Monday, March 1, 2010

පංචායුධය


පංචායුධය

මම මගේ පොඩි එකාගේ පංචායුධය ගලවලා වැසිකිළියට දැම්මා
-චන්දො-ගලගෙදර
-රාවය SMS තීරුව-2010 පෙබරවාරි 28 වැනිදා ඉරිදා

සකියනි තෙප ගලවා විසි කරන්නට ගත්තොත්
පංචායුධය
වැනි සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක පැවතුම් සංකේත
අනාදීමත් අතීතෙන් අනාගතයට දායාද වුන
කුමකින් කුමක් වන්නේ දැයි
මොහොතකට සිහි කැඳවුව මැන

පේරැස් මුදුව මා යැයි
ඔටුන්න මා යැයි
ලක්දිව මා යැයි
මහ පොළොව මා යැයි
විශ්වයම මා යැයි
කී විගස නිරිඳා හෝ
හැර යන්න ද කල්පනාව‍ මේ දෙපා යට රැඳුනු
පොලෝ කඩ පළු ගසා?
ඉහ උඩින් බැබැලෙන කිරි මුහුද අනන්තය
සක්වල දෙබෑ කර?

සඟ රැස් මා යැයි
සද්ධර්මය මා යැයි
තෙදබල රැඳි තුඟු බුදු කය ද
මා යැයි කියා ගතොත් නිරිඳා හෝ
වැසිකිළි වළට පෙරළම් ද අති උතුම් බුදු කය?

ඊ ඒ ඩෝසන් ප්‍රීති
2010/03