Saturday, December 19, 2009

දඩයමේ යද්දී



දඩයමේ යද්දී
මුකලාන වල
මහ රාත්තිරියේ
විදුලි පන්දම ඉහත්තාවෙන් අල්ලන්
ඇඟෙන් එලියට අත දිග ඇරන්
අනිත් අතින් කෙවිටක් අරන්
කෙවිටෙන් මග පහර පහර යන හැටි
දඩයම හුරු අයට
කියන්නට ඕන නැත

මුකලානේ සතා සරුපයා පැන්නත්
පනින්නේ එලියට!
එලිය දිහාට
ආලෝක පුල්ලියට
ආලෝකය සොයමින් තමයි
සතා සරුපයත් ඝණ අන්ධකාරේ ඉන්නේ
උන් එලියට බය හින්දයි
ඒක ඉලක්ක කරලම පනින්නේ

ඒ හින්දා ඉස්සරහට කරන් පන්දම අල්ලන්
දඩයමේ නොවෙයි
නිකමටවත් මුකලානේ නොයන්
රාත්‍රියේ...

ඊ ඒ ඩෝසන් ප්‍රීති
191209

Friday, December 18, 2009

පරාජයට හේතු සෙවීමේ සංග්‍රාමය


පරාජයට හේතු සෙවීමේ සංග්‍රාමය

තව මාස කීපෙකින්
පුවත් පත් පිටු පුරා
ලියැවෙනු ඇත

විග්‍රහ
විශ්ලේෂණ
සමාලෝචන
ඡන්ද පදනම පිළිබඳ ගණිතය

කියනු ඇත කවුරුත්
ඥාති මිත්‍රාදීන් දිවුල් ගහ මුල

තම තමන් තම යුතුකම
ඉටු කළ බව
මහජන මුදල් විසි කොට
බිලියන ගණනක!

අච්චු ගැසූ නෝට්ටු කොල
පාව යනු ඇත
ලයිට් කනු මත වොරැඳුනු
ධජ පතාක ගුවනේ ලෙල දුන්
වේරම්බ වාතයට හසුව තැන තැන

නිදිගත් මහැදුරන්
එලි බහිනු ඇත
ලියැවෙනු ඇත
කප්පරක් ප්‍රහසන

තාන්න මාන්න ගිලිහුනු
ක‍දෝපැණියන්
දඟලනු ඇත මරු විකාරෙන්

ඇදෙනු ඇත එලියට
ගිල ගත් ගොදුරු අජීර්ණව
දුර්ගන්ධයෙන් විසාලාවද
පරදවනු ඇත

ගිනි ගනු ඇත සක්වල
දියව යනු ඇත හිමගිර
ලෝකාවසානයට පෙර
අතුගෑවෙනු ඇත ගෝත්‍රික ක්‍රීඩාව

කන්නට නැති වුවද කුසට
ඉවසිය නොහැකි දුක්ඛාන්තයන් මැද
අනන්ත ප්‍රහසනයෙන්
පිරී ඇත හෙට දවස


ඊ ඒ ඩෝසන් ප්‍රීති
181209

Tuesday, December 15, 2009

වානිජ කලාකරුවනි


වානිජ කලාකරුවනි

නුඹලා වානිජ කලාවේ නියුතු වූවෝ වෙති
කතෘභාගයෙන් ජීවත් වන්නාහු වෙති
ප්‍රතිභාව විකුණා කමින් ඉන්නාහු වෙති
පාලකයන්ගේ දෙපතුල් සිප ගන්නෝ වෙති

වරප්‍රසාද වෙනුවෙන් රසික ජනයා ගිලටීනයට තල්ලු කරන්නාහු වෙති
සත්‍ය වෙනුවට අසත්‍ය වර නංවා පද තනු පිහිටුවා ගායනා කරන්නාහු වෙති
සාධාරණත්වය වෙනුවට අසාධාරණත්වය සාධාරණය කරනු පිණිස ලියන්නො වෙති
සමානාත්මතාව වෙනුවට සිය කුස පුරවා යෙහෙන් කල් ඇරීමේ වෘතය රඟ දක්වන්නෝ වෙති

වැඩිපුර මිනිසුන් ලොල්‍ දේ සොයමින් ඉන්නාහු වෙති
මිනිසුන් ගේ ඥානාක්ෂිය පොට්ට කරමින් නිර්මාණයේ යෙදෙන්නාහු වෙති
‍තොපි කවර කලෙකවත් සැබෑ මිනිසුන්ට කලාවේ ආලෝකය දැල්වූවෝ නොවෙති
තොපේ නිර්ණායක අසන්නට තවමත් රසිකයන් රොද බැඳ ඇතැයි සිතන්නා වූ මුග්ධයෝ වෙති

කොම්පැනිවල මොණර කොල මිටියේ ආනුභාවයෙන් ද
ඔවුන්ගේ බඩු මුට්ටු විකුණා ගත හැකි ලෙස ඉඩ කඩ පාදා දෙවන ම්ලේච්ඡ මාධ්‍ය තරගයේ
පිටපත් රච‍කයෝ වෙති‍
ජනතාව සදාකල්හිම අඥානයන් කිරීමේ කොන්ත්‍රාත්තුව විහින් පවරා ගත්තවුන් වෙති

තොපේ ප්‍රතිභාවේ ආනුශංසයෙන් බාල කිරිපිටි සහ කෑම සාමාන්‍ය මිනිසුන්ගේ ඇගේ ගැසෙති
තොපේ ප්‍රතිභාවේ ඇනවුමෙන් මිනිසුන් ලොතරැයි සූරා දෛවය සොයති
නාඩගම් කරුවන්ට වෙස් අඳිති
තොපේ ප්‍රතිභාවේ අත්‍යන්ත ඵලය මිනිසුන් වල්මත් කරන්නට පමණි
තොපේ ව්‍යාජ නිමැවුමේ රසාස්වාදයෙන් තරුණයෝ නින්දට වැදෙති
තොපේ නිරුවත් කුහක ජීවිත පුවත්පත් පිටු අතර වෛවර්ණ ඡායාරූප මත පනුවන් සේ නලියවති

තොපගේ නිර්මාණ ද
තොපගේ අනුශාසන ද
පාලක පන්තියේ මුග්ධයන්ගේ වහසි බස් අතර
දියව යනු ඇත

නුඹලා නියම ගණනට විකිණුනේ යැයි වහසි බස් බෙනෙනු ඇත

ඊ ඒ ඩෝසන් ප්‍රීති
151209

Monday, December 14, 2009

අලුත්ම අලුත් ...


අලුත්ම අලුත් ...

රැයක් ගෙවී හිරැ උදාවන
ඇසිල්ලක මට යලි උපත ලද හැක
දින සති ගෙවී වසරක් පිරිසරා
එළඹිය හැකිය නව කාල පරිච්ඡේදයකට

අලුත්ම අලුත් මිනිසෙකු ලෙසින්!

කොයි තරම් අලුත් දැයි කියතොත්

අලුත් අම්මෙක් අප්පෙක්
සහෝදරියක් සහෝදරයෙක්
ගමක් බිමක් වටපිටාවක්
යහලුවන් යෙහෙළියන්
විතරක් නොවෙයි
අලුත්ම අලුත් අතීතයක්
අලුත්ම අලුත් ඉතිහාසයක්
අලුත්ම අලුත් දැක්මක්
අලුත්ම අලුත් දර්ශනයක්

තව තියේ...

අලුත්ම අලුත් ...
පාක්ෂිකයන් නායකයන්
අනුගාමිකයන් උපදේශකයන්
පාලකයන් බලධරයන්
සතුරන් විරුද්ධ පාක්ෂිකයන්
කෙටියෙන් කියතොත්
අලුත් ආණ්ඩුවක් වුනත්!

අලුත්ම අලුත් කර ගත හැකි තරමට
ප්‍රජාතන්ත්‍රවාදය දියුණු වී ඇත

එසේ අලුත් නොවිය හැකි නම් මිනිසෙකුට
පෙරදින හමගසා ලූ ඌරකු සමග
අද දින මගුල් කෑ හැකි ක්‍රමවේදයක්
මිහි මත වෙත්දැ?

ඊ ඒ ඩෝසන් ප්‍රීති
141209

Thursday, December 3, 2009

කවුරුන් විශ්වාස විශයෙහි තබා ගන්නේ ද?


* මේ වනචරයාගේ හිස ගසා දැමීම සඳහා මාගේ කඩුව මා අතට දෙනු මැනවි සෞම්යනි

දිරියෙන් යුධ කළ ඔබ සමගින්නේ
සෙනගින් පිහිටද නොම සොයමින්නේ
තනියෙන් සටනට හැර පියෙමින්නේ
මෙබසින් ඇයි ඔහු ගෙල සිඳලන්නේ


ඔබ කියනදේ මට නොතේරෙයි සෞම්යනි
මේ සාහසිකයා පරාජය කළෙමි
ඔහු අවසන් කිරීම සඳහා
නොපමාව කඩුව දෙනු මැනවි

මේ වැදි රජට සිය සෙනග සමග
එක වරම අපව නසන්නට ඉඩ තිබුනේ නොවේද හිමියනි
එහෙත් ඔහු ඔබ සමග තනියම සටන් කළේය
ඔහු වනචරයෙකු වුවද ධෛර්යයෙන්
හා උතුම් ගුණයෙන් යුත් කෙනෙකු බව පෙනේ
ඔහු මරා දැමීම නොවටනේය හිමියනි
ඔහුට සමාව දෙනු මැනවි

[මෙය හිස්තැනකි.
කවියක හිස් තැන් තිබිය හැකිද?
නැත.
සිදුවිය හැකි බොහෝ දේ
වචන බවට පත් වූ විටෙක
කාලයා ගේ ඇවෑමෙන්
මේ හිස්තැන්ද පුරවා ලිය හැකිය. ]

කොයි වේලේ හෝ කඩුව
ඔහු අතට පත්වන්නේමය ...
ඉදින් රජතුමනි
කවුරුන් විශ්වාස විශයෙහි තබා ගන්නේ ද?

ඊ ඒ ඩෝසන් ප්රීති
031209

* මනමේ නාටකයේ වැදිරජ මෙල්ල කරගත් මනමේ කුමරුන් සිය කුමරියගෙන් කඩුව ඉල්ලා සිටි අවස්ථාවේ දෙබස් ගීතිකාවන්ගේ උපුටනයකි.

Monday, November 30, 2009

දිනෙක ඔවුන් මෙහි එනු ඇත නියතවම

THE LAST THEOREM
රාත්‍රියේ උදා වූ තරු මන්දාකිනිය
සැලි සැලී උදුල තරු එලි කැල
සිය සිය ශක්තියෙන් කල එලිය
දල්වා අත්‍යාංශුක පරමාණු සිය ලය තුල

එවා පණිවිඩ විශ්වයේ කඳ බඩ කුහර අතර
කම්පනය කර පාරාවලයික දර්පණ දැවැන්ත පොලව මත
නාභිගත කර සිසියුම් වර්ණාවලීක්ෂ පටක මත
හඩ නගයි විශ්වයේ කෙළවරක පිපිරුම් මහා පරමාණුක

හිරෝෂිමාවේ පිබිදුන සූර්ය රශ්මිය
එක‍ මොහොතක සිසාරා මුළු මහත් විශ්වය
ගලා ගිය අරුමය පාරවා විශ්ව බඩතුර
අල්ලාගෙන ඇත රශ්මිය ඈත කෙළවරක අන් අය නිසැකවම

ඔව් දිනෙක ඔවුනොවුන් මෙහි පැමිණෙනු ඇත
අසනු ඇත ඒ දිලුනු සූර්ය එලිය ගැන මිහි මත
සූර්යයෙක් නොවුනු ග්‍රහ ලෝකයක මතුපිට
කෙලෙස උපනිදැයි සූර්ය රශ්මියක් විනිවිද විශ්වය?

අපද දල්වා යෝද පාරාවලයික දර්පණ
ඇහුම්කන් දෙති විශ්වයේ කෙළවරක සිදුවන කම්පන
නැත තවමත් ඇසී මිහිපිට පමණ පුපුරා ගිය න්‍යශ්ටික අවියක කෙඳිරුම
මිනිසත් වගද නෑසූ කන්ව සිටියැකි කාලය තව කොතරම් ද?

දිනෙක ඔවුන් මෙහි එනු ඇත නියතවම
උත්තර බඳින්නට ලැහැස්ති වෙයල්ලා
මේ සියළු පිපිරුම් ගැන
එදාට!

ඊ ‍ඒ ‍ඩෝසන් ප්‍රීති
011209

ආතර් සී ක්ලාක් අවසන් වරට ලියා පළ කළ ද ලාස්ට් තියරම්[The Last Theorem] නම් වු විද්‍ය ප්‍රබන්ධය කියවීමෙන් සිත උපනි.

Saturday, November 28, 2009

මතකයක් පමණයි

අඳුර හැර අන් යමක්
සොයන්නට
බැරි තරම් ...

හැම තැනම
කටු පඳුරු
කටු කො‍හොල්
මංමුලා වැල්

නිදහසක් නැති
අදහසක් නැති
සදාකාලික
ඝණඳුරට අත වනන
දෑත්

හිරු
හිරු

මතකයක් පමණයි
ඒ සැලුනු
රුහිරු

ඩෝසන් ප්‍රීති
281109

Friday, November 13, 2009

මහා බර අඩි

මහා බර අඩි

බලහත්කාරයෙන් වුවද ලංකා
ගැබ්බර ලඳක් වී ඇත සුන්දර

මිනිස් වගට පෙම් කළ
මිනිස් දහමට ලේ හළ
මිනිස් පුතෙකු

දැවී ආලෝකය ලබා දී
අළුවලින්

ඔහු යලි තටුවක් ලබයි

රිදී හිරු රැස් අවට ඉතිරෙන
උදෑසන
උතුරු තරැවද නිසලය
උන් මේ සියල්ල ඉවසයි
මතුරන්නට වදන් නැති හෙයින්

නිහඩ බව විශ්වයම මතුරයි

පුත නුඹ අද මිනිස් සත වෙත
මහා බර අඩි තියා ගොස් ඇත

ඝාතකයා ද දූෂකයා ද
වුව නුඹ පිය
දේවත්වය ලබා අද ඇත

නුඹ නමදින්නට රහසින් ගයන ගීය
ඔහු නමදින්නට ද හඩගා ගයයි ඒ සැම

රහසේ මම
නුඹ සිප වැළඳ ගමි

ඝාතකයා ද දූෂකයා ද
දැන් දෙවියන් බැවින්


ඩෝසන් ප්‍රීති
131109


[ඉල් මහේ සැමරුම නිමිති කොට ලියැවුනකි.
]



Monday, November 2, 2009

වීදියේ රජාණෙනි


වීදියේ රජාණෙනි

රතු කොඩි දැමුවෙමි
ඔබ සුදු
හද වට
පැතු ලෙස!


pic source www.LankaTruth.com

Saturday, October 31, 2009

මතකයි මට


මතකයි මට

කඳු මුදුනතර
ලෙලදුන් රණ තිසර තුඩු
සිප සිප තුරුණු අහස් කුස
නදී ජල තරඟ පෙල මත
නෑඹුල් ඇගේ සිරුර දැඟලී
ගලකින් මතුපිටින් වෑහි

පෙණ කැටි
ඉහිරුණ වසන්තය

තෙත් විය මා
වියැලි හදවත!

වියැලි කර්කෂ ගිම්හානයේ
වියැකී නුරාවන් කාලයේ
නිරුදක කතර විය
හරිත නිම්නය

ඇගේ දෙතොල ද
පහස ද

නගරයේ දුමාරය පිරි අහස සිප ගත්
උසැති ගොඩනැගිලි
මුදුන් සේ මළානික
රතු උළු කැට සෙවිලි කළ

මට පෙනේ ඇගේ
වැහැරුණු පියයුරු

දවාලයි වියැලි හදවත මා
පරඩැල් ගොඩක් මෙන්!

ඩෝසන් ප්‍රීති

Thursday, October 29, 2009

එකම ප‍සෙක සිටිය යුතු උන්


එකම ප‍සෙක සිටිය යුතු උන්

මගේ හදවත රිදුම් දෙයි
කැකෑරෙයි ගත රුහිරු
ඉහිරී යයි සුසුම් පොදි
ඉරි තලයි ඇස් බොඳව යයි

දෙපසක තල්ලු වෙන දෑත්
එකම ප‍සෙක සිටිය යුතු උන්
දෙපසකට බෙදී ඇති සැටි
ඉරි තලයි ඇස් බොඳව යයි

Tuesday, October 27, 2009

සොහොන් මාළිගය

සොහොන් මාළිගය

මිය ගිය
සහ
මරන ලද
සුවහසක් මිනිසුන්ගේ ඇට කටු
එකට තබා
සදා ඇත මගේ මන්දිරය
සුවිසල් ය එය!

තබා ඇත හිස් කබල්
විවර වුණු බොල් ඇස් සිදුරු
කවුළු ලෙස
හමා එනු පිණිස
මිනී අළු මුසු මද පවන්!

දරුණු විලි රුදා දැරූ
උකුළු ඇට;
තබා ඇත ආලින්දයේ
සිහිවටන ලෙස නෙක
නොනැගෙන්නට නැවත
නැගිටීම්
අපගේ පෙළපතට එදිරිව!

රහසිගත
භූගත කුටියක
තබා ඇත එක පෙළට‍
නොනැමුණු කෂේරුකා
සිහි කැඳවනු පිණිස හෙට දිනට!

ලද අවසරයෙන් අමතක වන
මගේ කාලකණ්ණි අන්තේවාසිකයනට
මොවුන් නැගි බව අපට එරෙහිව
මතක් කර දෙන්නට දිවා රැය!

ඩෝසන් ප්‍රීති
271009

Saturday, October 24, 2009

සිත බිඳුනු කවියෙකුට


සිත බිඳුනු කවියෙකුට

කලක් කැරකුනි හිරු
ලෝකය වටා නිහඩව
මල් පිපුනා කලට වෙලාවට
අපි දු වැන්දෙමු නමස්කාර කර

දැන් අපි දනිමු එසේ නොවන වග
අපි කැරකී ඇත හිරු අචලව ඇති
ගගන අභ්‍යවකාෂ අඳුර තුල
එනමුදු නොවරදවා

මල් පිපී ඇත ගහ කොල නිල මත...

ඩෝසන් ප්‍රීති
241009

Thursday, October 22, 2009

පෝල් කෲග්මන් , නුඹෙන් අසන්නට ඇත පැණයක් ...


පෝල් කෲග්මන්

අසන්නට ඇත පැණයක්
නුඹෙන්

දෙනු මැනවි යස පිළිතුරක්!

ඇත ලෝ දම කැරකී නපුරට
අහේනිය ර‍ට තොට සියළු මිල පිලිවෙත
එනමුදු මුදල් හුත නහුත අසංඛත
තම තම පසුම්බියට වැටෙන රටක් ලොව ඇත

මිනිසුන්ගේ දහදිය මහන්සිය බදු ලෙස
එකතු කර ජනපද භාණ්ඩාගාර සරි කොට
එම අරමුදල් යට වී අත යට නෑ කමට පිරිසට
කෙම් බිමක් ඇත සිරව අක්ශාංශ සහ දේශාංශ අතරක

වානිජ කටයුතු ද අගණිත
හිමිවෙමින් ඇත එක පවුලකට යහමින
පොලවෙන් කඳුළු තෙල් ලෙස උනන
කඳුළු බිඳුවකි මේ දෙර‍ණ මිහි මත

ඉතින් සකි සඳ පෝල්

ට්‍රිලියන ගාණක් රුපියල්ම ඕන වෙන
ඉදිරි වසර දෙක තුනක කාලයක දූෂණයට පමණක්ම!
විකිණෙන්නට තව ඉතිරිව ඇත්තේ
මිනිසුන්ගේ ආත්ම පමණක් බව
උඹෙ ආර්ථික න්‍යායට අසු ‍වෙනව ද පෝල්?

පෝල් කෲග්මන්
මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගත් විගසම
ආයෙමත් නෝබෙල් තෑග්ග නු‍ඹට විගහට
ලැබෙනවා සිකුරුයි සත්තයි...

ආර්ථික විද්‍යාවට
දණ ගැහුණු මහ කොල්ලකාරී ධනේෂ්වරයෙන්ම
උන්ටත් නොතේරෙන මේ ආර්ථික මූලධර්ම ගැන
සොයා පළ කරන පත‍ පොතට
ආයෙමත් නෝබෙල් තෑග්ග නු‍ඹට
ලැබෙනවා සිකුරුයි සත්තයි...

පෝල්
නුඹ දැනගනියි

එදාට සභාවේ හිඳ නුඹට ඔල්වරසන් දෙන්නට
බඩට කන්ට නැති පිට පොතු එකට කොඳු ඇට පෙලට
ඇලී ඇල් වතුරෙන් සැනැහී අත් පුඩි තලන ජාතියක්
මේ මිහිමත ඉන්න බව...

ඊ ඒ ඩෝසන් ප්‍රීති
151009

පෝල් කෲග්මන් Paul Krugman යනු 2008 වසරේ ආර්ථික විද්‍යාවට නොබෙල් ත්‍යාගය හිමි කරගත් ආර්ථික විද්‍යඥයෙකි. හෙතෙම ලියා පළ කළ The Return of Depression Economics and the crisis of 2008 නමැති ආන්දෝලනාත්මක පොතේ විස්තර වන්නේ නූතන ධනේෂ්වරය අත්දකින ලොව වටා ආර්ථික වල කඩා වැටීමයි. මිල මුදලේ වටිනාකම් සංහාරයයි.

Sunday, October 11, 2009

මම සිහිනයෙන් ඇවිදිමි




මම සිහිනයෙන් ඇවිදිමි


රත් හඳුන් සලපතල මග දිග
තුඟු බඳින් අහස් කුඹ සිඹි මහ රුක් ද
හෙල්මැලි පිය තඹර සුපිපි වන විල් ද
අමතකව
නොබලා
හැරදමා
මම
සත්‍යකාමීව සැරිසරමි
ස්වයංවරකාමයෙන් මත් වෙමි

සුගන්ධවත් වනපස මලින් පුද ලද
සුධීශ්වර ශෛලමය සුගත් රූ පාමුල
කඳුලු වගුරවමින් සිටින
ඇයගේ රුව රැඳි ඇක්‍රිලික් චිත්‍රය
වනන්තර බිත්තියේ
මා පසෙක
එල්ලී සිටී නිහඩවම.

