වචනය ගැන
මනුෂ්‍ය වචනය
වචන මාත‍්‍රය
ආලෝක කම්පනයාගේ සම්මිෂ‍්‍රණය
පරම්පරා උරුමයෙන් ලද රිද්මය ධාතු කරඩුව
මිනිස් වචනයේ සර්ව සම්පූර්ණත්වය තුල උපදින
නිහැඩියාව
ආරක්ෂා කරන්නේ ඒ ධාතු කරඩුවයි
මිනිසා කතා නොකරනවා කියන්නේ
මළා කියන එකයි
භාෂාව පාදාන්තයේ සිට
කේෂාන්තය දක්වාම පැතිර තිබෙ
දෙතොල සැලුනේ නැතත් කට කතා කරයි
දෑස හිටි හැටියේ වචන බවට පත්වෙ
වචනය මිනිස් බලි රුවක් යැයි සිතා
මම යළි යළිත් අතපත ගාන්නේමි
මා විමතියට පත් කරන්නේ එහි සැකැස්මයි
කට වචනයේ තාන වෙනස්කම් මැදින්
මම මගේ ගමනේ යෙදෙන්නේමි
මම කතා කරමි ඒ නිසා මම සිටිමි කතාව නම් කි‍්‍රයාවෙ
නොඇලී
වචනයේ හා නිහැඩියාවෙ
ඉම් පෙදෙස් වෙත මම ළඟා වෙමි
-පැබ්ලෝ නෙරුඩා
එරික් ඉලයප්ආරච්චිගේ කේමදාස කෘතියෙනි
මෙ උපුටනය ලංකා ඉරිදා සංග‍්‍රහයේ චූලානන්ද සමරනායකයන්ගේ දිවිසැරියේ මං සළකුණු 02-11-2008 ලිපියෙනි
0 කුළිය:
Post a Comment