නීතිඥයන් දෙදෙනෙකු මැරුවෙමි ඊයේ
දොස්තර කෙනෙකු අළු කෙරුවෙමි දර සෑයේ
සගය බලව අර මුල්ලේ ගැහෙන්නේ
ඉංජිනේරුවෙකි අත් පා කපා දැමූ
කඩුවෙන් කළ යුත්ත පෑනෙන් වලකන්න
වැර දැරූ උන්ට කර ඇති දේ බලපන්න
මුර දේවතාවන් කුමට ද මෙ දැයට
බණ පොත් ගිණි තබමි උණුසුම ලැබ ගන්න
උපාධිය සමග කඩුවක් නොදෙන නිසා
බොහෝ පහසු විය කරනට මගෙ සේවෙ
මගෙ අසිපතට නැත කසි අභියෝගෙ
උගත් කම මොටද කඩුවක් නොමැතිකොට
නිමා කොට රැුයක් බොහො වෙහෙසයි සගය
විවෙකයට සැතපෙමි කහවනු මත්තේ
හෙටත් නැවත ඔ්නැවෙන නිසාවට
මුවත් තබමි අසිපත ඇහැරුණ පසුව
ජගත් ජේ එදිරිසිංහ
සිසිරයේ පිපුන මල 2000 කාව්‍ය සංග‍්‍රහයෙන් උපුටා ගන්නා ලදී.
සිසිරයේ පිපුන මල ජගත්ගෙ ප‍්‍රථම නිර්මාණ සංග‍්‍රහයයි. එය අදින් වසර අටකට ඔබ්බෙන් ඔහු තුල වු සමාජ දැක්මෙ ප‍්‍රකාෂිත ලක්ෂ්‍යයි. වසර දෙදාහ ලබද්දී ද ලොවම කැලඹී නව සහස‍්‍රය පිලිබඳ නොයෙක් භීතිකාවන් සිත් මවා ගෙන මාධ්‍ය කේන්ද‍්‍රීය මහා ව්‍යසනයක් වපුරමින් ඉලක්කම් මාරු වීමට පසුබිම් වූ ආර්ථික මූලෝපායන් ප‍්‍රතිසංවිධානය වූ බැංකු කොල්ලකරුවන්ගෙ සිහින බිඳ වැටුන සමයයි. අන්තර්ජාලය ලොව වඩාත්ම වෙගයෙන් ව්‍යාප්ත වූ කාල වකවානුවයි.ඊට මදක් එහාට දශකයකින් කාල රේඛාව දිග් කළ හොත් ලාංකීය ප‍්‍රගතිශීලි සමාජ ව්‍යාපාරයන්හි දෙවන කඩා වැටීමෙ ඛණ්ඩාංකය හමුවෙ. මෙ ෙඓතිහාසික යුග අන්තර්කාල වකවාණුව කවියාගේ විෂය පථය සපයා ඇත්තේය.
උතුරෙ යුද පීඩනයත් 1988 න් පසු ගොඩනැගෙන පශ්චාත් වාමවාදී නිර්වින්දිත සමාජයත් සමස්ත ආර්ථිකය තුලටම කිඳා බැසගත් මහා පරිමාණ පෙද්ගලීකරණ ව්‍යාපෘතිත් ඉමක කොනක් නැති සංස්කෘතික පුපුරා යාම් ද හරහා අන්ත අසරණ වන දේශීය නිදහස් අධ්‍යාපනයෙන් රජයේ ජනතාවගේ මුදලින් සිය උසස් අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගත් අල්පතරයක් විදේශයන් කරා සංක‍්‍රමණය වන්නේය. බොහෝ අය දෙමළ දේශපාලන රැකවලුන් ලෙස බටහිර රටවල් කරා ඇදෙද්දී සිංහල යමක් කමක් කරගත හැකි මධ්‍යම පංතිකයෝද සිය අනාගත සුරක්ෂාව සම්බන්දයෙන් විදේශ පිහිට පතා ගත්හ.
එබන්දන් ගේ ලසොව ද ජගත් සිය කවි ඇසෙන් විනිවිදින නිමැවුමක් මගේ සිත් ගති.
තරණය
මෙ කන්ද මා නැගුන බොහො උසයි
ගොඩ වුනේ කෙලෙස දැයි මට සිතෙයි
අත දුන්න අතලොස්ස සිහි නැගෙයි
ආ ගමන දුෂ්කරයි හරි දුකයි
බැන්ද බැමි මග දිගට බෝ තිබෙයි
මා පයෙන් ඇද්ද වුන් අපමණයි
මට කළින් පැමිණි වුන් මෙහි සිටියි
උන් පැමිණි දඩුමොණර මෙහි තිබෙයි
මා දෙපා නම් අනේ රිදුම් දෙයි
බිම සිටින බොහෝ අය මට පෙනෙයි
අතරමග වැටෙනවුන් ගැන දුකයි
දිගු කෙරුන මා දෑත නුඹටමයි
to be continued...