Posts

Showing posts from December, 2010

රචින්ත ජයවර්ධනගේ ඡායාරූපකරණයේ දඟ වැඩ

Image
කලකට පෙර මවිසින් රචින්ත ජයවර්ධනගේ ඡායාරූපකරණයේ දඟ වැඩ ගැන සටහනක් තබා ඇත. මේ එහිම තවත් එක් කෙටි දිගුවකි.  ඔහුගේ බ්ලොග් අඩවියේ ඡායාරූප වැඩබිමේ එල්ලා තිබූ ඵලකයන් රාශියක් හා වියමන්ගත වූ ඔහුගේ අදහස් කියැවීමෙන් මවිසින් ලියා තැබූ කොමෙන්ටුව මෙහි සටහන් කරන්නට තීරණය ‍කළේ ඔහුගේ අභිප්‍රාය වඩවඩාත් කුළුගැන්වීමට මෙහි එන යන අයද පොළඹවා ගැනීමටය.  ඡායාරූපයක අන්තර්ගත වන්නේ ආලෝක වියමනක් යැයි කීවද එය කිසියම් කතෘකාරකයකු අතින් වියෙන්නේ ද නැති පැරක්ඩොක්සීය වියමනකි. මන්ද යත් කැමරාවෙන් පිටත වස්තු සිය ආකෘතිමය සම්බන්ධතා ඇති කරගන්නේ ඡායාරූප තහඩුව මතදී පමණක් බැවිනි. එසේ නැත්නම් වියන්නේ කවුද යනාදී වශයෙන් ප්‍රශ්න කළ විට පිළිතුරු අවිෂය වන්නා වූ කතෘ අඥාත වන්නා වූ ද ක්‍රියාවලියකි. කැමරාව එල්ලයට ගෙන එහි සමෝධානීය කෝණයේ ආලෝක ව්‍යූහය සහ ෂටරයේ වේගය පරිපාලනය කිරීම යනුම වියමනේ තත්වය පිළිබඳ තීරකයන් වීම වුවද එය කතෘත්වය නොවේ. කතෘත්වය නිෂේධනය වීමක් ද නොවේ. එම හේතුව නිසාවෙන්ම එහි පැරඩොක්සීය බව ජනනය වෙයි. ඡායාරූපයක කතෘත්වය හෝ නිර්මාණාත්මක කතෘභාවය වාච්‍යාර්ථයෙන් පැරඩොක්සීය වන්නේ එලෙසය. ඡායාරූපය ඵලකය මත ප්‍රතිබිම්බගත වන ව...

හුඹහේ ප්‍රමාදයක් සර්පයාගෙන් නිවේදනයක්!

Image

ප‍්‍රියාන් ආර්. විජේබණ්ඩාරගෙන් ඇරයුමක්

ප‍්‍රිය සහෘදය, මවිසින් පත් ඉරු මත ගෙතූ අකුරු සිත්තම් ගොන්නෙන් බිඳක් "කම්පනයට වෙන්න ඇති" හිසින් කවි-නොකවි වියමන් සමුච්චයක් ලෙසත්, "නෑ ඒ අම්මා නෙවෙයි"යොවුන් කෘතියක් ලෙසත්, දොරටවඩින වග මෙයින් දන්වමි. තැන-ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරය(කොළඹ-07) දිනය-2010 දෙසැම්බර් මස 30 දා වේලාව-සවස 2.30 එදින- මුලසුන-මහාචාර්ය ජිනදාස දනන්සූරිය දෙසුම්-අනෝමා රාජකරුණා -කේ.කේ සමන් කුමාර මෙහෙයවීම-උත්පලා රත්නායක සංගීතමය රස මුසුව-ගීතදේව-ෂැගී මෙම මොහොතට ඔබට-ඔබ දෙපළට-කණ්ඩායමට සහෝදරත්වයෙන් ගෞරවයෙන් ඇරියුම් කරමි. ඉඳින්.. ඔබ එන්න.. ඔබ ඇවිත් යන්න එන්න. මෙයට ප‍්‍රියාන් ආර්. විජේබණ්ඩාර

ඉන්දික ගුණවර්ධනගේ හිතේ කෙටූ ටැටූ

Image
මුහුණු පොතේ කවි බෙදා හදාගත් ඉන්දික ගුණවර්ධනගේ "හිතේ කෙටූ ටැටූ" කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමේ දිනය මේ එන විසිහතර වැනි සිකුරාදාවය. සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම කවියෙකු ද වන ඉන්දික ගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයට උණුසුම් සුභ පැතුම් ගෙන එමි. හිතේ කෙටූ ටැටූ පොත අහුලගන්න ඔයා පහත්උනු තප්පරේට ටයිට් ඩෙනිම අස්සෙ හිරවෙලා හිටි ඔයාගේ නිල්පාට සමනලයා ඉගිල්ලිලා ඇවිත් මගේ හිතේ වැහුවා ඌ දැන් එළවගන්න බෑ මට රෑට ඉන්දික ගුණවර්ධන

නිදහස යනුම...

