Friday, June 3, 2011

ඔබ නිවී ගිය පසු

වැටුණු විට මල් පෙත්ත
නිල් දිය තලය මතුපිට
නැගෙයි රැළිති පෙළ හැඩ
නැගි නැගී යයි ඉවුරු දෙසටම

වැදුණු විට අකුණු සර
දිය වී ඇවිලී වැගිරෙයි උසම තැන
ප්‍රභා මණ්ඩලය කිසි විට
ඉලක්කය නොගනී පහත් තැනි බිම

පිපී සුගන්ධය දෙන මල්මත
බඹරුන් තැබූ කල සිය පය
කල්ගත නොහැක මොහොතකුදු
නිසි ඵල ලෙසට නැගී ආ යුතු

ඔබ නිවී ගිය පසු
වැටෙයි ආලෝකය පෙර නොවු ලෙස
නිවෙනු නම් යනු ඒ ලෙස
දැල්වෙනු ඇත හෙට මුලු ලෝ සත


02/06/2011

0 කුළිය: