Sunday, February 7, 2010

මහා අහසේ සැණකෙලියයි

පිනි බිඳෙන් බිඳ
මල් පෙති අග සිට
පැන යන දඟලන
උදෑසනයි

හිරැ රැස් සයුරේ
ගිලී කිඳී යන
මහා අහසේ
සැණකෙලියයි

වැට වට ගැට පිච්චා
සුසුවඳ ගලා
අරුණෝදයේ හිරු රැස්
කෙඳිති පෙරී උන්මාදනී

සෑම හිරු රැස් කෙඳිත්තකම
යෞවනයේ ජීවය උතුරන
මුළු ධරණී තලයම සම ලෙස
වැට මායිම් පිස ගෙන සිප ගෙන

බඹරුන් අහසට පැන
රඟ දෙන ගුම් නද විසිරුන
මල් උයනය
ගං තෙර අසබඩ

බඹරුන් ඔහොමය
කවදත් රඟ දෙන
මල් පෙති දුටුව ද
වෙනසක් කොහි වෙද

බඹරුන් එකිනෙක
මල් පෙති මතුපිට
පැන යන දඟලන
වසන්තයයි

සඳු ද අහස මැද බලා හිඳී

නිසල වී නම් ගං තෙර කුමකට
රැලිති නගා එනු මැන ඉවුරට
එයයි සොඳුරු සදාකාලෙට
මල් පෙති ඔබ මග බලා සිටී

ඩෝසන් ප්‍රීති
070210