තෙවසරකට පෙර
දෑසේ නිධන්
සදහට
දෑස් විවර තුළ සිර කරගෙන
මෑණියන්
නිසොල්මනේ සැතපෙද්දී
මසිත් අර්ධයක්
ගරා වැටී
ඇද වැටී
ඇවිදින මළ කඳක් මෙන් සිටිද්දී
රත්න ශ්‍රී, ඔබ ආවා
සීනයක් පරිද්දෙන්
ඒ මළ ගෙදරට
නොසිතු මොහොතක
මගේ සිත මොහොතකට
සැහැල්ලුව දිරි වැඩෙන්නට
ඒ රුව දැකුම ඇසුම
මා ඔසොවා තැබුවා...
මා හටත් එලෙසම
අද එන්නට හැකි නම් ඔබ වෙත
මගේ දෑත්
ඔබේ දෑත් මත තබා
හිස්ව ගිය ජීවිතේ අර්ධයට
අංශු මාත්‍රයක ප්‍රාණයක් පිඹින්නට?
මේ කුඩා මිනිසාට
ඒ සා දිගු දෑතක් නැත...
අඳුරට තිබූ එකම ආලෝකය ද
වියැකුන කලෙක...
ඔබ සමග
මා සොවෙනි.
28/08/2012