Thursday, June 9, 2011

දම් පාට

දම් පාට

පාටක් නැති වතුර
වැටෙන විට නුඹ සිරුර මත
මතුවෙලා පෙනෙයි
නු‍ඹෙ පාට දම් පාට බව

සේදිලා ගිය විටෙක
මඩ පාට දූවිල්ල
මතු වෙලා පෙනෙයි
නු‍ඹෙ පාට දම් පාට බව

ඇද හැලෙන විට වැස්ස
අකුණු පුපුරයි හද ගැබ
සේදුනත් ඇඟ මස් ගොබ
ගිනි ගනී හද අබතුර

බොකුටු හැඩ ගැට ගෙතුණු
අකීකරු කොණ්ඩ මිස‍
නැත සිතක් ගැට ගැසුණු
උල් පතොක් කටු ඔටුණු

තෙත බරිත හරිත පැහැ
තුරු මුදුනක නිසොල්මන
නුඹේ දෑස් මත ඇඳෙයි
මොහොතකට පෙර සමුදෙන්න

හෙට ආයේ එනවාද
අපේ වැඩ බිමට නුඹ
දම්පාට කොල්ලනේ
රන් පාට සිත් පැළැඳ

ඩෝසන් ප්‍රීති
09/06/2011

[ඡායාරූපය බාමෙන්ඩාවේ වැඩ බිමෙනි]

1 කුළිය:

Wipula|විපුල said...

රන්පාට හිත් ඇති හිස් බොකුටු දම්පාට කෙල්ලන් මැවෙයි දෙනෙත් අබියස, කඳුළක්ද කෙවෙයි ඇස් කොනේ නොවැටී බිමට. කාලෙකින් ඩෝසන්ගේ නිර්මාණයක් දැකීමත් සතුටක්... හැබෑට ඔය වැඩබිමේ මටත් වැඩකරන්න බැරිද ? මමත් දම්පාටයි....