Friday, June 12, 2009

සමරගේ කෙටි කතා පොත්

සමරගේ කෙටි කතා පොත්
චූල ගායිකාව
ප‍්‍රථම මුද‍්‍රණය 2003 ප‍්‍රකාශනය සංහිඳ මුද‍්‍රණ සහ ප‍්‍රකාශන දු.ක. 2802679

ගෝත‍්‍රිකාව

ප‍්‍රථම මුද‍්‍රණය 2004 ප‍්‍රකාශනය කර්තෘ ප‍්‍රකාශනයකි
නොසිදුවීම් කීපයක්



ප‍්‍රථම මුද‍්‍රණය 2005 ප‍්‍රකාශනය සංහිඳ මුද‍්‍රණ සහ ප‍්‍රකාශන දු.ක. 2802679 - 4924697

පේ‍්‍රමණිය හැන්දෑවක් නොවේ - [රවිනාථ] - කවියේ ද්වන්ධාත්මය

පේ‍්‍රමණිය හැන්දෑවක් නොවේ
ඉටිපහන් මන්දාලෝකයේ
ගිනියම් මද්දහනෙන්
සීත පිඹින ගිිනි හුයක් යටට
පිටස්තරයෙකුගේ ඇස නොගැටී
පලා ආ අපූරුව

නින්නාද දී සරාගී සර
හඬ හඬා පවුරු මත ප‍්‍රකම්පිතව
මහා සන්ධ්වනිය අරඹා
සිතින් තොර කය
සන්තර්පණය කල අපූරුව

රාගී පරමාශ්වාදයට පසු
එළඹෙන පශ්චාත්තායට ඉඩ දී
නිද්‍රාවට වැටී හුන් සිත ඇහැරී
අවුල්ව ගිය
සයනය දෙස බලා හිඳ
”මුදුව අමතක නොකර පැළඳගන්න” යි
මතක් කර දුන් අපූරුව

රවිනාථ

රවිනාථ විසින් විරචිත ඉහත කවිය ගැන මගේ අදහස් දැක්වීමකි මේ.

ම‍ට මෙ නිර්මාණය ප‍්‍රථමයෙන්ම කියවන් යද්දී ඇගවුම් කළේ හංස විලක් සිනමා පටයේ තේමාවයි.
එම සිනමා පටයේ තැනින් තැනින් මතු වී මා මනසේ සිත්තම් වූ සිතුවම් කොලාජ් ක‍්‍රමයකට පිරිද්දී මට දැනුනේ මෙ කවිය එහි කිදී ගිය ලෙසකි.

හංස විලක් සිනමා පටයේ මුඛ්‍ය තේමාව එම සිනමාපට‍ය බිහිවන නොහොත් ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ ඒ කාලවකවානුවේ නාගරික පවුල නමැති ඒකකය සමාජ පෙරලිය සමග මුහුණ දෙන අධ්‍යාත්මික බිද වැටීමේ එක්තරා මනෝමූලික කියවීමකි.
හංස විලක් සිනමා පටය ගැන මා මෑත යුගයේ හරවත් විචාරයක් කියවා ඇත්තේ ලන්ඩන් සගරාවෙනි. එයද මෙහි සදහන් කළ මනාය.

එය අන්තර්ජාලයේ ති‍්‍රමාන අඩවියේ ති‍්‍රමාන අඩවියේ සැරිසරන්නකුට කියවා ගත හැකිය.

එම සිනමා පටය ගැන මගේ දැනීමෙන් වුවද එතරම් කෙටි හැදින්වීමක් ප‍්‍රමාණවත් නොවූවද මෙ කවිය පිලිබද මගේ අදහස් ගොනු කරගන්නට ඒ ප‍්‍රමාණවත් යැයි උපකල්පනය කරමි.