ඈ වගුරන කඳුලින්
බිත්ති තෙමී ගලා යයි
සුදුහුණු තට්ටු මත බැඳෙමින් ලවණ
ගලා යයි; ගලා කැටි වෙයි
තුරුලිය'තර පස් කැටිති මත දියව
උදෑසන පින්න සේ දිලිසෙමින්
මාගේ පාපයන් සේදී යයි!

අභිනිෂ්ක්‍රමණ අධ්‍යාශයෙන් මැඩුනු
ඇගේ අතගත් තරුණ සිදුහත්
සිටී දකුණත මගුල් ඡායාරූපය
ස්ටූඩියෝවෙන් අත්පිට මුදලට ‍මිලට ගත්
බිත්තියේ දෙදෙනාම එකට එල්ලී
කැටයමින් හැඩව ගිය රාමුවක
වටකර සිවු දෙසින්

අභිනිෂ්ක්‍රමණ කඩුලු උස්කර.

වනය දෙවනත් කරන
උලලේනෙක් විනිවිදන හඩ
කම්පනය කරවයි මා සිහිනය
ඈ ගැබ්බරව හිඳී තුන්දොසින

සංසේචනය වී ඇත දොම්නස
කිසි දෙයක් නූපදින වන්ධ්‍ය බීජය
පාම් බිත්තර ක්ලෝන ගිල ගත්
රුහිරු ජල බිඳු ලෙසට දිය වුන

විලිරුදා ආවේසයෙන්
සඳ ගිලෙන මහා රාත්‍රියක අග
ඈ වදයි අභිනිෂ්ක්‍රමණ සිතියම...

සත් පියුම් මතින් ඇවිද යන
ලෝකාග්‍ර‍ වෙමැයි කුංචනද කරන
අහස් සත් ගවු දිගත පැතිරුන
මහ සිරුරැති ‍ගෞතම සිරුර
සේ මා සිහිනයේ
ඇවිද යයි ඒ ළදරු සිතියම
මා අතිනත ගෙන...

ඊ ඒ ‍ඩෝසන් ප්‍රීති
111009

Thursday, October 8, 2009

දැං ඉතිං පොලොවයි උඩ පනින්නේ; අපි නොවේ...




දැං ඉතිං පොලොවයි උඩ පනින්නේ;
අපි නොවේ...


දකුණු දිග ආකාහේ- නිල්වලා ගං වැලිතලේ -ගිංගඟේ දිසි මායිමේ
අහස මැද සුදු සළු වසා- වළාකැටිති ද ඔප වෙලා- හරිත වන පෙත එලි වෙලා
ලිය ගොමුව සඳකැන් පෙරී -රැය ද පිබිදෙයි යලි යලි -භෘංග සේනා යලි වඩි
වසත් සම යලි පීදිලා -උයන් ගොමු හැම වී මුලා- දසත හමවයි නවනුරා
නිල් ලප‍ල්ලේ වැදි සරා -සිකර මුදුනත වී සැඩා -හිරැද හිනැහෙයි වී පබා
ගොල්ල මත වූ නිදි කිරා- අසත් ගී මුව මී පුරා- ඇසෙත් අමයුරැ ගී සරා
මිහිමත බට ඒ සුරලියා -අමතමින් ඇත ගොවි දනා -රුපුන් නැති සිය ඔද වඩා
මිහිතලයම ඇත වී සුභා...අනඟහස මුව මුව පුරා -දනන් තුටු සිත් පිපිරිලා -සතුට උතුරයි සියොළඟා
වරණ දීමෙන් දෝ පුරා- ඇතෙක් බර වස්තුව ලෙසා -දී බහක් ඈ මුවපුරා-සිටියි සිරිකත මිහි වැඩා...

ඊ ඒ ඩෝසන් ප‍්‍රීති
081009

Tuesday, October 6, 2009

කවිය ආලෝකයේ වේගය අත් කර ගත් විට...


කවිය ආලෝකයේ වේගය අත් කර ගත් විට...

මිනිසා ශබ්දය රස විඳින්නට ගත් උත්සාහය ඉතාම ප‍්‍රාථමික මට්ටමේ සිට ශබ්ද ප‍්‍රතිනිෂ්පාදනයට විදුලිය දායක වූ දිනයේ සිට වර්තමානයට එද්දී, එය මිනිස් සංජානන අවකාශයේ උපරිමය දක්වා ගමන් කර ඇතැයි යන්න නවීන තාක්ෂණික ක‍්‍රමෝපායන් සුලබ වීමෙන් තහවුරු වේ. මීට දශක කීපයකට පෙර තනි ස්පීකරයකින් මොනෝ ක‍්‍රමයට සවන් දුන් මියැසි රාවය ස්ටීරියෝ ක‍්‍රමයට පරිවර්තනය වී දෙසවන් හි පිහිටුමේ ස්වාභාවික බවත් සංගීත තරංග වල අවකාශීය පැවැත්මේ ගුණාංගත් එකට ගෙන වඩාත් සජීවි අවකාශ තලයකට ගෙන ඒමෙන් සරවුන්ඞ් ශබ්ද පද්ධති ලෙස අද වඩාත් ප‍්‍රචලිත නිවාස තුල අත්විඳිය හැකි තියටර් පද්ධති දක්වා ද විකාශය වී ඇත. මෙනයින් ශබ්දය කණ කරා ඒමේ යාන්ත‍්‍රණය ස්වාභාවික ශබ්දයේ සජීවි බව ප‍්‍රතිනිර්මාණය කිරීමේ තාක්ෂණය හරහා වඩ වඩාත් ලං වන්නේ මිනිස් සංජානනය ස්වාභාවික ලෝකයෙන් කෘතිම ලෝකය මායිම් කළ බාධා බිඳ හෙලීමයි. එනමුදු සංගීතයේ සප්ත ස්වරය වෙනස් වූයේ නැත. ශබ්දය කණ කරා ගමන් කිරීමේ අවකාශය පමණක් ස්වාභාවිකත්වයට වඩාත් ලං වී ඇත. මේ උදාහරණය මා ගෙනෙන්නේ කවියේ වර්තමාන අවකාශීය සැකසුම ශිලා ලේඛනයෙන් පුස්කොල පත් ඉරුවෙන් කඩදාසියටත්, ඉන් නොනැවතී පික්සල් අංශු මතට පොලා පැනීමේ කවියේ රිද්මය බස සහ ආකෘතිය ආලෝකයේ වේගය ලබාගත් අයුර පැහැදිලි කරගැනීමට ය.

කවියේ මූලික සංඝටක පද්ධතිය භාෂාවයි. භාෂාව නිර්මාණය වන්නේ සංඥා පද්ධතියකිනුයි. සංඥා නිර්මාණය වන්නේ ශබ්ද සහ අර්ථ ආශ‍්‍රයෙනුයි. ශබ්දයේ පරමාණුක අවස්ථාව මාත‍්‍රාවයි. මාත‍්‍රාවක් ලෙස පෞරාණික අර්ථ දැක්වීම ඇසි පිල්ලමක් හෙලන්නට ගතවන කාලයක උසුරුවන ශබ්දය යි. මාත‍්‍රා අතර වෙනසින් රටා උපදියි. මාත‍්‍රා රටා අනුව ඡුන්දස් ලෙස ගැනෙන ආකෘති බිහි වෙයි. මාත‍්‍රාව ද්විමය ශේණියක් බැවින් එනම් ශබ්ද සහ නිශ්ශබ්ද අතර පරතර මතින් ගොඩනැගෙන්නක් බැවින් මාත‍්‍රා විෂයය පරිපූර්ණ ලෙසම ද්විකෝටික වේ. මෙය කෙටි ශබ්ද සහ දිග ශබ්ද ලෙස නොහොත් ලඝු සහ ගුරු ලෙස නාමකරණය වී ගණිතානුකූලව ද්විමය සංඛ්‍යා පද්ධතියක් බවට පත්වේ. පරිගණකයේ් පරමාණුක ක‍්‍රියාකාරිත්වය ද්විමය කේතනය හා සමපාත වේ. එනම් විද්‍යුත් ආරෝපණයක් ධන සහ සෘණ යන ධ‍්‍රැවීකරණය වීමේ ගුණය මත ක‍්‍රියාත්මක වේ. මෙනයින් ශබ්ද විද්‍යාවේ මූලයන් හා පරිගණක තාක්ෂණයේ මූලයන් එකම භාෂාවක වෙනස් යෙදුම් ලෙස හැඳිනිය හැකි වේ. වඩාත් නිවැරදිව ඉතිහාසය තුල ස්ථානගත කලොත්, කවියේ මූලික සංකල්ප පරිගණක තාක්ෂණයේ මූලික සංකල්ප වල මුතුන් මිත්තන් ලෙස හැඳිනිය හැකි වේ. පරිගණක තාක්ෂණය මිනිසා හසුරුවන්නට බොහෝ කලකට පෙර ශබ්ද විද්‍යාව හරහා එම යාන්ත‍්‍රික භාෂාවේ මූලයන් සියවස් කීපයකට පෙර ඉන්දියාවේ උපත ලබා ඇත. ඡන්දස් ශාස්ත‍්‍රය බයිනරි විෂයයක් වන්නේ පරිගණක බයිනරි ක‍්‍රමය උපයෝගි කරගන්නට බොහෝ කලකට පෙර ය. කවිය පරිගණක හරහා සයිබර්ගත වීම යනු එහි තිඹිරි ගෙය කරා යලි යෑමකට නොදෙවෙනි ගමනකි.

ශබ්දයේ වෙනස් කම ද්විකෝටිකව උච්ඡුාවචනය වීම තුල ලඝු ගුරු මාත‍්‍රා උපන්නේ යම් සේ ද ඒ අයුරින්ම ඡුන්දස් ශාස්ත‍්‍රය උපත ලබා ඇත්තේය. මේ සඳහා කදිම උදාහරණ ”එළු සඳස් ලකුණ” විමසා බලා සොයා ගත හැකිය. එළු සඳස් ලකුණේ නෂ්ටප‍්‍රත්‍ය සෙවීමේ ක‍්‍රමය යනුවෙන් දක්වා ඇති මාත‍්‍රා ප‍්‍රස්ථාරයක කිසියම් ලඝු ගුරු සංයෝජනයක් සොයා ගැනීමේ ක‍්‍රමය යනු කිසියම් දශම සංඛ්‍යාවකට අදාල ද්විමය සංඛ්‍යාව සොයා ගැනීමේ ගණිතමය ක‍්‍රමය ම වේ. මෙනයින් කවියේ ප‍්‍රාග් අනුභූතිය ගණිතයේ මූලික සංකල්ප හා අවියෝජනීයව සමපාත වේ. මේ කතා කරන පරිගණක තාක්ෂණයේ මූලික සංකල්ප සමග අතිශය සූක්ෂම ලෙස ඒකාත්මික වේ.

කවියේ යුග ගැන සලකා බලද්දී ප‍්‍රාදේශීය වශයෙන් ද යුග වකවානු වශයෙන් ද බෙදී කාලයට එදිරිව විවිධාකාර වූ සමාජ දේශපාලනික ආර්ථික සංස්කෘතික සහ ආගමික වර්ණයන්ගෙන් වෙනස්කම් ඇතිව සංවර්ධනය වෙමින් ද අවවර්ධනය වෙමින් ද එන ඓතිහාසිකත්වය වර්තමානයේ පිය තබන්නේ සයිබර් යුගයට යැයි කීම අතිශයෝක්තියක් නොවනු ඇත. කවිය චිරාත් කාලයක් ද්විමාන තලයක ජීවත් ව එය වත්මනේ අන්තර්ජාලයට ඇතුළුව ඇත්තේ සිය තෙවන මානය සයිබර් අක්ෂය ලෙස තෝරා ගෙනය. මෙම සයිබර් අක්ෂය තුල විරාජමාන වන නව කවිය සුලභ කාව්‍ය කතිකාවන් තුල ගොඩ නැගෙන චිරාත් කාලීන වාද ප‍්‍රතිවාද සහ සංවාද උඩුයටිකුරු කරමින් ශාබ්ධික ගතිගුණ සහ අර්ථ භාව පිළිබඳ පාරභෞතිකයන් විශද කරමින් නැගී එන්නේ පික්සල් මතින් මැවෙන දෘශ්‍යමය ඡුන්දසකට විවරයක් සදමිනි. නොවිරිත් වැකි බහුල එනමුත් දෘශ්‍යමය ප‍්‍රයෝගයෙන් අනූන නූතන සයිබර් කවිය හද බසට ඔබ්බෙන් වන තාක්ෂණික බසින් විද්‍යාවේ මූලිකාංග ප‍්‍රතිකථනය කරන්නට සමත් ද්වීතියික භාෂාවක් ලෙස සිය හැඩරුව වඩවා ගනිමින් සිටී. මාතර යුගයේ කවීන් බහුල ලෙස භාවිත කළ කාව්‍යෝචිත බස්වහර වෙනුවට සිය පාණ්ඩිත්‍ය හුවා දැක්වීමේ අභිලාෂය වැනිම යුග ධර්මතා හේතුවෙන් මේ නැගෙන සයිබර් කවි රළ ජන හද නමැති වෙරළ ඛාදනය කරන්නට වුව සමත් වන්නේ යැයි කීම විවාදාත්මක ය.

කලින් මා සඳහන් කළ අයුරින්ම සංගීතය එහි නිම් වළලූ තාක්ෂණයේ ව්‍යවහාරයෙන් කර්ණ-ශංඛය කරා ගමන් කළ පථය අවකාශ ගත වීමෙන් සිදු වූ ප‍්‍රාතිහාර්යය වෙනුවට කාව්‍ය සයිබර් අවකාශගත වීමෙන් උපනති වූ සාධනීයත්වය පිළිබඳ අති විශාල අභියෝගයන් වත්මනට විවරව ඇත්තේ ය. විචිත‍්‍ර වූ භාෂා භාවිතයේ සහ රසවත් සංකල්පනා එලි දැක්වීමේ භාෂා ප‍්‍රවීනත්වය මතින් මැඩුනා වූ සාහිත කලා විහීන මානසිකත්වයන් දරන අල්පභාෂීන් ජාතක වීමේ සමාජ සංස්කෘතික අවනතිය පසුගිය දශක ගණනාවක් තුල සමස්ත සමාජ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුලම පිලිකා ලෙස වර්ධනය වී ඇත්තෙන් මේ තාක්ෂණික පසුබිමට ඇතුලූ වුවන් තුල ඓතිහාසික සාහිත්‍යාවලිය පිලිබඳ ඇති භින්න රුචික බව සහ දුර්වල හැදෑරීම් මෙන්ම සතත අභ්‍යාස විරහිතභාවයෙන් සයිබර් කවියේ ගුණාත්මක පක්ෂය ගැන ධනාත්මකව යමක් සඳහන් කිරීම උගහට ය. එමෙන්ම එබඳු විමසුමක් මේ ලිපියේ සීමාව ඉක්මවා ද යයි. ඒ සඳහා විධිමත් හැදෑරීමක් සහ එය විචාරය කිරීමේ නිර්ණායක ද පොදුවේ එකඟ විය හැකි පදනමකින් සම්භවයක් ලබා තිබිය යුතුය. දැනට සයිබර් කවි නොවන වෙනත් අනෙක් සාහිත්‍ය ක්ෂේත‍්‍රවල පවා විධිමත් සාධනීය සහ නිර්මාණශීලි විචාරයක් පවතින්නේ යැයි කීම ද අසීරු හෙයින් මේ අදහස වඩාත් සංකීර්ණ වේ.

සයිබර් අවකාශය ආලෝකයේ කම්පන සංඛ්‍යාතයෙන් කම්පනය වේ. ආලෝකයේ වේගයෙන් සංසරණය වේ. එහි පරමාණුක ඒකකය ද්විමය සංඛ්‍යා පද්ධතියයි. එම ද්විමය සංඛ්‍යා භටයන් ගරිල්ලා සටනක යෙදෙමින් සිය සන්නද්ධ භාවිතය තුල මිනිස් වර්ගයාට ආදරය යලි සොයා ගැනීමට තරු සිතියමක් සහ මාලිමාවක් තනමින් සිටී. මේ මාලිමාව රුගෙන මනුෂ්‍ය සංහතියට පාර කියන්නට වෙබ් අඩවියක් පුරෝගාමී වේ. ඒ බුන්දි වෙබ් අඩවියයි. (http://www.boondi.lk/) ලොව පුරා විසිරී සිටින හුදකලාව නිර්මාණකරණයේ යෙදී හුන් සුවහසක් නිර්මාපකයින් එක සෙවණක් යටට ගාල් කර ඔවුනගේ සයිබර් කවි සමුච්චය ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වරට අක්ෂර සෙනඟ නමින් ග‍්‍රන්ථාරූඩ කෙරුනේ බූන්දි වෙබි අඩවිය ආරම්භයත් සමගයි. ”ගොඩනැගෙන්නේ ගොඩනගන්නාය” යන සංකල්පයට ප‍්‍රතිපක්ෂව බූන්දිය විසින් ගොඩ නැගූ පුද්ගල ප‍්‍රතිරූප හෝ ප‍්‍රතිරූපයක් නොමැත. එය හුදෙක් නව කවියේ හෘද සාක්ෂිය වෙනුවෙන් කැප වූ කණ්ඩායම් ව්‍යායාමයක ප‍්‍රතිඵලයකි.

මේ එලඹෙන්නේ අක්ෂර සෙනග ඩිජිටල් සොල්දාදුවන් හා ඒකාබද්ධ හමුදාවක් ගොඩනගා කවියේ ගමන් මග එලිපෙහෙලි කරන මොහොතය. සයිබර් කවි අවකාශයේ බාධා නැත්තේ ද නොවේ. හැල හැප්පීම් නැත්තේ ද නොවේ. වාද විවාද ගැටුම් නැත්තේ ද නොවේ. එනමුදු සයිබර් කවිය පෙර කිසි කලෙකත් සාහිත්‍ය අම්බරයේ නොදුටු තාරාකාවන් නම් කරමින් ඉදිරියට ඇදෙන්නේ මිනිසාගේ හෘද සාක්ෂිය ගවේෂණය කරමින් ඈත ආලෝක වර්ෂ ගණනකට ඔබ්බෙන් වන අපේ මුතුන් මිත්තන් සොයා යන අහස් නැවක් ලෙසිනි.

බූන්දියේ මැදිහත් වීම මෙලෙස අංකුර කවියන් ලෝකයා වෙත පෑමෙන් පමණක් නොනවතී. එය ලාංකීය කවියේ පුරෝගාමීන් ගේ සතපතල ඓතිහාසික නිමැවුම් ද දේශදීපංකර වල පොතක් පතක් සොයා ගැනීමේ දුෂ්කරතා මධ්‍යයේ සතත අභ්‍යාසයේ යෙදෙන්නන් වෙත උපුටා දැක්වීම ද කරයි. අන්තර්ජාලයේ කිසි වියමන් ඉඩක් නොලද ලාංකීය කවියේ හැඩරුව පෝෂණය කළ කිවිසුරුවන්ගේ නිර්මාණද සිංහල යුනිකේත හරහා නැවත ලියැවී ආලෝක වේගයෙන් දසත පැතිරවීම ද අතිශය තීරණාත්මක මෙන්ම භාරදූර කාර්යයකි. මේ අවකාශය විදග්ධ කවීන්ගේ නිර්මාණ තවදුරටත් ප‍්‍රචලිත කිරීමේ කාර්යභාරය ද බූන්දියෙන් ඉටුවන බව එහි ඉතිහාසය බැලූවිට පෙනී යයි. සිංහල කවියේ සඟරාමය යුගයන් කොළඹ කවියේ ප‍්‍රවණතා මෙන්ම නූතන කාව්‍යකරණයේ මං පෙත් විවර කළ ගුණදාස අමරසේකර, රත්න ශ‍්‍රී විජේසිංහ, නන්දන වීරසිංහ, ආරියවංශ රණවීර, සිරි ගුනසිංහ, දයාසේන ගුණසිංහ, කේ කේ සමන් කුමාර, ලක්ෂ්මන් කහටපිටිය, මංජුල වෙඩිවර්ධන, ජනක මහබෙල්ලන, චන්ද්‍ර කුමාර වික‍්‍රමරත්න, එරික් එලයප්ආරච්චි, මොනිකා රුවන්පතිරණ, බුද්ධදාස ගලප්පත්ති, සමන්ත හේරත්, සෙනරත් ගොන්සල්කෝරාල, නිලාර් කාසිම්, විමල් දිසානායක, මහගම සේකර, තනුජා ධර්මපාල යනාදී මෙකී නොකී අප‍්‍රමාණ ශක්‍යතාවෙන් සිහල කවි කෙත පෝෂණය කළ කවි කිවිඳියන්ගේ නිර්මාණ සුවහසක් සයිබර් සහෘද ලෝකයට පිටපත් කිරීම ද බූන්දිය මෙහෙය වන අනභිබවනීය සේවයකි. එමෙන්ම නූතන සයිබර් කවි අවකාශයේ නොතිත් කැප වීමෙන් වෙබ් අඩවි බ්ලොග් අඩවි නඩත්තු කරමින් බූන්දියට උපදේශනයෙන් ද සිය වටිනා කාලය විදෙස් හි සිට ආයෝජනය කරන සුනිල් ගෝවින්නගේ, රසික සූරියආරච්චි සහ ජගත් ජේ් එදිරිසිංහ ද මෙහි නම් වශයෙන් සඳහන් කළ යුත්තේය.

සයිබර් නිර්මාණකරණයේ යෙදී ඉන්නා පරම්පරාව කුමක් ද? මේ පරම්පරාව සුසැදෙන්නේ කාලිදාසයන්ගෙ සිට ෙහෙඩෙගර් සහ ඉන් ඔබ්බට ද මිනිස් සංහතිය තුල සිය ප‍්‍රඥාව දිය කර ගවේෂණයෙන් වෙළුම් වශයෙන් ලියා තබා ගිය කවියේ මනෝ ගතික ස්වභාවයන් ගැන ලූහුඩින් කියවා ගත් පරිඝණක අක්ෂර පුවරු මත සිය අතැඟිලි මොට කරගත් පික්සල් තිරමත සිය දෙනෙත් අලවා අඳ කර ගත් නූතන පරම්පරාවකි. මේ තත්වය සයිබර් කවියේ වර්ධනය ට ඉමහත් බාධාවක්ව ඇති වග මගේ පෞද්ගලික විශ්වාසය යි. සයිබර් කවියෙන් තම සමාජ සංස්කෘතික දේශපාලන හෘද සාක්ෂිය සොයා යන්නන් විරල වීම මීට සමාන්තර යි. මේ කාරණාවන් සිතියම් ගත කර ඊට දුෂ්කර මාවත් මග හැර සුමට මගක් සොයමින් ඉන්නේ බූන්දි වෙබ් අඩවිය යි. බූන්දිය ගෝලීයකරණයේ සිතියම සොයා යන්නෙකු මිස ගෝලීයකරණයේ අවජාතකයක් නොවේ.

