Saturday, January 22, 2011

"මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි"-මංජුල වෙඩිවර්ධන

මංජුල වෙඩිවර්ධනගේ නවතම කාව්‍ය සංග්‍රහය

"මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි"

එළි දැක්වීම නිමිත්තෙන් පවත්වනු ලබන සාහිත්‍ය උළෙල 

ජනවාරි 30 වන ඉරිදා සවස 3 ට 

කොළඹ 7 නිදහස් මාවතේ 
අංක 14 දරන තැන පිහිටි 
ජාතික පුස්තකාල සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ දී 
පැවැත්වෙයි.


එහිදී "කවිය කොයිබටද? ප්‍රවණතාමය කවිය සහ කලාකරුවාගේ දිශානතිය" යන මැයෙන් දර්ශන මේදිස් සහ "කවියේ කාව්‍යාත්මක/ දේශපාලන නිමේෂය" යන මැයෙන් සුමිත් චාමින්ද දෙසුම් පවත්වති.


වෙඩිවර්ධන (ෂේන් මැකෙල්වි සමග) 1997 දි සිය මුල්ම කවි එකතුව වූ 'නිරුත්තර සමාධිය' එළි දක්වූ අතර ඉන් පසු 'පිළිහුඩුවී', 'මධු සඳිනි මධු විත' යන කාව්‍ය සංග්‍රහයන් ද 'මේ ස්නේහයෙ කල්වාරියයි' ගීත එකතුව ද පළ කළේය. වාරණය කරන ලද 'මේරි නම් වූ මරියා' කෙටි කතා එකතුව ද 'බත්තලංගුණ්ඩුව' නවකතාව ද ඔහුගේ අනෙක් කෘතීන් අතර වේ. 'සමනලුන්ට වෙඩි තියන්න' සහ 'ඇහි පිල්ලමක් යට' යන ප්‍රාසංගික ටෙලි නාට්‍ය පිටපත් රචනයෙන් ඔහු රූපවාහිනී මාධ්‍යයට ද සිය දායකත්වය සැපයුවේය.

"මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි" කෘතිය සූරිය  ප්‍රකාශනයකි.

උළෙල සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා 071 4488498 දුරකතන අංකයෙන් අමිල අමතන්න.
text source 
graphics source

සර්පයාගේ මිළඟ දේශනය-තාත්තලාගෙන් බිහි වූ කතාන්දරය


සර්පයාගේ මිළඟ දේශනය

තාත්තලාගෙන් බිහි වූ කතාන්දරය 
 
හෙට 23 ඉරිදා උදේ 10.00ට නුගේගොඩ විජේරාම සිංහල ඉස්කෝලෙ දී....

කුමාර හෙට්ටිආරච්චිගේ "පාරජම්බුල" කාව්‍ය සංග්‍රහය

කුමාර හෙට්ටිආරච්චිගේ පාරජම්බුල කාව්‍ය සංග්‍රහය 
U L T R A V I O L E T

ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදැක්වීම පෙබරවාරි 22 සවස 3ට...

ඔබ සැම වෙත ආරාධනා! 

I am an artist and educationalist from Sri Lanka.
 
Intuitively, I am inspiring and experiencing my creative life in the aesthetic fields of poems, illustrations and cartoons, absurd dramas, short stories, science fictions, columns and newspaper articles.

I studied at Richmond College, Galle and graduated from the University of Peradeniya completing my bachelor degree in the field of agriculture.  In the process of higher education, I succeeded my M.Sc. in English Education at Saga University, Japan in 2000.  Specializing the field of cultural anthropology, I achieved my Ph.D. at the Kobe University, Japan in 2008.

Now, I am the chairman of British College Sri Lanka and Kingston International School, Galle, Sri Lanka. 
කුමාර හෙට්ටිආරච්චි
අංක 408, බෙලිගහ,
ගාල්ල.


077-3061212
077-2362222
091-7214110
091-7214111

www.kumarahettiarachchi.com
kumara.hettiarachchi@gmail.com

සාහිත්‍ය සඟරාවක් සහ කවිපොතක් -ලංකා ලේඛක සංවිධානය

ඔබත් 
හිරු 
සොයා යන්න 
එන්න.
I N V I T A T I O N

2011 ජනවාරි 29 වන දින ප.ව. 2.00 ට කොළඹ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයට එන්න.


"අඳුර" සමඟින් ශක්තික සත්කුමාර සහ හිරු එළිය සමඟ අපි


හිරු සොයා යන මිනිස්සු

මෙහෙයවීම: ලංකා ලේඛක සංවිධානයේ ලේකම් දේ.වි. ගාල්ලගේ