ගබ්සාව
ගබ්සාව
මම ඇය අසල ගොස් වැතිරීමි
ඈ දෙස නෙත් දල්වා බලා සිටිමි
ඈ මා දෙස ද
මා ඈ දෙස ද
ධ්‍යානයකට සම වැද
අපි එකිනෙකා දෙස
බලා සිටියෙමු
මම ඇයට සෙමෙන් පැවසීමි
"මා ඔබට ඊයේ රාත්‍රියේ
මත් වන්නට සිතු සේ
පානය ට දුන්නේ
මධුවිතෙකැයි කියා
දියරයකි
සුනඛ මුත්‍ර
මුසු කළ!"
ඈ අසුරු සැනෙකින්
වමනය කළාය
මා ඉදිරිපිට
සියළු දෑ
එතුවක් ඈ කුස ද
මනස ද
පිරී වෙළා ගත්
මම ඉන් පසු විශ්වාස කළෙමි
වචන දැල සතු ශක්තිය
යක්ෂයින් මෙල්ල කළ
මහා යන්තර මන්තර සූත්තර!
අවිඥානය දැලේ පැටලුන
යක්-බූ-පිසස්-කළු කුමාර-තනිකං දෝස
වැනෙන හැටි දෙපළුව
බොරෝමියානු* නගුටු වලිග අබියස!
* Borromean knot
මම ඇය අසල ගොස් වැතිරීමි
ඈ දෙස නෙත් දල්වා බලා සිටිමි
ඈ මා දෙස ද
මා ඈ දෙස ද
ධ්‍යානයකට සම වැද
අපි එකිනෙකා දෙස
බලා සිටියෙමු
මම ඇයට සෙමෙන් පැවසීමි
"මා ඔබට ඊයේ රාත්‍රියේ
මත් වන්නට සිතු සේ
පානය ට දුන්නේ
මධුවිතෙකැයි කියා
දියරයකි
සුනඛ මුත්‍ර
මුසු කළ!"
ඈ අසුරු සැනෙකින්
වමනය කළාය
මා ඉදිරිපිට
සියළු දෑ
එතුවක් ඈ කුස ද
මනස ද
පිරී වෙළා ගත්
මම ඉන් පසු විශ්වාස කළෙමි
වචන දැල සතු ශක්තිය
යක්ෂයින් මෙල්ල කළ
මහා යන්තර මන්තර සූත්තර!
අවිඥානය දැලේ පැටලුන
යක්-බූ-පිසස්-කළු කුමාර-තනිකං දෝස
වැනෙන හැටි දෙපළුව
බොරෝමියානු* නගුටු වලිග අබියස!
* Borromean knot
Comments
තේරුම බලන්න ලින්ක් කට යන්න හැදුවා.යන්න බැහැ .... :(
වළලු තුනක දාමයකින් හැදුනු බොරෝමියානු ගැටය ලැකානියානු මනෝවිශ්ලේෂනයේ සුලභ ආකෘතියක්.
එහි එකිනෙකට යුගලමය ලෙස නොබැඳී තුන්වැනි වළල්ලකින් අනෙක් යුගලය බැඳ තබා ගන්නා සුවිශේෂී ගතිගුණ සහිත ගැටයක් බැවින් එය ලැකාන් විසින් සංකේතීය-පරිකල්පනීය සහ යථ යන රෙජිස්තර විස්තර කිරීමටත් ඒවායේ ටොපෝලොජිකල් සම්බන්ධතා සාකච්ඡා කිරීමටත් උපයෝගී කරගත් ආකෘතියක්.
ස්තූතියි... Hermitian .
ඔබ කියූ වැඩි හරියක් මට නොතේරුනත් , නොදැන සිටි දෙයට වඩා යමක් තේරුම් ගත හැකි වුනා.ස්තූතියි ...