බොහෝ විට පරිගණක ආශ‍්‍රිත රැකියාවල නියුක්තිකයන් සිය සහෘදයන් සමග වෛකල්පිත සමාජ වෘත්තයන් සාදා ගැනීමේ සහ බොහෝ විට විදේශගතව හුදකලාවට පත් එනමුත් අන්තර්ජාල පහුසුකම් ඇති හෙයින් අදහස් හුවමාරු කරගැනීමේ පදනමින් ජාලගතව උනුනගේ විනෝදය උදෙසා කවියක් වැනි යමක් ලියා ග‍්‍රැෆික් වලින් හැඩකර එහාට මෙහාට යැවීමෙන් ඇරඹෙන මේ කාව්‍යකරණය සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී ලියා ගිය අයවලූන් වත්මනට දායාද කලා වූ සේ යමක් අනාගතයට ඉතිරි කරන්නට සයිබර් කවියන් සමත් වන්නේ ද යන්න කුකුසට හේතු වේ.

බොහෝ විට මෙබඳු දේ සිදු වුවත් සයිබර් කවියේ වර්ධනයට මේ සියලූ දේ දායක වන බව අමතක නොකල යුතුය. පුංචි පැලේ ගස වෙනා න්‍යායෙන් මේ සියලූ දේ ඉවසා ගත යුතු වන්නේ එහෙයිනි. මේ සියළු අභ්‍යාසයන් අනාගතයේ උපදින දේශසීමා මායිම් නැති අභිනව කවියේ චන්ද්‍රෝදයට පාර කපනු ඇත.

එනමුත් නව කවියේ හැඩතල ඇඳෙන මතුපිට ඇති දිශාව සුපැහැදිලි ලෙස ම දිගුව ඇත්තේ මේ නව අවකාශය දෙසටම ය. එම දිශානතිය හේතුවෙන් නිර්මාපකයෙකු සිය නිර්මාණය බෙදා හදා ගතයුතු මොහොත මේ යැයි තීරණය කළ නැකතින්ම එයට ලැබිය හැකි සහෘද ප‍්‍රතිචාරය ක්ෂණිකව ලබා භුක්ති විඳීමේ ආලෝක වේගය හේතුවෙන් නිර්මාණකරනය වෙන කවරාදකවත් නොතිබි තරමින් මනරංජන සජීවි අත්දැකීමක් බවට ප‍්‍රක්ෂේපනය වී ඇති වග ස්ථිරය. සයිබර් කවිය ආලෝකයේ වේගයෙන් සහෘදයන් කරා ඇදේ. සහෘද ප‍්‍රතිචාර ද ආලෝකයේ වේගයෙන් වයර් මතින් හඹා ගොස් පික්සල් තිරමත වැටී නිර්මාණකරුවන් පුබුදයි. මේ සයිබර් කවියේ ගතික ස්වභාවය යි.

සයිබර් කවියේ නියමුවන් නොමැති වයර අවකාශයේ බූන්දිය නිර්මාණශීලි අංකුරයන් සමග අත්වැල් බැඳ ලෝකය එකම කවියායක් බවට පත්කිරීමේ වයර් දිගේ දුවන ඒකාත්මික පාරභෞතිකයක බැඳී වෙලී සිටියි. කලින් සඳහන් කළ ආකාරයෙන්ම සිංහල කවියේ වර්තමානය සහ අනාගතයේ සුභාවිතය වෙනුවෙන් සිංහල කවියේ අතීතය හැදෑරීමේ බලවත් අවශ්‍යතාවය සහ චිරාත් කාලයක් ඉහල පහල යන සම්මුතීන් විමසා විනිසා ගැනීමට ඇවැසි නූතන දැනුම සොයා යාමේ නොසිඳි උද්යෝගයෙන් ද එකට බැඳුනු පිරිසක් බූන්දියේ දිවා රෑ සිය වටිනා කාලය මිඩංගු කරමින් සිටියි. සයිබර් අවකාශයේ ඉමක් නැති අහුමුළුවල රස්තියාදු වෙමින් හුන් කවි කිවිඳියන් මහ පොලවට ගැට ගසා දැමීමේ ඓතිහාසික කාර්යය 2008 දී අක්ෂර සෙනග පද්‍ය සංග‍්‍රහය එලි දැක්වීමත් සමගම සිදු විය. මේ එළඹෙන සැප්තැම්බරයේ සයිබර් අංකුර කවියන්ගේ ශ‍්‍රම විභජනයෙන් සිය වර්ෂපූරණ සැමරීම හා සමාගාමීව එළි දක්වන්නට යෙදෙන කාව්‍ය ග‍්‍රන්ථ සයකින් මෙම ගමනේ තවත් සැතපුම් කනුවක් සලකුණු කරනු නොඅනුමානය.

කවියේ හැඩරුව කාලයෙන් කාලයට වෙනස් වෙමින් පැමිණි මේ ගමන ඡුන්දසින් ඡුන්දස වෙන්වී එනමුත් ඡුන්දස් ගතිගුණ ඡුායාමාත‍්‍ර ලෙස දරා ගෙන නිර්ඡුන්දස් යැයි හැඳින්විය හැකි නිදහස් සහ සංයුක්ත කවි හරහා ?පමය භාවිතාවෙන් සහ මතු දිනෙක බහුවිධ මාධ්‍ය අනුකලනයෙන් විවිධාංගිකරණයට එළඹෙන්නට නියමිත සයිබර් කවිය දක්වා පැමිණ ඇති මේ ගමන තව කොපමණ විවිධාංගයන්ගෙන් සමලංකෘතව මිනිස් සමාජයේ හෘද සාක්ෂිය සොයා සහෘද ජන කොටස් ආමන්්ත‍්‍රණය කරන්නට එළඹෙන්නේද යන්න විවාදාභිමුඛ ය. ස්කන්ධයක් ආලෝකයේ වේගයට ලං වූ විට අපරිමිත ලෙස සිය ස්කන්ධය වැඩි කර ගනී. එබන්දකට ඉන්පසු චලනයක් විය නොහේ. භෞතික විද්‍යාත්මකව එය එසේ යැයි කීවද එය ගණිතානුකූල විනිශ්චයක් පමණි. කිසිවකු එය සාක්ෂාත් කරනු ඇත්දැයි නොසිතේ.

කවියේ වේගය දැං ආලෝකයේ වේගයට ලං ව ඇත.

ඊ.ඒ. ඩෝසන් ප‍්‍රීති
2009-09-08 (ලංකා)

Sunday, October 4, 2009

සූදු අන්තුවා-සකුණි රෑපසිංහ


සූදු අන්තුවා

දුටු පමණින්
රක්ත වර්ණ හදවතක්
සූදුවට ලොල්ව මම
ඒ තුලම ගිලුණ විට
අමතක උනා මට
ප්‍රේමයට ඔට්ටු ඇල්ලුවාට
සින්න වෙන්නේ මගේ
මුලු ජීවිතයම වග...

දුටු මතින් ඇසූ මතින්
වැඩි දුරක් නොහිතාම
කොළ ටික බදාගෙන
අනාගත්තාට
නොදැක්කෙමි මම
රජුන් සඟවාගෙන සිටි
අසිපත...

නොදැනුනි
නික්ම යන තුරු
ආත්මයේ ප්‍රාණ වායුව
සිඳ ඇති බව මගේ ගෙල
නොදැනුවත්වම...

ඔට්ටු නැත දැං ඉතිං
තුරුම්පු ලැබුනාට
පණ ලැබිය නොහැක යළි
ආත්මය මිය ගොස්ය
ප්‍රේමයට මුලා වී
ගිලී මේ සූදුවේ
ජීවිතය
සින්න වී ගොස්
අවසන්ය ...

මලී
[සකුණි රෑපසිංහ]


සකුණිගෙ [මලී]
කවිය මම ඉස්සෙල්ලම කියවද්දී එක පාරටම සිහියට ආවෙ ජනක මහබෙල්ලනගේ රුයිත දහය. ඒ නමින්ම වු කාව්‍ය සංග‍්‍රය සහ ඒ කවිය. ඇස නොගැටුන අයෙක් ගේ කියවීමට මම එය මෙහි අමුණන්නම්.

රුයිත දහය

ඉලවු ගෙදර
පැට‍්‍රල් මැක්ස් එලියෙන්
මගේ දෑස තුලට
ගලා ආ
රුයිත දහය

කන්නට ගිය විට
මෙසය පුරා
විසිරුනු මල්
රුයිත දහය

නිදන්න ගිය විට
කාමරයේ පුරාත්
රුයිත දහය

ඇගෙ පියයුර
නිතඹ දනිස
වැසුනු ගවුම
රුයිත දහය

ඇගෙ පහස
ඇගෙ සුවඳ
ඇගෙ සෙනෙහස
රුයිත දහය

අවසන් වර
ඇගෙ දෙනෙතින්
මා දුටුවෙත්
රුයිත දහය

ජනක මහබෙල්ලන

මම මෙ කවියට අසාධාරණයක් කලා අත්තනෝමතිකව ඒ කුමක් ද යත් හල් සම කිරිලි සහ පිලිසම කිරිලි ඉවත් කර අපි සමෝධානයෙන් පිලිගත් භාෂා සම්ප‍්‍රදායෙන් ලිවීමෙනි. ජනක මෙ කවිය ලියා ඇත්තේ ඔවුන්ට අනන්‍ය වූ එනම් අජිත් තිලකසේන සහ ලියනගේ අමරකීර්තිලට ආවෙනික වු අසම්මත සිංහලෙනි. එයට ජනක ගේ සිත් තැවුල බලහත්කාරයෙන් ඉවසමි.ඔවුන් සිංහල භාෂාවට රිදවන තරම් අපි ඔවුන් ව නොරිද්දන බව ඉඳුරාම දන්නා බැවිනි.

කවියට එමු.

පිරිමින්ට පේ‍්‍රමය සූදුවක් වන විට ස්තී‍්‍රන්ට එය ජීවිතයකි. ස්ත‍්‍රීන්ගෙ ජීවිතය ස්ත‍්‍රීත්වය එල්ලා නොවැටෙනු පිනිස කරන ප්ලාස්ටික් සර්ජරියේ සිටම බහුබාණ්ඩිකය. ඒ බහුබාණ්ඩික ජිවිතය ඇරඹෙන්නේම පිරිමින් සමග පේ‍්‍රමාතුර වීමෙ මුල් අවස්ථාවෙ වු අල්පේච්ඡු රංගනයකිනි. පසුව එය පේ‍්‍රමයේ මෙරීමත් සමග කැඩිලැක් කාර් දක්වා දිග්ගැසෙන සුන්දර වරදකි. ඇවැසි විට ක‍්‍රීඩාව නතර කරන කුට්ටමකි.

අවසානයක් නැති පිරිම ආශාවත් ආශාවක් නැති ස්ත‍්‍රී හිස් කමත් අතර ඇවිලෙන සීතල ගින්නකි.

එකම කාසියක දෙපැත්ත මෙන් ස්ත‍්‍රියක් සහ පිරිමියෙක් තම රිදුම ගැන ලියැවුන කවි දෙකක හමු වීම මෙලෙස සටහන් කරමි.

වැඩි දුරටත්...

මම සූදුව පේ‍්‍රමය සහ කවියෝ යන මාතෘකාව තව ඩිංගිත්තක් ඉදිරියට ගෙන යන්නේ සකුණිගෙ නිර්මාණයෙන් ඇවිස්සී ගිය මසිත් බඹර වදය සනසා නැවත සන්සුන් කර ගැන්මටය. ඒ මී බිඳු මගේ නොවෙයි. කවි උයනේ නෙක තැන්වල පිපී සුවඳ හළ ඒ මී මෙලෙස අතුරමි. පළමුවෙන් මා කේ කේ සමන් කුමාරයන්ගෙ ජනක මහබෙල්ලන කෙරෙහි වන නිර්නායකත් දෙවනුව එහි නොපෙනී ගිය කලාපයකුත් ඉදිරිපත් කරමි.

කේ කේ සමන් කුමාරට අනුව ජනක මහබෙල්ලන...

මෙ උපුටනය සිය නගා මැරූ අල නිර්මාණ සංග‍්‍රහයේ ජනක මහබෙල්ලන උද්ධෘත වන සිහිපත් කිරීම තුල වූ සඳහන් කිරීම සහ ජනක අමතන කාව්‍ය නිර්මාණයකි.

සිහිපත් කිරීම්

නූතනවාදී සිංහල කවියේ හැඩය නිර්මාණය කළ

සිරි ගුණසිංහ
සේකර
අජිත් තිලකසේන
ආරියවංශ රණවීර
ජනක මහබෙල්ලන

ධනේෂ්වර ලිංගික විප්ලවයේ කාව්‍යමය ප‍්‍රකාශණය
දෝන ඉසබෙලා කොරනේලියා
හෙවත්
පානං පත්තුවෙ ඩිංගිරි අම්මා
හෙවත්
ගජමන් නෝනා


දැන්කවියකට යොමු වෙමු...

පේ‍්‍රමය සහ වෛරය

ඒත් සිගරට් දුමාරය සුන්දරයි පේරාදෙණි.

අනවතප්ත විලෙහි දකුණින් පටන් ගන්නා සිත්නමැතිආකාශ ගංගාවෙ මා තනි කර ඉතාම අඳුරු කුටියක වෙනත් මිනිහෙකුට තුරුළු වෙන්න පෙරාදෙණි. නුඹට ක්ෂීර පථය තරම් මහේක්ෂ කෝ‍්‍රධයක් මා තුළ ජනිත කළ හැකි නම්. එතරම්ම මා ශ්‍රේෂ්ඨයකු ද වෙනු ඇත. නුඹ මට ආලය නොකරන තාක් මා මොනවා හෝ ලියනු ඇත. එහෙයින් මට ආලය නොකරන්න. සදාකාලයටම.

-ඊඩින් උයන
දීප්ති කුමාර ගුණරත්න

පිළිකුල් කරවන්න මට මාවම
දුක හිතවන්න මෙලෙස මට
මා ගැනම
එවිට ජනිත කළ හැක ඔබට
වෛරය මා තුළ
සාපයක් බව ආදරය
පසක් කරවන්න මට මෙලෙස
ආදරය යැයි ඔය කරනා පාජාව
පිළිගත හැක මටත් ඒවිට

ඔය මුඩුම ආදරය
අභිෂේක කරන්න දෙවොලක
ඒත් රිද්දන්න එපා
ජීවිතය හිගා කන
ආදරවන්තයන් මිස
දිවි පරදු කොට ජීවිතය දෙන්නත්

එදා ට තේරුමක් නැති වෙවි
ආදරය කියනා
හැගීමටත්

කේ කේ සමන් කුමාර


හොර මුලක් හදමු අපි

ජනක
මචො
අපි දෙන්නා එක්කම
හොරකං කරමුද කවියක්
මෙන්න
ඒ කවිය

Did you know that old nylons never die ?
they just take on new lives. They:
strain jam, soup , paint or port
stuff teddy –bears and raggy dolls
make long sausage –dog draught -stoppers
get threaded through jumpers to hang on
the washing line.
cover hair –rollers at night in bed (charming)
make stocking caps under pantomime
dame's wigs
help boost your bra
help boost your fan-belt …..in an emergency
climb dangerously between tall sticks for
runner beans to rest on
cut in strips they make bands for parcels
cut up rough they make rag rugs
hold bulbs to dry in the potting shed
are used as masks when robbing banks
and my aunt uses them, much holed, as bird –feeders
and I bet you know dozens more INGENIOUS uses….

(මෙ කවිය ලිවුවෙ Rosemery awthrone නෙමෙමයි.

This poem by ජනක මහබෙල්ලන & කේ කේ සමන් කුමාර

-author's of

-knickers

-bras

-stockings & suspenders)


ජනක අපි පටන් ගම්මු
කවි හොරකං කරන්න
මං කොල්ල කන්න
මාෆියාවක්
මළා!
මං දන්නෑනේ.

ඒක හදලා හුගක් කල්?
ෂික්!

ජනක මචං
අපි
කවි හොරකං කරමුද
නැත්තං තනපටයි
ජංගියි හොරකං කරමු ද?
එහෙමත් නැත්නං
අපි
Triump international
එකේ රස්සාවල්හොයා ගම්මු ද?
1999

තව කවියක් කේ කේ ගෙම...


සූදුව

ඇගෙ ජීවිතය කාඩ් අතකි
උන්ට
කුට්ටම අනා ඇති පදම්
තුරුම්පු ගසමින් උන්
සූදු කෙළිති
ඇගෙ ජීවිතය හා

සූදු අන්තුවකු අත ඇනුණු
තම ජීවිතය
දුහුනකු අත තාවර වන විට
ඈ සිතයි

ආදරය යැයි

සූදු අන්තුවන්ගෙත් සූදු අන්තුවෙක්
විය හැකි බව හේ ඈ නොදනී

සබඳ මෙ ක‍්‍රීඩාවෙ හැටි එහෙමය

මම
පසෙක සිට බලා සිටිමි
ක‍්‍රීඩාව දෙස
මම අතට නොගනිමි කුට්ටම
නොඇනීමි
තුරුම්පු නොගැසීමි
සී සී කඩ විසිරුණු කොල
එකතු කළා මිස

එහෙත්
සූදු අන්තුවාගේ
අණක් ගුණක් නැති නීතිවල
මා සිත පැටලේ
සූදු පොළක අහලක උන්න ද
එහෙමය
අතින් නොගත්තත්
මා
සිතින්
කාඩ් කුට්ටම දරා සිටිමි

මා විනිසුරකුදැයි ක‍්‍රීඩකයකු දැයි
යන්න නොදනිමි
එහෙත් අවසානයේ
කොලෙ ඉරුණු ජීවිතයක
වග උත්තරකරුවා වන බව
දනිමි

සදා කාලෙන් සදා කාලෙට
අතින් අත ඇනී යන
කුට්ටමක් බවට පත් වන්නට
ජීවිතයට ඇගෙ
ඉඩ දී බලා සිටිනවාද
ඩැහැ ගන්නවාද එය
අත දිගු කොට

එද
ඉන්ම
මාද

සිත් පිත් නැති
කාඩ් කුට්ටමක් බවටම
හෙළනවා නොවෙමි ද

තම දිවිය ගැන
තීරණ
ගත යුතුය ඈම
නැතොත්
තව තව ද සූදු පොළවල
සූදු අන්තුවන් අත
ඇනි ඇනී යනු ඇත
ඈ දිවිය

ආදරවන්තයකු යනු
තොරා ගන්නකු මිස
ස්වයංවරයෙන්
තමාව ඩැහැ ගන්නාවත්
අතෙ තැබු විට ගන්නා කෙනෙකුවත්
නොවන වග
වටහා ගත යුතුය ඈ
දැන්වත්


ඒ කේකේ ගෙ කවිය.

කේ කේ ට අනුව ජනක එසේ වෙද්දී දීප්ති කුමාරට අනුව ජනකයන් මෙසේ වෙති.
මා දැන් මෙතෙක් දිය ඇදි කළය පොලවෙ ගසා ලමි. සියල්ලන් කමත්වා.

කවිය විශ්ලේෂණය කරන චින්තිකාවො එය මූලධර්ම දෙකක් ගුරු කොට විමර්ශණය කරති. එක් කොටසක් කවිය අදහසක් දෘශ්ටිවාදයක් අරමුණක් නව භාෂාවක් වෙනුවෙන් පෙනී සිටිතැයි විග‍්‍රහ කිරීමය. තවත් කොටසක් කවිය යනු වචන බව වචන පමණක් ම බව ප‍්‍රකාෂ කිරීමය. ලංකාවෙ සියලුම කවීන් අජිත් තිලකසේන හැර ඉහත වර්ගීකරණයට අනුව අයත් වන්නෙ පළමු කාණඩයටය. ස්ටීවන් මලාමෙ නම් ප‍්‍රංශ කවියා ජනක මහබෙල්ලනගේ පහත කවිය කියවූයේ යැයි නිගමනය කරන්න.

පුර හඳ ගෙන ලෙවකමි මම
හරිම රසයි කිරි මුට්ටිය

මලාමෙ විසින්ඉහත කවිය ගැන ප‍්‍රති කවියක් මෙලෙස රචනා කරයි.

බල්ලොත්
නොකන
කිරි මුට්ටිය

මහා සිංහලේ තවත් ශ්‍රේෂ්ඨ කවියෙක් ලෙස හැඳින්වෙන ආරියවංශ රණවීරගෙ කවියක්ජර්මන් ජාතික පෝල්සෙලාන් කියවූයේයැයි සිතන්න.

වෙහෙසයි හඳට හැබෑවට
කන් දී පෙම්බස්වලට
පිට පිට

සෙලාන් විසින් ඉහත කවිය ගැන ප‍්‍රතිකවියක් මෙලෙස රචනා කරයි.

දැන් කාලේ කොහෙන් ද
පෙම්බස් හඳ යට
හඳ දන්නෙත් නෑ
පෙම් බස් කිව්වට

කවියෙක් විසින් තවත් කවියෙකුගෙ කවි සංකල්පනාවක් විකට රූපයක් බවට පත් කරවන යථාර්ථය කුමක් ද
කවියා තවත්කවියෙකුට ගරු නොකරනනේ ඇයි
මා දන්නා තරමින්ජනක මහබෙල්ලන යනු හොර තක්කඩියෙකි. ජනපි‍්‍රය වීම සඳහා ඔ්නෑම කැත වැඩක් කරන්නෙකි. තමන්ගෙ අධ්‍යාත්මික විරූපි මුහුණ පත්තර කඩමාළුවල පළකර ගැනීමට වෙහෙසෙන්නෙකි. ආරියවංශ රණවීර ජනඝාතක යුද්ධය මෙහෙය වූ ආරක්ෂක අමාත්‍යංශයෙ හිටපු උසස් නිලධාරියෙකි. මෙවැනි අය කවියන් වුවහොත් කෙවැනි ද එම කවි මගින් කිසිවෙකුට කිසිවක් සිදුවන්නේ නැත. අමරසේකරගේ මතයට අනුව නම් අධ්‍යාත්මික මරණය යනු එයයි.

