Thursday, January 7, 2010

'රාජාලි පියාපත' සයිබර් අවකාශයෙන් කාව්‍යාවකාශයට

'රාජාලි පියාපත' සයිබර් අවකාශයෙන් කාව්‍යාවකාශයට
ජනවාරි 09 - සවස 3:00 ට



ජගත් ජේ එදිරිසිංහ ගේ දෙවන කාව්‍ය සංග්‍රහය 'රාජාලි පියාපත', 'ඉස්කෝලෙ කාලෙ' යොවුන් නවකතාව සහ 'තාරකා විජිතය' නවකතාව දොරට වැඩීමේ උළෙල ජනවාරි 9 වන සෙනසුරාදා සවස 3:00 ට කොළඹ 7 නිදහස් මාවතේ අංක 14 දරන තැන පිහිටි ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

"නූතන කාව්‍යකරණයේ සයිබර් අනන්‍යතාවේ දේශපාලනිකය" මැයෙන් කේ කේ සමන් කුමාර සහ "ජගත් ගේ කවි මග පිළිබඳ විමසුමක්" මැයෙන් රවි සිරිවර්ධන දෙසුම් පවත්වති.

සන්නස www.sannasas.net පුවත්පතේ උපදේශක සංස්කාරකවරයා වන ජගත් මෙයට පෙර "කන්ද උඩ මාළිගාව" කෙටිකතා සංග්‍රහයත් "සිසිරයේ පිපුණ මල " කාව්‍ය සංග්‍රහයත් "අසුර අඩවිය" හා "ගිම්හාන සුළඟ" නවකතාත් "අන්තර්ජාලයට පියවර" තාක්ෂණ සංග්‍රහයත් පාඨකයනට පුද කර ඇත. අන්තර්ජාලයට එක්වූ ප්‍රථම සිංහල සාහිත්‍ය සංග්‍රහය වන කැටපත් පවුර www.ketapathpawra.com ජගත් ගේ තවත් සාහිත්‍ය මෙහෙවරකි.

ජගත් ගේ පොත් එළි දැක්වීමේ උළෙල බූන්දියේ අපි සහ කැටපත් පවුර එක්ව සංවිධානය කරයි. වැඩි විස්තර දැනගැනීම සඳහා 071 4488498 දුරකතන අංකයෙන් අමිල සී. අමතන්න.