යුනිකෝ ගැන මතකය
වර්ෂ 1975 ඔක්තෝබර් මස විසිවන දා උපත ලද "සිත්තර" චිත්‍රකතා පත්තරය මගේ ජීවිතයේ එක්තරා මංසන්ධියක් නිමැවූවා යැයි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ. සිත්තර පළමු පිටපත අපේ තාත්තා විසින් මිලට ගෙන කියවා එය මගේ වැඩිමල් සොයුරිය අතපත් සැනේ සිට මා ඇය වටා කැරකෙමින් එහි වූ රූප සහිත දෙබස් කතා මා වෙත උස් හඩින් පවසන මෙන් ඇවිටිලි කළ අයුරු මා මතකයේ දැඩිව අදත් රැඳී තිබේ. මගේ සොයුරිය මට වඩා සිවු වසරකින් වැඩිමල් වූයෙන් ඇයට කතන්දර කියවා තේරුම් ගැනීමට හැකියාවක් තිබුණි. රුසියානු කතන්දර පොත් කියවා මා විනෝදයට පත් කරන ඇයට මේ අමුතු කතන්දර පොත කියවන්නට පෙර කියවීම පිළිබඳ නොයෙකුත් පැටලිලි හටගන්නා බැව් මට දැනුණි.
දෙබස් මෙන්ම සිතන දේ ද ලියා "වදන් වළාකුළු" මෙන් සටහන් කර ඇති රූප රාමු වෙසක් තොරණක් පිළිවෙලින් වටහා ගන්නා අයුරින් කියවා තේරුම් ගත යුතු බවට ඇය පෙන්වා දුන් අතර අකුරු කියවා ගැනීමේ හැකියාවක් නොවූ මා හට ඈ ඇගේ සිත්ගත් කතා කියවා අවසන් වන තුරු රූප දෙස බලමින් සිටින්නට සිදු විය. අක්කා ඉතිං ඊට පස්සේ චිත්‍ර කතාව මහත් අභිරුචියකින් කියවන අයුරු පසෙක සිට නරඹන මා ඇය කියවා අවසන් වන තුරු ඉවසා බලා සිටීම බැරිම වූ කලෙක අකුරු කියවා ගන්නට මට උපකාර කරනා මෙන් ඇයට ඇවිටිලි කළ අයුරුද මට හොඳින් මතකය. පසුව මා සොයුරිය මා වෙත හෝඩි පොතක් ගෙනැවිත් දී ඉන් අකුරු ඉගෙනීමටත් වචන කියවා ගැනීමටත් උගන්වන ලද්දෙන් මා ඉතා ඉක්මනින් සිත්තර පත්තරය මගේම ආකාරයකට කියවා ගැනීමට ඇරඹුවේ මට යම්තම් වසර පහක පමණ වයසක් වෙද්දී ය.
එකල කියවන්නට යෙදුනු රුසියානු කතන්දර පොත්වලට වඩා සිත්තර චිත්‍රකතා පත්තරයේ එන සිදුවීම් අතර පරතරය ඉතා විශාල බැව් මට පෙනුනත් එය වටහා ගැනුමට තරම් මේරු මනසක් මට එකල නොවීය. මට සිතුනේ සිත්තර පත්තරයේ එන කතන්දරවල සිදුවීම් තවමත් අපගේ ජීවිත කාලයේ සිදු නොවී ඇති බවත් අනාගතයේදී මේවා අපගේ ජීවිතවලද අනිවාර්යෙන්ම සිදුවනු ඇති බවත්ය. එනයින් ඉක්මනින් කතන්දරවල රූපනය වී ඇති චරිතවල වයසට මෝරා වැඩිහිටි විය යුතුය යන හැඟීම නිරන්තරයෙන් පස්හැවිරිදි මා තුළ ලියලන්නට විය.
මා සිත්තර පත්තරයේ ඉමහත් අශාවෙන් කියවූ එකම කතාව යුනිකෝ ය. මා යුනිකෝ චරිතයට කොපමණ ඇළුම් කළේ දැයි කීවොත් මා හට ද ඔහු මෙන් දෑස් වසා ගෙන කඩු සටන් කිරීමේ උමතුවක් මද කලෙකින් වැළඳුනි. ඒ 1976 වසර ය. මා නිතරම යුනිකෝ ගේ දෑස් බැඳි ආවරණය වැනි හැඩයෙන් යුතු කඩදාසි කපා ඒවා පැළඳ වටපිට බලන්නට උත්සහ කළ ද කිසි දිනෙක කිසිම දෙයක් එම කඩදාසි හරහා දකින්නට නොහැකි වීමෙන් ඉමහත් කම්පනයටත් කනගාටුවටත් පත්වූ අයුරු මට ඉතා හොඳින් මතක තිබේ. එකල මා හමු වන බොහෝ වැඩිහිටියන් සිත්තර පත්තරය කියවන පාඨකයන් වූ බැවින් මා ඔවුන් නිරන්තරයෙන් ප්‍රශ්න කරන්නේ යුනිකෝ ගේ මේ අසාමාන්‍ය දැක්ම කුමක් දැයි කියාය. යුනිකෝ දෑස් වසා සිටියද ඔහුට සාමාන්‍ය අයෙකුට සේම දෑස් පෙනීම මා හට වටහා ගැනීමට අවශ්‍ය වූයෙන් මගේ ප්‍රශ්න කිරීම් උග්‍ර විය. ගෙදර යන එන අයට ඒ ගැන විස්තර කරනවා හැර වෙනත් අනෙකුත් දෙයක් වෙනුවෙන් අවධානය යොමු කරන්නට මගෙන් ඉඩ නොලැබිණි. එවිට මාගේ පියා ඇතුළු සියල්ලන් මට සිත්තර පත්තරය බැලීම වාරණය කරන්නට පවා උත්සුක වූයේ මගේ අනවශ්‍ය කුහුල නිසාවෙන් බැව් මට හොඳින් මතකය.
