Friday, March 21, 2014

සලක්කාරං

සුභද්‍රා කවි පොතකට කවි එකතු කරන්න පටන් අරන් කියල දැන ගනිද්දී මට සතුටක් දැනුණ. ඇයගේ කවි කීපයක් ගැන මා රස විඳුම් සටහන් ලියා තැබුව, ඒ ටික කලකට පෙර. පළ කරන්නට යන පොතක එකට ඈඳුන කවි පොකුරකින් එකක් දෙකක් පමණක් වෙන් කොට මගේ බ්ලොගයේ දැමීම ඒවා සමස්තයක් ලෙස රස විඳීමට සිටින පාඨකයන්ට කරන වරදක් ලෙස සිතෙන බැවින් ඇගේ  අලුත් කවි මෙහි පළ නොකරන්නට මම සිතා ගත්තෙමි.  එම කවි එකම පොතක එක මිටට පත් වූ විට කුමන හැඩයක් ගනීදැයි පෙරැයීමට මා නොදන්නා බැවින් ද කොටසින් කොටස කඩා විසිරුවාලනු නොහොබියැයි මම සිතමි. නෙගටිව් පෘෆ් එකක් විදියට වැරදිලා හෝ එබඳු කවක් මෙහි පළ කල විටෙක සිදුවිය හැකි අභාග්‍යසම්පන්න සිදුවීම අත්දකිනු වස් එක කවියක් මෙහි පළ කරමි. ඒ පළ කිරීම සිදුවන්නේ අත්වැරදීමකිනි. අත් වැරැද්දම දැන දැන සිදුවීම මේ කාලයේ ස්වභාවය යි.

අරූපාවචර ප්‍රේමය

රාත්‍රී යහනේදී, මාගේ ආත්මය ප්‍රේම කරන තැනැත්තා සෙවීමි.
මට ඔහු හමු වූයේ නැත.*
දිවා කල, අනන්ත සැරිසැරීම් තුල
ඔහු සෙවීමේ අසංකල්පිත චලනයන් වූවා
මට ඔහු හමු වූයේ නැත.

සියලුම රාත්‍රීන් සහ ඇතැම් දහවල් කාල
සරාගී සිහින සමගම අනන්‍ය වන්නේ
ඔහු මා කරා පැමිනෙයි
එහෙත් ඔහු අසංඛාර වන්නේ
මට දැක ගත නොහැක
ස්පර්ශ කල නොහැක

ඔහු නොපවතින්නේ නම්
ආත්ම ගතවන සුවඳක්
ළයෙහි පවතින්නේ මන්දැයි නොදනිමි
ස්පර්ශයෙන් තොර
අරූපාවචර මිනිසෙකුට
පෙම් කරන්නේ කෙසේද

මම මගේ මනසිකාරය සොයා යන්නෙමි

අසංඛ්‍යය වූ දෝමනස්සී චාරිකා
කුඩා විවරයකින් ආරාධිත
විසල් ගුහාවකින් අවසන්ය
එහි වෙසෙන අරූපාත්මයට
ප්‍රේමයේ රූපය අඹන්නෙමි

රන් උරිස් මත නීල ඝන ජටා රදන්නේ
කිරෙන් සේදී පිරුණු සුනිල ඇස් දරන්නේ
වමත මාගේ හිසට යට තබා
දකුණතින් මා වැලඳ ගන්නා*
පිරිමි සිරුරක් කෙසේ වත් නොවී.

නිම නොවන විඳවුමක - ආනන්තරිය හැඩයක්
අභින්නවු හිස්බවක් ලෙස නැගේ
මගේපෙම නොනැගිටුවන ලෙසත්
නොපුබුදුවන ලෙසත්*ඉල්ලමි

වැළපෙමි.