මේ හිස්කම පුපුරු ගහයි හැම මතුපිට හරිතප්‍රද ඇතිරුණු තුරුණු ශාක පතක වුව ගසකින් හැල්මේ ගිලිහෙන ක්ෂුද්‍ර පත්‍ර තැති ගැන්වෙයි පොළව බදන එහැම වෘද්ධ නිවී සැනසුමට පත් වෙයි අළුත් දල්ල බියව සැලෙයි සමහර දළු හැකිලී යයි බහුතරයක් දළු වරලා එසැම හිසින් සැඟවීලා ලදළු ලපලු නැවුම් පතක් පැරණි මතකයක් පමණි පත්‍ර වංශ පුරාණයක් පමණි ශේෂ එක මොහොතක හරිත පැහැය පෙනෙයි අවට එනමුත් ඒ ගනඳුරකි ය ආලෝකය කැටි කර කර තැනූ අහර නවතීවි ද? හැම ආහාර දාමයකම මුලට සිටින හරිත පත්‍ර තම යුතුකම අමතක කර අඳුරේ හිස සඟවාගෙන සොයයි නිදහසේ අරුත ආලෝකය මහ වැස්සේ තෙමි තෙමී මිරිකෙන්න හිරිකඩින් සැනසෙන්න නිසග අහර සැකසුම ශාක පත්‍රයටම හිමිය නිදහස යනුම ලොව වෙත තම ඒ යුතුකම පිළිගැනීමය පොළව බදන වෘද්ධ පත්‍ර ගයයි නිදහසේ ගීතය නිවී සැනසුමට පත් වෙයි තම යුතුකම ඉටුකර ලොව ඩෝසන් ප්‍රීති 12/2010

ලලිත සමය

Image
ලලිත සමය මුකුලිත විය ලිය‍‍ගොමු පීදි කරල් ලියැලී විසල් ඝෝෂා නලරැලි හා වී සුප්‍රාණෝ ස්වර උගුරේ සිර වී බොල් ස්‍රැති උපණී රිප් රැප් පොප් වී අකල් සමය අවසන් විය විකල් ධ්වනිය සංධවනි විය ඩෝසන් ප්‍රීති 12/2010 එරික් ඉලයප්ආරච්චි විසින්  රචිත නවතම නවකතාව වන "ලලිත සමය" කියවීමේ යෙදී සිටිය දී ලියැවුණි.

කම්මැල්ලවීරගේ "චුම්බන කන්ද" ෆ්‍රොයිඩියානු ත්‍රිකයේ සංකේතීය ප්‍රකාශණයක් ලෙස කියවීම

Image
කම්මැල්ලවීරගේ "චුම්බන කන්ද" ෆ්‍රොයිඩියානු ත්‍රිකයේ සංකේතීය ප්‍රකාශණයක් ලෙස කියවීම සිංහල නවකතාව හුදු මධ්‍යම පාන්තික ස්ත්‍රී මනෝ ලිංගික අඳෝනාවල් සාහිත්‍ය බවට පරිවර්තනය කරන්නට දරන උත්සහයෙන් අවර්ණ වී ඇති යුගයකි මේ. අනෙක් අතට නව කතාවක් නැති නවකතා කළු අදහස් (සල්ලි) සුදු අදහස් (සල්ලි) කරන සූදු බිමක ආකාරයක් ගෙන ඇත. එවැනි සන්දර්භීය ලෙස වෙනස් ව්‍යාපාරික වස්තුමය දෙයක් බවට නවකතාව පත්වෙමින් පවතින මේ යුගයේ ඊට ප්‍රතිපක්ෂව හෝ පටිසෝතගාමී වෘතයෙන් නවකතා රචනයේ යෙදෙන්නන් ද ඉඳහිට හමුවේ. ඒ අතිශය අල්ප වශයෙනි. අලුත් ශෛලීන් සහ පුපුරුවා හැරීම් කරමින් නිර්මාණකරනයේ නැවුම් ආශ්වාදයෙන් ඔව්හු ඔත්පල වී ඇත. මංජුල වෙඩිවර්ධන "බත්තලංගුණ්ඩුව" හරහා ද ලියනගේ අමරකීර්ති "අටවක පුත්තු" හරහා ද කීර්ති වැලිසරගේ "මායා තීර්ථ" (මේ ගැන එතරම් කතා බහක් ඇති වී ඇත්දැයි මම නොදනිමි) හරහා ද ඒ කියූ පටිසෝතගාමී නිර්මාණාත්මක කැරලි ගැසීම් සිදු වී ඇත. මේ පුරුෂ නවකතාකරුවන් දෙතුන්‍ දෙනාගේ පහසින් සිංහල නවකතාව කිසියම් වර්ණයක් ලබමින් සිටිද්දී ය ජයතිලක කම්මැල්ලවීරගේ "චුම්බන කන්ද" අප වෙත එන්නේ. පසුගිය කා...