එකල යුනිකෝ නිර්මානය කරන සරත් මධු මට හැඟුනේ සුපිරි තත්වයක ජීවත් වූ පිටසක්වල ජීවියකු වැනි අතිශය ගුප්ත ස්වරූපයකිනි. මන්ද යත් ඔහු අතින් ඇඳෙන යුනිකෝ යනු ඔහුගේ නිර්මානයක් බැවින් එබඳු සුවිශේෂී හැකියාවක් ඇති අයෙකු නිර්මානය කරනු ලබන්නා කොතරම් සුවිශේෂි හැකියාවන් ප්‍රභලතාවයන් ඇති අයෙකු දැයි සිතා ගන්නට මගේ සිත කුඩා වැඩි වූ බැවිනි. මට නිරන්තරයෙන්ම යුනිකෝ ට වඩා විශාලව දැනුනේ සරත් මධු ය. විටෙක සරත් මධු යනු යුනිකෝටත් වඩා විශාල දැවැන්තයෙකු විය යුතුයැයි මට හැඟුනු අවස්ථා අප්‍රමාණය. බාගවිට සරත් මධුට සැබෑ යුනිකෝ හමු වී ඇතිවාට ද මට සැකයක් නොවීය.
මා සිත්තර පත්තරයේ යුනිකෝ සමග කොතරම් බද්ධ වූයේ දැයි කීවොත් මා යුනිකෝ ගේ ප්‍රතිරූ කඩදාසි මත අඳින්නට දැරූ උත්සාහයෙන් මා ක්‍රමයෙන් සිත්තරකු බවට ද පරිවර්තනය වෙමින් සිටියේ අප විසූ නිවසට යනෙන බොහෝ අයවලුන් විශ්මයට පත් කරවමිනි. වඩාත් විශ්මයජනක දෙය වූයේ සරත් මධු අතින් නිමැවෙන යුනිකෝ ගේ මස් පිඩුවලට වඩා විශාල ප්‍රමාණයක මස් පිඩු ප්‍රමාණයක් පෙන්වන්නට මගේ සිතුවම්වලට හැකි වීමයි. ඊට හේතුව මගේ පියා සතු වූ දැවැන්ත සිරුර නිසාවෙන් වන්නට ද හැකිය. මගේ පියා ද සතු වූයේ අයෝමය පුරුෂයෙකුට නොදෙවෙනි වූ දැවැන්ත සිරුරකි. ඔහු තරුණ කාලයේ බර ඉසිලීම් වැනි කාය වර්ධන ව්‍යායාම්වල යෙදීමෙන් උපයා ගත් දැවැන්ත මස්පිඩු සහිත සිරුරක් සතු වූ බැව් මට සිහිවේ. කාලයත් සමග ක්‍රමයෙන් වැහැරුනු මගේ පියාගේ සිරුර එක්දාස් නවසිය අනූ දෙකේ දී ජීවයෙන් තොර වූ කාබනික වස්තුවක් බවට පත් වූ අවස්ථාවේදී එය තැන්පත් කිරීමට සුවිශේෂි පෙට්ටියක් තනන්නට පවා අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ට සිදු විය.
සිත්තර පත්තරය සමග ඇරඹුන මාගේ කියවීමේ කලාව නිසාවෙන් ඉන් පසු පාසැල් යන්නට පටන් ගත්තා වූ 1979 දී පාසැලේ බොහෝ දරුවන් අභිබවා කියැවීමේ හා ලිවීමේ හැකියාවන්ගෙන් ප්‍රවීණව ඉහලින් සිටින්නට මා හට හේතු වූ බැව් සිත්තර පත්තරය සහ යුනිකෝ නිර්මාතෘ සරත් මධු මහතා වෙතද කෘතඥතාපූර්වකව සිහිපත් කළ යුතුය.