ඒ උපුටනය පේ‍්‍රමය සමට ඩොක්සාවට එරෙහිව -නදී වාසලමුදලිආරච්චි නිර්මාණ සංග‍්‍රහයේ දීප්ති කුමාර ගුණරත්නගෙ පෙරවදනිනි.

මෙ සියලු දේ මෙසේ උපුටා දක්වන්නේ කවියක් සහ එය විසින් කුලුගන්වන දේශපාලනය පිලිබඳ අංශුමාත‍්‍රයක් එලිදැක්වීමටය. වෙනස් නුපුරුදු රටා මතුකර පෙන්වීමටය.

12/25/08

Saturday, October 3, 2009

වළාකුළු


වළාකුළු

වළාකුළු ඔය තරම් ඉහලට
ඉහල අහසට නැගුනි ද කෙලෙසක
සැහැල්‍ලුවෙන් හුදකලාවෙන්?

කඩා වැටෙන්නට එපා අද හෙට
ඉන්නේ අපි තවමත් නිරාවරණව!

වළා පටල තිමිරය ඉරා ගෙන
පොළව මතුපිට විසිරි දිය රළ
උඩට එසවී දුමාරය වී
සැඩ හිරැගේ රස්නෙන්ම පමණ ද
ඉහල නැගුනේ ආකාහේ මේ?

නැද්ද අප දුක් තාප පීඩා
හුමාලය ලය තුලින් පිට වුන?

වළාකුළු ඔය තරම් ඉහලට
ඉහල අහසට නැගුනි ද කෙලෙසක
සැහැල්‍ලුවෙන් හුදකලාවෙන්?

කඩා වැටෙන්නට එපා අද හෙට
ඉන්නේ අපි තවමත් නිරාවරණව!

ඊ ඒ ඩෝසන් ප්‍රීති
031009

Thursday, October 1, 2009

අද ලෝක ළමා දිනය

අද ලෝක ළමා දිනය

අම්පාර සද්ධාතිස්ස මහා විද්‍යායේ ඒ වෙනුවෙන් විශේෂ උත්සවයත් පැවැත්වෙනවා.

" අක්ෂර සෙනඟ" සාහිත්‍යයය තරඟයේ පද්‍ය රචනා අංශයෙන් පළමු තැන ලැබූ ඩී. චමින්ද්‍රා කුමාරි සොයුරියට පාසලේ ගුරු මණ්ඩලයේ සහ සහෝදර සිසු සිසුවියන්ගේ උපහාරය පිරිනැමෙන බව විදුහල්පතිතුමා අපට දැන්වුවා.

චමින්ද්‍රා ගේ ජයග්‍රහණය ඇගේ පාසල් පුස්තකාලයට රුපියල් 30.000, පුස්තකාල ‍පොත් ලබාදුන්න. එහි අපේ වැකිය,

"තනි අස්සයෙක් වින් කරන්න ඇබ්බැහිවෙච්ච මිනිස්සු ඉන්න රටක, අනුන් වෙනුවෙන් දුවන්න ඉදිරිපත්වීම බලාපොරොත්තු සහගතයි" කියල

ඉතින් මේ අගය කිරීම, අපට තව තවත් බලාපොරොත්තු දල්වනවා නොවේද?

ලිහිණි
http://www.boondi.lk/

Wednesday, September 30, 2009

නූඩ්ල්ස් සුවඳ


නූඩ්ල්ස් සුවඳ

යුද්දෙත් ඉවර නිසා
මම ඇයට වඩාත් සුකුමාල විය යුතුයැයි සිතා
ෂෝර්ට් ලීව් දමා සැන්දෑවම මල් යායක් වූ එදා
සෙනග අඩු කොට්ටාව බසයේ තැන තැන හුන්
පුංචි කෙල්ලන්ගේ ලපටි තන පුඩු වල මතුපිට
සිතින් ස්පර්ෂ කරමින්
හැල්මේ විත් කඩුල්ල පැන කුස්සිය පැත්තෙන් ගෙට රිංගා
මිරිස් ගල සෝදමින් හුන් රා‍ණිගේ නිතඹ සන් කලේය මට
ඈ තදින් වැළඳ ගත්තේ අවසිහියෙන් යැයි
මටවත් නොසිතුනි

මොකද මේ විකාර යැයි කියා
ඇය පැන ගොස් ලිප අසලට

දුටිමි ඇගේ රත් වු දෙකොපුල
පිලිස්සෙන පොල්ලතු කැබලි එලියෙන්
මුහුනට වැටී තිබුනු කෙහෙවල්ලෙන්
ඈ අප්සරාවක් මෙන් කලකට පසු පෙනුනි

ඈගේ මුහුණේ තිබුනේ බඩගින්නය

සූදානමක් නැති හෙයින් ඇය
සිටියේ මෙලොව නොව
වෙනදා කෙ‍හොඹ සබන් ගා ඈ සිටියාය
ඒ බොහෝ කලකට පෙරය

ඈගේ මුහුණේ තිබුනේ බඩගින්නය
එමත වැටී තිබු‍නේ ලිපේ ඇවිලුනු ගින්න ය
ඇගේ හදමත ඇවිලෙමින් හුන් ගින්නය
මා සිටියේ ඇවිලෙමිනි; ඒ රා ගින්නය

මම ඈ තදින් සිප ගතිමි
ඈ කිසිවක් සිතා ගත නොහී
දුම් ගැහුණු කුස්සි වහල දෙස
කඳුලු පිරි දෙනෙතින් බලා හුන්නීය

රාණි රටේ යුද්දෙත් ඉවරයි
මම ඇගෙ කණට කෙඳිරීමි

ඇගේ ලය මඩල නූඩ්ල්ස් සුවඳය
රාත්‍රී අහරට ඇය නූඩ්ල්ස් පිලියෙල කරමින් හිඳ ඇත
මම ඇගේ ඇඳුමට යටින් පපු පෙදෙසේ මුව සැඟවීමි
පරණ කඩමලු බ්‍රෙසියරය අස්සෙන්
හමා ආවේ නූඩ්ල්ස් සුවඳය

අපි කන්නේ ක්ෂණික නූඩ්ල්ස්ය කලක සිට
වෑංජන හදන්නට බැරිය -අමාරැය
බත් උයා කන්නට මාළු පිණි නැති
ආර්ථික අවදානමකි කුසට දැනෙන්නට කෑම


මටම සිහි විය ක්ෂණික නූඩ්ල්ස්

නිකංම නිකං පිටි වුවද චිකන් සුප් පැකැට්ටුව හලාගත් විට
ගිල දැමිය හැකිය...
පෝෂ්‍ය පදාර්ථයට පෙර
ජීවත් වෙන්නට බඩට දෙයක් සොයා ගත යුතුය

මම ඇගේ පියයුරැ මඩලේ සැඟව ගිය
ඒ නූඩ්ල්ස් සුවඳට පෙම් බඳිමි...
මා සිරුර නිදි ගන්වන
අළුකෙසෙල් රසායනය ඒ නූඩ්ල්ස් සුවඳය...
අ‍පගේ උපත් පාලන උපක්‍රමය
ඒ නූඩ්ල්ස් සුවඳය!

නූඩ්ල්ස් සුවඳ
නූඩ්ල්ස් සුවඳ
රාණි රටේ යුද්දෙත් ඉවරයි
මම ඇගෙ කණට කෙඳිරීමි...


ඊ ඒ ඩෝසන් ප්‍රීති
300909

Monday, September 28, 2009

සුනාමියට පෙර මුහුද ගිලී ගියා


සුනාමියට පෙර මුහුද ගිලී ගියා

ඈතට ඈතට
කිසි දිනක ‍නොදුටු සිප්පි කටු කොරල් ගල් මල් මතුකර
එක නිමේෂයකට
මුහුද ඈතට ඈතට ගිලී ගියා...
මහ සමුදුර වෙරළ උරා බී
බඩ පුම්බා ගෙන
මුහුදු මට්ටමේ ශූන්‍ය ක්‍රමාංකනය දෙස
සෝපාහස ලෙස බැල්මක් හෙලමින්
කිසි දිනක ‍නොදුටු සියුමුව වැලි ගල් රොන් මඩ මතුකර
එක නිමේෂයකට
මුහුද ඈතට ඈතට ගිලී ගියා...


තැනිතලාවක් සේ මහ මුහුද රැඳුනු ඉඩ
හිස් ව
තෙත්ව
දර්පණයක්‍ ව
පෙනුනා...


ඈතම ඈත මහ වළල්ලක් මෙන්
දිය තරඟයක් පිම්බි පිම්බී
ගොඩ ඉවුර එල්ලයේ
සයිනාකාරව
මහ විසාල විභව ශක්තියක් එකතු කරමින්
එක රොත්තට ඇදෙන්නට වාරැ ගනිමින් හුන්නා

පොල් කරටිවලට උඩින් පියඹා ගිය විහඟුන් පෙල
අහසේ එකම එක රටාවක් මවන්නට දරන තැත
මම රාණිට කොඳුරා කීවා ඒ නිමේෂය කොතරම් කෙටි ද
පවුඩර් සුවඳට ලවණ මුසු වූ විටෙක කොතරම් සරාගී ද

මහ ජල තරඟය ගැන අපට හා‍හෝවක් තිබ්බ ද ?

පස්සෙයි මම දැන ගත්තේ ඒකට කියන්නේ සුනාමිය කියල
මම කල්පනා කරමින් සිටියේ රාණිගේ රාත්‍රි යට ඇඳුම් ගැන
අපි හරි ඉක්මනට කුරැල්ලන්ට රටා ලියා ගන්න බැරිවුන
පොල් කරටිය අසලටම ගියා...රාණි ‍මගේ අතේම එල්ලිලා හිටියා

රෑ මධුසමයේ දුටු රාණි එලෙසම නිරැවතින් මා සමගම
දිය රළ පෙල අතර පොර බැදුවා අපට රාත්‍රිය කෙටි වුනා වගේම
දිය රැලි අතර ජීවිතය ද කෙටි බව ඒ සරාගී මොහොතේ මෙන්ම දැනුනා
ඒත් රමණ කෙඩෙත්තු මැද්දෑවෙම මම රාණිව තදින් වැළඳන් උන්නා

හතරවටේ දිය රති කෙළිය අවසන් වෙනතුරැ...
පොල් කරටියේ මුදුනේ සිටම කඳ දිගේ
පහලට අපි ගැස්සි ගැස්සී රෑටං ආවා....
ආයෙමත් ජීවිතය මුණ ගැසුනා
මහ රොන් මඩ අස්සෙන් සුන් බුන් මැද්දෙන්
නාදුනන මිනිසුන්ගේ නිරැවත් මළ සිරැරැ අස්සෙන්...

රාගනීශ්‍රිත සන්ධ්‍යාවක්
මරණාසන්න උදෑසනකින් කෙළවර වුනු හැටි...

අපි කාර් එකෙන් කන්‍යාරාමය ඉස්සරහින් යද්දීත්
සුනාමියට කඩං වැටුනු සුරැවම
කවුදෝ පිලිසකර කරමින් උන්නා...

අපි කලකට පෙර
හරියටම ඊට අවුරැදු දහයකට ඉස්සර
මුනගැහුනු මහ මායා විද්‍යාලේ
බෝඩ් ලෑල්ල පෙරලිලා
කැඩුනු තාප්පයේ ‍ගඩොල් අස්සේ වැතිරිලා සිටියා...

රාණිත් මගෙන් ඈත් වෙලා ඊටත් කලකට පස්සේ
දැක්කා මම තාප්ප ගල් බිත්ති පිරිසකර වෙලා දිස්නේ දිදී
පොල්කරටි උඩින් ර‍ටා‍ මවමින් කුරැල්ලන් ගියා අද හවසත්
රාණිත් තනිවෙලා වෙන්නැති මම වගේම
ඒත් නැහැ දන්නේ දෙන්නම ඒ ගැන අදට රහසක්

මේ පොල්හේනට ආවාම
සුනාමියටත් වඩා සැරෙන්
ඒ අතීත මතක සටහන්
මගේ ඔලුව පහුරැ ගාන හැටි?


ඊ ඒ ඩෝසන් ප්‍රීති
270909

Wednesday, September 23, 2009

සිරගත වන්නට සිරකුටියක් නම්




සිරගත වන්නට
සිරකුටියක් නම්
කවුළුවක් ඇති...

හරිත පැහැ ලදලු පත්
හිරැ කිරණින් පෙරි පෙරී
මදනලට පෙම් බඳින
සුබ දසුන පෙනෙන

Wednesday, September 9, 2009

ඒ අසල ගස මත...


ඒ අසල ගස මත...

සිඳී ගිය විල්තෙර
සමාධි සුවය සොයන විහඟ නුඹ
මඩ කඩිති පය එරී ගිය
ගමනක අවසනය නුඹ ළඟ මම

සඟවා තබමි මඩ යට
බඩතුර හොවා ආ ආයුධය මේ දුර
විහඟුන් සමග කුමනයුර
සන්නද්ධ අරගල ද සුමිතුර

සිඳී ගිය විල්තෙර
මරණය වැළඳ වැතිරැන නිහඩ බව
විහඟුන් සේනා ද තටු බිඳුන
සමාධි සුවයට බාධා කරනව ද

මනුස්ස ඇට කටු ඔලු ද සිදුරැ වුන
තවමත් සිහිනෙන් දකින බව දනිමි දිගු රැය
කලඹයි ද නුඹ සියුමැලි සිත
රාත්‍රිය පමණක්ම නොවේ බියකරැ -දැන ගත යුතුය එය අද

විල නැවත පිරෙනු ඇත නිල් දිය එමට ඇත අහස් කුස
විහඟුන් සිකිපිල් විදා ගගනත පියාඹනු ඇත අහස තවමත් හිරිකඩය
සීතල කඳුළු කැටවල උණුසුම දැනෙන්නේ කොපුලටම නොව මමිතුර
හංස ගී ගයන්න ද විලක දිය මත උන් සිටිය යුතුමය- පියුමට ඔපය එලෙසය

අවිය සඟවමි මේ තැන...
කතිරයක් දමා ඇත ඒ අසල ගස මත...

ඩෝසන් ප්‍රීති
090909

Monday, September 7, 2009

ෂෙල්ටන් පයාගල නම් සොඳුරු මිනිසා

අසංක සායක්කාර කෙටි නාට්‍ය උළෙල

සැප්තැම්බර් 07 සඳුදා හවස 6:30ට ලූම්බිණියේදී - ෂෙල්ටන් පයාගල නම් සොඳුරු මිනිසාගේ පවුලේ සාමාජිකයන්ගේ සුභ සාධනය උදෙසා රංගගත කෙරෙන්නකි.

Saturday, September 5, 2009

...


...


රෝස පවුඩර් මතින්
ලුහුටන කඳුළු බිඳු ද
උදෑසන දහක් බුදුවරැ
උපදින යාමයේ මල්පෙති මත
දැවටුන
ඊයම් සැර දියව ගිය
පිනි බිඳිති ද

මට අලුත් කවි ලියන්නැයි
බල කරයි...

ඩෝසන් ප්‍රීති
050909

පැරණි කවියෙක්


පැරණි කවියෙක්

අප්‍රාණික පුරැෂ ලිඟුවක් සේ
පැරණි කවියෙක්
හැකිලී ගුලි වී සිය තට්ට හිස
පෙන්වමින් නියවයි...

එදා පායපු සඳත්
සඳපානේ නැග ආ කැරැල්ලත්
කැරැල්ලට තුඩු දුන් හේතුත්
‍දෙතිස් ගුණයකින් ලියලා තිබියදිත්

අප්‍රාණික පුරැෂ ලිඟුවක් සේ
පැරණි කවියෙක්
හැකිලී ගුලි වී සිය තට්ට හිස
පෙන්වමින් නියවයි...

ඩෝසන් ප්‍රීති
050909

ගාන්ධි සහ අපි - ප්‍රසාද් වීරසේකර [බූන්දි ලයිව් සංවාද සටහන් කීපයක්]






Dawson Preethi
Aug 24 (12 days ago)
ගාන්ධි සහ අපි

මේ වියමනේ මූලික ඇඟවුම මගේ ඔලුවට ආවේ එල්ලිල මැරෙන්න කියන එකයි.
ඒක ආවේ ‍කොහොම ද කියන්න මට හරියටම තේරෙන්නේ නැහැ. සමහර විට මේ දැං මට එහෙම හිතෙන හින්දා ඒක මේ හැන්ගර් එකත් එක්ක සමපාත වෙලා යනවා ඇති.
පපුව හොඳ මිනිස්සුන්ට එල්ලිලා මැරෙන්න වෙනවා කියල නම් කවියෙ කොහෙවත් ඇඟවුමක් තිබ්බ ද? නැහැ නේ...එහෙනම් පපුව හොඳ කියන එක මේ වෙලාවේ මට අදාල නැතුව ඇති.

කවි කියවන්න ඕන හොඳ මානසිකත්වයකින් කියන එක මේ කවිය මට උගන්වමින් ඉන්නවා.

Dawson Preethi

after 10minutes

ගාන්ධි සහ මම

ආයෙම කියවන්න ගත්තා වීරයගේ කවිය. විනාඩි දහයක් කියන්නෙ හොඳ කාලයක් ඕනම මිනිහෙකුට වෙනස් වෙන්න.

නිරීක්ෂණය
හැන්ගර් එකක් එක්ක වචන කමිසයක්. සංකේතනය එල්ලීමක් සහ මිනිස් කොටසක්.
ආවරණය නොකල හොඳ පපුවක්- සංකේතය ගාන්ධි
ආවරණය කළ හොඳ නැති පපු - සංකේතය අපි


අපි මිනිස් විශය තුල කමිසයක් බවට ඌණනය කරල ඒක යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදිත යුගයේ හැන්ගරයක් මත තබා ඇඳුම් රාක්කයක සිය දිවි නසා ගත් කමිසයක් ලෙස පැවතීම අර කූඹියා යෝජනා කළ නිශ්පාදන සහසම්බන්ධ ශ්‍රේණියෙම මූලික සංරචකයක්. එහෙමත් නැත්නම් නිශ්පාදන ක්‍රියාවලිය අප ඇඳිය යුතු ඇඳුම කල් තියා නිර්මාණය කරල අපට පෙනෙන සේ පවතිනවා. පවතිනවා නොවෙයි පවත්වනවා. එය අපගේ ආශාව සමග සමපාත වෙලා නොහොත් සමපාත කරගෙන මිලදී ගන්නවා. නමුත් සත්‍ය ව‍ශයෙන්ම හැන්ගරයේ එල්ලී තබා ඇත්තේ අපගේ මිය ගිය ආශාවයි. එය සංකේතියව මියගොස් ඇත. පණ නල දුරැ වුන හිස් ඇඳුම අප එනතුරැ බලා හිඳී. සංකේතියව අපි එය ඇඳගෙන එහි භූමදානය සම්පූර්ණ කරමු.

ඇඳුම් ඇඳ ගත් ප්ලාස්ටික් ඩමි පැතැලි වීදුරැ තල වලින් ආවරණය වී ෂෝකේසයන් තුල සිරගත කර ඇති ඇඳුම් කඩවලින් මට වහනය වන්නේ ඊජිප්තුවේ මමි වලින් පටන් එන්නාවූ මියගිය සිරැරැ තුල සිරවුනු ආදි කල්පික බලය පිලිබඳ පැවැති නුරාවේ ම ෆැෂන් ආකාරයේ ගන්ධය හා සමාන නිශ්පාදිත ක්‍රියාවලියේ විකෘති වු අංකනයක්. අපි එම බලය හා ගනුදෙනු කරමු.

හොඳ පපු වැසිය යුතු නැති වග කවිය ඇණවුම් කරන්නේ වික්ටෝරියානු සදාචාර සීමාව පිළිබඳ අද නොකියවීමක්. ප්‍රති‍විරෝධය යනු ඇඳුමින් වැසෙන්නේ හොඳ නැති පපු බවයි. හොඳ නැති පපුවල පැවැත්ම සහ රාක්ක ගත හැන්ගර් වල දැවටුන කමිස අතර ද්‍රව්‍යමය සහසම්බන්ධය දෙවන අවධියයි. මරණය පිලිබඳ ඇඟවුම් කරත් එල්ලී සිටිමේ විනෝදය විසින් කමිස පිළිබඳ මිලදී ගැනීමත් හෝ මිලදී ගැනීමේ විනෝදය විසින් කමිසයේ භූමදානය අතර සම්මිශ්‍රනය සහේතුකයි. ඒ කියන්නේ මේ කමිස එල්ලා තැබීම සංකේතියව ප්‍රාග්ධන කේන්ද්‍රීය ක්‍රමය තුල පාරිභෝගිකයා ගේ සියදිවි නසා ගැනීම අර්ථවත් කරයි.

සමාජවාදී හෝ ප්‍රාග්ධන විහීන ක්‍රමයක් තුල කමිස වෙළඳාම කොහොම ද? එය එල්ලා තබයි ද ඔතා තබයි ද? ඔතා තැබුවොත් විශාල ප්‍රමාණයක් ගබඩා කර තැබිය හැකිය. එල්ලා තැබීමේ වෛශයික වුවමනාව පෙරසේම සංඥා කරන්නේ වෙනස් දෙයක් ද?

මේ කියවීම සහ පූර්ව කියවීම අතර සම්බන්ධයක් නැති ලෙස පෙනුනත් එය සම්බන්ධ වන්නේ ජීවාත්මයක් නොපවතින සංකේතිය පුරැෂයන් සිය දිවි නසා ගන්නා වෙළඳ අවකාෂය තුලිනි.

