Saturday, November 8, 2008

සිහින වෙනුවට මරණය කවියට නැගීම


එක් උදයක සියලු දේ දැවෙමින් තිබිණි
එක් උදෑසනක
පොලොව මත්තෙන් නැගී මතුවුණු
ගිනි මැලයේ ගිනි දලු
වැනසූය මිනිස් කැළ
එතැන් සිට වෙඩි හඩය
එතැන් සිට වෙඩි බෙහෙත්
එතැන් සිට රුධිරය
ගුවන් යාන් මුසල්මානන්
සමග වු පල් හොරුය
ආර්යාවන් සමග
වයන්නට මෙන් සැකසූ අත් ඇති
පල් හොරුය
අහස හරහා
විසුරුවා සුභ පැතුම්
දරුවන් මරා දැමුමට
කලු තවුසන් සමග
පැමිණියේ පල් හොරුය
දරුවන්ගේ සිරුරු තුල
ගලා යන ලේ මෙන්ම
නොමැති ව කිසිදු කලබල
වීදිවල ගැලුවෙය
දරුවන්ගේ රුධිර දහරා
හිවලුන් ද නොඉවසන හිවලුන්
කටු පඳුරා කපා ඉවත ලූ ගල් බොරලුය
සර්පයන් පිළිකුලෙන්
ඉවත ලන සපුන්මය
මුහුණට මුහුණ ඔබ හමු වූ විට දී ඔබ
ලෙයින් නැග ආ රළක් මෙන්
දුටිමි ස්පාඤ්ඤ කුලුණ
පෙෘඨත්වය සහ මහිත්
එකම රැුල්ලේ ඔබ ගිලී යන
ගෙයින් ගෙය
මල් වෙනුවට
ගලා යනූයේ
පිළිස්සෙන ලෝහය
දෙ‍්‍රා්හී ජෙනරාල්වරුනි
පෙනෙයි මගෙ
මරණයේ නිවහන
බලනු
බිඳ වැටී ගිය ස්පාඤ්ඤය
ස්පාඤ්ඤයේ සෑම තත්වයක්ම
තුවක්කුවක ඇස් ඇරුණු
සෑම ළදරු මරණයක්ම
ඉපදුනු
සෑම අපරාධ උණ්ඩයක්ම
ස්පාඤ්ඤය එළිදරව් කරවයි
සොයා ගත් යම් දිනක
උඹලගේ හදවත් හි ගොන් ඇස
අසනු ඇත
ඇයි ඔහුගේ කවියේ දී
ඔහු උපන් භූමියේ
ගිනි කඳු තුරු ලතා
සිහිනයන් පිළිබඳව
කවි වලට නොනැගුවෙ
එව බලව
වීදිවල ලේ දහර
එව බලව
වීදිවල ලේ දහර

පැබ්ලෝ නෙරුඩා

උපුටනය ලංකා ඉරිදා සංග‍්‍රහය 08-06-2008 සිහින වෙනුවට මරණය කවියට නැගීම


2005 වසරෙ නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද හැරල්ඩ් පින්ටර් ගේ නොබෙල් සම්මානය ලබා ගනිමින් කළ දේශනයේ සඳහන් කල පැබ්ලෝ නෙරුඩා ගේ කවියක කොටසක්. මෙම ලිපිය පරිවර්තනය කරන ලද්දේ පබෝදනී චන්ද‍්‍රරත්නය.



සම්පූර්ණ ලිපිය බලන්න


http://nobelprize.org/nobel_prizes/literature/laureates/2005/pinter-lecture-e.html












මහා කවි කාලිදාසයන්ගේ සෘතු සංහාරය

පෙම්බරයා විසින
පරිභෝග කළ බලා සියලඟ
අතිශයින් ප‍්‍රමෝදිත
තන බරින පුලුලුකුල බරිනා
නැමුණු අන් තුනුවඟා
කර ලවන රංජනා
එල්බෙනා නිල් වනින්
දිලි කියඹු ලතාවෙන්
මඳක් වැසි නෙත් උපුල්
දරා හඳී රත් දුහුල්

චිර කාල සුරත කෙළි
සරතසිනි මැලව ගිය
අඟපසඟ දරන ලිය
සිහිව පෙර රැය නැඟන ලොමුදහ
පයෝධර වටොර යුත්
සියලෙඟහි ගල්වත් අඳුන් තෙල්

මහා කවි කාලිදාසයන්ගේ සෘතු සංහාරය
මහැදුරු සුචරිත ගම්ලතුන්ගේ පරිවර්තනය
සිව්වන සග16 , 17 වැනි කව්

Friday, November 7, 2008

ලංකාවෙ වමෙන් බිහි කළ විශිෂ්ටතම සංගීතවෙදියා කේමදාස –එරික් ඉලෙයප්ආරච්චි

ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස
සංගීත ඥාණය සහ සමාජ දෘෂ්ටිය

ලංකාවෙ වමෙන් බිහි කළ විශිෂ්ටතම සංගීතවෙදියා කේමදාස –එරික් ඉලෙයප්ආරච්චි

ලංකා ඉරිදා සංග‍්‍රහයෙන් උපුටනය 02-11-2008

මාස්ටර් ගේ සමාජ දෘශ්ටිය ඔහුගේ නිර්මාණ වලින් පිළිබිඹු වුණේ කොහොමද ?

