4.2 ස්ටාප් ආකෘතිය-ක්වොන්ටම් ඌණිත තත්වයන් සහ සිහියේ ක්‍රියාකාරකම
ක්වොන්ටම් සිද්ධාන්තය භාවිතයේ ඇති තීරණාත්මක සංසිද්ධියක් වනූයේ කිසියම් භෞතික රාශියක් මැන ගැනීම පිළිබඳව ඇති විවාදාත්මක ස්වභාවයයි. එම ගැටළුව දශක හතක පමණ කාලයක් තුළ ක්වොන්ටම් සන්දර්භය තුළ සාකච්ඡා වී ඇත. වොන් නියුමාන් 1955 සිය ක්වොන්ටම් යාන්ත්‍රිකයේ ගණිතමය පදනම ගැන ලියූ තිසීසය තුළ මෙසේ සඳහන් කළේය. එනම් ක්වොන්ටම් මිනුම වූකලී අසන්තතික -හේතුඵල සම්බන්ධතාවයෙන් විනිර්මුක්ත වූ-තත්සම සහ අප්‍රතිවර්ත්‍ය ගතිගුණයෙන් යුක්ත වූ ක්‍රියාවක් ලෙසින් කිසියම් ක්වොන්ටම් තත්වයක පරිවර්තනමය අගයක් ලෙස එහි අයිගන් තත්වයේ අගය මිනිය හැකි නිරීක්ෂකයක සම්භාවිතා අගයක් ලෙසිනි. (එනම් ෂ්‍රෝඩිංගර් සමීකරණයේ කිසියම් විචල්‍යයක් කිසියම් ක්වොන්ටම් ගතිගුණයක එනම් ගම්‍යතාවය වැනි දෙයක මිනුමක් ගත හැකි රාශියක අයිගන් අගයක් ලෙස පරිවර්තනය කොට එම අගයේ වර්ගයෙන් එම සිදුවීමේ මිනුමේ අගය පැවතිය හැකි සම්භාවිතා අගයක් ලෙස ගණනය කළ හැකිය යන පරිවර්තනමය එකඟතාවය යි) මෙම පරිවර්තනීය තත්වය සමහර විට මිනුම්කරණයේ දී තරංග සමීකරණයේ බිඳ වැටීම හෝ ඌණිතය ලෙසද හැඳන්වේ. මෙය සන්තතික -ඒකීය (ප්‍රතිවර්ත්‍ය) ෂ්‍රෝඩිංගර් සමීකරණයේ පරිනාමය හා ප්‍රතිවිරුද්ධ ආස්ථානයක් ගැනීමකි. (ෂ්‍රෝඩිංගර් සමීකරණය ව්‍යුත්පන්න වී ඇති ස්වභාවය අනුව එය මතින් විසඳුම් ලෙස ලැබෙන සංකීර්ණ නමුත් සන්තතික විසඳුම් ආකාර ගත් තරංගයෝ කිසි විටෙකත් මෙබඳු ගතිගුණ නොපෙන්වන බැවිනි. ඒවා කිසියම් සන්තතික සහ ඒකීයත්වයකින් යුත් තරංග සමීකරණ විශේෂයක් පිලිතුරු ලෙස ලබා දීමට සමත් බැව් එම ෂ්‍රෝඩිංගර් සමීකරණයේ ගණිතමය ගතිගුණ විසින් එනම් දෙවැනි පෙළේ අවකල ගතිගුණ විසින් සනාථ කරන බැවිනි.)
