Friday, April 29, 2011

වීදි දරුවන්



ලෝකයම එක යායකි
සාගතයේ මල් පිපුණ

එ මල් රොන් උරා යන
අධිවේග බඹර තාක්ෂණ
"ධන" සයුර වෙත ඇදී යන
"සෘණ" ජීවිත පොළව මත ඉතිරි වුන

"ධන" "සෘණ" අතර හිරවුන
මල් පෙති; සුවඳ ආගන්තුක!

අපි හැමෝම තකතීරුවෝ

හදිසියේම මට නම් වැලක් මතක් විය.

මේ නම් වැල මට මතක් වන්නට හේතු වූයේ ගහෙන් ගෙඩියක් එන්නා සේ අනපේක්ෂිතව ලංකාවේ ප්‍රවෘත්ති වෙබ් අඩවියක් "ලංකාව" තුළ අක්‍රිය කරවීමට අධිකරණ නියෝගයක් ලැබීමේ අවාසනාවන්ත ආරංචිය ඇසී මොහොතකින්ය. මේවා අතර සම්බන්ධයක් නැත. ඉබේ දේවල් සිතට එයි...

මාලනී බුලත්සිංහල, නිර්මලා රණතුංග, ප්‍රදීපා ධර්මදාස, අමරසිරි පීරිස්, ග්‍රැන්විල් රොද්‍රිගු, ලෙස්ලි ප්‍රනාන්දු, මාෂල් ජනතා, සුනිලා අබේසේකර, සුනිල් විඡේසිරිවර්ධන...

මේ නම්වැලේ ඉන්නා අය අතරද සම්බන්ධයක් නැත. ඔවුහු කිසියම් කටයුත්තකට එක්තැන් වී ඇත. සමහරු දැං ජීවතුන් අතරද නැත. ඒ අය වාසනාවන්තයැයි මට සිතෙයි.

මේ නම් වැලේ ගැට ගැසී ඉන්නා අය කලකට පෙර අපූරු ගීතයක් සාමුහිකව ගායනා කළහ.

කේමදාසයන්ගේ "කිලර්" කැසට් පටයෙන් අප කනින් අසා ලියා ගත් පදමාලාව මතු දැක්වෙන්නේ එම ගීතයේ ය. දොස් ඇත්තේ නම් ඒ අපේ කන්වල දෝස නිසා මිසක් මෙහි පරිවර්තක විජිත ගුණරත්නයන් නිසාවෙන් නොවේ යැයි දිවුරමු. මේ ගීතය ප්‍රථම වරට නිර්මාණය වන්නේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ජර්මනියේ හිට්ලර්ගේ ඇමති මණ්ඩලය ගැන නිර්මාණය වූ කවියකිනි.


හිට්ලර්ගේ ඇමති මණ්ඩලය


මැති ඇමතිවරු ඇමතිවරු - සීරුවෙන් සීරුවෙන්
පෙන්වා දෙති වැසියනට - ලෙහෙසි නැති පහසු නැති
කාරියක් බව රට පාලනය - රට පාලනය
මැති ඇමති වරු සීරුවෙන් පෙන්වා දෙති
වැසියනට ලෙහෙසි නැති පහසු නැති
කාරියක් බව පාලනය රට පාලනය රට
පාලනය රට පාලනය රට

අපේ ගරු ඇමතිවරු නොමැති නම් දෙරණ මත
ගොයම් බීජ අංකුර උඩ අතට නොව - මඩ යටට
ඇදෙනවා සිකුරුයි
දෙයියනේ
සත්තයි සත්තයි සිකුරුයි සිකුරුයි
සත්තයි සත්තයි සිකුරුයි සිකුරුයි

බල ශක්ති පාලනයටත්
නොසිටින්න
ලොක්කෙක් ලොක්කෙක් ලොක්කෙක් ලොක්කෙක්
එන්නේ නැහැ එක අඟුරු කැටයක්
මේ පොළෝ ගැබ තුලින් ඉහළට
ලොක්කෙක් නැත්නම්; නැත්නම් ලොක්කෙක්
ලොක්කෙක් නැත්නම්; නැත්නම් ලොක්කෙක්

ආගමට සදාචාරෙට වගකියන උතුමන්
ආයු බෝ නොවේ නම්
නිසි කලට කිසි ලඳක් වෙයි ද ගැබ්බර සැකයි
(කට කට කට)

නොසිටින්න යුද ඇමති යුදයක්වත් පුළුවන් ද කෙරුමට
නොසිටින්න යුද ඇමති යුදයාක්වත් කොරාවි ද
ඔය අතර මේ ටිකත් සිතා බැලුවොත් හොඳයි
මහ ඇමති ගේ අවසරය- මහ ඇමති ගේ අවසරය
නොලැබුනෝත් නම් ඉතින්
කුකුලා ගෙන අතින් පායයි ද හිරු දෙවියෝ
පායයි ද හිරු දෙවියෝ
කුකුලා ගෙන අතින් පායයි ද හිරු දෙවියෝ
පායයි ද හිරු දෙවියෝ
එහෙම වුනොත් නැහැ කිසි සැකයක්
පායාවි හිරු දෙවියෝ
බටහිර අහසින් අගේට
බටහිර අහසින් අගේට
පායාවි හිරු දෙවියෝ
බටහිර අහසින් අගේට