බත් වෙනුවට බූන්දි කමු ද? දීප්ති කුමාර ගුණරත්නට නිවැරදි කිරීමක්

Image
ඊයේ 2010-12-02 වන බ්‍රහස්පතින්දා "24වන සියවසේ භෞතිකවාදය" නම් වූ තේමාවෙන් වූ දීප්ති කුමාර ගුණරත්නගේ දේශනය අසන්නට මම ජයවර්ධන කේන්ද්‍රය වෙත ගියෙමි. "පෙරදිග සුළං" අලුත්ම කලාපයක් සහ පෙරටුගාමී පක්ෂයේ ඉදිරි ‍වැඩපිළිවෙල පිළිබඳ වූ ඩීවීඩි තැටියක් ද ඔවුන් එම ශාලාවේ මිල දී ගැනීමට කටයුතු ‍යොදා තිබුණි.   මෙම ඩීවීඩි තැටිය පරිගනකය ආධාරයෙන් නැරඹිය හැකි බැව් දැන ගතිමි. "පෙරදිග සුළං" අලුත්ම කලාපය ‍මින් පෙර පළ වූ කලාපවලට වඩා වෙනස් මුහුණුවරක් ගෙන තිබුණි. එය පිටු 250කින් යුත් මධ්‍යම ප්‍රමාණයේ ග්‍රන්ථයකි. එහි මිල රුපියල් 150ක් ලෙසම පවත්වා තිබීමද සුවිශේෂි කාරණයකි. පොතක් වශයෙන් එය සාරගර්භය. නැවත නැවතත් කියවීමට ලක් කරන්නට හදාරන්නට බොහෝ දෑ එහි අන්තර්ගතය. මාගේ මෙම සටහන එම පෙරදිග සුළං 7 වන කලාපයේ 99 වන පිටුවේ සඳහන් කරුණක් අරභයා කිසියම් නිවැරදි කිරීමක් කිරීමේ අභිලාෂයෙනි. 99 වන පිටුවේ උපමාතෘකාවක් මෙසේ දැක්වෙයි. උපු‍ටා දැක්වීම ආරම්භය. බත් වෙනුවට බූන්දි කමු ද? හේතුව එය යොදා වැඩක් නැති ක්ෂේත්‍රවලට එනම් ආත්මය ලෝකය දෙවියන් වැනි දෑ යෙදූ විට අප ගමන් කරන්නේ මායාවන් දෙසටය.කෙනෙක...

ඔබේ සිහිනය ලේඛකයකු වන්නද?

Image

හොඳම බ්ලොග් අඩවිය – One | Zero | Zero

Image
කිසියම් අගයක් සහිත පුද්ගලයෙකුට [1] නිකම්ම නිකං කිසි වටිනකමක් නැති හිස් මිනිස්සු [0] එකෙක් දෙන්නෙක් එකතු වුනාම ඒ සමස්තයට කොයිතරම් ඉහල වටිනාකමක් එනවද කියල හිතා ගන්න පොළඹවන අයිරනි නාමකරණයකින්ම ඇරඹි මේ "වැඩේ" දී අර එක වගේ ඉන්න පරිපූර්ණ ඒකක පුද්ගලයා කවුද-කින්ද-මන්ද කියන එකත් යට වෙලා යන තරමට දැං "වැඩේ" සංවර්ධනය වෙලා "වැඩේට" එකතු වුන සියල්ල ම සමපිළිගැනීමට ලක්වෙලා තියෙද්දියි මේ සටහන ලියන්නේ. ඇත්තටම විය යුත්තේ පුද්ගලයන් ඉස්මතු වීමට වඩා කණ්ඩායම් ප්‍රතිඵල ඉස්මතු වීමයි. එතන දී අර මූලිකත්වය ගත් පරිපූර්ණ හෝ අපරිපූර්ණ හෝ මොංගල් හෝ වේවා, පුද්ගලයා හෝ පුද්ගලයන් වැදගත් වන්නේ නැහැ. මේක අපේ රටේ දී අලුත් අත්දැකීමක්. කොහොමටත් ඕනම දේක මූලිකත්වයක් ගන්න අයෙකු අවශ්‍ය වුවද කාලයත් සමග එය පුද්ගල ප්‍රපංචයක් ඉක්මවා යන ඊට ව‍ඩා විශාල දෙයක් බවට පත්වීම, මාධ්‍ය සහ නිර්මාණකරණ ලෝකයේ සුලභ අත්දැකීමයි. ශ්‍රම විභජනය යනුම සූරා කෑමේ සංවර්ධිත අවස්ථාවකි. සාහිත්‍ය, කලා, මාධ්‍යය නිර්මාණ ක්ෂේත්‍රයේදී ආශිර්වාදයකි. තවත් අතකට මේ අයිරනි කෙ‍රුවාව මේ විදියට ද විකේතනය කර ගත හැකිය. එක [1] කියන්නේ හරියට ශර...

ඔබේ අරමුණ ලේඛකයෙකු වීමට ද?

Image