Prasad Weerasekara:
Aug 24

මම මගේ කවි ගැන කිසිම වෙලාවක මේ වියමන ඇතුළෙදි නොකියමි.
මා ලියනා කවි සංයුක්ත කවි විදිහට නාමකරණය වෙනවාට අකමැති ඇයි යන්න පමණක් පවසමි.ඒ කූඹියා ඇයි ඒ කියා ප්‍රශ්න කර තිබූ නිසාය.
මම නිසඳැස් කවියට නිදහස් කවි යැයි නොකියමි.නිසඳැස් කවියට නිදහස් කවිය යැයි තවමත් කියන ප්‍රජාවක් ඉන්න වගත් දනිමි.නමුත් මට ඒ කවි තුළ ඇත්තේ සඳැසෙන් වියුක්ත වූ එක්තරා මොඩලයක් මිස නිදහසක් නොව.නිසඳැස් කවිය තුළ ඕනෑම මාතෘකාවකට අදාළව නිදහසේ ලිවිය හැකි වූ නිසාම එය කවීන්ගේ සිට කුකවීන් හරහා ආචාර්ය මහචාර්යවරු දක්වා නිදහස් කවිය විය. නිසඳැස් කවි අතර බිහි වූ දස දහස් ගනණ් ආශ්චර්යවත් කවි මම රස විඳ ඇත්තෙමි.එය ඉදිරියටත් එසේමය.


නමුත් මට කීමට අවශ්‍ය වන්නේ මෙයයි.නිසඳැස් කවියට නිදහස් කවි යැයි කියන්නේ කුමන පදනමකින්ද?ඒ උක්ත මා සඳහන් කරන ලද පරිදි නිදහසේ ලිවිය හැකි නිසා නම් එය වැරදිය.එය බරපතල වරදකි.මාගේ අරගලය වන්නේ එයයි.සැබෑ‍ ලෙසම අසිරිමත් නිදහසකින් යුක්ත වූ කවියක් බිහි කර ගැනීමයි.එය මා දකින්නා වූ නිදහස් කවියයි.වචන වලට ප්‍රකාශ කළ හැකි සීමාවටත් එහා වූ සීමාවක් ස්පර්ශ කිරීමයි.අවංකවම මට ඇතැම් අවස්ථා වලදී අදහස් ප්‍රකාශ කිරීමට වචන ප්‍රබල නොවෙයි.එතනදී වචන වලින් ඔබ්බට ගිය ප්‍රකාශන ශක්තියක් උවමනාය.අන්න එතනදී මා විසින් බිහි කරගත් කවිය නිදහස් කවියයි.එය අත්‍යන්තයෙන්ම නිදහස් ය.

මාගේ කවි සංයුක්ත කවි නොවන්නේ අන්න ඒ පදනම තුළය.සංයුක්ත කවි යනු දෘශ්‍ය කවියකි.ඒ අජිත් තිලකසේන ඔහුගේ කවි හැඳින්වූ නමය.දැන් ඔබට ප්‍රශ්නයක් මතු වනු ඇත.මන්ද මාගේ ලියවිලි තුළද ඇතැම් රූප භාවිතා වන බැවිනි.නමුත් මාගේ කවි තුළ ඒ හා සමානවම ඔබට කියවීමට දෙයක් ඇත.මා වචන වලින් පමණක් කවි ලියන්නේ නැත.මා රූප වලින් පමණක් කවි ලියන්නේද නැත.මට කවිය තුළ අවශ්‍ය වන්නේ මට කීමට ඇති දේ වඩාත්ම නිදහස් ලෙස ප්‍රකාශ කිරීමට අවශ්‍ය අවකාශය සාදා ගැනීමයි.එය මා විසින් දකින නිදහස් කවියයි.

නිදහස් කවියට ආකෘතියක් නැත.නිදහස් කවියට නිර්වචන සැපයීම දුෂ්කරය.නිදහස් කවිය විග්‍රහ කිරීමට යාමේදී ඔබ අපහසුතාවටකට පත් වනු ඇත.මන්ද එය ඒතරම්ම නිදහස් බැවිනි.නිදහස් කවිය ද්‍රවයක් මෙනි.එය දැමූ භාජනයේ හැඩය ගනී.

koombiya:
Aug 24


ගල්ගුහා තුළ නිදා සිටිනා විචාරක සිංහයෙක් සිහිනයෙන් අවදිව පැමිණ ”උඹ ලියන්නේ කවි නොවේ” යැයි කීවොත් ඔබ එම සිංහයාට දෙන පිළිතුර කුමක්ද?
ඔහු මෙසේ ද අසයි!
”උඹේ කවියට උඹම නාමකරණයක් දීමට තරම් වීරකමක් උඹට පහළ වූයේ කෙසේද?”

Thushari Priyangika:
Aug 24
කවිය විවිධාකාරයි. සමාජය විසින් ඇති කර ගත් නීතිරීති සමුදායයක් මේ වෙද්දි කවිය වටාත් එකතු වෙලා, ගොඩ ගැහිලා තියෙනවා. සඳැස් කවි ආර ගත්තම එළිවැට, එළිසමය රැකීම, මාත්‍රා ගණන, උපමා උපමේය ලඝු කිරීම වගේ යම් සම්ප්‍රදායක් සමාජය විසින් සකස් කර ගෙන තියෙනවා. මෙන්න මේවයෙන් නිදහස් වීම, නිසඳැස් කවිය..., නිදහස් කවිය ලෙස අර්ථ දැක්වෙනවා කියලයි මම හින්නේ. ඒත් ඒක කොච්චර දුරට එහෙම වෙන්න ඕන ද කියන එක තීරණය කරන්නේ නිර්මාණකරුවයි.

කවිය, භාජනයෙ හැඩතල මවන එක තමයි වඩාත්ම හොඳ ක්‍රමය. එතකොට වඩාත් සංවේදී වෙන්න පුළුවන් නිර්මාණ බිහි වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.

Dawson reethi
Aug 24
මගේ අදහස් කීපයක්

සඳැස් කවි නිසඳැස් කවි නිදහස් කවි සහ කවියා සමග කුකවියා
ඡන්දස් ශාස්ත්‍රයට අනුගතව රසවත් වැකි ලිවීම කාව්‍ය ශාස්ත්‍රය යි. ඡන්දසට එරෙහිව කාව්‍ය ලියන්නා කුකවියා ය. මෙහිදී ඡන්දස් ශාස්ත්‍රය යනු සංස්කෘත භාෂාව කේන්ද්‍ර කරගත් කාව්‍ය රචනා අනුගත ශාස්ත්‍රීය විධි ක්‍රමයයි. එම ශාස්ත්‍රීය විධි ක්‍රමයේ උත්පත්තිය ප්‍රභවය යනාදිය ආගමික විශ්වාසයන් මෙන්ම මිථ්‍යා විශ්වාසයන් හා සබැඳී පවතී. අපට ද එබඳු විධි ක්‍රමයක් ඇත. එය ග්‍රන්ථාරෑඨ කර ඇත්තේ එළු සඳැස නමිනි. එහි දැක්වෙන රීති ප්‍රකාරව රසවත් වැකි ලිවීම විදග්ධයන් පිළිගන්නා කාව්‍ය රචනයයි.

මීට පටහැනි මතවාද ද බො‍හෝ වේ.

උක්ත විධික්‍රමයට ප්‍රතිපක්ෂව ලිහිල් ලෙස එනමුදු කිසියම් ශබ්ධ රටාවක් ඇති පද ආකෘති ගත කර කියවීමේ රැචියක් ඇති වාක්‍ය රටාවකට නිසඳැසක් යයි කියයි. මෙම නිසඳැස් ද සම්පූර්ණයෙන් ම විරිතකින් හෝ ඡන්දසකින් තොර වූයේ යැයි කිව නොහැකිය. කෙසේ වුවද කියවීමේදී ශබ්ධ මාධූර්යයක් නොදැනෙන කල ඒවා කවි හෝ නිසඳැස් ලෙස ද පිළි නොගන්නා බව නොරහසකි.
මම බොහෝ විට බෙහෙත් වට්ටෝරැ වැනි කිසිම ඡන්දසක් හෝ ශබ්ධ රටාවක් හෝ විරිතක් හෝ නොමැති රචනා ලියා පළ කොට ඇති හෙයින් ඒවා දැවැන්ත ලෙස ප්‍රතික්ෂේප වී ඇති හෙයින් මේ සඳැස් හෝ නිසඳැස් සහමුලින්ම ඡන්දස මත සම්පූර්ණයෙන්ම හෝ ආංශිකව හෝ සබැඳී ඇති වග මට ස්ථිරය. එනයින් නිසඳැස් යයි රසිකයින් වැළඳ ගන්නා බොහෝ නිර්මාණ වල පරිපූර්ණ ලෙස නොවූවද විරිත් ගුණ ඇත්තේය. එනයින් ශබ්ධාදී ගුණ ද සලකා කාව්‍ය රසිකයන් ඒවා රස විඳූමට පිළිගන්නා බැව් පෙනේ.

වෙනත් කවි ආකෘති ලෙස නිදහස් කවිය මේ කොටස් දෙකටම වියුක්ත ප්‍රදේශයක වාසය කරයි.

Prasad Weerasekara to Koombiya:
Aug 24
එවිට කීමට ‍දෙයක් නොමැත.මන්ද එවිට ඔහුගේ සිහිනයටම අවදි වීම මුණ ගැසී ඇත.මා කතරගම යන්නේ දැනගෙනය.

Dawson Preethi:
Aug 24
අයින් රෑන්ඩ් [Ayn Rand]ගේ නිර්මාණාත්මක රචනය සම්බන්ධ දේශණ අඩංගු CD තැටි කීපයක් මට පහුගිය දිනෙක පොත් සාප්පුවකින් මිල දී ගන්නට හැකි විය.
ඇය නිර්මාණාත්මක රචනය ගැන දක්වා ඇති අදහස් වලින් මට හැඟී ගියේ ඇයගේ නිර්මාණ ලේඛණය අතිශය නූතන වුවද ඇගේ සාහිත්‍ය සහ කලා විචාර ආස්ථානය ගතානුගතික බවය. එබඳු කෘතහස්ත ලේඛිකාවක් ගැන මා වැනි පුත්තලං බූරැවෙක් එබඳු බරසාර කතා කීම නොහොබිනා දෙයක් වුව ද පහත දැක්වෙන අදහස් ඇගේ ය.

කැන්වසයක් මතුපිටට තීන්ත විසි කර එය සම්භාව්‍ය සිතුවමක් යැයි කියන්නෝ කලාකරැවන් විය හැකි ද? ඔවුන් තක්කඩියන් ය. එමෙන්ම වචන ගොඩක් කඳු ගසා එය නිර්මාණාත්මක නූතන රචනාවකැයි කියන්නා ද එමෙන්ම දුරින් දුරැ කළ යුතු අයවලුන් වෙති.

මට මේ ඇසීමෙන් ඉමහත් කුකුසක් උපන්නේය. එනම් විසිරැණු වර්ණ පැල්ලම් ගොඩක සෞන්දර්යයක් දකින්න ට හැකි වීම නොහික්මුණු මානව හැකියාවක් ද? නොඑසේ නම් අහසේ විසිරැණු වළා රොදක ඇති සෞන්දර්යයක් මසැසින් දැකීම මනසින් විඳීම අතිශය ප්‍රාථමික තත්වයක් වන්නේ කෙසේ ද?

ඇ‍යගේ අදහස මා වටහා ගත්තේ ඇගේ කතාව සම්පූර්ණයෙන්ම ඇසීමෙනි. ඈට අනුව ඔබට තීන්ත ඈතින් සිට කැන්වසයකට විසිකර එය සම්භාව්‍ය ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට් එකක් යැයි කීමට පුළුවන. නමුත් ඊට පෙර මොනාලීසා වැනි අතිශය සංයමයකින් තෙලි තුඩ හසුරවා ඇඳිය යුතු සිත්තම් නිර්මාණය කර යථාවාදී සිත්තරකු ලෙස මෝරා පැමිණිය යුතුය.
මිනිසෙකුගේ සැබෑ රැව පින්සලෙන් ඇඳිය නොහැක්කෙක් තීන්ත මොන තාක්ෂණයක් උපයෝගි කරගෙන කැන්වසය මත තැවරැවද එම කලා නිර්මාණය අවරගනයේ ය යන්න ඇගේ විශ්වාසයයි.

කවි ගැන කිව යුත්තේ කුමක්දැයි මම කල්පනා කරමි.

Abhaya Nath:
Aug 24


නිර්මාණය අනර්ඝයි. ඒත් මේ ගැනත් සිතමු.

ගාන්ධි කමීසයක් ඇන්දෙ නැත්තෙ ඇයි?
ගාන්ධි කමීසයක් ඇන්දා නම්?


ඉංදියාව පුරා තැනින් තැන විවිධාකරයේ අරගල මතු වීත්, වෙමිනුත් තිබුන කාලයකයි ගාන්ධි කල එළි බහින්නේ. තෙලෙන්ගනා ගොවි අරගලය බ්‍රිතාන්‍යයන්ට ඔරොත්තු දීමට අපහසු තත්වයකයි පැවතුනේ. ඒකට සෝවියට් ආධරත් රහසිගතව ලැබුන බවටත් තොරතුරු තියෙනවා. අනෙක් පැත්තෙන් සුභාෂ් චන්ද්‍රබෝස්ගේ සන්නද්ධ හමුදාව බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව කටයුතු කරමින් සිටි නිසා පීඩිත ජනතාවගේ ආකර්ශනය ඔහු දිනා ගනිමිනුයි හිටියේ.

මෙහෙම වෙලවක ඒ සියලු බ්‍රිතාන්‍ය විරෝධී ප්‍රවනතා නිදහසේ සංවර්ධනය වීමට ඉඩ හැරියොත් ඉන්දියාව සෝවියට් රටක් වීමට හොඳටම ඉඩ තිබුන. ඒ නිසා රදළ පන්තියෙ වැඩවසම් යාන්ත්‍රනයට පීඩිතයන් ගැට ගසා එම අරගල යටපත් කිරීමයි ගාන්ධිලාගෙන් සිදු වුනේ. එය කිරීමට ඔයු නිරුවත් උඩු කයත්, චරකයත් භාවිතා කළා.

මේ අදහස මට දුන්නෙ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදෙශයේ හරිජනයින් පිරිසක්. ගාන්ධිලාගේ ආර්ය බ්‍රාහ්මණ සමාජය විසින් ආර්ය නොවන, විශේෂයෙන් පීඩිත කුලවල අය සියල්ලම යට කර ගත්තා. එසේ නොවී ඒ කුලයේ පීඩිතයන් දියත් කරමින් සිටි අරගල ඉදිරියට ගියානම් කුලභාවයන් අහෝසි වීමට ඉඩ තිබුන. ඒ නිසා එම පීඩිත කුල සියල්ල හැඳින්වීමට "හරිජන" කියල අලුත් වචනයකුත් හදල ඔවුන් සියල්ල තම ආර්ය බ්‍රාහ්මණ සමාජයේ අණසකට යටත්ව සිටීම තහවුරු කලා මේ ගන්ධිලා. ඉන් පසු රදළ, ඉඩම් හිමි පන්තියට පාලන බලය ලබා ගත්තා. ගාන්ධි කමීසයක් ඇන්දා නම් එක කරන්න බැරි වෙන්න ඉඩ තිබුන.

මේක මාත් පිළිගන්න, ඉන්දියාවේ හරිජනයින් සියල්ලම පිළිගන්න දෙයක්.

Mahesh Munasinghe:
Aug 26

වීරයා, ලියන අඳින දේවල් වර්ග කරන්න ඕනෙ නැහැ බං. කියවන බලන වෙලාවට අනිත් එවුන්ට සංවේදනා දැනෙනවනම් එච්චරයි. උඹගෙ ඔය දේවල් නියමෙට දැනෙනවා.

Monday, August 31, 2009

අකුරුමංපෙත -බත්තලංගුණ්ඩුව

අකුරුමංපෙත

මීළග පොත මංජුල වෙඩිවර්ධනගේ "බත්තලංගුණ්ඩුව" - දිනය සැප්තැම්බර් 09 බදාදා හවස 5.45ට - නුගේගොඩ අළුත් සරසවි යේ දෙවන මහලේදී...

Sunday, August 23, 2009

කවියක් සහ විසිරැනු අදහස්

සුනිල් ගෝවින්නයන්ගේ කවි සරණිය වන පර්ත් කවි බ්ලොග් සටහනින් මෙම උපුටා දැක්වීම කාගෙත් විමසුමටය.
පර්ත් කවි බ්ලොග් සටහන


Monday, August 17, 2009

පිටකොටුව - 2007 දෙසැම්බර්

නැත පෙර ලෙස ඇත මහළුව
සඟවා යුගයක් නැති වුණු
බෝ ගස යට අරුම අතර
බුදු හඬ සුළඟට මුසු වෙත

කුණු කඳු පිපි කානු අතර
ගැවසෙති යාචක දහසක්
රටක දුකක් මට පවසා
පොඩි දරුවෙකු සිඟා වදියි

සිඟමන් නැති රටක වෙසෙන
තව මිනිසෙකි කඳුළු රඳන
හදක රැඳුණු දුක මකමින්
අබිසරු ලිය ඉඟි පාවේ

විසිතුරු බඩු රට සනසන
වේ ය නිබඳ ඩොලර්වලට
ගෙන යන දුක් මුහුණු පමණි
සිත රැඳි මා මතක අතර

Posted by Black Australian at 5:27 AM
6 comments:

Ganithaya said...
නැත පෙර ලෙස ඇත මහළුව
සඟවා යුගයක් නැති වුණු
බෝ ගස යට අරුම අතර
බුදු හඬ සුළඟට මුසු වෙත

මට කවි තේරැම් ගන්න අමාරැ ඇයි කියල කෙටි සටහනක් දාන්න අවසරයි...

මගේ වැඩ සේරම ද්විකෝටික තර්කය මත පිහිටන නිසා සුළු වශයෙන් සිදුවන විවේකයට හුස්ම නැවතීමක් පවා අර්ථ වටහා ගැනීමට බාධා කරනවා කීවොත් කවුරැ පිළිගනී ද?

දැන් මේ ඉහත පැදියේ පළමු පේලිය මගේ එක හුස්මක අතර ප්‍රාන්තරයෙ නැවතුම සලකුණු කරන තැන අනුව වෙනස් වෙන හැටි පෙන්වන්නයි මේ සූදානම.

නැත- පෙර ලෙස ඇත මහළුව-----A

නැත පෙර ලෙස- ඇත මහළුව-----B

දැන් A වැකියේ නැත කියන තැනින් නැවතිලා ඉතිරි ටික කියවද්දී එන්නේ මේ අර්ථය නොවේ ද?

දැන් මේ දකින දේ පෙර කළ දකිද්දී තිබ්බ මහළුවෙන්ම දකින්නට ඇත.

ඊළඟට දෙවෙනි විදියට B හුස්ම අල්ලා වාක්‍ය කියෙව්වොත් එන අරැත මෙයාකාර නොවේ ද?

දැන් මේ මා දකින දෙය පෙර ලෙස නැත එනමුදු මහළුව ඇත.

මේ අවස්ථා දෙකේදීම පෙර තිබූ තත්වය සහ මේ අත්දකින තත්වය අතර පැහැදිලි වෙනස්කම් ඇති අවස්ථා දෙකක් නිරෑපණය වේ. කොයික ගත්තත් අරැත මහ ලෙස වෙනස් නොවුන ද මේ පැහැදිලි උභතෝකෝටිකයකි.

දෙවැන්නට යමු.

සඟවා යුගයක් නැති වුණු

මේ වාක්‍ය මට දෙයාකාරයකට නවත්වා කියවා ගත හැකිය.

සඟවා -යුගයක් නැති වුණු-----C

සඟවා යුගයක්- නැති වුණු-----D

C මුලින් ඇති කරන අරැත නම් මේ විශය සඟවා ඇති බවත් නැති වූ යුගයක් ගැන තමා මෙනෙහි කරන බවත්ය.

D දෙවෙනි පෙළ දක්වන අදහස නම් යුගයක් සඟවා ඇති නමුත් පෙර එය නැති වුණු දෙයක් ය යන්නය. නැති වුණු යුගය ද සඟවා ඇත්තෙය.

දෙවෙනි අරැත් ගැන්වීම ගණිතානුකූල වුවද අර්ථානුකූල නොවන වග දැනෙයි.

මේ ලෙසින් සියළු වාක්‍ය පේලි හරහා යද්දී විවිධ සංකරණ සහ සංයෝජන[permutation and combinations] හමු වන බැවින් කවියක් යනු අපරිමිත අරැත් මැවිය හැකි සුවිශේෂි භාෂා භාවිතයක් ලෙස ගණිතයාට හඳුනා ගත හැකිය.

කෙසේ වෙතත් ගණිතයාට කවිය අරැම අරැත් උපදවන්නා වූ අපූරැ ශබ්ධ කුලකයක් බව සඳහන් කරන්නට කැමැත්තෙමි.

August 18, 2009 2:29 AM

Black Australian said...
ගණිතයාට-'කාව්‍ය රසය තුළින් අප සත්‍ය අවබෝධ කර ගන්නේ වස්තූන් කපා කොටා ඒවායේ ස්වභාවය තේරුම් ගන්නට උත්සාහ කරන්නා වූ චිකිත්සකයකු ලෙස නොවෙ. භාවනානුයෝගීව සත්‍යය සමස්ථයක් ලෙස ස්පර්ශ කරන්නා වූ සාධු සිත් ඇත්තකු මෙනි.'

අයාලේ ගිය සිතක සටහන් පෙරවදනින්
තිස්ස අබේසේකර

August 18, 2009 4:10 PM
Ganithaya said...
කවිය කපා කොටා අරැත් විමැසීම නම් ප්‍රඥාගෝචර නැහැ. ඒක මම පිළිගන්නවා. නමුත් මට පුරැදු විදියට මේවා දිහා බලද්දි මට දැනෙන දේවල් ලිවීම ‍වරදක් කියල හෝ නුසුදුසු දෙයක් කියල හෝ මම හිතන්නේ නැහැ.

අනික

තිස්ස අබේසේකරයන්ගේ මේ අයාලේ ගිය සිත නිසා මගේ මේ නිශ්චිත මාර්ගයක යන සිතෙන් උපදින අදහස් සංස්කරණය කරන්න මගේ හිත මට කියන්නෙත් නැහැ.

කොහොම නමුත් මම සාධු සිත් ඇත්තෙකු ද නොවෙයි. මේ සකලංකෘත වටපිටාව මා සාධු සිත් කරණයෙන් බොහෝ සේ ඈත් කොට නිරන්තර සංකාර සහ සංකර චිත්තාපරවස ව ගෙවන්නට සලස්වා ඇති හෙයිනි. ඒ හින්දා කවි ‍කපල කොටල බලන්නම වෙනවා.