මහ ඇමතිගෙ අවසරය නොලැබුනොත්
ලෙහෙසි නැහැ පහසු නැහැ කම්හලක පාලනය
ලෙහෙසි නැහැ පහසු නැහැ කම්හලක පාලනය
නොමැති නම් කොටස් හිමියන්- බිත්ති පුපුරා බිම වැටී
මළ බැඳී දිරා යාවී මැෂින්
වදාරතී නිලදරුවෝ දරුවෝ
නිලදරුවෝ දරුවෝ

භක්තියෙන් වගකීමෙන්
දේව බැල්මක් මහා අසිරියක්
දේව බැල්මක් මහා අසිරියක්
මිනිසා තවමත් නගුල් හැදුවත්
මිනිසා තවමත් නගුල් හැදුවත්
ගොවියෝ නොදනී- කිසිම හසරක්
කිසිම හසරක්
එහෙවු එකේ කැපවී මුළු හදින්
ප්‍රචාරය දෙන කොම්පැනි වලට පිං
නගුල දෙනවට ගොවියගේ ඔළුවට
නගුල දෙනවට ගොවියගේ ඔළුවට
ප්‍රචාරය දෙන කොම්පැනි වලට පිං
කොම්පැනි වලට පිං

නොසිටින්න කුඹුරු හිමියෝ කුමක් වෙයිදෝ කුඹුරු යායට
අනේ දෙවියනි හෙලනු මැන නෙත් වී ඉහින කුඹුරු වල
පොල් ගසුත් හිටවාවි ගොවියෝ
රට පාලනය කිරීමත් ඒ තරම් සුළු වැඩක් නම්
කෙස් පැලෙන මත ගෙනෙන
ඔළුගෙඩි මොකට කෙරුමන්ට?

යන්තරය දුවවන්න දුවවන්න
දන්නවා නම් කම්කරුවෝ කම්කරුවෝ
යන්තරය දුවවන්න දුවවන්න
දන්නවා නම් කම්කරුවෝ කම්කරුවෝ
කුඹුරුක පිඟානක වෙනස තෝරා දෙන්න
දන්නවා නම් ගොවියෝ - ගොවියෝ
කොටස් හිමියන් ඉඩම් හිමියන් මිහිමතට තවත් මොකට ද?
අපි හැමෝම තකතීරුවෝ
අන්න ඒක නිසා තමයි
කෙස් පැලෙනා මොළකාරයෝ
අතළොස්සක් ඔන අපට
කෙස් පැලෙනා මොළකාරයෝ
අතළොස්සක් ඕන අපට

සිතිය යුතුයි යළි යළි මේ ගැන අපිම
ඇයි රට පාලනය මේ තරමට අසීරු
සූරාකමින් බොරු කියමින් වැජඹෙන්න
යංතම් හරි උගත්කමක් ඕනැ නිසාම ද?
අපි හැමෝම තකතීරුවෝ
අන්න ඒක නිසා තමයි
කෙස් පැලෙනා මොළකාරයෝ
අතළොස්සක් ඕන අපට

අපි හැමෝම තකතීරුවෝ
අන්න ඒක නිසා තමයි
කෙස් පැලෙනා මොළකාරයෝ
අතළොස්සක් ඕන අපට

Wednesday, April 27, 2011

මගේ යහනම...

මගේ යහනම සිහින වංගගිරියක පාවේ...

නොසුමට ඇඳ ඇතිරිලි
ගල් ගෙඩි කොට්ට මෙට්ට
දහදියෙන් පෙඟී...

උණුදිය විලක සිරවුණු
වරල් බිඳුණු
මසෙකු මෙන්
මා ද ...
යහනේ පිහිනමි
ඇඳ ඇතිරිලි වල
නොගිලී ඉන්නට වලි කමි

මගෙ යහනම ගිලෙයි
ටයිටැනික් නෞකාව මෙන්
එකවර සීතල ඝණ අන්ධකාර
දිය වලක පතුල වෙත

සිහිනවල දොරගුළු කඩාගෙන
දිගු කොරිඩෝ දිගේ ගුහාමය
බිත්තිවල හැපෙමින් පළා යමි
දිය මතුපිට පා ඔබා යමි

පියවර සළකුණු
ඇඟිලි සළකුණු
දැක පුරුදු මුහුණු
මකා දමමින් දුව යමි

අන්ධකාර ඇස් අඳ කර
දුස්‍රාවී බල පසා කර
දිය රකුසු මුවින් පැන ගෙන
කොහේ හෝ පිහිනා යමි

මගේ යහනම
සිහින වංගගිරියක පාවේ...
මගේ යහනම
දිය වලක පතුලට යාවේ...

27/04/2011