 *ශුද්ධ බයිබලය

සුභද්‍රා ජයසුන්දර

අද උදෑසන ඊමේලයක දැවටී තිබූ ඉංග්‍රීසි කවියක් මගේ සිත් ගත් බැවින් ඒ ගැන වචනයක් දෙකක් ලියන්නට කළ සොයා බැලීමේ දී ඒ කවියේ කතෘ ද කාන්තාවක බැව් දැන ගතිමි. ඇයගේ නම ඩයන් හයින් ය. ඒ නම මා උසුරුවන අයුරුයි. සමහර විට ඒ වැරදි ඇති. ඒ වරද නිවරද කරතොත් කෘතඥ වෙමි. ඇයගේ කෙටි විස්තරයක් සොයා ගැනුමට මා වෙහෙසුනද ඒ අසාර්ථක වූයෙන් ඇයගේ වතගොත වාර්තා කිරීම පසුවට තබා ඇගේ නිර්මානය මෙහි තබන්නට මම උත්සුක වෙමි. මේ නිර්මානයේ ප්‍රස්තුතය ජ්‍යොතිෂයේ දැක්වෙන රාශි දොලොසයි. ඒ සංකේතවලට ගණිතමය සහ භෞතික සංකල්ප ඉතා සූක්ෂම ලෙස පටලවා එහි අරුත් වෙනත් අරුත් සමග මුහුකර මතු කරන අවිධිමත් විද්‍යාව හෝ අවිද්‍යාත්මක විද්‍යාව මනෝහරය. මේ නිර්මානය ඉංග්‍රීසියෙන් සිංහලට පෙරලන්නට මා උත්සහ ගත්ත ද ඒ දැඩි ලෙස අසාර්ථක වූයෙන් එම ප්‍රයාමය අත්හළෙමි. සමහර යෙදුම් තේරුම් ගන්නට මට නොහැකි බැවිනි ඒ. ඉතා විශාල කාලයක් ඒ සඳහා මිඩංගු කරන්නට ද මට නොහැකි බැවින් තේරෙන විදියට තේරුම් ගැනීමේ අභ්‍යාසයක් ලෙස මෙය මෙහි රඳවා තබන්නේ මට මතු යම් දිනෙක නැවත සලක්කාරං කිරීමට ය. "සලක්කාරං" යැයි වචනයක් මා හට පොත පතින් කිසිදිනෙක දුටු මතකයක් නැත. එනමුත් මා කුඩා කල අම්මා මගේ සමහර කටයුතු විමසන්නී "ඔය සලක්කාරං නවතා පොතක වැඩක යෙදෙනු" යි අණ පැනවූ බවක් මතක තියේ. ඒ අනුව තවමත් මම නොයෙක් දේ සලක්කාරං කිරීමෙන් සතුටක් ලබමි. සලක්කාරං යන්නෙහි මගේ තේරුම නම් හාරා අවුස්සා බැලීමය. 

Mathematical Star Signs

A Mass of Aries rams describes a Curl
Potentially connected to a Field
Some Fractal of Mechanics may unfurl
A Calculus of fuzzy-logic yield.

Quadratic Taurus bulls do not Equate
So don't get Knotted arguing the toss
Although with cows they'll gladly permutate
Inverting them with Product makes them Cross.

Most Geminis are tied in Causal Loop
Because their brains are Hypobolic Plot
So if you Add their salad to their soup
It anti-matters them and matters not.

Cancerians love Cartographic law
Their kind presents a Strange Attractor risk
But should their Bifurcations start to bore
They make delicious Metamathic bisque.

The Cumulative Frequency of Leos
Thrice multiplies their skill at Quantum Jump
But if they start to overRule your Peanos
Just poke them with a Compass in the rump.

Harmonic Virgos may be tempt to play
By flattery Tangented to their ear
'I love the Curve Elliptic of your sway
Thou art the Cuboid destined for my Sphere'.

X Librans makes a Quantity of prate
Now double it for Power Y to Zen
Subtracting Z produces vacillate
Divide by thumps to clear and start again.

Shy Scorpios in Logarithms hide
With Relativity which they embrace
They fly by taking Parabolic ride
With aliens from Fibonacci Space.

As Sagittarians Abstractly run
On no Account engage in Matrix dance
Whilst they may find it Exponential fun
You'll forfeit toes to their Kinetic prance.

To Orbifold a Capricorns Converse
Distract by 'citing enth- most place of Pi
But if the Complex Plane remains adverse
Contuse with Games of Cryptograph eye-spy.

Aquarians are Fluidly Inclined
To saying stupid things like 'catch a Wave'
Illogic'lly Entangled in the mind
Their Hemispheric Orbits won't behave.

The Roots of Pisceans obliquely Lie
Within an Escher Tesselated bowl
They're blessed with Countless Postulated fry
And Scaled with Quasicrystal fungal sole.

Note: Augustine(354-430 CE) wrote, 'The good christian should avoid mathematicians and all those who make empty prophecies. the danger already exists that mathematicians have made a covenant with the Devil to darken the spirit and to confine man in the bonds of Hell'

-but he was really talking about astrologers- 

Diane Hine


කවියේ චිත්‍රය මගේ වැඩක්, තාක්ෂණික හරඹය Samsung Note 8 හි තියෙන Paper Artist ඇසුරෙන්.