ආචාය්‍ය්‍ර්‍ මකුළුදූවේ පියරතන ස්වාමිපාදයන් වහන්සේ ගේ සංස්කරණයෙන් ලියැවුනු ගුත්තිල කවෙ 1956 මෙහෙම සඳහනක් තියෙනවා.

"යමෙක දොසක් දක්වන්නාහු විසින් කළ යුත්තේ එහි නිදොස් ක්‍රමය පෙන්වා දීමයි. නිකම් ම දොස් කීවාට එය ආධුනිකයනට නොවැටහේ."

මේ ආදී වශයෙන් යන එතුමාගේ ලිපියේ පරිදි මා දැක්වූයේ පද බෙදීම හා අරැත් බැඳෙනයුරැ උදාහරාණාශ්‍රිතව පෙන්වා දීම සහ ගණිතානූකූල සාධනයක් හරහා එබඳු බහු අරුත් ගණනාවක් ව්‍යුත්පන්න වන අයුරැයි.

මේ කවියේ දොස් දැකීමක් නොවේ. සාධුතර මනස් නැතිවුන් අල්පතර වූ ඥාණයෙන් හොත්තේ වෙයිද එබන්දන් සාර කවි වුවද නිසරැත් ගත් කවි යැයි නොමග යන්නාවූ ක්‍රමවේදයන් විචක්ෂණය කිරීමයි.

ඔබගේ අදහස් ද ගරැ කරමි.

August 18, 2009 8:30 PM
ඩෝසන් said...
තිස්ස අබේසේකරයන් මෙහි මතු කර ඇත්තේ සත්‍යාවබෝධය ලබා ගැනීමේ මාර්ගයක් ලෙස කවිය භාවිතා කළ යුතු අයුරක් යැයි මට සිතේ.

නො‍එසේ නම් සත්‍යාවබෝධය පිණිස අතිශය දුරව‍බෝධ අභිධර්මය සරණ යාමේ පළක් නොවනු ඇත්තේ කවියෙන් සත්‍යාවබෝධය ලද හැකි යැයි මිථ්‍යා මතයක් ගොඩ නැගෙන හෙයිනි. අභිධර්මය එනමින් හැඳින්වෙන්නේම එය කාව්‍ය රසෝත්පත්තිය හා සබැඳුනු බුද්ධිමය ප්‍රතිභාව ඉක්මවා හැදෑරිය යුතු ගාම්භිර සහ ගැඹුරැ ධර්ම සත්‍යයන් එතුල ගැබ්ව ඇති හෙයිනි.

කෙසේ වුවද කාව්‍ය රස හා සත්‍යාවබෝධය අතර පරතරයක් ඇත.

නො‍එසේ නම් සත්‍යාවබෝධය යනු කුමක් දැයි විග්‍රහ කර ගත යුතුය.

බුදු දහමට අනුව සත්‍යාවබෝධය පිණිස කවි රස විඳුම ගලපා ගත නොහැකිය.

August 18, 2009 11:23 PM
Black Australian said...
ඩෝසන් සබඳ,

තිස්ස අබේසේකරයන් මෙහි මතු කර ඇත්තේ වැදගත් අදහසකි.

ඔබ කියන පරිදි බුදු දහමට අනුව සත්‍යාවබෝධය පිණිස කවි රස විඳුම ගලපා ගත නොහැකිය. එහෙත් පැරණි තේර තේරී ගාථා ගැඹුරින් පරිශීලනය කරන්නේ නමි, තත්කාලීන බික්ඛු බික්ඛුණියන් සත්‍යාවබෝධය පිණිස, කවිය තුළින් ආත්ම ගවෙෂණය කළ අයුරු වටහා ගත නොහැකි ද?

August 20, 2009 2:57 AM
ඩෝසන් said...
සුනිල් කිවිසුරාණන්ගේ අදහස කදිමයි. ථෙර ථෙරී ගාථා ආශ්‍රයෙන් ප්‍රතිනිර්මාණය කළ පරාක්‍රමයන්‍ ‍‍ගේ රශ්මි කාව්‍යාකරය ද එසම නිර්මාණයකැයි දකිමි.

කාව්‍ය, ධර්ම අංශු මිනිස් මනස් තුලට පරිවහනය කිරීමේ මහගු යානයකි. මම ද එකඟ වෙමි.

එනමුදු කාව්‍ය රස විනිස් චිත්ත සමාධියට බාධා කරන්නේ යැයි හෝ ඉන්ද්‍රිය පීනනයේ යෙදෙන්නේ යැයි ද එය කරණ කොට බාහිර අරම්මණයන්හි සිත ඇලෙන සත්තාවට අනුගත වීමෙන් සත්‍යාවබෝධයෙන් නොමගට හෝ බාධාවට හේතුවන්නේ යැයි ද බුද්ධ ධර්මාණුකූලව මා සිතනා බැවින් කාව්‍ය රසාස්වාදනය එක්තරා තැනකින් ඔබ්බට කැඳවා යා නොහැකි දෙයකි.

මෙනයින් භෞතික ලෙස අප ගොඩනගන්නා වූ දැකුම් හා විඥාණවාදය මුසු කිරීමක් මා විසින් කරන ලද්දේ යැයි නොසිතනු මැනවි.

බුදු දහම විඥාණවාදයක් හැටියට දියුණුතම දර්ශණ ප්‍රවාහය ලෙස මම දකිමි.

ථෙර ථෙරී ගාථා ගැන වැඩි දුර උනන්දු අයවලුන් වෙනුවෙන් පහත වෙබ් අඩවිය පෙන්වා දෙමි.


ථෙර ථෙරී ගාථා වෙබ් සටහන්

පර්ත් කවි බ්ලොග් සටහන


August 20, 2009 9:33 PM

මගේ සටහන:

"අද්වෛත වේදාන්තය වනාහි භාරතීය දර්ශනවාදයේ අග්‍රඵලය යයි බො‍හෝ දෙනා සිතති. එය අඩියෙන් අඩියට තර්කානුකූලව ගොඩ නගා ඇති අයුරැ මෙනෙහි කරන දාර්ශනිකයන් තුළ එහි කතෘභූත ශංකාරාචාර්ය්‍යයන්ගේ විශද බුද්ධිය කෙරෙහි මහත් ගෞ‍රවයක් උපදී. ඔහු ප්ලේටෝ, කැන්ට්, හේගල් ,ලයිබ්නිට්ස් ආදීන්ට සමකළ හැකි ලෝකයෙහි පහළ වූ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන්ගෙන් කෙනෙකු බව නොපැකිළ කිව හැකිය.
කිසියම් දර්ශනවාදයකින් ලැබිය හැකි එක්තරා ඵලාගමයක් නම් එය යම් උපන්‍යාසයක් හෝ උපන්‍යාස සමූහයක් මත පිහිටා එම උපන්‍යාසයෙන් හෝ උපන්‍යාස සමූහයෙන් ගම්‍යමාන වන හැම අරැතක්ම විදහා දක්වා [එනම් තර්කානුකූලව නිගමනය කොට] පියවරින් පියවරට ගොස් අවසාන නිගමනය තෙක් ගොඩනගා ඇති ආකාරය බලා විඳින චමත්කාරය ය. මේ චමත්කාරය අප තුළ ජනිත වන්නේ එම දර්ශනවාදයේ අවයව සංස්ථානය හේතු කොටගෙනය. කලා නිර්මාණයකින් ලබන ආස්වාදය සේය. වෙනස නම් කලා නිර්මාණයක අවයව සංස්ථානය භාවමය ක්ෂේත්‍රයට අයත් වන අතර දරශනවාදයක අවයව සංස්ථානය බුද්ධිමය ක්ෂේත්‍රයට අයත් වීමය."

පිං ඇති සරසවි වරමක් දෙන්නේ
එදිරිවීර සරච්චන්ද්‍ර

ඉහත උපුටනය දක්වන්නට ‍හේතු වූයේ නිර්මාණ රසවිනිස උදෙසා බුද්ධිමය සහ භාවමය මැදිහත් වීම කවරාකාර හැඩ රැවක් ගන්නේද යන්න මහැදුරැ සරච්චන්ද්‍රයන් දුහුනන් වන අප වෙත ලියා තබා ඇති ආකාරය තව දුරටත් බෙදාහදා ගැනුමටය.

ඩෝසන් ප්‍රීති
23-08-2009

Saturday, August 22, 2009

යාළුවෙච්ච අලුත


යාළුවෙච්ච අලුත පළවෙනි සතිය සමරනවා...
ඊළඟට පලවෙනි මාසය සමරනවා.

ඒ අතරතුර හුවමාරැ වෙච්ච ලියුම් පොකට් එකේ දාගෙන යන එන හැම තැන අරන් යනවා...

දැං නම් යවපු එවපු එස් එම් එස් මකන්නේ නැතිව තියා ගන්නවා. මෙමරි එක පිරිල කියල කියද්දී අනිත් සේරම එවුන් එවපුවා මකල දානවා....

අපි නම් සාක්කුවේ අරන් ගියේ දීපු ලියුම් තමයි...පස්සේ මාස හතරක් පහක් යද්දි පොකට් එ‍කේ දමං යන්න බැරි තරම් ලියුම් පිරෙනවා...

ඒවා එතනින් අරන් වෙන තැනක තියන්න හිතෙද්දිම බය හිතෙනවා එහෙම කළොත් ආදරේ බිඳේවි ද කියලා ...මොකද මේ ලියුම් වල ලියුමකට වඩා ‍මහ දෙයක් තියෙනවා කියල අවිඥාණය ඔලුවට අණ කරන නිසා....

කාලය ගත වෙනවා...

පස්සෙ පස්සේ දීපු ලියුම් කොහේ තිබ්බ ද කියල මතකත් නැතිව යනවා...

ඒ වෙනකොට අපි දෙන්න කී වතාවක් වෙන් වෙමු ද කියල දෙන්නගෙන්ම අහල ඉවරයි...

ඒත් මොකද්දෝ කියන්න බැරි තේරෙන්නේ නැති දෙයක් නැති වේය කියල දෙන්න ආයෙම යාලු වෙලා ඉන්නවා...වෙන් වෙන්නෙත් නැහැ...

ලියුම් ලියන්නේ නැහැ...රණ්ඩු නොවී ඉන්නෙත් නැහැ...යාළුවෙක් යෙහෙලියක් මුණ ගැහුනම දෙන්නම ෆුල් ලව් එකේ නේද ඉන්නේ කියල පේන්න යමර රංගනයක් රඟනවා ඒ දකින එකාට ඉරිසියා හිතෙන තරමට. එයා ගිහින් හැම තැනම කියන්නේ උන් දෙන්නා කිරියි පැණියි වගේ එළට ඉන්නවා කියලා...

ඒත් එහෙම නෑ

දෙන්න ඉන්නේ එළට රණ්ඩු වෙවී...ඒත් ලෝකයා මෝඩයා නිසා හිතං ඉන්නේ දෙන්න පණට පණ කියලා...
ෂෝක් අනේ ලව් ජීවිතෙත්...බොරැ හිලක්...


සංවාදයකින් උපුටා ගන්නා ලද්දකි.

Tuesday, August 18, 2009

දේවි ගාල්ලගේ -සරෝජිණී දැරණියගල කවි පොත් එළිදැක්වීම



සහෘද සොයුරැ සොයුරියන් දෙපලකගේ පොත් එළිදැක්වීමක් ගැන කරන සහෝදරාත්මක ඇරියුමක් ලෙස මෙම කෙටි සටහන මම හඳුන්වා දෙමි.

සරෝජිණි දැරණියගල සහ දේ වි ගාල්ලගේ දෙදෙනාම මා හමු වූයේ රාවය පත්තරයේ මකරන්ද කවි පිටුවේ දී ය. ඔවුන් හා නිර්මාණාත්මක ඇසුරක් තිබුනෙන් ඔවුනගේ මේ කුළුඳුල් කාව්‍ය පුස්තකයන් එලි දැක්වීමේ සුපහන් සාහිත කටයුත්තට මගේ සුභාශිංසන පිරිනමන්නට මෙය අවස්ථාවක් කර ගනිමි.

එමෙන්ම මේ එන සැප්තැම්බරයේ දෙවන 2 බුධ දින කොළඹ නිදහස් මාවතේ පුස්තකාල සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ සවස තුනට 3.00 පැවැත්වෙන විද්වත් දෙසුම් අසන්නට ද කිවියර රසික විචාර හමුවට දායක වන්නටද මෙලෙසින් ආරාධනා කර සිටිමි.

දේවි ගාල්ලගේ ගෙ "ආලෝචනය" ගැන දෙසුම කථිකාචාර්ය සමන්ත හේරත් විසින් ද

සරෝජිණී දැරණියගල ගේ "වෙන්දේසි වූ ප්‍රේමය" ගැන දෙසුම කථිකාචාර්ය චින්තක රණසිංහ විසින් ද පවත්වන්නට කටයුතු යොදා ඇත.

කවියට හිතැති සියල්ලෝ මේ අවස්ථාවට සහභාගී වෙත්වා!

Saturday, August 15, 2009

මී විතයි ගී පොතයි මැකීම


Tuesday, August 11, 2009

දූලි නොවුන තවත් හදවත්


දූලි නොවුන තවත් හදවත්

සෙල්ලම් අමතකව ගිය
දරුවනි මගේ
කදවුරු වැට මායිම්
හතරැස් කර ඇත් ද නුඹ හදවත්?

එලියේ කාටත් ඇතිද හදවත්
රතු පාට
බෝ කොලයක හැඩය ගත්?

හදවත් නැති දස දහසක්
නුඹෙ හදවත කඩාගෙන පැළඳ ඇත
හිස්ව ගිය සිය ළය කුහර තුළ
හතරැස් හැඩැති හදවත්!

නුඹෙ හදවත හඬන රාවය
උනුන් ඇඟ විදි ප‍්‍රතිශක්තියකි
බොහෝ රෝ පීඩාවෙන් මිදෙනු රිසි
මතු දිනෙක උනුන් වැළදිය හැකි

උමතු රෝබිය වළක්වනු ඇවැසි
ප‍්‍රති එන්නතක් ලෙසිනි එය
බෝ කොලයක් හතරැස් හැඩැති
පැලඳ සන්නාහයක් ලෙසැති සවිමත්

කඳවුරේ තැන තැන
නුඹෙ තරම දූලි පිළිම ඇත
එවුන් උදුරා කඩා ගෙන නොගිය
දූලි නොවුන තවත් හදවත්
මෙබිම මත කොහේවත් ඉතිරි ද?

ඩෝසන් ප‍්‍රීති
082009

Monday, July 27, 2009

පැවැත්මෙ ස්වයං බුද්ධිය





















පැවැත්මෙ ස්වයං බුද්ධිය

කාටත් අමතකව ගිය ඒ
පරාජයන්, අත්වැරදීම් සහ පාවාදීම්
නැවත මතක් කරන්නා
සපැමිණ ඇත
උතුරු තරු කේතුවෙන්

ඔහු දඩමස් බුදින තාරුකා පංතියක් පෙන්වා
දස දහසක් ඇත් ගොව්වන්
පාගා ලූ වියරු හස්තීන් ගේ ඇට කටු
දිරා ගිය පොසිල මෙන්
ශිෂ්ඨාචාරයේ පහල ස්ථරවල
ටැග් ගැහී ඇති අයුර පෙන්වයි

ඔහු උදාහරණ පාමින්
පාඩම ඉදිරියට ඇදන් යයි
කදු මස්තකයේ වැඩ සිටි
සිරිපතුල මෙන්ම බුදුන්ගේ;
අමතක නොවී ඉතිරි වූ
නබිතුමන්ගේ පාද ලාංඡනය ද

මතක් කරදෙයි;
ශිව ලිංගයෙන් උපත ලද
සියල්ලේ සාරය ගැන
වැලි දූලි අංශුවක
න්‍යශ්ටියේ ඇති සිතිවිල්ල
පැවැත්මෙ ස්වයං බුද්ධිය
ඔහු ප‍්‍රකාෂ කර සිටියි

නෑසුකන්ව අපි උසස් පෙළ හදාරා
කළුකුහර විද්‍යාලයට රිංගා යමු...
විශ්වය ගිලී ගිය කළු කුහර විද්‍යාලයේ අපි
සත්‍යයට සාප කරන විද්‍යාව උගනිමු

ගුරැ ඇදුරැ මඩුළු අරා වැඩ සිටින
සාපයේ ලෝගුධාරීනගේ දෑතින් උප අධි පලදනා
රැගෙන ගෙලවට සිරකරගනිමු
හිස මත කටු ඔටුනු පළඳගමු
සත්‍යය යැයි ලාංඡනයක් සාදා එයට මුවා වී
සියළු ලාංඡන මකා දමමු
ඒ මැකීමේ යාන්ත්‍රණය හදාරමු
සැසඳීමෙන් වෙන් ව
වෙනස සොයමින් අනන්‍යකරණය කරමු
එකඟ වන්නන් සොයා පේලි ගැසෙමු

එනමුදු ඔහු
එකම ලාංඡන දෙපස සේනා රැස් කරවයි
අපට අමතක වූ ඉතිහාසය මතක් කර දෙයි
මිනිසුන් දස දහසින් මළ කදන් බවට පත් කර
අපට අමතක වූ ඉතිහාසයේ පාඩම නැවත ලියා දෙයි

පැපිරස් පුස්තක -තල් කොල මතුපිට -සෙල් ලිපි -ටැම් ලිපි
ඉතිහාසයේ පාඩම නැවත ලියා තබයි

විභාගවලට පෙනී ඉන්නට
සමත් ලකුණක් හඹා යන
අපි සියල්ලෝ ඒ පාඩම එතැකින් නවතමු

පැපිරස්- තල්කොල -සෙල් ලිපි උපාධි නිබන්ධ තුල
යලි කවරදාකවත් එලි‍යට නො‍එන ලෙස සිරකර
සංරක්ෂකයේ දඩු කදේ ගසා ලමු
සේසත් නංවා ධජ පත් ලෙලවා
සිව්දෙස පසඟතුරැ හඩ ගොස පතුරා
සිහසුන් මලසුන් අරා වොරැ‍ඳෙනා

වන්දිභට්ටයන් කිතු ගොස ගයනා

අවි ආයුධ පුහුණුව ඉතිහාසය ඉගෙනීම තරම්
නීරස නොවේ
යැයි
නිශ්ශංකමල්ල පරපුරෙ රජදරුවෙක්

සෙල් ලිපියක නොව
හැන්සාඩයේ ලියා ඇත...

ඩෝසන් ප්‍රීති
072009

Tuesday, July 21, 2009

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු


09 Jul 09
අපේ Numeric තාලය

By රුසිරු 6 Comments
Categories: වෙනත්

Romberg කියපන් කතන්දරේ
Newton ආව නේද කලබලේ
Lagrange දුන්න නේද හුටපටේ
සමීකරන දැක්කෙම නෑ මේවගේ

Euler වගේ හිටපු සෝබනා
Runge-Kutta දාපු ගමන් කෙල වුනා
Coefficient Matrixඋත් හිරවුනා
යන්තං LU දාගෙන බේරුනා

වැරදි කරන් අපිම ඒව හොයනවා
Truncation Error කියල කියන‌වා
Taylor අනේ හැමදේටම පනින‌වා
එක ගණනට ක්‍රම 2 3 තියෙන‌වා

Richardsonගෙ Extrapolate තියෙනවා
Simpson Trapezoidalඋත් තියෙනවා
Geometric Algebraic ඉන්න‌වා
නම් පැටලිල පොඩි බයකුත් හිතෙන‌වා

Syllabus එක ඉවර වෙන්න ලංවෙලා
කියපු ඒව ඔළුව ඇතුලෙ පැටලිලා
විභාගයත් අත ලඟටම ලංවෙලා
හිස් කොළයක් බලං ඉඳියි බය වෙලා

රුසිරු බොතේජු



--------------------------------------------------------------------------------

6 Responses to “අපේ Numeric තාලය”
Feed for this Entry Trackback Address

--------------------------------------------------------------------------------

1 chathuraw
July 9, 2009 at 9:45 pm
හික් හික්…. එළ එළ


Reply
2 ayani
July 9, 2009 at 10:33 pm
hehe…the fourth and fifth verses are soooo true…

Reply
3 nirandi
July 9, 2009 at 10:46 pm
machng, i understood this far btr than any num com. tute:Dsira

Reply
4 Malshika
July 10, 2009 at 9:22 pm
Coooool n the last verse is very true !

Reply
5 රුසිරු
July 11, 2009 at 12:12 pm
saw some comments after a long time thanks guys
this shitty syndicator(bloggers union) is not showing my posts ne

Reply
6 surani wetthasingha
July 14, 2009 at 8:31 pm
brilliant

මෙ නිර්මාණය මට හමු වුනේ රැසිරැ බොතේජු‍ගේ නිර්මාණ එකතුව වන නිම් නැති සිතුවිලි බ්ලොග් තීරැවෙනි.
එම නිර්මාණයත් එහි ප්‍රතිචාරත් යන සියල්ලම එකට කැටි කළ කියවීම් සටහනයි මේ.

පළමුවෙන් මා සඳහන් කළ යුත්තේ මේ නිර්මාණයේ අනුභූතිය වන්නේ උසස් ගණිතමය දැනුම සහ එය හදාරන්නකුට එම සංකල්ප යථාව තුල කියවෙන ආකාරයයි.

මේ නිර්මාණය ද තවත් මෙවැනි සුවිශේෂි අනුභූතීන් කරණ කොට ගෙන ප්‍රතිනිර්මාණය වන්නා වූද දේ කියවා ගැනීමේ දී බොහෝ විට සිදුවන දෙයක් මග හැර යන්නට මටද නොහැකිය.

එනම් මේ ගණිතමය සන්දර්භය නොදන්නා කෙනෙක් මේ නිර්මාණය තුලින් ලබන විඳීම කුමන ආකාරයක් ද යන පැනය විසඳීමයි. මෙවැනි අනුභූතීන් අරම්මනය වන්නේ එබඳු සන්දර්භයන් හි මනස යොදවන්නන්ට පමණක් යැයි පවතින මිථ්‍යාව හේතුවෙන් බහුතරයක් මේවා රස විඳීමෙන් ඈත් වෙති. නොඑසේ නම් මෙවැනි දේ නිර්මාණ ලෙස හඳුනා ගන්නට පැකිලෙති. නො‍එසේ නම් මේවා විකාර ලියවිලි ලෙස හෙළා දකිති.