ගිනියම් මද්දහනෙන් ඉටිපහන් එලි දැල්වෙන පේ‍්‍රමණීය හැන්දෑවක් ද නොවන කාල නිර්මිතයක කුඩා අවන්හලකට රිංගා ගත් නීත්‍යානුකූලව ගිවිස නොගත් නොහොත් ලියවිල්ලකින් තොරව කායික ඇසුරකට පිලිපන් යුවලක ගේ සිතුමන් වල පුරැෂත්වය අවිනිශ්චිත දෘශ්ඨියකින් මෙම කවියට අනුභූති වී ඇත.

මෙහිදී මා උදක්ම පූර්වයෙන් සදහන් කළ උපනතියේ පුරැෂත්වය අවිනිශ්චිත දෘශ්ඨිය යනුවෙන් දැක්වූයේ කුමක් ද යන්න කේන්ද‍්‍ර කරගෙන මෙය විනිසන්නට පෙළඹෙමි.

මෙම කවියේ පූර්වභාගය පුරැෂ හෝ ස්තී‍්‍ර කවර හෝ දෘශ්ඨියකින් ලියැවී ඇත.
එය නපුංසක දෘශ්ඨියක් යැයි කීව ද වරදක් නැතිය.


දෙවන කොටසේ දී ලිංගික කී‍්‍රඩාව මහා සංද්ධවනියක් ලෙස රෑ ගන්වා ඇත්තේ පුරැෂ කේන්දී‍්‍රයව ය.
සරා ගී සර නින්නාද දී හඩ හඩා පවුරැ නමැති මානසික බාධාවන් මත්තේ අනුරතියට නොමැති සිතකින් කය සතපවන්නේ ස්ති‍්‍රය බැද දමා ඇති වික්ටෝරියානු බැමි මැද්දේය.


එය පුරැෂයාට සංද්ධවනියකි. ගැහැණියට කාම මෝලේ තැලීමකි.
සන්තර්පණය අපූරැ වන්නේ ද පුරැෂයාටමය. විලෝමය ගැහැණිය උපශාන්තය. මෙ ගැන කිසිවක් එළිපිට නොකියයි.


රාගී පරමාස්වාදය ට පසු පශ්චාත්තාය යනුවෙන් දැක්වෙන රමණ කෙඩෙත්තුව ද අයිති වන්නේ පුරැෂයාටමය. ගැහැණියට ඉදහිටය, එය රහසකි.
රමණ කෙඩෙත්තුව කෙසේ වෙතත් එක්තරා හින්දි චිත‍්‍රපටයක සිංහල උපසිරැසි යෙදුමක මා සිත් ගත් ‍කාම මෝලෙන් තැලී ගිය ස්ති‍්‍රය ගැන කෙරැනු ස්ති‍්‍ර ප‍්‍රකාෂය මට මෙහි මතක් වෙයි.

කෙසේ වුවද මෙ පශ්චත්තාපයන් අපරව එළඹෙන නිද‍්‍රා ආශක්ත පුරැෂ කේන්දී‍්‍රය සුව සහනය විදි සිත ඇහැරී අවුල්ව ගිය හිසින් සයනය‍ දෙස බැලිය යුත්තේ පුරැෂයා ය.

එසේ නම් පුරැෂයාට මුදුව මතක් කර දෙන්නේ ගැහැණිය විය යුතුය.

නොඑසේ නම් මෙ පරමාශ්වාදයෙ ගිලී සුපසන් නින්දක හුන් ගැහැණියට පිරිමියා විසින් මතක් කළ මුදුවක් විය යුතුය.

මෙ දෙකින් කොයික දැයි විනිසන්නට මෙ කවිය අපට ප‍්‍රමාණවත් තොරතුරැ නොසපයන වග පැහැදිලිය.

කවිය ලියැවුනු පුරැෂත්වය ඉක්මවන මෙ අන්තර්ගතය කෙරෙන් මතු වන මෙ ද්වන්ධාත්මය මෙ කවියේ ඇති සුවිශේෂය ලෙස මම දකිමි.