මාස්ටර් ඔහුගේ නිර්මාණ වලින් උගන්වන්න හැදුවෙ ලංකාවෙ වම දේශපාලනික වීම පමණක් නොව කලාත්මක වන්නේ කොහොමද කියන එක. ඒ සඳහා විශිෂ්ට ධනේශ්වර සංස්කෘතිය නිර්ධන පංතිය අවියක් ලෙස භාවිත කරන්නේ කොහොමද කියන එක. ගොලු හදවතින් උගන්වන්නේ ලංකාවෙ වමට ලව් කරන හැටියි. ලංකාවෙ වමට මුහුද දිහා බලන හැටි තමයි ඹබරු ඇවිත් තුලින් උගන්වන්නේ. මාස්ටර්ගේ මනසේ හිටපු පාඨකයා වුනේ ලංකාවෙ වාමාංශික මිනිසා.

වචනය ගැන -පැබ්ලෝ නෙරුඩා

වචනය ගැන


මනුෂ්‍ය වචනය
වචන මාත‍්‍රය
ආලෝක කම්පනයාගේ සම්මිෂ‍්‍රණය
පරම්පරා උරුමයෙන් ලද රිද්මය ධාතු කරඩුව
මිනිස් වචනයේ සර්ව සම්පූර්ණත්වය තුල උපදින
නිහැඩියාව
ආරක්ෂා කරන්නේ ඒ ධාතු කරඩුවයි
මිනිසා කතා නොකරනවා කියන්නේ
මළා කියන එකයි
භාෂාව පාදාන්තයේ සිට
කේෂාන්තය දක්වාම පැතිර තිබෙ
දෙතොල සැලුනේ නැතත් කට කතා කරයි
දෑස හිටි හැටියේ වචන බවට පත්වෙ
වචනය මිනිස් බලි රුවක් යැයි සිතා
මම යළි යළිත් අතපත ගාන්නේමි
මා විමතියට පත් කරන්නේ එහි සැකැස්මයි
කට වචනයේ තාන වෙනස්කම් මැදින්
මම මගේ ගමනේ යෙදෙන්නේමි
මම කතා කරමි ඒ නිසා මම සිටිමි කතාව නම් කි‍්‍රයාවෙ
නොඇලී
වචනයේ හා නිහැඩියාවෙ
ඉම් පෙදෙස් වෙත මම ළඟා වෙමි

-පැබ්ලෝ නෙරුඩා

එරික් ඉලයප්ආරච්චිගේ කේමදාස කෘතියෙනි

මෙ උපුටනය ලංකා ඉරිදා සංග‍්‍රහයේ චූලානන්ද සමරනායකයන්ගේ දිවිසැරියේ මං සළකුණු 02-11-2008 ලිපියෙනි

Wednesday, November 5, 2008

කේමදාස ප‍්‍රණාම

ඔබ යනවා නම් යන්න!

වෙණ තතකි
සත් ස්වරයකි
සියක් මුවකින් බෙණෙන
අසිරියකි

දළ රළට එකඟව
පොල් ලෙලි සේ නිසසලව
නොඇදී පහලට
උඩු ගං බැලූ ගමනකි

ගොලු හදවතක සර
නිධානයක ගොරතර
උදුම්බරාවක් වී
පලයක්ම වූ කුසුම්ය

එක පැහැර මවා ලූ
විස්කම් නාද පෙළහර

කුසිනාරා පුරවර
බුදු ඇස නිවුණු තැන
සල් මල් පෙති වැගිර
වැලපුණු දහසක් නාද

පැහැර බුදු බඳ යකුලු පහරින
වසවතුන් ගත් නිදහන
යසෝදරා ඉකිබිඳුම

සියල්ල දී අපට
නාද කවියක් කොට

හිතුවක්කාර ඉසිවර ගඳඹ
මොනවා කරන්නද
ඔබ යනවා නම් යන්න !