ඒ කුමන ආකාරයකින් මේ නිර්මාණය දෙස අවධානය යොමු කළ ද මෙහි අන්තර්ගත වන්නේ ඉතාම ක්ෂණිකව අවධානයට පත් කළ යුතු මහා විසාල සමාජ අර්බූදයකි. නොඑසේනම් අධ්‍යාපනික ක්ෂේත්‍රයේ පවතින අළුයට සැඟවුන ගිනි පුපුරකි.

අපගේ උසස් අධ්‍යාපනයේ භාවිතාර්ථය, ප්‍රායෝගිකත්වය හෝ ‍යථාලොවට යෙදීමේ සාධනීයත්වය කෙරෙන් එම දැනුම ලබමින් සිටින්නන් ඈත් වෙමින් සිටින බවට මෙය සාධකයක් ලෙස ගත නොහැකි වුව ද මෙම ප්‍රකාෂණය තුල ගැබ් වී ඇත්තේ කටුක බවින් යුත් ඒ රහසමය. විභාග සමත් වීම උදෙසා පමණක්ම සිද්ධාන්ත ඉගෙන ගැනීමේ නීරස ව්‍යායාමය කොතරම් අජීවි ක්‍රියාකාරකමක්ද යන්න මෙහි මුඛ්‍යාර්ථයයි. මීට හේතු යුක්ති සාක්ෂි කතා කිරීමට මම මෙය අවස්ථාවක් නොකර ගනිමින් යළිදු එම නිර්මාණයේ අන්තර්ගතය විසින් හැඟවුම් කෙරෙන ගණිත ඉතිහාසය තුල සිදු වූ චමත්කාරජනක ගොඩනැංවීම් වෙත යොමු වෙමි.

රොම්බර්ග්, නිවුටන් ,ලග්‍රාන්ජ් ,ඔයිලර් ,රැංජි කුටා ,ටේලර්, සිම්ප්සන් යනාදී වූ ගණිතඥයන් ඉතිහාසය තුල කළ සටන නම් සරල කර ගැනීමට පහසුවන සේ සංකීර්ණ දේ කුඩු පට්ටම් කිරීමයි. එතුවක් නොදැන සිටි ක්‍රම වේදයන් දන්නා වීජ භාෂාවට පරිවර්තනය කිරීමයි.

අංක ගණිතමය ගැටළු බවට සංකීර්ණ අවකල සමීකරණයන් පරිවර්තනය කර ගැනීමට මේ සියල්ලෝ නොමසුරැව සිය බුද්ධි ප්‍රතිභාවයන් ආයෝජනය ක‍ලෝය. අද අපි භාවිතා කරන පරිඝණක වැඩසටහන් ආශ්‍රිත අති සීඝ්‍ර ගණිතමය ක්‍රියාකාරකම් වල පදනම් දැමූවෝ ඔවුහු වෙති.

සැබැවින්ම මෙම ගණිතමය ධාරාවන් හදාරන්නකුට එම දැනුම් ඕපපාතිකව ප්‍රාදූර්භූත වූවා සේ හැගෙන්නේ නම් එය ඉතිහාසය යන විශය එම දැනුමට නිසිලෙස බද්ධ නොවීමේ ප්‍රතිඵලයක් විය හැකිය.

කෙසේ වුවද ගණිතමය සංකල්ප වල නිර්මාතෘන් මෙලෙස කවියක රෑපක බවට පත් වී එකිනෙක සැසඳී යන්නා වූ ලෙස ප්‍රතිනිර්මාණය අපට නව අත්දැකීමකි.

Monday, July 20, 2009

සූරිය කාන්තා


සූරිය කාන්තා
”තරුණයා...! නුඹ විසින් දේවත්වයකින් සැලකිය යුතු කරඩුවක බහා පුද දුන් නොඉදුල් ආලය... අවමානයක් බවට පත් වීම කෙසේ නම් භුක්ති විද ගන්නෙම් ද...? අනෙක... නිමක් නැති පුරුෂ ඇසුරට ගිජු වූ ඇයගේ රතී රසය නුඹ වැන්නෙකුට තරම් වේද...? තුන් කල් ළගා කර ගත යුතු නැති... මෙවන් ස්ත‍්‍රීහු කිසිදු පෙම්වතෙකුට... කිසිදු ස්වාමිපුරුෂයෙකුට අනිවාර්යය අපකීර්තිය හා අභාග්‍යය ළගා නොකරන්නේ ද... ? එපමණක් ද... ? තරුණයා...! මේ දේ හොඳ හැටි... සිත තුළට ගනින්... මේ ලෝකයෙහි මිනිසුන් අතරේ අත්හැර දැමීමට නොහැකි කරදරකාරී පුරුදු දෙකක් තියෙනවා...එකක් පිරිමින්ගේ සූදුව...අනෙක ගෑණුන්ගේ වේසකම...”

ගුණරත්න වික‍්‍රමගේ-පළමු හාදුව-ගිනි කූර කෙටි කතා සංග‍්‍රහය

”එක්ස් කියුස් මී කවුද සිල්වියා කියන්නේ?”


”මම තමයි සිල්වියා -එච් ආර් ඇසිස්ටන්ට් -කරුණාකරල මෙතනින් වාඩි වෙන්න ”


සිල්වියා මට මුණගැහෙන්නේ මා රැකියාවට පැමිණි පළමු දිනයේම මගේ පෞද්ගලික ලිපිගොණුව සකස් කරන්නට ඇයට සිදුවූ නිසාය.

කාර්යාලයේ නවීනතම පරිඝණක උපාංග අතර දිලිසෙන වීදුරු ක්‍යුබිකල් අස්සෙන් ඇය කඩිසරව ගමන් කරයි.

ඇගේ සියුමැලි සිරුරේ පාණ්ඩු පැහැයත් කෙසඟබවත් මගේ සිත් ගත්තෙන් ඇයට දුටුමතින් පෙමින් බැඳී ඇගේ පසුපසින් වැටී හුන් මා සිතුවිලි දෛවයේ තවත් කඩඉමකට මාව රැගෙන යන්නට හරිමින් මෙ රැකියා මාරුව ගැන චිත්ත ප‍්‍රීතියෙන් පිනා යමින් උන්නෙමි.

ඈ පිලිපීන ජාතික කෙල්ලක් වුවද මට ඈ පෙනෙන්නේ පී‍්‍රටි සින්ටා සේය.
ඇ ගතින් මොකද්දෝ අමුතු නුහුරු සුවඳක් විහිදේ .
ඈ මා පසු කර යන හැම විටෙකම ඒ සුවඳ මා කිති කවයි .
ඒ සුවඳ අතීතයේ කිසියම් කාලවකවානුවක් සිහිකරයි- ඒ කුමක්දැයි මට පැහැදිලිව නොහැ‍ඟෙයි.
මා තුල කස්තුරි සුවඳ ගැන සිතිවිලි යලි යලි ඉපදේ -ඒත් මෙබදු සුවඳකැයි මට සිතෙයි.

ඒ මේ සුවඳ විය යුතුමයි.

888888

මගේ අතීතයේ මා සිතින් පෙම් බැඳි සියල්ලන් කෙසඟ කෙල්ලන්ය.
සිහින් ඇඟපත ඇතියවුන් කෙරෙහි මගේ ආකර්ෂණය කවදා කවර ආකාරයකින් හිත තුල රෝපණය වී දැයි මට සිහි කළ නොහේ.
කුඩා පියයුරු වැසීගිය ඇගේ කහ පැහැති බ්ලවුසය මතුපිට කිසිදු ස්ත‍්‍රී බවක් නොරැඳුනි.
එනමුදු එම දැකුම මසිත පුබුදුවයි .
මම ස්වාභාවික ජීව විද්‍යාවට ප‍්‍රතිපක්ෂ ජීවියකුදැයි මට මෙබදු සියලු අවස්ථාවන්හිදි සිතේ.
දරුවන් වැදීමට හැදීමට උපතින් ලද ඝණ පිරිපුන් පියයුරු මඩලින් ද පුළුල් උකුලින් ද යුත් පුෂ්ටිමත් කතුන් කෙරෙහි මා සිත ඇදී නොයන්නේ කවර හේතුවක් නිසාදැයි මට නොතෙරේ.

වෙළදපොළ ආර්ථිකය විසින් ඔසොවා තබන ලද ස්ලිම් බොඩි සංස්කෘතියේ ගොදුරක් බවට මා පත් වී ඇති වගත් මගේ මනසේ ආශාවන් ප්ලේබෝයි සඟරාවල ව්‍යාජ අප්සරාවන් විසින් පැහැරගෙන ඇති වගත් මට කවුදෝ සරදමට කී වගක් මතකයේ රැඳී ඇත.

දිගු කේෂකලාපයක් හෝ ළපනොමවන් සඳවත පරදන මුහුණක් හෝ ඇයට නොවීය.
ඇය කොටින්ම කවියක් නොවීය -ගීතයක් නොවීය- සිත්තමක් නොවීය-පිලිරුවක් නොවීය.
කිසිම කාම රසෝත්දීපනයෙහි සමත් ශරීරාංගයක් ඇය වෙත නොවීය.
සකල කලාවටම හෙන ගැහී අත පය කැඞී ගිය මහ මුහුදේ ගැඹුරු අගාධයකින් මතුව ආ වීනස් ප්‍රතිමාවකට මම ලොබින් බැඳෙමින් සිටිමි.

එනමුදු ඈ කාර්යශූරය -කඩිසරය -දල්වාගත් මුවින් සිනහ සලමින් සිය රාජකාරි කළාය .
සරුංගලයක් වැනි සැහැල්ලුවකින් ඈ කාර්යාලය පුරා ටෝර්නාඩෝවක් මෙන් ලහි ලහියේ කැරකෙමින් ගිනි සිළුවකින් මෙන් බැබලවීය.
ඒ ගිනි සිලෙන් උපන් මගේ පේ‍්‍රම දාහයෙන් මා දැවී යන්නාක් මෙන් මට හැගුනි.

ප‍්‍රථම දිනයක නොසිදු විිය යුතු බොහෝ දේ මෙ ප‍්‍රථම දිනයේ සිදු වීම මට අහ්ලාදයකි.
තව කාලය බොහෝ සේ ඉතිරි වී ඇත්තේ මගේ ඉතිරි ජීවිතයේ පළමු දිනය අදයැයි මට ඒත්තු ගන්වමිනි.
මගේ පරාජිත පේ‍්‍රමාලිංගන ලෝකයට නව විජයග‍්‍රහණයක මග ලකුණු වැටෙමින් ඇති වග මට දැනේ.
ඇයගේ තුනී ලෑලි සිරුරේ මොකද්දෝ දෙයක් සැඟව ඇත.

එය සොයා මසිත වෙහෙසෙයි.

888888

සිල්වියා බැඳල ද?

නෑ ඇයි ?

නිකං ඇහුවෙ

ඔයාට ආයෙම ඉන්ක‍්‍රිමන්ට් එකක් - ඇවිල්ලා දවස් කීයද -අම්මා-- ඔයා නම් මෙතන ලොක්කෙක් වෙනවා ළගදීම

ඇය සුමුදු දසන් පා සිනාසේ -ඈ ලස්සනය

ආ මම දන්නේ නෑනේ- මම නම් මුකුත් ඉල්ලුවෙ නැහැ...

ආ මට කියන්න අමතක වුනා- මෙවා මට කියන්න තහනම් -ඒත් ඔයාට කියන්න හිතුනා -ඔයාට ලියුමක් ලැබෙයි- එතකන් ඉන්න සද්ද නැතිව...

කමක් නැහැ- ගොඩක් ස්තුතියි සිල්වියා-මට කවුරුවත් නැහැ ඔවා කියන්න.

888888

සිල්වියා සහ මම කිට්ටු වුනා හිතූ තරම් අපහසුවකින් තොරවම.
ප‍්‍රථම දිනයේම ඇගේ නෙත සිත සොරා ගන්නට මට හැකි විය.
මම ඇයට එදා හවසම පෙන්ඩන්ට් එකක් තෑගි කළෙමි.
එය මිලදී ගන්නට මට හවස් වරුවෙ කාර්යාලයෙන් පැන ගොස් පැය බාගයක් සාප්පු ගානේ රස්තියාදු වන්නට සිදු විය.
ඇය නැවත හමු වන්නට ඇගේ කාර්යාලයට යන්නට රියැදුරකු සොයා ගන්නට සිදුවීමෙන් ඔහු ඉදිරියේ රාජකාරි බැරෑරුම් බවක් මවා ගෙන ඉන්නට සිදුවීම හැරුණු කොට චිත්තාභ්‍යන්තරය ප‍්‍රමෝදයෙන් ඉපිලෙමින් පැවතිනි.
මෙ සීඝ‍්‍රගාමී පෙම් වෘතය ඇයට දරා ගත නොහැකි තරම් විය.

ඇය වික්ෂිප්ත වන්නී තුටු සිතින් එය භාර ගැනීම ප‍්‍රතික්ෂේප කළාය.

ඇගේ ජංගම දුරකතන අංකය ලබා ගැනීමට ඒ වියදම ප‍්‍රමාණවත් වීය.

කෙසේ හෝ ඇය වැඩ ඇරී යන අවස්ථාවේ පෙන්ඩන්ටුව ඇගේ අත් බෑගය තුලට දමාගන්නට හැකි වූයේ අප දෙදෙනාටම රාජකාරි හමාර කර යන්නට ගමන් පහසුව සලසා තිබුනේ එකම රථයක හේතුවෙනි.

ඇය උපතින් බුද්ධිමත් වීමත් තීක්ෂණ වීමත් මම උපතින්ම කාන්තාවන් එසේ නොවේ යැයි සිතන්නට පුරුදු වීමත් හේතුවෙන් මට බොහෝ වියදම් ද ඇයට බොහෝ ආදායම් ද මෙ ඇසුරින් උපත ලද බව නිශ්චිතය.

ඊට ප‍්‍රතිදාන වශයෙන් ඇය සියළු කල්හිම මට ඇගේ ආහාරයෙන් කුමන හෝ කොටසක් ලැබෙන්නට සැලැස්සුවාය.
සමහර විට පාං පෙත්තකින් භාගයක් රැගෙන කාර්යාල සහායකයා මවෙත පැමිණේ.
එනමුදු ඇය එය එවන්නේ මවිසින් තෑගි දුන් ස්වර්ණාභරණයක් දමා දුන් කුඩා බෑගයකය.
කාර්යාල සහායකයා පාං පෙත්ත මවෙත ගෙනෙන්නේ දියමන්තියක් ගෙනෙන්නා වූ පරෙස්සමිනි.

ඉඳහිට ආයතනයේ ආරක්ෂක සේවයේ නියුතු තලතුනා මිනිසෙක් ඇයට යෝජනා ගෙනෙන බව ඇය මට දුරකතනයෙන් පවසා සිනා සේ.
ඇය දිනාගන්න තරම් සුන්දර වස්තුවක් දැයි සමහරු පවසන බව මම දනිමි.
මා පමණක් දන්නා පේ‍්‍රමනීය ලිංගික විද්‍යාවක් තුල ඇය ක්ලියෝපැට්රා මෙන් බබලන්නීය.
අනිත් අයට ඇය නිකම්ම සිල්වියාය. කෙට්ටු සිල්වියා ය.

මා දකින සුන්දර ගැහැණිය වෙනකෙකු සුන්දර ලෙස නොදැකීම මගේ ජීවිතය සරල කරන්නට හේතු වන්නේ යැයි මට සිතේ.
එනමුදු සිල්වියා ගැන මගේ ප්‍රේමය හුදු භෞතික සිරුර ඉක්මවා යන්නක් බව මම නිතර මෙණෙහි කරන්නට වීමි.

කාටත් අවශ්‍ය වන තාලයේ කෙල්ලක් මට අවශ්‍ය නැත.
කාටත් ඔන නැති කෙල්ලක් මගේම කරගැනීම මගේ නිස්කලංක ජීවිතයට පහසුවකි.
නැත්නම් සැක සංකා මෙන්ම ඇය පරිස්සම් කිරීමෙ මෙහෙයුම් දියත් කරන්නට වීම මගේ නිදහස විනාෂ කරන්නේ යැයි මට සිතේ.

ගැහැණියක් පිරිමියකුගෙන් බලාපොරොත්තුවන්නේ ආදරය සහ ආරක්ෂාව බව මම අදහමි.
ඒ සෑම දෙයක්ම මා ලඟ නොඅඩුව ඇත.

අපි බොහෝ ඉක්මනින් පෙම්වතුන් වුනා.

888888

අපි පෙමින් වෙලුනු ගිවිසුම් දිනය ඉතාම කෙටි ඇසුරකින් උදා වුනා.
එහෙම දවසක් ගැන ඇය සිහින මවන බව මම දැන සිටියෙන් ඊට කල් ඇතුව සූදානම් වීමට මා උත්සුක වුනා.
අපි දෙන්නම රාජකාරි අවසන්ව රාත‍්‍රී භෝජන ශාලාවක දී මතු අනාගතය උදෙසා පේ‍්‍රමයෙන් වෙළෙන කැදැල්ලකට පියඹා යන නිශ්චිත වැඩපිලිවෙලක් සහිත සමාජානුගත ප‍්‍රමිතීන් අනුව යමින් පෙම්වතුන් බවට පත් වුනෙමු.
ඈ මා වෙත යොමු කළ බොහෝ ප‍්‍රශ්ණ සාර්ථකව පිලිතුරු සපයන්නට හැකි වීමෙන් ද
මට ඈ සම්බන්ධව කිසිදු ප‍්‍රශ්ණයක් මතු නොවීම ද හේතුවෙන් සියල්ල සිහිනයක් මෙන් සුමටව සිදු විය.

ඇය දසවතාවක් පමණ ඇසූ පැණයක් මගේ සිතේ ගැඹුරට කා වැදුනි.

ඔයා ඇයි මාවම තෝරා ගත්තේ ?

ඒ ප‍්‍රශ්ණයේ ඉතිරි ටික බොහෝ විට - මම ලස්සනත් නැහැ -මට ලොකු පඩියක් ඇත්තෙත් නැහැ -මන්දා මම ඔයා තරම් ඉගෙන ගෙනත් නැහැ-මට තේරෙන්නේ නැහැ ඔයා ඇයි මා ගැන මෙ තරම් උනන්දු කියලා...

මම ඇයට කීවේ, ඒ කිසිවක් මා ගැහැණියකගෙන් බලාපොරොත්තු නොවූ වගත් වචනයෙන් විස්තර කළ නොහැකි හැඟීමක් විසින් මා මෙහෙය වනු ලබන බවත්, සිත බැදුනේ නම් ගණිකාවක වුවද මා විවාහ කරගන්නට නොපසුබට වන බවත්ය.

මම ඒ අවස්ථාවලදී ප‍්‍රකාෂ කරන දේවල් ගැන මට කිසිදු නිනව්වක් නැත.

එනමුදු ඇගේ දෙනෙත් දීප්තියෙන් බැබලෙන අයුරින් පවත්වා ගැනීම උදෙසා සෑම වදනක්ම නොමසුරු ලෙස හසුරුවා ගන්නට මම උත්සාහ කළෙමි.

වරෙක මම ලව් ඉන් ද ටයිම් ඔෆ් කොලරා - කොලරා කාලේ ආලේ පොත ඇයට තෑගි දුන්නෙමි.
ඈ වෙනුවෙන් අවුරුදු දෙසීයක් වුව ද කල් බලන්නට මම සූදානම් බව ද කීවෙමි.
ඈ දෑස් ලොකු කරගත්තාය.

ඇය කිසිම දිනෙක ලතින් ඇමරිකානු සාහිත්‍යය කියවා තිබ්බේ නැත.

සිල්වියා වෙනුවෙන් තවත් ෆ්ලොරෙන්තීනෝ අරීසා කෙනෙක් උපද්දවන්නට තරම් අකාරුණික නොවන ලෙස ඇයට පහදා දීමෙන් පසු ඇය කෙදිනකවත් ෆර්මිනා දාසා කෙනෙක් නොවන්නට දිවුරා පොරොන්දු විය.

එනමුදු උර්බිනෝ කෙනෙක් ගැන හාංකවිසියක් මට නොවීය.

කෙසේ හෝ ඇයගේ විශ්වාසය තහවුරු කරගැන්ම මගේ එකම අදිටන විය.

සිල්වියා මදෙස කිසිවක් නොකියා දල්වා ගත් දෙනෙතින් බලා සිටින්නට විය.

ඔයා ගණිකාවක් වුනත් බදින්න ද හිටියේ ?

ඔව්, මම කැමතියි එහෙම කෙනෙක් උනත් බැඳලා එයාගේ ජීවිතේ වෙනස් කරන්න ලැබෙනව නම්- මට ගැහැණියකගේ පිරිසිදුකම කියන්නේ භෞතික දෙයක් නොවෙයි -ඒක අධ්‍යාත්මික දෙයක්.

ඔයා හරිම හොඳ කෙනෙක් -ඔයා හරිම පුදුම කෙනෙක් -ඔයා ගොඩක් වටින මනුෂ්‍යයෙක්-ඔයා... ඔයා... ඔයා...

ඉන් පසු අපි වෙන කවරදාටත් වඩා තෑගි බෝග හුවමාරු කරගත්තෙමු.

ඈ වසන නිවෙසේ වෙසෙන ඇගේ මිතුරු මිතුරියන්ට රාත‍්‍රී භෝජන සංග‍්‍රයක් ද පවත්වා අපි දෙදෙනාම ඔවුනොවුන්ගේ මිත‍්‍ර සන්තවයන් හදුනා ගත්තෙමු.

නොබෝ දිනකින් සති අන්තයක අවන්හලක රාත‍්‍රී භෝජනය අවසන් කළ අපි නගරයේ අවහිර බාධාවකින් තොර ලැගුම් හලකට වැදී දින දෙකක අඛණ්ඩ මධුසමයක් අවසන් කර අනාගතය ගැන බොහෝ සුභ සිහින මැව්වෙමු.

සිල්වියා වන් -සිල්වියා ටූ- සිල්වියා ත‍්‍රී වශයෙන් අපි සිහින දූවරුන් තිදෙනෙක් ගැන ප‍්‍රථමයෙන්ම සිතන්නටත් ප‍්‍රීති වන්නටත් පටන් ගත්තේ ඒ දවස්වලමය.

ඇගේ කෙසඟ සිරුර සිල්වියා වන්වලින් හෙම්බත් වනු ඇතැයි මට අනන්ත වාරයක් සිතුනේය.

