මම මුහුණුපොතේ කවි රස විඳින්නෙක්මි.
මා බොහෝ අවස්ථවලදී ඒවාට කොමෙන්ටු ද දමා එන්නේ ඒවා ලීවේ කවුදැයි කින්දැයි මන්දැයි නොදැනය.
ක්‍රිශාන් රාජපක්ෂගේ කවිද මා රස විඳින කවි අතර වේ. සමහර ඔහුගේ කවි කියැවීමෙන් මගේ කවි සිතද මෙලැවේ. ඇවිලේ. එබඳු අවස්ථාවක ඔහුගේ කවියේ කොමෙන්ටුවක් ලෙස මම ද කවියක් ලියා එමි.
මේ එබඳු කවියකි. කවියක් වැනි යමකි. මේවා පිළිතුරු කවි ලෙසද ඕනෑ නම් සැලකිය හැකිය.
මම කඹය අත හැරියෙමි
එක මොහොතක
ඇතත් අත මසෙහි ශක්තිය
වියැකුණේය හිතෙහි එම බල
...එසැණ
ආලෝක වේගයෙන්
ලුහුටා ගොස් මා දෙපා
වැදුණි මුළු සිරුරම
උසාවි බිත්තිය මත
සමමිතිකව
ජ්‍යාමිතිකව
සංස්ථිතිකව
පරිපූර්ණව
සී සී කඩව
එතුවක් අත රැඳුණු
ඇඟිලි ඇට කටු නිය පොතු
විසිරිණි උසාවි ගෙමිදුල මත!
මා මිතුරෝ වහා එක් රැස්ව
අහුලා මගේ සී සී කඩ ඇට මිදුළු වත ගොත
තබාගත්හ සුරැකිව තම තම නිවෙසේ
දළදා කරඩුවට නොදෙවෙනි විලසේ නිති වැඳ
කඹ අදින්නට යෙදෙන සැම විටෙකම
උහු පෑහ මා නටබුන් කැට කැබැල්ල!
ඔවුනොවුන් වෙනදා ට වඩා වෙසෙසින්
වැළඳ සිප දිවුරා කීය රහසින්...
"අකමැතිය දිනක් හෝ පෙමින් බැඳි තොප
මෙලෙස සී සී කඩව විසිරෙනු දකිනට සුන් ව "
ඩෝසන් ප්‍රීති
08/2010
මුහුණු පොතේ ක්‍රිශාන්තගේ කවිය එහි මුල් කොමෙන්ටු ද සමගින් මෙතැනින් බලන්න
Tuesday, August 24, 2010
කවියකට පිළිතුරු කවියක්
ටැක්සියේ නොම්මරේ:
ඇම්බියුලන්ස්,
මුහුණු පොතේ කවි,
සංවාද සටහන්
Monday, August 23, 2010
හැම ගඟකම ඉරණම
හැම ගඟකම ඉරණම
ඇත රුදුරු සළකුණක්
නොයා පසා කර කබොල
නවතින්නට දී අණක්
හැම ගංගාවක්ම
ඇදි ඇදී යත්ම පොළව මත
වැඩි වැඩියෙන් හාරයි එහි
පතුල ගැඹුර වැඩි කර කර
දකිනු රිසිව පොලෝ ගැබ මධ්‍යය
ඛාදනය කර ගං පතුල සිවි ගෙය
ගංගාවෝ ගලා යති
කිසි දිනෙක මහ පොළව මැද නොදැක
හැම ගඟකම ඉරණම
මහ මුහුද පමණිය එහි තරම
පොලෝ ගැබ පලා සැඟවුන
එකම ගඟ නැත තවම ඉපදුනඩෝසන් ප්‍රීති
08/2010
Sunday, August 22, 2010
ප්‍රාග් මධුසමය
අද වගේ මතකයි මට
දහදිය-දිය පට්ට සඟව ගෙන
මංගල්ලෙට වුන ලක ලැහැස්තිය
පරක්කු වෙද්දි මඟුල් පිංතූරෙට
ස්ටුඩියෝවට යන්න සැළසුම විලස
තවමත් හැට්ට බාගෙට ඇඳන්
බ්‍රෙසියර පටි පෙනි පෙනි
වෙනද නොදුටු තන පොඩිති
දඟලද්දී බැමි ලණු ලිහී
කොණ්ඩෙ පුරා දියර හලා
මිටෙන් මිට ගෙන පනා උලා
කොණ්ඩ කටු ගෝනියක් ඇණ
තද කරන විට මුහුලස හිස මුදුන
මම හිටියේ පුදුම තදියමකින්
ජනේලය ළඟ බැන බැන
රූපලාවන්‍ය ශිල්පිණියට
"හවස හතරයි තිහට
ස්ටුඩිය වහනවා යක්සණියේ
ඉක්මන් කරහල්ලා ඔය ඇන්දිලි
දැනටමත් හතරයි තිහයි"
සුදුපාට සාරියේ හැඩකාර බඳ දිගේ
රූරා වැටුනු එම්බ්‍රොයිඩර රිදී සීකුවින්ස්
නයගරා ඇල්ල සේ හිස මුදුන සිට ගලන
සුදුම සුදු මල් පොහොට්ටු පා මුල වැටී දිලිසුන
ඇගෙ සිනහව එදා වගෙමයි
නෙත් දෙකේ රන් කෙඳි ඇලෙයි
තොල් පුරා ලැකි දිස්න දෙන
තට්ටු ගණනක රතු නාවර
මගෙ පිපාසය වඩයි
ඇඟ ඇතුල ගිනි තපියි
අතින් ඇදගෙන දුවං
යාලුවගේ කාර් එකේ
ජෝඩු දා වාඩි වී
දහදිය පිසිමින් සිඟිති ලේන්සු පොඩිවල
මම දැක්කේ
මේක් අප් අස්සේ
දියව ගිය මගෙ කෙල්ල
ආයෙම රාත්‍රියේ
සොයා ගත යුතුය ඇය
උදුරන්නට කොණ්ඩ කටු
යාවි එක යාමයක්...!
කමක් නෑ!
අද පටන් ඇය මගේ!!
ඩෝසන් ප්‍රීති
08/2010
පින්තූරය ගත්තේ...
ටැක්සියේ නොම්මරේ:
ඇම්බියුලන්ස්,
මුහුණු පොතේ කවි
Subscribe to:
Posts (Atom)