Monday, May 18, 2009

කුට්ටම් ලේ පොකුණ

කුට්ටම් ලේ පොකුණ

පොලොව මත අලුත් ආවාට
පරදාද සඳ මතුපිට සිසි රුව?
උල්කා නොව ෂෙල් පතිත
ඒ ආවාට සඳ මත මෙන් නොව
------උණු රුහිරෙන් පිරී ඇති
රුධිර ස්නානයට සූදානම්
යකඩ කැබලි මූණිස්සම් අහුරු
ඇග මත උලා ස්නානයට
------කුට්ටම් පොකුණ සූදානම්
ඇග උලන්නට වෙඩි බෙහෙත්
------------කන් සුද්ද කරනට
-----------බයිනෙත්තු ද සමග
උණු රුහිරු පොකුණ සූදානම්

රාජ රාජාධි මහේෂාක්‍යයෝ
සහ දහස් අන්තඃපුර ලියෝ
ගිලි ගිලී නෑ ඒ කුට්ටම් ලේ පොකුණ
----------------------------සූදානම්
සුමංගල මොහොත දැං දැං උදාවන තුරු
නැකැත් ගණින්නනි
අන්න අර බලන් අහස
කාල සර්ප යෝගය උදාවන රග
ගිල දමා ග‍්‍රහ මඩුලු;
එක් පසක
රාහු සහ කේතු

ඩෝසන් ප‍්‍රීති

200905