වොන් නියුමාන් ඔහුගේ ලියැවිල්ලේ හයවන පරිච්ඡේදයේ පෙන්වා දෙන පරිදි නිරීක්ෂිතය හා නිරීක්ෂණ පද්ධතිය පිළිබඳව හා ඒ අතර ඇති සංකල්පීය වෙනස්කම් අවබෝධය තුළ ඇති වෙනස සාක්ච්ඡාවට බඳුන් කරයි. එම සන්දර්භය තුළ 1 සහ 2 ඔහු යොදන්නේ මිනුම් කළ හැකි වස්තු පද්ධති ලෙස සාමාන්‍යකරණය කළ අවස්ථා:
(1) මිනුම්කරණයට ලක් කළ හැකි රාශිය
(2) මිනුම් උපකරණ
(3) මිනිස් නිරීක්ෂකයා (හෙවත් මිනිස් මොළය)
ඔහුගේ නිගමනය වන්නේ නිරීක්ෂිතය හා නිරීක්ෂණ පද්ධතිය අතර ඇති සීමාව ස්ථානගත වන්නේ (1) සහ (2) & (3) අතර ද එසේ නැතහොත් (1) & (2) අතර ද යන්නෙන් කිසිවිටෙකත් බලපෑමක් නොවන බවයි. එනම් මින් ගම්‍ය වන්නේ නිරීක්ෂකය හෝ මිනිස් මොළය යනුවෙන් ද්විත්වාකාරයක් නොපවතින බවත් එය එකම එකක් ලෙස අවසාන විග්‍රහයේදී සමපාත වන බවත් ය.
වොන් නියුමාන් විසින් ඉතා සියුම් ලෙස වරනගන මෙම විසංසන්දනාත්මක ආස්ථානය ලන්ඩන් සහ බවර් 1939 විසින් වඩාත් දුර සංවර්ධනය කළ බැව් සඳහන් කළ හැකිය. එනම් ක්වොන්ටම් මිනුමක් සම්පූර්ණ කරනු ලබන්නේ මිනිස් විඥානය විසිනි යනුවෙනි. මේ ආකාරයේ අතරමැදි වීමක් තුළින් ක්වොන්ටම් මිනුම පිළිබඳව අවබෝධය කෙරෙහි මිනිස් මනසේ සහභාගිත්වය තීරණාත්මක පෙදෙසකට රැගෙන යනු ලබන්නේ සත්‍ය වශයෙන්ම රැඩිකල් ස්ථාවරයකට ය. 60 ගණන්වල දී විග්නර් 1967 ඔහුගේ යෝජනා අතර ඉතා ප්‍රකට විග්නර් මිතුරා ලෙස හැඳින් වූ අදහස විය. වොන් නියුමාන්ගේ ප්‍රක්ෂේපන පිළිබඳ අදහස ඉදිරියට ගෙනෙමින් එය ප්‍රතිස්ථාපනය කළ යුත්තේ (නිරීක්ෂිතයක් හා බැඳුනු අයිගන් ස්ථාවරයන් පිළිබඳ සම්භාවිතා ආකෘතිය) ක්වොන්ටම් මිනුමක් යනු යථමය ගතිකයන්ගේ අප්‍රතිවර්ත්‍ය ක්‍රියාවලියක් ලෙස දක්වා විග්නර් යෝජනා කළේ කිසියම් රේඛීය නොවන අරේඛීය සංශෝධනයක් ලෙසිනි.
1980 ගණන් වන තුරුම ස්ටාප් ඔහුගේම මතවාදයක් ලෙස සංවර්ධනය කරන්නට වෑයම් දරණ ලද්දේ නියුමාන් සහ විග්නර් විසින් ගෙනෙන ලද යෝජනා පසුබිම් කරගෙන ය. සුවිශේෂි ලෙසම ඔහු විඥානයේ විශේෂ ගතිගුණ අවබෝධ කරගන්නට ක්වොන්ටම් සිද්ධාන්තයේ උපයෝගීතාවය විමසයි. වොන් නියුමාන්ගෙ යෝජනාවෙන් ප්‍රහර්ෂය ලබන ස්ටාප් බොහෝ නිදහස් ලෙස නිරීක්ෂිතයේ සහ නිරීක්ෂණයේ පද්ධතිය අතර මුහුණත නිරීක්ෂකයාගේ මොළයේ පිහිටුවනවා. හෙතෙම වත්මන් ක්වොන්ටම් යාන්ත්‍රිකයේ සිද්ධාන්ත කෙරෙහි කිසිදු සංශෝධනයක් යෝජනා නොකොට (විශේෂයෙන් ක්වොන්ටම් යාන්ත්‍රිකයේ හිල්බර්ට් අවකාශයේ නිර්වේශනාත්මක පොදු පිළිගැනුමට එරෙහි නොවී) එනමුත් සද්භාවාත්මක ආකෘතියට ප්‍රමූලික අන්තර්නිර්වේශනාත්මක දිගුවක් එකතු කරනු ලබයි.