යථාව නම් ගැහැණිය හෝ පිරිමියා යන දෙදෙනාම එක ලෙසම මුදු අමතක කරන්නේ මෙ රාගී පරමාශ්වාදය හමුවෙ බවයි.

ඉදින් ගැහැණිය පමණක් වෙසාව යැයි හංවඩු ගහන මෙ අපේ සමාජයට ගැසූ කනේ පහරක් මෙ කවියේ යටි පෙලේ සැගැවී තිබීම අපගේ පරමාශ්වාදයට හේතු වෙ.

--ඩෝසන් ප‍්‍රීති

Thursday, June 11, 2009

කියුබානු විප්ලවයේ පණස් වස වෙනුවෙන් සංගීත උළෙලක්


කියුබානු විප්ලවයේ පණස් වස වෙනුවෙන් සංගීත උළෙලක්


දිනය- ජූනි 13
වෙලාව- හවස 4.30
තැන- රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය
නිමිත්ත- කියුබානු විප්ලවයේ පණස් වන සැමරුම සහ ජූනි 14 දාට යෙදෙන චේ ග්වරාගේ 81 වෙනි ජන්ම දින සැමරුම.
දායකත්වය- පේරාදෙණිය සංගීත කණ්ඩායම සහ මහනුවර වික්ටර් හාරා සංගීත කණ්ඩායම, රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ බැලේ පාසලේ සිසුවියෝ ඇතුළු විවිධ සංගීත සහ නර්තන කණ්ඩායම්.

Wednesday, June 10, 2009

සමරගෙන් සේදී ගිය පාට සමග එක කවිය සිය වරක්


සමරගෙන් සේදී ගිය පාට සමග එක කවිය සිය වරක්

සමර විජේසිංහගේ සේදී ගිය පාට කෙටි කතා එකතුව සමග එක කවිය සිය වරක් කවි එකතුව ජනගත කිරීමේ උළෙල ඉකුත් මැයි 29 දින සෞන්දර්ය විශ්ව විද්‍යාලයීය පරිශ‍්‍රයේදී පැවැත්විණ. එම උළලේ මුලසුන ආරියවංශ රණවීර විසින් හොබවන ලද අතර, සමන්ත හේරත් විසින් සමරගේ කවි පිළිබඳව ද පියල් කාරියවසම් විසින් සමරගේ කෙටි කතා පිළිබඳව ද දේශන පවත්වන ලදී. මේ කෘති දෙක විශද ප‍්‍රකාශන ලෙස එළි දැක්විණ. මෙය සමරගේ සිව්වන කෙටි කතා සංග‍්‍රහය (චූල ගායිකාව, ගෝත‍්‍රිකාව සහ නොසිදුවීම් කිහිපයක්) වන අතර කවි පොතක් එළි දැක්වූ මුල්ම අවස්ථාවයි.



කෙටිකතාකරණය රේඛීය කඩදාසි කලාවකින් බහුමාන වචන කලාවක් ලෙසට පරිවර්තනය කරන්නට සමර දරන උත්සාහය සිංහල කෙටිකතා කලාව තුල කෙටිකතා විද්‍යාව්ක්‍ රෝපණය කරන්නට ඇවැසි සරැපස සහිත රෝපණ මාධ්‍යයක් නිර්මාණයට පුරෝගාමී වන්නේ යැයි මට සිතේ.

