Monday, August 23, 2010

හැම ගඟකම ඉරණම

හැම ගඟකම ඉරණම

හැම ගංපතුලකම
ඇත රුදුරු සළකුණක්
නොයා පසා කර කබොල
නවතින්නට දී අණක්

හැම ගංගාවක්ම
ඇදි ඇදී යත්ම පොළව මත
වැඩි වැඩියෙන් හාරයි එහි
පතුල ගැඹුර වැඩි කර කර

දකිනු රිසිව පොලෝ ගැබ මධ්‍යය
ඛාදනය කර ගං පතුල සිවි ගෙය
ගංගාවෝ ගලා යති
කිසි දිනෙක මහ පොළව මැද නොදැක

හැම ගඟකම ඉරණම
මහ මුහුද පමණිය එහි තරම
පොලෝ ගැබ පලා සැඟවුන
එකම ගඟ නැත තවම ඉපදුන


ඩෝසන් ප්‍රීති

08/2010

0 කුළිය: