වැටුණු විට මල් පෙත්ත
නිල් දිය තලය මතුපිට
නැගෙයි රැළිති පෙළ හැඩ
නැගි නැගී යයි ඉවුරු දෙසටම
වැදුණු විට අකුණු සර
දිය වී ඇවිලී වැගිරෙයි උසම තැන
ප්‍රභා මණ්ඩලය කිසි විට
ඉලක්කය නොගනී පහත් තැනි බිම
පිපී සුගන්ධය දෙන මල්මත
බඹරුන් තැබූ කල සිය පය
කල්ගත නොහැක මොහොතකුදු
නිසි ඵල ලෙසට නැගී ආ යුතු
ඔබ නිවී ගිය පසු
වැටෙයි ආලෝකය පෙර නොවු ලෙස
නිවෙනු නම් යනු ඒ ලෙස
දැල්වෙනු ඇත හෙට මුලු ලෝ සත
02/06/2011
Friday, June 3, 2011
ඔබ නිවී ගිය පසු
දෙ වසර-මහේෂ් මුණසිංහ
දෙ වසර
නො බලන බව
දකින්නට වත්
ඇස උස්සා නො බලමි
පිනට පේ වුණු
උන් මැද
සුදු සිල්
වෙස් හැඳ
දුක සඟවා
පහන් වත නංවා
හිස නූස්සා ඇදෙමි
ආගන්තුක වෙහෙර බිම
එක පහනක් දල්වා
ඉවසමි
කරුණාව වැගිරෙන
බුදු නෙත මඟහැර
පොළොව පෙඟවුණ
රුධිරය දකිමි
අහස ඇවුරුණ
වර්ණිත බුදුරුව විනිවිද
අහස හැකිලුව
විලාපය අසමි
වෙඩි වැදී මළ අම්මා ට
පහනක් දල්වන්න වත්
මට අවසර නැති මගේ බිම
සංහාරයක ට
සාදු කාර දුන් බැතිමත්හු
පසඟ පිහිටුවා
සත වෙත නිදුක් සෙත පතති
මේ වෙසඟෙහි
දහසක් පහන් දල්වති
අතැර ගිය
භද්ර මිනිසුන් අතර
දෝත මුදුනත තබා
මගේ හිත මම ම ඇවිදවමි
පහන
පහන් අතරම සඟවමි
පින්වත් උවැසියන්
බෝතල් අරන් දෑතින්
මා තැබූ
නිසරු පහන ට
තෙල් වත්කරන්නේ
නො දන්නාකමටය
හොරෙන් දැල් වූ මේ සිල
බුදුනි,
ඔබෙ රුවෙන් එපිට ඇති
මළවුන්ට ය
මහේෂ් මුණසිංහ
මැයි 2011
නො බලන බව
දකින්නට වත්
ඇස උස්සා නො බලමි
පිනට පේ වුණු
උන් මැද
සුදු සිල්
වෙස් හැඳ
දුක සඟවා
පහන් වත නංවා
හිස නූස්සා ඇදෙමි
ආගන්තුක වෙහෙර බිම
එක පහනක් දල්වා
ඉවසමි
කරුණාව වැගිරෙන
බුදු නෙත මඟහැර
පොළොව පෙඟවුණ
රුධිරය දකිමි
අහස ඇවුරුණ
වර්ණිත බුදුරුව විනිවිද
අහස හැකිලුව
විලාපය අසමි
වෙඩි වැදී මළ අම්මා ට
පහනක් දල්වන්න වත්
මට අවසර නැති මගේ බිම
සංහාරයක ට
සාදු කාර දුන් බැතිමත්හු
පසඟ පිහිටුවා
සත වෙත නිදුක් සෙත පතති
මේ වෙසඟෙහි
දහසක් පහන් දල්වති
අතැර ගිය
භද්ර මිනිසුන් අතර
දෝත මුදුනත තබා
මගේ හිත මම ම ඇවිදවමි
පහන
පහන් අතරම සඟවමි
පින්වත් උවැසියන්
බෝතල් අරන් දෑතින්
මා තැබූ
නිසරු පහන ට
තෙල් වත්කරන්නේ
නො දන්නාකමටය
හොරෙන් දැල් වූ මේ සිල
බුදුනි,
ඔබෙ රුවෙන් එපිට ඇති
මළවුන්ට ය
මහේෂ් මුණසිංහ
මැයි 2011
ත්‍රිමාන ප්‍රවෘත්ති සඟරාව
ත්‍රිමාන ප්‍රවෘත්ති සඟරාව
පසුගිය වසරේ දෙසැම්බර් තුන්වන දින මා මෙම බ්ලොගයේ, ඔවුනගේ අලුතින් එළි දැක්වූ "පෙරදිග සුළං" සඟරාවේ අන්තර්ගත වූ මා විසින් පරිවර්තනය කොට බූන්දියේ පළ වූ ලිපියක් අරභයා කොමෙන්ටු අවකාශයේ වූ සඳහනක් වෙනුවෙන් පැහැදිලි කිරීමක් ලෙස කළ කුඩා ලිපියට ද ඉඩක් ලබා දී ඇත.
ඒ ගැන ත්‍රිමාන ප්‍රවෘත්ති සඟරාවට මගේ කෘතඥතාව මෙසේ පළ කරමි.

ටැක්සියේ නොම්මරේ:
ත්‍රිමාන,
දීප්ති කුමාර ගුණරත්න,
පෙරදිග සුළං
Monday, May 30, 2011
පහන් සංවේගය-සුභද්‍රා ජයසුන්දර
පහන් සංවේගය
පේමතෝ විප්පමුත්තස්ස
කඩා ගමි මම කෙස්ස
දත් මිටි සපාගෙන
මනස මිරිකාගෙන
වීරිය පුරමි
පේමතෝ විප්පමුත්තස්ස
රුදුරු හිම කුණාටුව
ජනපදය හඹා එයි
මත් සුළං කෙසේ නම් නවතම් ද
කවදාක හෝ දිනෙක අපේ ඇස්
හිම මතින් මිරිඟුවක් දකින බව
මට කියූ බව නුඹට අමතකය
සැබෑවට ගලන මෘදු වතුරකට
මිරිඟුවක් යැයි කියා සිතූවෙක්
ඉන්නවා නම් ඇවිත් වැලපෙන්න
ඉතිං ඒ අන්ධ බව
මිදීමකි සිතාගෙන
ඒ උනත් පෙම්බරව වැලපෙන්න
ප්‍රෙමයෙන් සිත පිරී තිබුනොතින්
නුඹ දෙපා තබන තැන
නොනවතින මහා දිය සුළියක්ය
දිය මතින් අසෙනියා මල් පිපී
සුළි අගින් වක්ව ඉඳු සැව් නැගී........
ඒ උනත් නුඹෙ දෙපා සුළියකය
එක් වරම සිඳී ගිය දියවරක
පෙනැහැල්ල නමින් කරමල දරන
ජීවයක් තිබෙන්නට බෑ නේද
හිඳුණ බිම මීන වරලක නමට
සෙහේතුක මතක බණ කියන්නට
මෝසමක් වී මිතුරු සිත් එන්න
මිදීම ම නිවීමක් වන කලට
ඒ නියත මොහොත තුළ
මිදීම ම රිදීමක් විය හැකි ය
එස ඳ මම
කඩා ගන්නෙමි කෙස්ස
පේමතෝ විප්පමුත්තස්ස
සුභද්‍රා ජයසුන්දර
2010 මැයි
"පේමතෝ විප්පමුත්තස්ස" යනු ධම්ම පදයේ එන සුප්‍රකට ගාථාවක අවසන් පදයට පූර්වයෙන් එන පදයකි. සම්පූර්ණ ගාථාව මෙසේය.
පේමතෝ ජායතී සෝකෝ
පේමතෝ ජායතී භයං
පේමතෝ විප්පමුත්තස්ස
නත්ථි සෝකේ කුතෝ භයං
"ප්‍රේමය නිසාවෙන් ශෝකය උපදී. ප්‍රේමය නිසා බිය උපදී. ප්‍රේමයෙන් වෙන් වූවෝ ශෝක නොවිඳිත්. බිය නම් කෙසේ උපදිත් ද?" යනාදී වශයෙන් එහි සිංහල තේරුම ලියා ගත හැකිය.
මේ කවියේ කේන්ද්‍රය මෙම ප්‍රේමයෙන් වෙන් වූවන් නොවිඳින ශෝකය යි. මෙය වටහා ගැනීම මදක් දුෂ්කර ලෙස පෙනුනද එහි ඇත්තේ බුදු සමයේ දැක්වෙන අලෙය චිත්තය පිළිබඳ විවරණය යැයි මට සිතේ. මා බුදු සමයේ එන මිනිස් සිතේ සරලම විග්‍රහය කියවා ඇත්තේ ලංකාවතාර සූත්‍ර යෙනි. ලංකාවතාර සූත්‍රය මා දන්නා පරිදි බුදු සමයේ සාරය ලෙස ගත හැකි මිනිස් චිත්තයේ විග්‍රහය පූර්ණ ලෙස අන්තර්ගත ලේඛණය යි. එය බුදු සමයේ විග්‍රහ වන නූතන නාමකරණයන් ඔස්සේ හඳුන්වන මනෝ විශ්ලේෂණ සිද්ධාන්ත මිනිස් විෂය ක්ෂේත්‍රය තුළ විවරණය කළ හැකි සරලම ආකාරයෙන් ලියා ඇතැයි මම සිතමි. එම පාලියෙන් හෝ සංස්කෘතයෙන් ලියැවුනු මුල් කෘතිය ලාංකික පඩිවරයකු වන මහාචාර්ය ගුණපාල ධර්මසිරි විසින් සරල සිංහල ට පරිවර්තනය කොට ලංකාවේ කඩ සාප්පුවල මිලදී ගන්නට තබා ඇති හෙයින් එය කියවා මා ලද යම් දැනුමක් වෙත්නම් ඒ මෙම ආලය පිළිබඳ සිත විවරණය යැයි මට සිතේ.
ආලය යන වචනයේ උත්පත්තියම ඇලීම යන්නට සබැඳී ඇතැයි මම සිතමි. ඇලීම යනුම ආශාව හෝ තණ්හාව හෝ රාගය හෝ යනාදී වශයෙන් විවිධාකාර වචන ඔස්සේ අවස්ථාවට උචිත ලෙස අරුත් ගන්නා සිංහල වදන් රාශියකින් විවරණය වන්නා වූ එක්තරා කේන්ද්‍රීය අදහසක් මූල කොට ගත් වදනකි.
දෙයක් වෙත ආශා කිරීම- එය සතු කර ගැනීම- භුක්ති විඳීම යනාදී වූ විවිධ ක්‍රියාකාරිත්වයන් පිළිබඳ මනසේ ඇති පෙළඹවීම මෙම ඇල්ම යන්නෙන් ප්‍රකාෂ වේ. මනසේ ඇති මෙවැනි පෙළඹුම් ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණ සිද්ධාන්ත තුළ වර නැගෙන්නේ [drive] ඩ්‍රයිව් වශයෙනි. මෙම "ඩ්‍රයිව්" යනු යමක් පදවන්නා හෝ පැදවීම හෝ කිසියම් බාහිර බලයකින් තොරව ඉබේම හටගන්නා තල්ලුවක් වැනි අදහසක් ඉංගිරිසි භාෂා සන්දර්භයෙහි ඇත. මෙහි ඇති සද් ලක්ෂණය ද එයම විය හැකිය. මිනිස් සිත තුළ උපදින තණ්හාව හෝ ආලය හෝ ආශාව යනු සද් භාවයකින් එනම් හේතුඵල විෂයෙහි මූලාරම්භක පුරුකක් ලෙස හෝ ඉබේ හටගත් නැතහොත් ස්වයංජාත වන ලක්ෂණ ඇති බැව් බටහිර මනෝ විශ්ලේෂණයේ ෆ්‍රොයිඩියානු ප්‍රවාදයේ දැක්වේ. එනම් මෙම ඩ්‍රයිව්ස් මනසේ පහලම ස්ථර තුල ජීවයේ මූලිකම අවස්ථාවේ ජාතක වී මිනිස් දිවිය පුරාම සන්තතිකව ගලා යන ශක්ති විශේෂයක් ලෙසිනි. එහෙයින් සරලව එය පාලනයකට ලක් කළ නොහැකි සිතේ ගැඹුරුම ස්ථරය වන ඉද් කොටසේ ක්‍රියාත්මක වන්නකි. මේ පිළිබඳ බටහිර මතය එසේ වී නම් එය අපරදිග බුදු සමයේ දී සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ්‍යයක් පෙරුම් පුරා සංසාරය නමැති ගෙය හදන වඩුවා සොයා ගැනීම වෙනුවෙන් කැප කරන කාලය හා ශක්තිය හා සංසන්දනය කළ විට එහි ඇති දෘඨ බව විදහා දක්වන්නේ යැයි මට සිතේ. එසේ නම් ඉද් කොටසේ කටයුතු සිහිය හෝ ඊගෝව විසින් ග්‍රහණයට ගෙන හසුරුවා ගැනීම අප සිතන තරම් පහසු කටයුත්තක් නොවන බැව් වටහා ගැනීම දුෂ්කර නොවේ. ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණ සිද්ධාන්ත අනුව එය කළ නොහැකි දෙයක් බැව් ඉගැන්වේ. ඉද් කොටස අපගේ මනසේ සබුද්ධික ක්‍රියාකාරිත්වයන් තුළින් පරිපාලනයට ලක් නොවන මනසේ පෙදෙසකි.
මිනිස් සිත පතුලේම ඇති ස්වයංධාවක ගති ලක්ෂණයෙන් යුතු තණ්හාව නොහොත් ආශාව නොහොත් ආලය පිළිබඳ සිතෙන් මිදීම වාච්‍යාර්ථය ඉක්මවා වෙර වීරිය යෙදිය යුත්තකැයි දැන් පසක් වේ.
මේ කව තුළ අප්‍රකාෂිත යැයි පෙනෙන දේ ප්‍රකාෂිත දේ සමග සංසන්දනය කිරීමෙන් මෙය වටහා ගන්නට මෙතැන් සිට තැත් කරමු.
පේමතෝ විප්පමුත්තස්ස
කඩා ගමි මම කෙස්ස
දත් මිටි සපාගෙන
මනස මිරිකාගෙන
වීරිය පුරමි
පේමතෝ විප්පමුත්තස්ස
ප්‍රේමයෙන් වෙන්වූයේ ද මා හට එය දරා ගත නොහැකිය. මනස මිරිකාගෙන වීරිය පුරමි යනු මේ ප්‍රකාශ වන්නේ අප්‍රකාශිත නොහැකියාව පිළිබඳ කාව්‍යමය ආයෝජනය යි.
රුදුරු හිම කුණාටුව
ජනපදය හඹා එයි
මත් සුළං කෙසේ නම් නවතම් ද
කවදාක හෝ දිනෙක අපේ ඇස්
හිම මතින් මිරිඟුවක් දකින බව
මට කියූ බව නුඹට අමතකය
ජනපදය හමා එන රුදුරු හිම කුණාටුව කෙසේ නම් නවත්වන්න ද? මේ ආලයේ සිතුවිලි දමනය කිරීම ද ඒ සා දුෂ්කර බැව් කවිබසට නැගෙන අයුරයි. කවදාක හෝ දිනෙක අපේ ඇස් හිම මතින් මිරිඟුවක් දකින බව මට කියූ බව නුඹට අමතකය යනුම මෙම ආලයේ සිතුවිල්ල බිඳී ගිය තත්වයන් කියා පානා පියවරයෝය. මේ ගෙතුම් කාව්‍යමය කැටයම් ය. ඒවායේ මතුපිට වචනාලංකරණය අවිඥානික තලයෙන් පිටතට එන සවිඥානික සංඥා මාත්‍රයන් බැවින් ඒවා කපා කොටා සැත්කම් කොට අන්වේෂණයෙන් ලැබිය හැකි ආනන්දයක් නොවේ. නමුත් කවියක් හෝ වෙනත් භාෂාමය කලාකෘතියක් අපගේ මනසේ සියුම් තැන් ආලෝකමත් කරවන්නට සමත් වන්නේ යම් සේද ඒවා විසින් අපව නොයෙකුත් සාන්ද්‍රණවල අදහස් මාලා තුළට තල්ලු කරවයි. ආලයේ අන්ධ බැව් යනුම මෙම සිතුවිලි ඒකරාශී කරන කේන්ද්‍ර යේ අතාත්වික බවයි. ආලය අන්ධ යැයි කීමෙන් වචනාර්‍ථය ඉක්මවා යන්නේ එහි සංවිධානාත්මක ගාමක බල ඇත්තේ මිනිස් සිතේ විෂයට පරිබාහිරින් බැවිනි. ආලය පිළිබඳ චිත්තය සංවිධානය වන්නේ තර්කාණුකූලව නොවන බැව් මින් ගම්‍ය වේ. එය සත්‍යාපනය කරමින් අවිඥානිකව ලියැවෙන මේ කවිය තුළින් ප්‍රකට වන්නේ ද එම අන්ධ ලක්ෂ්‍යයේ ක්‍රියාකාරිත්වයේ ප්‍රබලත්වයයි.
සැබෑවට ගලන මෘදු වතුරකට
මිරිඟුවක් යැයි කියා සිතූවෙක්
ඉන්නවා නම් ඇවිත් වැලපෙන්න
ඉතිං ඒ අන්ධ බව
මිදීමකි සිතාගෙන
ඒ උනත් පෙම්බරව වැලපෙන්න
සැබෑවට ගලන දිය දහරක් දෙස බලා එය මිරිඟුවකැයි සිතන්නේ කවුරුන් විසින් ද? මිරිඟුවක සහ සැබෑ දියදහරක දුරස්ථ ප්‍රත්‍යක්ෂ්‍යමය දැනුම එකිනෙක සමපාත විය හැක්කේ කවර ඇසකට ද? සැබෑ දිය සහ මිරිඟු දිය වෙන්කර හඳුනා ගත හැකි මිනිස් ඇසක් වෙද? මේ පැණ සියල්ල ගොඩනැගෙන්නේ මේ කවියේ ඇති මෙම අසංවිධානාත්මක ආලය පිළිබඳ ප්‍රවාදයේ ප්‍රතිඵල නිසාවෙනි. ආලය සිත පිළිබඳ මෙලෙස විවරණය වන කාව්‍ය චින්තාව විසින් නැවතත් ඒ ප්‍රත්‍යක්ෂ දැනුම වනාහී අන්ධ බව මිදුමකැයි සිතීමකට නිශ්චිතව පරිවර්තනය කොට ඇත. සත්‍ය කුමක් වුවද කවියේ සත්‍යය මෙලෙස වටහා නොගැනුම ම වටහා ගැනුම දක්වා වර්ධනය කොට ඇත. අපට අත පෙවිය නොහැකි දුරක ඇති දැනුමක පීඩනය මෙලෙස නැවත අප වෙත ගෙන එන මේ කවියේ මනෝ විශ්ලේෂණාත්මක බර විසින් අපගේ සිතුවිලි කම්පනය කරවන්නට සමත් වන බැව් මට සිතේ.
ප්‍රෙමයෙන් සිත පිරී තිබුනොතින්
නුඹ දෙපා තබන තැන
නොනවතින මහා දිය සුළියක්ය
දිය මතින් අසෙනියා මල් පිපී
සුළි අගින් වක්ව ඉඳු සැව් නැගී........
ඒ උනත් නුඹෙ දෙපා සුළියකය
ප්‍රේමයේ පරිධියේ ඇති අවිනිශ්චිත විශ්කම්භය පිළිබඳ කවිය සිය බස හසුරුවන අයුරු දැන් අපට විද්‍යමාන වේ.
ප්‍රේමයෙන් සිත පිරී තිබුනොතින් නුඹ දෙපා තබන තැන නොනවතින මහා දිය සුළියක්ය යනුම නුඹ සිත ප්‍රේමයෙන් පිරී නැතියැයි කීමෙහි ව්‍යංගාර්ථය යි. මන්ද යත් දෙපා සුළියක් මත පිහිටුවා ගැනුම නොහැකි දෙයක් බැව් සපථ වන බැවිනි. මේ නම් සුළි අගින් දේදුනු නැගෙන්නා සේම නොවන්නකි.
එක් වරම සිඳී ගිය දියවරක
පෙනැහැල්ල නමින් කරමල දරන
ජීවයක් තිබෙන්නට බෑ නේද
හිඳුණ බිම මීන වරලක නමට
සෙහේතුක මතක බණ කියන්නට
මෝසමක් වී මිතුරු සිත් එන්න
සිඳී ගිය දිය දහරක පෙණහළු සේ ක්‍රියාකාරී වන කරමල සහිත ජීවයක් පවතින්නට නොහැකි බව ද දිය සිඳී ගිය පොළව මත මත්ස්‍ය වරළක ශේෂයකට මතක බණ කියන්නට මෝසමක් වී මිතුරු සිතකට එන්නට ආරාධනාවක් ද මේ පද කීපයේ ගැබ් වේ.
මෙහි කාව්‍යාත්මක ප්‍රබන්ධය හුදු පුද්ගල අත්දැකීම විශ්වීයකරණයක් හෝ සාමාන්‍යකරණයක් කරා යොමු වී ඇත්දැයි සෘජුව නිශ්චය කිරීම අපහසුය. මෙහිදී මා අත්දකින්නේ නැවත වරක් අවිඥානික සිතුවිලි වචන හමු වී ලේඛණගත වූ විට පෙලෙන සනාතනික ගැටළුවකි. එය මේ කවියේ සන්දර්භයෙන් පිටතට කියවන්නා තෙරපා දමන මොහොතකි. එනමුත් ප්‍රේමයෙන් විනිර්මුක්ත සිතකට කළ හැකි ප්‍රෙමය පිළිබඳ කරනු ලබන සාධනීය නැවුම් නිර්වචනයක් තුළින් මේ කවියේ සිරුර තම සන්තතික බව පවත්වා ගන්නට දරණ උත්සාහයක් ලෙසද මේ ඇරයුම කියවා ගත හැකිය. එනමුත් මේ පද කීපය අවිනිශ්චිතතාවයෙන් පෙලෙයි. ආලයෙන් මිදුණේ නම් ශෝකයක් නැත්තේ යැයි කීම එහි ප්‍රතිවර්ත්‍ය පිහිටුමක් මේ වැකි තුළින් නිර්මාණය කරයි. එනම් ආලයෙන් සිත මිදී නොමැති බවයි. ශේෂ වූ යමක් වේද ජීවයක් රහිත යමක් වේද ඒ තුළ නැවත ආලය උපදී ද? එය හුදෙක් දාර්ශනික මතිභ්‍රමයකට කියවන්නා ඇද දමයි.
මිනිස් සිතට ආලයෙන් මිදිය නොහැකි බැව් අභ්‍යුපගමනය වන මේ කව විවිධ ආකාර වූ ප්‍රේමයේ ඛණ්ඩාංක ලකුණු කරමින් පැමිණ අවසන් වන්නේ කෙසේදැයි කියවා බලමු.
මිදීම ම නිවීමක් වන කලට
ඒ නියත මොහොත තුළ
මිදීම ම රිදීමක් විය හැකි ය
එස ඳ මම
කඩා ගන්නෙමි කෙස්ස
පේමතෝ විප්පමුත්තස්ස
මේ අවසන් වීම යනුම නැවත ආරම්භයකි. එනම් චක්‍රීය ලෙස ප්‍රේමයෙන් මිදුමක් නොමැති යැයි සාක්ෂාත් කරවන අවසානයකි. මිදීම ම නිවීමක් වන කලට ඒ නියත මොහොත තුළ මිදීම ම රිදීමක් විය හැකි නම් ප්‍රේමයෙන් මිදුණු සිත ශෝකයෙන් මිදුණා නොවේ. පරස්පරයකි. එ සඳ මම කඩා ගන්නෙමි කෙස්ස යනුම වේදනාවේ ප්‍රකාශනය යි.
ප්‍රේමය යනුම හිංසාකාරී මූලයකින් යුත් මනෝ ප්‍රපංචයක් බැව් මේ කව අපට කියා නොදෙන පාඩමයි.

විචාර,
සුභද්‍රා ජයසුන්දර
Subscribe to:
Posts (Atom)