Friday, October 9, 2015

ප්‍රේමයේ කාර්තු-කාංචනා අමිලානි

කාංචනා අමිලානිගේ පළමු කවි පොත ප්‍රේමයේ කාර්තු ලෙස පසුගිය දිනක එළි දැක්විණ. ඉන් පිටපතක් ලබන්නට මා ද වාසනාවන්ත වූයෙන් ඇගෙ කවි පිළිබඳ ඉතා කෙටි සටහනක් තබන්නට සිත් වුණි.
කාංචනාගේ කවි මා බොහෝ රස විඳ ඇත්තේ මුහුණු පොතෙනි. ඒවා අතුරින් ස්වල්පයක් තෝරා පොතක් ලෙස පළ කොට ඇත. මා කියවූ බොහෝ රසවත් කවි මේ පොතෙන් ගිලිහී ඇත. 


ප්‍රහේලිකාවකින්

ප්‍රහේලිකාවකින් ආදරෙයි කියන්න
වචන දෙකක් අතර හිඩැසක් තියන්න
කෝ එන්න
අපි පනිමු මේ කළු කොටුවට
අර බලන්න‍
අකුරක් අඩුව දුක් වෙන යුවළක්
ඒ වගේ නෙවෙයි අපි

ඒත් අපිට ඕනෑ කළු කොටුවට පනින්න
බිම බලන්නෙ නරක අය
සුළු දේටත් බය අය

හරහට අකුරු අඩු වුණේ වැරදීමකින්
එක දිගට කළු කොටු හදන
උකුසු හොටකින් පාලමක් හදන්න
අපි පනින්නම ඕනෑ අර ලොකු කළු කොටුවට

ප්‍රහේලිකාවකින් ආදරෙයි කියන්න
තොල් පියාගෙන හිනාවෙන්න
ඔයා කැමති ඇති උපකාරකයක් වෙන්න
ඒ බව කියා එවන්න
මම කැමති නෑ ලියුම් කියවන්න

ප්‍රේමයේ කාර්තු

අප
ප්‍රේමයේ
කිසිම කාර්තුවකට
අයිති නොවන

නිකමට
එකිනෙකා ළඟ
සිටගෙන සිටින

හදවතේ සිදුරු වසන්නට
කුඩා කවි කැබලි
හුවමාරු කර ගන්න

නිකමට
එකිනෙකා ළඟ
දැවටෙමින් ඉන්න


මොන පිස්සුද!

 ඔන්න ඔහොම
වීනස් ප්‍රතිමාව මෙන්
නොසෙල්වී ඉන්න

මැටියෙන් අතක් තනන්නට
මට පැයක් දෙන්න
ඇග වැහෙන්නට සළුවක් වියන්න
පැය තුනක් දෙන්න

පිළිමය:

අත ගලවා ඇඳුම් ඉරා
ආවේ ඔබ සොයා
මොන පිස්සුද
මෙන්න මෙහෙ එන්න


බොරු සිංහයා

ස්කුටි පෙප් පදින
දාමරික ඔබ
මට හිනා සාගරයක්

ගැහනු- ළමයි
පෙරළාගෙන
අත් අඹරවමින්
දුම්රියට ගොඩ වන ඔබ
රෙදි සෙල්ලම් බඩුවක්

මැජික් උගත්
අකුරු නොදත්
කඩු වනන
පුංචි සිංහයා ඔබ

බියරුත් වැඩි
සල්ස නටන
හැන්ඩ්සම් ගයි ඔබ

මම
ඇත්ත චණ්ඩියෙක් හොයන
සිනමා නිළියක්


සියලු තැන ලාවා වැගිරෙන

ආදර සිතියම
කිසි තැනක ගිනි කඳු ලකුණු කර නැති
එහෙත් සියලු තැන ලාවා වැගිරෙන

අද්භූත සිතියමක

අද්භූත සිතියමක
හිමට වැටෙනා කඳු ගැටයක
දම්පාට මලින් හිස වසාගෙන
සිටියැකිද?

ගංගා ලකුණු කළ
නියමිත තැන් මඟහැර
ලතා මණ්ඩප වෙතට
ගල-ගලා සිටියැකිද?

ත්‍රිකෝණයකින්
ඔබ සිටින තැන පෙන්වන විට
වම්මුල්ලක් ඇර
එහි ඇතුළුව
සමචතුරස්‍රයක් වෙන්න
මට පුළුවන් ද?


ක්‍රිකට්

මැච් බලති
දූපතක පිරිමි
පුටු මත අලවාන පස්ස

හය ගහන විදිහ
විකට්ටුවටම
බෝලය දමන හැටි
දන්නේ
මේ අයමය
සිටියාට අලවාන පස්ස පුටු මත

ඒ දූපතේම
ගැහැනු
ළමයි නළවති
බත් උයති
දර පළති
රෙදි සෝදති
තේ හදති
මදි පාඩුවට
රටද යති
පෙට්ටියෙන් ගෙදර එන්නට

ඒ මොනවා වුණත්
දූපතේ පිරිමි
මැච් බලති
අලවාන පශ්චාත්භාග
පුටු මත


උදුරාගත් හද මසම වළඳන

මිතුරනි
පියාඹන්නට අත්තටු කොහිද තොපට
උනුන් අත්තටු ඉර-ඉරා ඇවිදින විට
ඒ ඔබේ ප්‍ර මෝදය
අනෙකා කීතු කර මළ මිනී ගණන් කිරීම
අත දමා පපුවටම
හෘදය වස්තුවම එළියට ගැනීම

මිතුරනි
අකුරුවලට වෙනත් තේරුම් ඇති විට
කුමට සුරකිම්ද
තෙත හදවතින් සෙමෙන් සිපගත් වචන
මේ කුරිරු පැන්ඩෝරාවේය අපි හැම
උදුරාගත් හද මසම වළඳන

මිතුරනි
පිහි ඇනුම් සැම තැනම
එකිනෙකා වැලඳගෙන අන්තිම හුස්ම හෙලන
එකට පියඹමින් සිටි සුමුදු අත්තටු පිරිමැදෙන
නරකම මොහොත මේ
අපිට අපිවම පෙනෙන
යක්ෂයන් අවි අමෝරා නැගිටින
ඒත් අපි තවම සිනාසෙන


TWO VULGAR JOKES about testicles from Eastern Europe illustrate the fool-knave opposition perfectly. In the first one, a customer is sitting at a bar, drinking whisky; a monkey comes dancing along the counter, stops at his glass, washes his balls in it, and dances away. Badly shocked, the customer orders another glass of whisky; the monkey strolls along again and does the same. Furious, the customer asks the bartender: “Do you know why that monkey is washing his balls in my whisky?” The bartender replies: “I have no idea—ask the gypsy, he knows everything!” The guest turns to the gypsy, who is wandering around the bar, amusing guests with his violin and songs, and asks him: “Do you know why that monkey is washing his balls in my whisky?” The gypsy answers calmly: “Yes, sure!” and starts to sing a sad melancholic song: “Why does that monkey wash his balls in my whisky, oh why …” The point, of course, is that gypsy musicians are supposed to know hundreds of songs and perform them at the customers’ request, so the gypsy has understood the customer’s question as a request for a song about a monkey washing his balls in whisky. This is the poetry of ideology at its purest.

- Žižek’s Jokes පිටුව 99