ස්ටාප් ඔහුගේ මුල් කාලයේ හයිසන්බර්ගේ තත් සහ විභවීය වෙනස පිළිබඳ අදහස් [potential and the actual] (Heisenberg 1958) තුළින් ඇරඹී ක්වොන්ටම් යාන්ත්‍රිකයේ කෝපන්හේගන් අන්තර්නිර්වේශනයන්ගෙන් [Copenhagen interpretation of quantum mechanics] ඔබ්බට කැඳවා යන්නට සමත් වෙයි. හයිසන්බර්ග්ගේ මිනුම පිළිබඳ යථාර්ථය [actual] කෝපන්හේගන් එකඟතාවයන් හා මනාව සබැඳේ. කෙසේ වෙතත් හයිසන්බර්ගේ විභවය [potential] හෝ පෙළඹුම පිළිබඳ සංකේතනය මිනුමට පෙර තත්වය හා සබැඳෙන්නේ මිනුමකින් ස්වායත්තව යථාර්ථය අචලව පවතී යන කල්පනය ඔස්සේය. කිසියම් ව්‍යක්තිකරණයක් [actualization] තත්සම ක්ෂණයකින් නැවතත් එබඳුම ව්‍යක්තිකරණයක් උදෙසා පෙළඹුමක් ඇති කරන්නේ අනෙක් සත්‍ය සිදුවීමක් කෙරෙහි ය යන්න ඉන් ගම්‍ය වේ. එනයින් සිද්ධි නිර්වචනයෙන්ම උභයාර්ථ [ambiguous] වේ. එනම් අපැහැදිලි ද්විත්වාර්ථ වේ. ස්ටාප්ගේ එළඹුම අනිවාර්යෙන්ම හයිසන්බර්ගේ තත්‍යවාචී සිද්ධි සහ අනුභූතිමය අත්දැකීම කෙරෙහි එකිනෙක අන්තර්සම්බන්ධය ව්‍යක්තිකරණාත්මක ලෙස ගලපා ගනියි. දෙවැන්න ඔහු ප්‍රකාශ කරන පරිදි එම සිද්ධියේ හැඟවුමකි. එමෙන්ම එය සත්‍ය සිද්ධියේ නෛසර්ගික තත්‍යත්වය පිළිබඳව ගෙනෙනු ඇති තත්වාරෝපිතයක් ලෙස ද සැළැකිය හැකි බැව් පිළිගැනේ.
එම සිද්ධි තුළ පවත්නා එළඹීමේ ශක්‍යතා පිළිබඳ සැළකුව හොත් එය ව්‍යුත්පන්න වන්නේ (B) කොටසේ දැක්වූ (2) ආකාර වූ ප්‍රතිසමතාවයක් ඔස්සේය. මෙය සෘජුවම වයිට්හෙඩ් විසින් ප්‍රකාශිත සද්භාවාත්මක විචාරාකෘතියට සමපාත වේ. එනම් මානසික සහ භෞතික ධ්‍රැවයන් තත්‍ය අවස්ථා ලෙස නිර්වචනය වන යථාර්ථයේ මනෝවිද්‍යාත්මක සහ භෞතික අරමුණු ලෙසයි.
එම තත්‍ය අවස්ථාවන්හි විභවය පුරවගතතාමය [antecedents] ලෙස මනෝභෞතමික උදාසීන වන අතර එම ද්‍රව්‍යමය සහ මානසික අවියෝජනීයත්වය පවත්වා ගන්නා මාදිලියක් ලෙස සාක්ෂාත් කරයි. [The potential antecedents of actual occasions are psychophysically neutral and refer to a a mode of existence at which mind and matter are unseparated.]
දෙමුහුම් සාරාර්ථවාදය [hybrid ontology] ලෙස ස්ටාප් සංකේතනය කරන්නේ ද මෙම අදහස් ආකර වූ සහ ද්‍රව්‍ය ආකාර වූ සහ විකසනයේ අනුවපූරකතා මාදිලි ලෙස ගන්නා වූ මේ මුහුම් වීමයි. මේ අයුරින් ද්විප්‍රකාර විශය එළඹුම් (B) පැහැදිලි ලෙස වටහා ගත හැකිය.
