මං අවජාතකයි!

මං අවජාතකයි!
අත් හැර දැමිය හැකි
බැඳුමක් ඇල්මක් ඇලුමක්
සිතුවිල්ලකවත් නො ඇලෙන
සිතකි මා පතා ආ
කල්ප කාල සිට‍
අනන්ත සංසාර ගමනේ...
මනුසත් බව
අමනුසත් බව
යක්ෂ තිරිසන් බව
බැක්ටීරියා-වෛරස-ෆැල්ලස බව
මේ සියල්ල පසුකොට පාරමී පුරමින්
සසර එමි.
කිසිදු පියෙක්
කිසිදු මවක්
අනන්‍යතාවක්
නැති නිවනක්
සොයා... පාරමී පුරමින්...
තනිව ගමන් කළ හැකි මගක
තනිව ගමන් කළ යුතු මගක
එවන් සිතක්
උපතින් ලදින්
අවජාතකයෙක්
අවආගමිකයෙක්
අවවර්ණිතයෙක්
අවලිංගිකයෙක්
අවබුද්ධිකයෙක්
අවයව රහිතයෙක්
මිස
වෙන කවරෙක්ද මම?

Comments

Anonymous said…
Nice concept. Love the idia
අවජාතක කියන වචනෙම භාවිතාවේ ලොකු වැරද්දක් පේන්න තියෙනවා. අවජාතක කියන්නේ 'නැහැදිච්ච, නොහික්මුණු, අසංවර' කියන අර්ථ වල එකතුවක්. ඒකයි බුදුන් වහන්සේ අවජාතක, අනුජාත සහ සහජාත වශයෙන් දරුවන් පවා කොටස් තුනක් ඉන්නා බව කිව්වේ. දෙමවුපියන්ට වඩා ගුණයෙන්, ධර්මයෙන් පහත අයට තමයි අවජාතක කියන්නේ.

ඔබ ඔය කියන්නේ ඕපපාතික වෙන්න ඕනේ!
ජාතකය අවිනිශ්චිත කියන අර්ථයෙන් නෙව ඔය අවජාතක කියන්නෙ.. ඕක අද ඥාණසාර ලොක්කා පාවිච්චි කරපු තැන හරි... මේ පවතින නීතිය අවජාතකයි.. හරි නේ.. නීතිය කියන්නෙ හරියටම මෙතනින් වැඩ්ඩෙව්වා කියන්න බැරි නිතර සමාජය අනුව යාවත්කාලීන වන දියුනු පද්ධතියක්..
නානසාරලා සෝයි කියන ඉස්සර සිංහල රටේ නුවර අවසාන හරිය වෙද්දිවත් අඩුම තරමෙ නීති පොතක් වත් තිබුනාද නෑ.. අතිජාත රාජ නීතිය තමයි නීතිය.. රජතුමාට ඈනුමක් ගිහින්..ඕන්න ඕව අහන් බෑ ඕක මරපියව් කිව්වොත් ඌ මරනවා.. කිසිම පිලිගත් ක්‍රමයක් ලිඛිත සාධක නොමැති එහෙත් රජතුමාට දාව රජතුමාට ජාතක නීතියක්.. එහෙම සරල රාජ නීතියක් තිබුන පද්ධතියකට මේ පාර්ලිමේන්තු ව්‍යවස්ථා වලින් බලගැන්වුන අපිම සම්මත් කරගත්ත නීතිය අවජාතක එකක්.. උන්නාන්සෙ හරි.. කියන එකයි මගේ අදහස...
නිවන.. ශුන්්‍ය වේ නම් එය ගැලපේ...

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ක්වොන්ටම් ලෝකය-2009 මාර්තු 31