Monday, June 8, 2009

BOONDI-කවි සහ කෙටිකතා නිර්මාණ තරගය -අක්ෂර සෙනග දෙවන සැසිවාරය-



කවි සහ කෙටිකතා නිර්මාණ තරගය

http://www.boondi.lk/ වෙබ් අඩවිය මගින් එහි වර්ෂපූර්ණය වෙනුවෙන්, එළඹෙන සැප්තැම්බරයේ දී සංවිධානය කරනු ලබන අක්ෂර සෙනග දෙවන සැසිවාරයට සමාන්තරව, කවි සහ කෙටිකතා නිර්මාණ තරගයක් පැවැත්වෙයි. මෙමගින් සාහිත්‍යය පිළිබඳව යම් උත්තේජනයක් ඇති කිරීමට අපේක්ෂිත ය. පැහැදිලිව පෙනී යන එම අරමුණට අමතරව, මෙය සැබෑ පරාර්ථකාමී අරමුණු වෙනුවෙන් ලේඛනයේ යෙදෙන මිනිසුන් මේ පොළොව මත තව දුරටත් ඉතිරිව සිටින්නේ ද යන්න පිළිබඳ ඇසිඞ් පරීක්ෂාවක් ද වෙයි. එක් අශ්වයෙකු වින් කරන රේස් පවත්වන වෙළෙන්ඳන් හීනයකින්වත් නොපතන අන්දමේ ත්‍යාග පිරිනැමීමේ රටාවක් මෙහි ලා අප විසින් සැලසුම් කරනු ලැබ තිබේ.

තරගය පාසැල් සහ විවෘත යන අංශ දෙකෙන් පැවැත්වෙයි.

පාසැල් අංශය - ලංකාව තුළ රජයේ පාසැල්වල උසස් පෙළ පන්තිවල ඉගෙනුම ලබන සිසුනට පමණක් මේ සඳහා ඉදිරිපත් විය හැක.
විවෘත අංශය - වයස් සීමාවක් නැත. ලංකාව තුළ හෝ ඉන් පිටත වාසය කරන ඕනෑම ලාංකිකයෙකුට මේ සඳහා ඉදිරිපත් විය හැක.

කොන්දේසි-

1. තරගය කවි සහ කෙටිකතා ලෙස අංශ දෙකකින් යුතු වන අතර එක් අයදුම්කරුවෙකුට මේ අංශ දෙකම සඳහා හෝ එකක් සඳහා ඉදිරිපත් විය හැක.

2. නිර්මාණ භාර ගන්නා අවසාන දිනය - 2009 අගෝස්තු 17.

3. කෙටිකතා අංශය සඳහා එක් අයදුම්කරුවෙකුගෙන් එක් නිර්මාණයක් පමණක් සලකා බැලෙන අතර කවි සඳහා කවි නිර්මාණ දෙකක උපරිමයට යටත්ව නිර්මාණ එවිය හැක.

4. සිංහල බසින් කළ නිර්මාණ පමණක් ඉදිරිපත් කළ යුතුය. නිර්මාණ සඳහා වෙනත් කිසිදු සීමාවක් (වචන සංඛ්‍යාව හෝ තේමාව හෝ මතවාදීමය) නොමැත.

5. එවනු ලබන කිසිදු නිර්මාණයක නම, ලිපිනය ආදී කිසිදු විස්තරයක් සඳහන් නොකළ යුතු අතර හැඳුනුම්පත් අංකය (ජාතික/තැපැල්) පමණක් නිර්මාණ සඳහා භාවිතා කරනු ලබන සියළු කරදාසි වල සටහන් කළ යුතුය. විදෙස්ගත ලාංකියන්ට පමණක් විදේශ ගමන් බලපත‍්‍ර අංකය හැඳුනුම්පත් අංකය වෙනුවට යොදා ගත හැක.

6. සාමාන්‍ය තැපෑලෙන් නිර්මාණ එවන අයදුම් කරුවන්ට පැහැදිලි අකුරෙන් ලියූ අත් පිටපත් හෝ යතුරු ලියනය කළ මුද්‍රිත පිටපත් හෝ එවිය හැක.