මෑතක ස්ටාප් ගේ සම්මුඛ සාකච්ඡාවක ඔහු පැහැදිලි කළේ තමාගේ සද්භාවාත්මක එළඹුම් සමහරක් පිළිබඳ වයිට්හෙඩ්ගේ ආස්ථානය වූ යථාර්ථයේ මූලිකාංග ලෙස ද්‍රව්‍ය සහ මනස ට වඩා තත්‍ය අවස්ථා පිළිබඳ ප්‍රවාදය වඩාත් උත්කර්ෂයට නැංවෙන බවයි. අදහස් උපත ලබන්නේ සාරාත්මක සද්භාවයකට වඩා ක්‍රියාදාමයකට ලංව බවයි. ස්ටාප් මින් ස්ථාපිත කරන්නේ තත්‍ය අවස්ථාවල ප්‍රමූලික ක්‍රියාදාමාත්මක ස්වභාවය භෞතික ක්‍රියාකාරකමක මෙන්ම අවස්ථා ඌණිත ආකාර ලෙස මනෝවිද්‍යාත්මක අභිමතාර්ථයන් හා සහසම්බන්ධිත බවයි.
ඔහුගේ එළඹුමේ තවත් අතිශය වැදගත් ප්‍රතිඵලයක් වීමට වැඩි අහඹුතාවයක් ඇති අදහසක් වන්නේ කෙනෙකුගේ සිහියේ අභිමතාර්ථමය උත්සාහයන් විසින් මොළයේ ක්‍රියාකාරකම්වලට බලපෑම් කළ හැකි බවයි.
scheme (A) of Sec. 2 හි දැක්වෙන අනුප්‍රකාර ඔහු වඩාත් සියුම් ලෙස සිය විග්‍රහය ඉදිරිපත් කරන්නට සමත් වී ඇත්තේ සෘජුව අන්තර්ක්‍රියාවකට එළඹීමේ වැරදි ආකාර වූ අවස්ථාවකට ප්‍රතිපක්ෂවය. මානසික සහ ද්‍රව්‍යමය තත්වයන් ගේ විපාකයන් හෝ ප්‍රතිඵලයන් තත්‍ය අවස්ථාවන් ගේ ප්‍රතිසමතාවයන් ගේ අවැසිතාවය එනම් ඒවා අතර සහසම්බන්ධනය මනෝවිද්‍යාත්මක අභිමතාර්ථ ක්‍රියාවට යාවේ. එනම් අන්තර්ක්‍රියාත්මක වීමේ සංකේතනය මනස සහ ද්‍රව්‍ය අතර සහසම්බන්ධනයේ සංරෝධනය මගින් ආදේශ වේ.
විඥානයේ සිහි අවස්ථා සහ ද්‍රව්‍යමය මොළයේ අවස්ථා වෙන් කර හඳුනා ගැනීමෙන් පසුව විඥානයේ සෑම අවස්ථාවක්ම ස්ටාප් ට අනුව භෞතික ප්‍රතිරූපකය ක්වොන්ටම් අවස්ථා ඌණිතයක් ලෙස පවතින්නේ විඥාන අත්දැකීම උදාසීන ලෙසින් සහසම්බන්ධතාවයක් පවත්වා ගන්නා අතරම එම ක්‍රියාවන්ගේ රටාව හඳුනාගත හැකි ලෙසය.
වඩාත් නිවැරදි ලෙස මෙම ක්‍රියාකාරිත්වයේ රටාවන් අභිමතාර්ථය පිළිබඳ කිසියම් කේතනයන් සඟවා තබා ගත හැකි අතර ඒවා ක්‍රියාකාරිත්වයෙ අතුරුමුහුණත් හෝ අච්චු ලෙස ද පෙනී සිටිය හැකිය. [An intentional decision for an action, preceding the action itself, is then the key for anything like free will in this picture.] කිසියම් අභිමතාර්ථසාධනය උදෙසා උපදවන තීරණයක් එම ක්‍රියාත්මකවීම එහිම පැවැත්මක් ලෙස ඉන්පසු ස්වතන්ත්‍රභාවය පිළිබඳ වන්නා වූ දෙයක් කරා යොමු වූ යතුරක් ලෙස මේ විග්‍රහයේ දැක්වේ.