888888

රාජකාරි ඇරඹුමට පෙර සහ අවසන් කර ඇයත් මමත් අප නිවෙස් වෙත රැගෙන යන වෑන් රිය තුල ගෙවෙන පැය තුන අපගේ දෛනික හමුව සිදුවන කාලපරිච්ඡේද දෙක විය.

උදෑසන එකිනෙකාට තුරුලුව වැඩට ඒමත් හැන්දෑවේ එකිනෙකාට තුරුළුව වැඩ අවසන් කර ගෙවල්වල යෑමත් බොහෝ සෙයින් දෙදෙනාගේම ජීවන සංතෘප්තියට හේතු විය.

ඇය මවෙත යොමුවන්නට පෙර පෙම් සබදතාවයකින් වෙන් වී ඇත්තේ මීට මාස හත අටකට පෙරය.
ඒ පෙම් පුවත වසර දහයක් තිස්සේ පැවත ආවකි.
දැන් ඒවායේ මතකයන්වත් ඈ තුල නොවන වග මට දැනේ.

ඇගේ කලින් පෙම්වතා ඇගේ හොදම යෙහෙලියක හා පැවැති රහස් සම්බන්ධතාවයක් හේතුවෙන් ගැබ් ගෙන දරුවකු ද සමගින් හුදකලා වීමත් සමග සියල්ල හෙලිදරව් වීමෙන් ඇගේ හොදම මිතුරිය වෙනුවෙන් ඇගේ පෙම්වතා පරිත්‍යාග කරන්නට ඇය තීරණය කලෙන් ඈ ද මෙසේ හුදකලා වී ඇත්තේය.

මා හමුවීමත් මගේ බලවත් පෙරැත්තයත් හේතුවෙන් ඇය මා හා බැදෙන්නට තීරණය කරන්නී ඉමහත් සංකාවෙනි.

ඇය මා වෙනුවෙන් මෙ ලොව ජනිතව ඇති වග ඇයට ඒත්තු ගන්වන්නට මට හැකි වී ඇත.
ඇය ද ඇගේ ජීවිතයේ අරමුණ මෙතුවක් කල් නොලද බවත් මා ලද්දෙන් සියළු සිහිනයන් වෙත තටු ලැබී ඇති වගත් ඈ මට කොඳුරයි.

ඇගේ අනාගතය සංතුෂ්ටිදායක සැබෑවක් කිරීමෙ පරම චේතනාවෙන් මැඩුනු මා හට ඇයට පිළිසරණක් වීමටත් හැකි වීම ඇගේ අමන්දානන්දයට හේතු විය.
ඇයට අලුත් සිහින- මට අලුත් පහස- අපි දෙදෙනාම නැවුම් ලොවකට වැදුනෙමු.

ඇගේ ප‍්‍රථම පේ‍්‍රමයේ නටබුන් අතරින් ඈ කිසි දිනෙක කිසිවකු නොපැතූ වග එකහෙළාම කියන්නී ඇගේ සිත මෙළෙක් වීමට බලපෑ මගේ ඉඟිබිඟි නොවන්නට ඇය හුදෙකලා ජීවිතය තෝරා ගන්නීය.

දේව නිර්මාණය සම්පූර්ණය. මම දෙවියන් කෙරෙහි විශ්වාසයෙන් ජීවත් විය යුතු වගට තිරසාරව සිතන්නට පටන් ගති.

888888

අපි එකට වාසය නොකරන හේතුවෙන් රාතී‍්‍ර භෝජනය ගැනීමෙ අවස්ථාව පමණක් අපට රොමැන්තික ලෙස ගත කරන්නට ලැබෙන එකම අවස්ථාව බව මම ඇයට පහදා දී තිබුනෙන් රාත‍්‍රී භෝජනය ඉතාමත් වැදගත් අවස්ථාව ලෙස ඇය ද සලකන්නට විය.

සිල්වියා අද අපි කොහෙන් ද රාත‍්‍රී කෑම ගන්නේ ?- වෙනද නොයන තැනකට යන්න ඕන...

මම උදෑසනම ඇයට මතක් කරන්නේ අපගේ හැන්දෑව ගෙවී යන විදිය කල් ඇතුව සැළසුම් කරන්නටය.

අපි අද මරිනා එකට යමු- මම කවදාවත් එතනට ගිහින් නැහැ- ටිකක් ගණන් වැඩියිලු ඒත් අදට විතරනේ -අනික හරිම රොමැන්ටික් ලු එතන...

ඇය දුරකතනයෙන් විකසිත වෙයි.

හරි අපි අද මරිනා යමු.

සිල්වියා ගේ කැමැත්තක් ඉටු කිරීමෙන් මම ඉමහත් තෘප්තියක් ලද්දෙමි.
ඈ බොහෝ ආසා කරන දේ මිළ අධිකය -සුඛෝපභෝගීය- එනමුදු ඇය වෙනුවෙන් නොකලහැකි දෙයක් මා වෙත නැත.

ඇයට ඇවසි වන්නේ අතීත තුවාල ඉක්මනින් සුව කරගැනීමෙ ශාන්ති කර්මයයි.
මම ඒ සදහා උපරිමයෙන් ඇයට උපකාර කරමි.
ඇය අතීතාවලියෙන් මිදෙන්නට අලුත් තැන් සොයන්නීය.
අලුත් ආහාර පාන- අවන්හල් සහ එළිමහන් සොයන්නීය.
ඇයට සියල්ල මා සමග අලුතෙන් පටන් ගැනීමෙ ආශාවක් ඇත්තේය.

අපි අප දෙදෙනා ගැනම කතා කරමින් මාස හතරක් ගත කළෙමු.

ඒ කාලය තුල අප විසින් පසු බිම් ලෙස තබා ගත් ඡායාරූපයකට හසු නොවූ ගොඩනැගිල්ලක් හෝ අවන්හලක් හෝ වතුර මලක් හෝ වාස්තු විද්‍යාත්මක අනිභිබවනීය නිර්මාණයක් නගරය තුල ඉතිරි නොවුනි.
අපි ප‍්‍රථමයෙන් හදුනාගත යුත්තේ අපි අපිම වග ඉදුරාම අවබෝධ කර සිටියෙමු.

ඇගේ ප‍්‍රථම ප්‍රෙමයේ මංසන්ධි සියල්ලේම නොසගවා- විවෘතවම -සෘජුවම අපි දෙදෙනම අතිනත් පටලගෙන ඇවිද ගොස් දැක- දැන සියළු රහස් -අවුල් නිරවුල් කර ගත්තෙමු.

මගේ ප‍්‍රථම විවාහයේ සියලු අක්වක් වූ තැන්හි සිල්වියා සමග කතාබහ කොට අහවර කර දමන්නට හැකි වීම ද එලෙසම වීය.

උර්බිනෝ අපේ ජීවිත වලට ගැටගැහෙන්නේ කොතනින්දැයි විපිලිසර වන්නට මා පටන් ගත්තේ ඉන් පසුවය.

කෙසේ නමුදු අප දෙදෙනාම එකිනෙකා කෙරෙහි අවංකාදරයකට පසුබිම් සදාගත්තෙමු.

අපට තවත් රහස් නොවුනෙන් අපි නුදුරේදීම එකම වහලක් යට වාසයට සැළසුම් කෙරුවෙමු.

මගේ ජංගම දුරකතනයේ වූ සියලුම ගණිකාවන්ගේ දුරකතන අංක මකා දැමුවෙමි.
මනෝරි ගැන පුවත ද ඉඩ ලද අවස්ථාවක කියා දැමීමෙන් ළය සැහැල්ලු කරගතිමි.

ඇයට මා ආශ්චර්යයක් වූයේ මා සියලු පවත් නොවලහා ඇයට කීමෙන් මා තුල වූ අවංක අධ්‍යාශය එලිදරව් කළ බැවිනි.
ඇය ද ඇගේ පවත් මා වෙත පවසා පාපොච්චාරණය කරන්නට වන්නේ තරගයකට වැදි අසරුවන් දෙදෙනකු මෙනි.

ඇය ගත කළ අවුරුදු දහයක කාලය තුල තෙවරක් ගැබ් ගෙන ඇති වගත් ඒ තෙවරම ඔවුන් සාකච්ඡා කර ගබ්සා කළ වගත් ඒ සෑම අවස්ථාවකම විවාහ වීමෙ අවශ්‍යතාව ඇය මතු කළ ද දෛවෝපගත ලෙස එය වැලැකුනු බවත්,
ඒ දෛවෝපගත හේතුව දැන් ඇය දන්නා බව පවසත්ම මසිත ඔකඳ වේ.

මා විවාහ වූ දිනේ සිට දරුවකු පැතූ වගත් එය අවුරුදු හතක් තුලම ඉටු නොවුනෙන් දික්කසාද වූ වගත් නීතියෙන් සර්වසම්පූර්ණයෙන්ම වෙන්වී මා නිදහස් තනිකඩයෙකු බවත් එකිනෙකාට විස්තර කිරීමෙන් අපට තවත් එකිනෙකාගෙන් වසන් වූ අතීතයක් නොමැති බව තහවුරු විය.

එමෙන්ම මගේ පැවැත්මෙ හේතුව ද මම දන්නේ දැන් බව ඇයට පැවසීමි.

එක දිනක්, මට හරියටම මතක නැති ලුසී නම් වූ ගණිකාව විසින් එවන ලද කෙටි පණිවුඩය සිල්වියා සමග රාත‍්‍රී භෝජනය ගන්නා අතර හඩ නගමින් දිස් වූයෙන් ඇයට නැවත අරාබි නිසොල්ලාසය තරම් කතා කීමෙන් එම විචිකිච්චාව ද මුලිනුපුටා දමන්නට සමත් වීම මගේ ජයග‍්‍රහණයකි.

සත්‍ය වශයෙන්ම ගණිකාවන් ඔනම කෙනෙකුට එවන්නේ අයි මිස් යූ කියාය.

එය එතරම් බරපතල කාරණයක් නොවන වග මිහිපිට ස්වාමියෙක් සිය බිරියට පැහැදිලි කොට ඇත්නම් ඒ මා පමණක් විය යුතුය.
මම වුවද තවමත් ස්වාමි තත්වයේ නොවේ.
ඇයට මේ එකදු දෙයක් වත් දරාගන්නට නොහැකි තරම් විශාල දේවල් නොවීම මගේ සතුටට හේතු විය.

වැඩි කාලයක් අප අතරින් කාලය ගලා යන්නට මත්තෙන්---ඇය අනපේක්ෂිත ලෙස මගේ පෙම් දැහැනින් මැකී ගොස් දින දෙකකට පසු යථා පරිදි උදෑසනක සිය සුපුරුදු රියට ගොඩ වන ස්ථානයෙන් මතු විය.

මම ඇයව මා අසලින් හිදුවා ගතිමි.
අප එකට වාඩි වී පැමිණීම රාජකාරි ස්ථානයේ කිසිවකුටත් අමුත්තක් නොවීය.

ඇයි හදිසියේ දවස් දෙකක් මට කෝල් එකක් වත් දුන්නේ නැත්තේ? මම කෝල් කලා විසි තිස් සැරයක් ,ෆෝන් එකත් ඔ්ෆ් කරලා...?

මම ලෙඩ වුනා...

ඉතිං මට කියන්න එපැයි -මම මොනවා හරි කරනවා නේ -මට හරිම පුදුමයි ඔයා එක පාරටම සද්ද නොකර දවස් දෙක තුනක් ගත කළාම- මට ඇත්ත කියන්න සිල්වියා...

සිල්වියා කල්පනාවට වැටෙයි -ඇගේ දෙනෙත් සෝබරය -කියා ගන්නට බැරි යමක් ඇගේ මුහුණේ සටහන් ව ඇත- මට ඇගේ මුහුණ කියවිය හැකිය.

ඔයා ට කියන්නම ඕන දෙයක් සිද්ධ වුනා -නමුත් මට මෙක කෝල් කරල කියන්න බය හිතුන නිසායි මම අද වෙනකම් හිටියේ.

මොනවා මොකද්ද ඒ? මොකුත් ප‍්‍රශ්ණයක් ද?

ඔව් පෙරෙදා ටෝනි හදිසියේම මාව සොයං ආවා!

නෑහ්!?! ඉතිං මොකද වුනේ?

එයා ඇවිත් කීවා අපි බඳින්න ඔන කියලා...

මොනවා?

ඔවු එයා පල්ලියෙ කට්ටියත් එක්කමයි ආවෙ- එයා පල්ලියෙදි පිළි අරං එයා අතින් වැරැුද්දක් වුනා කියලා.

ඉතිං පල්ලියේ අය මොකද කියන්නේ?

පල්ලියේ අය සමාව දීලා ...

එතකොට අර දරුවා?

ඒක තමයි ඒ දරුවා නඩත්තු කරන්න වියදම දෙන්න පොරොන්දු වෙලා...

ඒක හරියන්නේ නැහැනේ ...දරුවෙකුට තාත්තා කෙනෙක් ඔන නේ...?

ඔව් ඒක ඇත්ත. නමුත් පල්ලිය කියන්නේ එයාගේ කැමැත්තට ඉඩ දෙන්න ඔන කියලා.

බැඳලා නැති නිසා එයා කසාද බන්දවන්නයි ඔන- ඒක තමයි හරි දේ...

ඔව් ඒක තමයි හරි දේ ...නමුත් ටෝනි කැමති නැහැ එයාව බදින්න...

ඒක හරිම පුදුම දෙයක්නේ ? එයා දරුවෙක් හදා ගත්තේ එයාට අකමැති නිසාද ?

ඒකත් ඇත්ත... නමුත් ටෝනි කියන්නේ ඒක වැරදීමක් කියලා- ඒ දෙන්න අතර ගැලපීමක් නැහැ කියලා...

ඔව් වැරදීමක් වෙන්නැති- ඒත් ඒක එක රැයකින් -දවසකින් වෙච්ච දෙයක් වෙන්න බැහැනේ ? -නොගැලපෙනව නම් ඒව දැනුම් තේරුම් ගන්න ඔන දේවල් වෙන්න කලින් නේ ?

ඔව් ටෝනි එයා එක්ක එකට ජීවත් වෙලා තියෙනවා- එහේ- මා එක්කල සම්බන්ධෙන් ඉන්න සමාන්තර කාලෙම -අනේ මම ඒ මොකුත් දැනං හිටියේ නැහැනේ -මම ටෝනි විශ්වාස කලා සෑහෙන්න.

ඉතිං දැං මොකද වෙන්න යන්නේ ?-එයා ඔයාගේ විශ්වාසයත් බින්දා - දැං?

අපේ අම්මලා කැමති මම ටෝනි බදිනවට- ඒ අය ටෝනිව දන්නවනේ ගොඩක් කාලෙක ඉදලා...

ඒ කියන්නේ ?

ඒ කියන්නේ ඒ අය කැමති නැහැ ඔයා බදිනවට - ටෝනි හොද හෝ නරක වුනත් ඒ අය එයාට කැමතියි එයා අපේ කෙනෙක් නිසා

මම කීවෙ කලින්ම -මම ආගම මාරු කරන්නම්...

ඒත් ඒ අය කසාද බදින්න ආගම මාරු කරනවට කැමති නැහැ නේ...හරිම අවුලක් අනේ...

ඒක යකාගේ කතාවක් නේ -මම ඔයාව බදින්න ඔන නිසා නොවේ නම් ආගම මාරු කරන්නේ නැහැ තමයි කවදාවත් !!!

ඒක ඇත්ත... නමුත් එහෙනම් ආගම මාරු කරල අවුරුදු දෙක තුනක් යනකම් අපිට බදින්න වෙන්නේ නැහැ -ඒ අයට දැන ගන්න ඔන ඔයා ඇත්තටම මට ආදරේද කියලා..

පුදුම වැඩක් ඒක!

ඔව්... අනිත් අතින් පල්ලිය කැමතිත් නැහැ!!

පල්ලියට බම්බු ගහන්න කියන්න... ඔයා පල්ලියට ඔන දේද කරන්නේ ?

අනේ එහෙම කියන්න එපා -මම අසරණයි -මෙක මගේ ෆේත් එක!

ටෝනි එදා ඇවිල්ලා එදාම ගියාද?

නැහැ

එයා කොහෙද නතර වුනේ ?

මගේ කාමරේ...

මොනවා???

ඔව්

එයා නිදාගත්තේ ...?

මගේ ඇ‍ඳේ ...

මොනවා සිල්වියා?!?

ඔව්

එයා ඔයා එක්ක ... ද ?

ඔවු !

මේක මහ විසාල අවුලක් සිල්වියා!

මට එයාට බැහැ කියන්න බැහැ නේ- මම කියන්න පුලුවන් තරමක් කීවා -එයා අතින් වරදක් වුන නිසා මම වෙන්වුනා මිසක් එයා නරක කෙනෙක් නොවෙයි නේ -මම එයාට ආදරේ නැහැ ඒත් ඒ දැන් නේ-මම ආදරෙන් හිටියා නේ එයා එක්ක -නමුත් මට එයාව ප‍්‍රතික්ෂේප කරන්න බැහැ -අපි අවුරුදු දහයක් ආදරය කළා- අවුරුදු දෙකක් එක කාමරේ ජීවත් වුනා නේ ...

ආදරේ නැත්නම් කොහොම ද ? මන්දා කොහොම ද ළමයෝ ලිංගිකව හැසිරෙන්නේ ?

මම දන්නේ නැහැ- මම ඒකට කැමති නැහැ -නමුත් එයාට ඕන මාව ප්‍රෙග්නන්ට් කරලා එයාට බැදගන්න!

මෙක මහ අවුලක් සිල්වියා- මට පිස්සු වගේ-අනිත් අතට ඔයාට ඔන මගෙන් ප්‍රෙග්නන්ට් වෙන්න-මෙහෙම ගියොත් කාගෙන් ප්‍රෙග්නන්ට් වෙයිද කියලා දෙයියො තමයි දන්නේ!

ඉතිං මම මොනවා කරන්න ද ඔයා කියන්න -අනේ මාව තේරුම් ගන්න- මම හිතලා කරන දෙයක් නොවෙයි මෙ-මම කැමති ඔයාගෙන් ප්‍රෙග්නන්ට් වෙන්න...

මට තේරෙන්නේ නෑ-ඔයා එයාව එලව ගන්න එපැයි -ඇයි ඔයා මට ආදරේ නැද්ද ?

මම ඔයාට ආදරෙයි- ඒත් මට ටෝනිව එහෙම එලවන්න බැහැ නේ -ඔයා තේරුම් ගන්න- එයා ගොඩක් අප්සට් එකෙන් ඉන්නේ -එයා අපේ ගෙදරට ඔයා ගැනයි අපි ගැනයි සේරම කියලා -අපේ අම්මා ලෙඩ වෙලා -ඒ අය කැමති නැහැ මම ඔයා වගේ ආගමින් ජාතියෙන් පිට කෙනෙක් බදිනවට -තාත්තා කීවා කෝල් කරල පණ නහගන්නවා කියලා කසාද බැදපු කෙනෙක් බැන්දොත්...

ඉතිං මම ඩිවෝස් වෙලානේ ඉන්නේ -කසාද බැදපු කෙනෙක් වෙන්නේ කොහොම ද ?

ඒක ඇත්ත- ඒත් ඒ අය හිතන්නේ වෙන විදියකටනේ- මම මොනව කරන්නද...මට ඒ අයට කියන්න බැහැ ඔයා නැතිව මට ජීවත් වෙන්න බැහැ කියලා. ඒ අය නාකියි. ඔයාට තේරෙනව ද? මට ඒ අයගේ හිත් නරක් කරන්න බැහැ...

හොඳයි අපි මෙ සම්බන්ධය නතර කරමු -මට වෙන කරන්න දෙයකුත් නැහැ-මට මෙවා දරාගන්නත් බැහැ -මම හීනෙන් වත් හිතන්නේ නැහැ මම ආදරය කරන කෙල්ල වෙන එකෙක් එක්ක නිදා ගන්නවා කියලා- මට මෙක දරන්න බැහැ

මට ඔයා කියන දේ තේරෙනවා- ඒත් මම අවංකවම මෙ දේවල් කීවෙ ඔයාගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තුවෙන් නම් නොවෙයි.

මට බැහැ තවත් මෙ සිද්ධි වල කොටස් කාරයෙක් වෙන්න- මට බැහැ මම ඔයාට ආදරය කරනවා තමයි- මට ඔයා කොහොමත් එකයි- ඒත් තව මිනිහෙක් ඔයා පස්සේ වැටිලා මේ විදියට ජීවිතේ නාස්ති කරගන්න හදනවා නම් මට බැහැ ඒකේ පංගුකාරයෙක් වෙන්න...

හොඳයි... සමහර විට දරුවගේ අම්මා නඩු දාන්න ඉඩක් තියෙනවා ටෝනිට විරුද්ධව එහෙම වුනොත් එයාට මාව බදින්න වෙන්නේ නැහැ.

මම දන්නේ නැහැ- ඔවා කෙරෙන්න තව කාලයක් යනවා- ඒ අතරතුරත් ටෝනි එයාගේ බලය පාවිච්චි කරලා ඔයාව තුරුලට ගන්නවා- ඒක මට දරාගන්න බැහැ.

මම බලන්නම් එයාව නතර කරන්න- ඒත් මට මගේ අම්මා තාත්තා නතර කරගන්න බැහැ -ඒ අය ටෝනිට කියල තියෙන්නේ මාව බලාගන්න කියලා...

දෙයියන්නාන්සෙගෙ නාමෙට මෙ කතාව නතර කරමු දැං- මට මෙ සේරම එපා වෙලා ඉන්නේ!!!

මම ටෝනිට කීවා ඔයා මට ගොඩක් ආදරෙයි කියලා -එයා ඒක විශ්වාස කරන්නේ නැහැ!

බම්බු ගහගන්න කියන්න ටෝනි ට!

අනේ මම බොරු කාරියක් වෙනවා -දැං මට ඔයත් මෙහෙම කළොත් ටෝනි ගෙදරට කියාවි මම ඔයාට රැවටුනා කියලා!

මම දන්නේ නැහැ සිල්වියා-මම දන්නේ නැහැ -මම මොනව කරන්න ද කියලා- ඇත්තටම ඔයාට මාව ඔනෙද කියලවත් මට තේරෙන්නේ නැහැ සිල්වියා!!!

ඊ ඒ ඩෝසන් ප‍්‍රීති
20072009