Thursday, March 31, 2011

Monday, March 28, 2011

භූ කම්පා පිළිබඳ නව මානයක දැනුමක්



"භූමි කම්පා ගැන අනාවැකි කිව හැකියි ශ්‍රී ලංකා මහාචාර්ය අතුල කියයි."


ප්‍රවෘතිය උපුටා ගැනුම ලංකා ඊ නිවුස් වෙබ් අඩවියෙනි.


මේ ප්‍රවෘතිය දුටු මතින් මගේ සිහියට නැගුනේ වසර 2004 දී ලංකාවේ සුනාමි විපත්තියත් සමග ඇති වුන භූමි කම්පා පිළිබඳ උනන්දුව නිසාවෙන් ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවියට මා පළ කළ අදහසක් ගැන මතකයයි.

මා එකල ලංකාවේ රස්සාවක් කරමින් සිටි අතර මෙම සුනාමි ඛේදවාචකය පිළිබඳ ඉමහත් උනන්දුවෙන් අධ්‍යයනය කරමින් සිටියෙමි. ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවියේ තිබූ සුනාමි ඛේදවාචකය ගැන සටහන්/ කොමෙන්ටු තීරයේ මම ද සටහනක් තැබුවේ ඒ හැදෑරීම්වලින් මා වටහා ගත් යමක් හෙලිදරව් කිරීමේ අධ්‍යාෂයෙනි.



මේ ඒ කොමෙන්ටුවයි. මා එය ලියා තැබුවේ ඉංගිරිසි බසිනි.


Tue, 2005-01-25 13:12 — Dawson Preethi


Can predict earth quakes related to tectonic plates?

Indonesian plate is affected with gravitational force of moon. Full moon days gives considerable quakes.

Can anybody predict the date which will exert maximum gravitational pull over these tectonic plates due to the arrangement of all heavy mass bodies in this solar system together?

Some computer program that can calculate positional effect for each tectonic plate lie on surface of earth receives from planets due to gravitation as forces can forecast the matter.

මගේ දෙවන කොමෙන්ටුවද මෙහි සටහන් කර තබමි.

Dawson Preethi - 18.04.2005 - 15:20


Can anybody predict the date which will exert maximum gravitational pull over these tectonic plates due to the arrangement of all heavy mass bodies in this solar system together?

Some computer program that can calculate positional effect for each tectonic plate lie on surface of earth receives from planets due to gravitation as forces can forecast the matter.[/quote] since i have made this comment on January several earth quakes took place in the same plate (indo-austrailia plate) but different locations. actually tidal waves created by moons gravitational force and also the plate mass can be lifted by the same force depending on the position of moon relative to earth. last three months period this fact has been verified continuasly.

මේ ආකාරයෙන් මා එම වෙබ් අඩවියේ තැබූ සටහන අද යථාර්ථයක් වී ඇති සැටියෙකි.

චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලපෑම පිළිබඳව මා අදහස් දක්වා තිබුනද එම සංසිද්ධිය දුර සහ ස්කන්ධ අනුව අනෙකුත් ග්‍රහයන්ගේ බලපෑමටද යටත් බැව් පසක් කළ යුතුය. චන්ද්‍රයා පෘථිවියට ආසන්න බැවින් එහි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය වඩා බලවත් ලෙස පෘථිවිය මත වූ ටෙක්ටෝනික් තල මත ක්‍රියාත්මක වන බැව් මගේ එකල විශ්වාසයයි.

කෙසේ වුවද ශ්‍රී ලාංකික විද්වතකු වන මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ මෙම පර්යේෂණය සහ එහි ප්‍රතිඵල භූ කම්පා පිළිබඳ නව මානයක දැනුමක් කරා ලෝකය යොමු කරවන්නට සමත්වනු ඇතැයි මගේ විශ්වාසයයි.

වසර හයකට පමණ පෙර සාමාන්‍ය සිවිල් ඉංජිනේරුවකු ලෙස මා කළ අනාවැකියක් සත්‍යාපනය වී තිබීම මගේ සතුටට හේතුවකි.