[As to the quantum aspect of a template for action, Stapp argues that the mental effort, i.e. attention devoted to such intentional acts can protract the lifetime of the neuronal assemblies that represent the templates for action due to quantum Zeno-type effects.] ක්වොන්ටම් අභිමතාර්ථය අච්චුවක් ලෙස ක්‍රියාත්මක වෙද්දී ස්ටාප් තර්ක කරන්නේ මානසික පරිශ්‍රමය එනම් එවැනි අභිමතාර්ථසාධනය කෙරෙහි යොදන උත්සාහය නියුරෝන එකලාසයන් කෙරෙහි එහි ක්වොන්ටම් සීනෝ ආචරණය වැනි ප්‍රපංචයන් වෙත කාලය දිග්ගැස්සිය හැකි ලෙස ඉඩ ලබා දෙන අච්චු ස්වරූපයෙන් හැසිරිය හැකි බවටය.
[Concerning the neurophysiological implementation of this idea, intentional mental states are assumed to correspond to reductions of superposition states of neuronal assemblies.] මෙම සංකල්පයේ නියුරොභෞතවේදී ක්‍රියාත්මකවීම් සැළකූ විට නියුරෝනමය එකලාසයන් තුළ සිදුවන අධිස්ථාපන ඌණිතයන්ගේ තත්ව හා අභිමතාර්ථමය මානසික තත්වයන් එකිනෙක අනුරූපවන බැව් උපකල්පනය කළ හැකිය. [For further progress, it will be mandatory to develop a coherent formal framework for this approach and elaborate on concrete details.] වැඩිදුර උන්නතිය උදෙසා මෙම එළඹුම් ආකෘතිය වඩාත් සංගත ප්‍රාථමික රාමුවක් දක්වා සංවර්ධනය කළ යුතු බව අවධාරිතය.
[For instance, it is not yet worked out precisely how quantum superpositions and their collapses are supposed to occur in neural correlates of conscious events. Some indications are outlined in a recent article by Schwartz et al. (2005).]
උදාහරණ වශයෙන් අභිමත ක්වොන්ටම් අධිස්ථාපනයන් සහ ඒවායේ බිඳ වැටීම් සිහියේ සිදුවීම් සමග නියුරෝනමය තත්වයන් අතර සබඳතා ගැන නිවැරදි හැදෑරීම් තවමත් සිදු වී නැත. සමහර මේ ආශ්‍රිත හැඟවුම් ෂ්වාර්ට්ස් 2005 ගේ ලියැවිලි තුළ සඳහන් වී ඇත. [With these desiderata for future work, the overall conception is conservative insofar as the physical formalism remains unchanged.] මෙබඳු පාදක තොරතුරු අනාගත ක්‍රියාකාරිත්වයන් කරා ද භෞතික ආකෘතිකවාදී ලෙස සැබෑ සංස්ථිතික වෙනස් නොවීමක් ද සහතික කරයි.
[However, it contains a radical conceptual move insofar as quantum measurement is understood to involve a conscious act in addition to a physical process.]
කෙසේ වුවද භෞතික ක්‍රියාවලියක් ලෙස ක්වොන්ටම් මිනුම අවබෝධ කරගැනුමට ඔබ්බෙන් මානසික ක්‍රියාත්මක වීම ගැන සංකල්පීය ලෙස රැඩිකල් චලනයක් කරා මේ දැනුම යොමුවන බැව් පෙනේ.
පරිවර්තක සටහන:
හෙන්රි පී ස්ටාප් ගේ [Henry P Stapp] මයින්ඩ්ෆුල් යුනිවර්ස් Mindful Universe [2007] නම් වූ ආන්දෝලනාත්මක කෘතිය කියැවීමට මෙතැනින් පුළුවන. මෙම ලිපියේ අන්තර්ගත සියළු කාරණා පිළිබඳ අතිශය දීර්ඝ පැහැදිලි කිරීම් එම කෘතියේ අන්තර්ගතය.
මෙම ලිපි පෙළේ
පළමු ලිපිය: විඥානය වෙත ක්වොන්ටම් එළඹුමක්..
දෙවන ලිපිය: පෙන්රෝස්ගේ නියුරෝ-භෞතවාදීමය විඥානයේ ආකෘතිය
තෙවැනි ලිපිය: විඥානයේ ක්වොන්ටම් ආකෘති