Tuesday, January 26, 2016

මං අවජාතකයි!

මං අවජාතකයි!
අත් හැර දැමිය හැකි
බැඳුමක් ඇල්මක් ඇලුමක්
සිතුවිල්ලකවත් නො ඇලෙන
සිතකි මා පතා ආ
කල්ප කාල සිට‍
අනන්ත සංසාර ගමනේ...
මනුසත් බව
අමනුසත් බව
යක්ෂ තිරිසන් බව
බැක්ටීරියා-වෛරස-ෆැල්ලස බව
මේ සියල්ල පසුකොට පාරමී පුරමින්
සසර එමි.
කිසිදු පියෙක්
කිසිදු මවක්
අනන්‍යතාවක්
නැති නිවනක්
සොයා... පාරමී පුරමින්...
තනිව ගමන් කළ හැකි මගක
තනිව ගමන් කළ යුතු මගක
එවන් සිතක්
උපතින් ලදින්
අවජාතකයෙක්
අවආගමිකයෙක්
අවවර්ණිතයෙක්
අවලිංගිකයෙක්
අවබුද්ධිකයෙක්
අවයව රහිතයෙක්
මිස
වෙන කවරෙක්ද මම?