රත්න ශ්‍රී විජේසිංහ2008/10/27

ලංකා 2008/11/02 පුවත්පතෙන් උපුටා ගන්නා ලදී

පොතකින් - පියෙද්රා ගගබඩ හිඳ මම වැලපුනෙමි

අනෙකා කවුද ? ඔවුන් අහනවා

මම කවුද කියන එක නොවෙයි මම වෙන්න ඔන කවුරුන්ද කියන එක මට ඉගැන්නුවෙ අනෙකා. මහලු වියේදි කුසගින්නේ නොමැරී ඉන්න නම් තරම් මුදල් සෙවීමෙ මාර්ග ගැන හිතමින් අපි අපේ මුලු ජීවිතයම ගෙවන්න ඔන කියල අනෙකා විශ්වාස කරනව. ඉතින් අපි මුදල් ගැනත් ඒවා හම්බ කරන්න ගහන සැලසුම් ගැනත් හුගක් හිතනව. අන්තිමට අපි ජීවත් වෙනව කියල අපිට දැනෙන්නේ අපි මෙ ලෝකේ ජීවත් වෙන කාලය අවසන් වෙගෙන එනකොටයි. ඒත් එතකොට අපි හොදටම ප‍්‍රමාදයි.

එතකොට ඔයා ? ඔයා කවු ද ?

මම මෙ නිකම්ම මගේ හදවතට ඇහුම්කන් දෙන අයගෙන් එක්කෙනෙක්. ජීවිතයේ ආශ්චර්යයෙන ප‍්‍රමෝදයට පත් වුණු කෙනෙක්. ආශ්චර්යය විශ්වාස කරන ඒ වගේම තමන් කරන දේ ගැන උද්යෝගය හා ප‍්‍රමෝදයට පත් වුන කෙනෙක්. බලාපොරොත්තු බිඳ වැටීම් වලට බය වෙලා අනෙකා හරියට කි‍්‍රයාකරන්න මට ඉඩ දුන්නේ නෑ.

පියෙද්රා ගගබඩ හිඳ මම වැලපුනෙමි

දශරථ වගෙ ද මං ?

දශරථ වගෙ ද මං ?

කිරෙන් වියැලූන ද දෙතන් මත
දහදිය ගලයි රන්වනින
මෙලමයින් විසෙන් නොදරු ද
අත පත ගායි ඝණඳුර
සූ සැටක් නල
රුහිරු ධමනි තුල ඇන
සොයයි ජීවිතය
කළලයෙන් පැන ලෙවි මත

තාත්තා මම ය තවමත්
දොස්තර දොරටුව මුර කරන
”අපේ සප්පයන් කිසි දින
අකාලයේ නොමියෙත්ය”
මුමුණමි
හිස් සීලිමට
සෘෂ්‍යශෘංග , අද නුඔ කොහි සැඟව ?
නොම යදිමි රාම ලක්ෂ්මණ භරත
රැක දුන මැනව ම දුක්පත් පුත
හෙට ලොව දිනන නොදිනන නොදන්න...

ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 2008

දිවා සුරැකුම

දිවා සුරැකුම

නිකුතු සිය කම්හි තන්හි තන්හි නිසැකියෝ
ළද දරුවන් අදගර දරණැ හොවා මලිලිය

බෝසතුන් ගේ මෛත‍්‍රිය තව දුරටත් පැතිරෙයි. වැදි කාන්තාවෝ තම බිලිඳුන් පිඹුරන්ගේ දරණ මත සතප්පා වැඩ කටයුතු සඳහා ඒ ඒ තැන් බලා නික්ම යති. තම දරුවන් ට පිඹුරන්ගෙන් විපතක් වෙතැයි සැකයකුදු ඔවුනට නැත.

සසදාවත 238 කව
සිරි තිලකසිරි සංස්කරණය


දිවා සුරැකුම මගේ දරු පැටවුනට
සුරැකුම් මධ්‍යස්ථානය අවම පිරිවැය
පිඹුරනි මෛතී‍්‍ර සහගත
පිහිට වෙනු ලතෙත බව පොබය

අපි දෙන්නටම
වැඩ කරන්නට සිදුව ඇත සොයුර
එකල මෙන් වැදි දියණියක නොවුව ද ඇය
යාමට බල කර ඇත
අපි දෙන්නටම
වැටුප් ලබනට
දරුවන් පිඹුරු දරණ් මත සතපවා හෝ

සතය සතය එකතු කර
නැගූ මහ මන්දිරයක් නැත
එදා වේල හෝ සරි කරන්නට
දවස් දියව ගොස්
දරුවන් ගොදුරු ගිලිනට හුරු වීයැ කවර දොසදැයි ?


ඊ ඒ ඩෝසන් පී‍්‍රති 2008