවක් යැයි සිතා
මම යළි යළිත් අතපත ගාන්නේමි
මා විමතියට පත් කරන්නේ එහි සැකැස්මයි
කට වචනයේ තාන වෙනස්කම් මැදින්
මම මගේ ගමනේ යෙදෙන්නේමි
මම කතා කරමි ඒ නිසා මම සිටිමි කතාව නම් කි‍්‍රයාවෙ
නොඇලී
වචනයේ හා නිහැඩියාවෙ
ඉම් පෙදෙස් වෙත මම ළඟා වෙමි

-පැබ්ලෝ නෙරුඩා

එරික් ඉලයප්ආරච්චිගේ කේමදාස කෘතියෙනි

මෙ උපුටනය ලංකා ඉරිදා සංග‍්‍රහයේ චූලානන්ද සමරනායකයන්ගේ දිවිසැරියේ මං සළකුණු 02-11-2008 ලිපියෙනි

Wednesday, November 5, 2008

කේමදාස ප‍්‍රණාම

ඔබ යනවා නම් යන්න!

වෙණ තතකි
සත් ස්වරයකි
සියක් මුවකින් බෙණෙන
අසිරියකි

දළ රළට එකඟව
පොල් ලෙලි සේ නිසසලව
නොඇදී පහලට
උඩු ගං බැලූ ගමනකි

ගොලු හදවතක සර
නිධානයක ගොරතර
උදුම්බරාවක් වී
පලයක්ම වූ කුසුම්ය

එක පැහැර මවා ලූ
විස්කම් නාද පෙළහර

කුසිනාරා පුරවර
බුදු ඇස නිවුණු තැන
සල් මල් පෙති වැගිර
වැලපුණු දහසක් නාද

පැහැර බුදු බඳ යකුලු පහරින
වසවතුන් ගත් නිදහන
යසෝදරා ඉකිබිඳුම

සියල්ල දී අපට
නාද කවියක් කොට

හිතුවක්කාර ඉසිවර ගඳඹ
මොනවා කරන්නද
ඔබ යනවා නම් යන්න !

රත්න ශ්‍රී විජේසිංහ2008/10/27

ලංකා 2008/11/02 පුවත්පතෙන් උපුටා ගන්නා ලදී

පොතකින් - පියෙද්රා ගගබඩ හිඳ මම වැලපුනෙමි

අනෙකා කවුද ? ඔවුන් අහනවා

මම කවුද කියන එක නොවෙයි මම වෙන්න ඔන කවුරුන්ද කියන එක මට ඉගැන්නුවෙ අනෙකා. මහලු වියේදි කුසගින්නේ නොමැරී ඉන්න නම් තරම් මුදල් සෙවීමෙ මාර්ග ගැන හිතමින් අපි අපේ මුලු ජීවිතයම ගෙවන්න ඔන කියල අනෙකා විශ්වාස කරනව. ඉතින් අපි මුදල් ගැනත් ඒවා හම්බ කරන්න ගහන සැලසුම් ගැනත් හුගක් හිතනව. අන්තිමට අපි ජීවත් වෙනව කියල අපිට දැනෙන්නේ අපි මෙ ලෝකේ ජීවත් වෙන කාලය අවසන් වෙගෙන එනකොටයි. ඒත් එතකොට අපි හොදටම ප‍්‍රමාදයි.

එතකොට ඔයා ? ඔයා කවු ද ?

මම මෙ නිකම්ම මගේ හදවතට ඇහුම්කන් දෙන අයගෙන් එක්කෙනෙක්. ජීවිතයේ ආශ්චර්යයෙන ප‍්‍රමෝදයට පත් වුණු කෙනෙක්. ආශ්චර්යය විශ්වාස කරන ඒ වගේම තමන් කරන දේ ගැන උද්යෝගය හා ප‍්‍රමෝදයට පත් වුන කෙනෙක්. බලාපොරොත්තු බිඳ වැටීම් වලට බය වෙලා අනෙකා හරියට කි‍්‍රයාකරන්න මට ඉඩ දුන්නේ නෑ.

පියෙද්රා ගගබඩ හිඳ මම වැලපුනෙමි

දශරථ වගෙ ද මං ?

දශරථ වගෙ ද මං ?

කිරෙන් වියැලූන ද දෙතන් මත
දහදිය ගලයි රන්වනින
මෙලමයින් විසෙන් නොදරු ද
අත පත ගායි ඝණඳුර
සූ සැටක් නල
රුහිරු ධමනි තුල ඇන
සොයයි ජීවිතය
කළලයෙන් පැන ලෙවි මත

තාත්තා මම ය තවමත්
දොස්තර දොරටුව මුර කරන
”අපේ සප්පයන් කිසි දින
අකාලයේ නොමියෙත්ය”
මුමුණමි
හිස් සීලිමට
සෘෂ්‍යශෘංග , අද නුඔ කොහි සැඟව ?
නොම යදිමි රාම ලක්ෂ්මණ භරත
රැක දුන මැනව ම දුක්පත් පුත
හෙට ලොව දිනන නොදිනන නොදන්න...

ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 2008

දිවා සුරැකුම

දිවා සුරැකුම

නිකුතු සිය කම්හි තන්හි තන්හි නිසැකියෝ
ළද දරුවන් අදගර දරණැ හොවා මලිලිය

බෝසතුන් ගේ මෛත‍්‍රිය තව දුරටත් පැතිරෙයි. වැදි කාන්තාවෝ තම බිලිඳුන් පිඹුරන්ගේ දරණ මත සතප්පා වැඩ කටයුතු සඳහා ඒ ඒ තැන් බලා නික්ම යති. තම දරුවන් ට පිඹුරන්ගෙන් විපතක් වෙතැයි සැකයකුදු ඔවුනට නැත.

සසදාවත 238 කව
සිරි තිලකසිරි සංස්කරණය


දිවා සුරැකුම මගේ දරු පැටවුනට
සුරැකුම් මධ්‍යස්ථානය අවම පිරිවැය
පිඹුරනි මෛතී‍්‍ර සහගත
පිහිට වෙනු ලතෙත බව පොබය

අපි දෙන්නටම
වැඩ කරන්නට සිදුව ඇත සොයුර
එකල මෙන් වැදි දියණියක නොවුව ද ඇය
යාමට බල කර ඇත
අපි දෙන්නටම
වැටුප් ලබනට
දරුවන් පිඹුරු දරණ් මත සතපවා හෝ

සතය සතය එකතු කර
නැගූ මහ මන්දිරයක් නැත
එදා වේල හෝ සරි කරන්නට
දවස් දියව ගොස්
දරුවන් ගොදුරු ගිලිනට හුරු වීයැ කවර දොසදැයි ?


ඊ ඒ ඩෝසන් පී‍්‍රති 2008