සිත්තර පත්තරය හා සබැඳි මාගේ මේ අතීතය මෙලෙසින් සටහන් කරන්නට නිමිති වූයේ මුහුණු පොතේ රංජිත් ගමගේ සොයුරා පසුගිය වසරේ එක්තරා දිනෙක යුනිකෝ ගේ සිතුවමක් සිය තෙලිතුඩින් නිමවා ප්‍රසිද්ධ කිරීමත් සමගමය. ඒ දවස්වල මා රැකියාවේ යෙදී සිටියේ කැමරෑන් රටේ බැවින් ද ඔහු සිටියේ ඇමරිකාවේ බැවින් ද ඉතා ස්වල්ප කාලයක් දුරකතනයෙන් කතා කළ මා හට දැනුනේ වසර ගනනාවකින් ඉපැරණි අතීතයට ගොස් ඒ අතීත මතකයන් අතර සැරිසැරූ බවකි. රංජිත් ගමගේ ද මා මෙන්ම සිත්තර පත්තරයෙන් අකුරු කළ තවත් සහෘදයෙකු යැයි මම සිතමි.
ඉහත කළු සුදු යුනිකෝගේ සිතුවම රංජිත් ගමගේ විසින් නිර්මිතය.
පහත සිත්තර පත්තරයේ මුල් පිටපතේ කවරය මා ලබා ගත්තේ ලේඛනාරක්ෂකයෙනි.

Comments
ටෝගා ?
http://kathandara.blogspot.com/2009/11/blog-post_06.html?showComment=1257471856213#c5015658467439255600
2. http://kathandara.blogspot.com/2009/11/blog-post_06.html?showComment=1257569287418#c5548756805224823820
3. http://kathandara.blogspot.com/2009/11/blog-post_06.html?showComment=1257569712150#c1842999493394289969
පහුගිය 3 වෙනිද පකිස්ථානෙත් එක්ක මැච් එක බලද්දි පකිස්ථාන් බෝලර් කෙනෙක්ට තිබුණ හතරැස් මූණ ඔය වීර චරිත මතක් කලා. (මැච් බැලෙන්නෙ නැති නිසා පොරගෙ නම ෂුවර් නෑ. සොහයිල් තන්වීර් වෙන්න පුළුවන්)
ඇත්තටම මේ සටහන මා ලියන බවට රංජිත් ට පැවසූවේ මීට වසරකට පමණ පෙරයි. හදිසියේම ඒ පොරොන්දුව මතක් වීමෙනුයි මේ ලියමන එලිදැක්වූයේ.
ස්තුතියි ඩෝසන් ඔයාගෙ මේ ලිපිය ආයෙත් සැරයක්
ඒ රසපිරුණු අතීතයට මාව සැනෙන් අරගෙන ගියා...xx
ඇත්ත අපේ නොයෙකුත් හැකියාවන් මුවාත් වෙන්න මේ චිත්‍රකතා බලපෑවා. මම අත් අකුරු ලස්සනට ලියන්න ඕන කියල හිතට ගත්තෙත් චිත්‍රකතා නිසයි. මුල් කාලෙදි හෝඩියේ ටීචර් මට දොස් කීවා පෝස්ටර් අකුරු ලියන්න එපා කියලා...
යුනිකෝ ගැන වෙනස් ආකාරයක ලිපියක් ලියමින් සිටිමි. එය තව නොබෝ දිනකින් මෙහි තබමි.
මේ ලිපිය ලිවීමට මා පෙළඹූ ඔබේ සිතුවමටත් ඔබගේ දිරිමත් වදන්වලටත් මාගේ ළබැඳි තුති.
henryblogwalker the Dude
l
සතුට පත්තරේ කියවල ඉවර කරන තුරු ඉස්පාසුවක් නෑ. මමයි , නංගියි සතුට පත්තරේට කොච්චර රණ්ඩු වෙලා ඇද්ද ? මට මතකයි යුනිකෝ.. සනාරා දේවිය. ඒ සරත්මදුගෙ චිත්‍ර නිසා. ජනක රත්නායකගේ සුසීමා..ඉතින් ඊට පස්සෙ..
අන්තිම පිටුවේ ලොකු අඬු විහිදා ගත් අරුම පුදුම සත්තු ඉන්න චිත්‍ර කතාව.
නැවත වරක් ස්තූතියි මාව සුන්දර අතීතයට අරන් ගියාට.
To the kind soul who left the deeply insightful comment on my blog back in 2013 (see image below)—your words about Sinhala comic culture of the 60s and 70s stirred something profound in me.
As the author of Thirty Orbits Later, a novel that weaves together memory, metaphysics, and fragments of Sri Lanka’s lost cultural heritage, I’ve tried to capture glimpses of that golden era. But your archive—and your knowledge—could illuminate so much more.
🖋️ While Thirty Orbits Later already contains threads of that history, I’m now engaged in new writing projects that explore this legacy in greater detail. I would be honored if I could connect with you to learn more, or even view your archive—be it scanned materials, rare magazines, or personal recollections.
🙏 If this reaches you—or if anyone here recognizes the writer behind this message—I kindly invite you to contact me. Together, we might breathe life back into the ink and dreams of those forgotten pages.
With respect and gratitude,
📬 Dawson Preethi
#SinhalaComics #Siththara #SriLankanHistory #CulturalMemory #LostMagazines #ThirtyOrbitsLater #CallForArchives #MataraMemoirs #SriLankaWriters #PreserveOurStories