7. ඊමේල් මගින් නිර්මාණ එවන අයදුම් කරුවන් අභය අකුරු මාදිලියෙන් (FMAbhaya) ටයිප් කොට ms-Office Word ගොණුවක් ලෙස අමුණා එවිය යුතු අතර එම ගොණුවේ මුල හැඳුනුම්පත් අංකය (ජාතික/තැපැල්) පමණක් සඳහන් කළ යුතුය. විදෙස්ගත ලාංකියන්ට පමණක් විදේශ ගමන් බලපත‍්‍ර අංකය හැඳුනුම්පත් අංකය වෙනුවට යොදා ගත හැක. ගොණුවේ නමෙහි හෝ ගොණුවේ කිසිදු තැනක නම, ලිපිනය ආදී කිසිදු විස්තරයක් සඳහන් නොකළ යුතුය. ඊමේල් හැඳින්වීම (Subject)- ”AKSHARA SENAGA 2009 COMPETITION” ලෙස යෙදිය යුතුය.

8. තැපෑලෙන් එවන නිර්මාණ එවිය යුතු ලිපිනය -
අක්ෂර සෙනග 2009, කවි සහ කෙටිකතා නිර්මාණ තරගය, බූන්දියේ අපි, අංක 190/3/A, කැන්දලියැද්ද පාලූව, රාගම.

ඊමේල් ලිපිනය - boondionline@gmail.com

9. සියළු අයදුම්කරුවන් පහත දැක්වෙන විස්තර සැපයිය යුතුය. තැපැල් මගින් නිර්මාණ එවන අයදුම්කරුවන් වෙනම කරදාසියක ද ඊමේල් මගින් නිර්මාණ එවන අයදුම් කරුවන් වෙනම පි-ධෙසෙජැ උදරා ගොණුවක් ලෙස ද මෙම විස්තර එවිය යුතුය.

ආදර්ශ අයදුම් පත - පාසැල් අංශය

නම-

ඔබ සහභාගී වන අංශ - (කෙටිකතා පමණයි/ කවි පමණයි/ කෙටිකතා සහ කවි යන අංශ දෙකම)

උපන් දිනය-

හැඳුනුම්පත් අංකය (ජාතික/තැපැල්)-

පුද්ගලික ලිපිනය-

පුද්ගලික දුරකථන අංකය-

උසස් පෙළ විෂයය ධාරාව-

පාසැලේ නම-
පාසැලේ ලිපිනය-

පාසැල අයත් මැතිවරණ කොට්ඨාශය-
විදුහල්පතිතුමාගේ නම-
පාසැලේ දුරකථන අංකය-


ආදර්ශ අයදුම් පත - විවෘත අංශය

නම-

ඔබ සහභාගී වන අංශ - (කෙටිකතා පමණයි/ කවි පමණයි/ කෙටිකතා සහ කවි යන අංශ දෙකම)

උපන් දිනය-

හැඳුනුම්පත් අංකය (ජාතික/තැපැල්)-
විදේශ ගමන් බලපත‍්‍ර අංකය (විදෙස්ගත ලාංකියන්ට පමණක්)-
පදිංචි රට (විදෙස්ගත ලාංකියන්ට පමණක්)-

මැතිවරණ කොට්ඨාශය-
පුද්ගලික ලිපිනය-

පුද්ගලික දුරකථන අංකය-


තිළිණ-

කෙටිකතා සඳහා
පාසැල් අංශය - රු. 25,000.00
විවෘත අංශය - රු. 20,000.00

කවි සඳහා
පාසැල් අංශය - රු. 30,000.00
විවෘත අංශය - රු. 15,000.00


තිළිණ ලබා දීමේ කොන්දේසි-

1. ජයග‍්‍රාහකයා සිය අනන්‍යතාවය තහවුරු කළ යුතුය.
2. සියළු තිළිණ පුද්ගලික ප‍්‍රදානයන් නොවන අතර ජයග‍්‍රාහකයාට තමන් කැමති පාසැලක් නම් කිරීමේ වරම හිමි වෙයි.
3. ජයග‍්‍රහණය කළ මුදලේ අගයට සරිලන පොත් ප‍්‍රමාණයක් එම නම් කරන ලද පාසැලේ පුස්තකාලයට අප විසින් පිරිනමනු ලැබේ.
4. ජයග‍්‍රාහකයන් විසින් නම් කරනු ලබන සියළු පාසැල් රජයේ පාසැල් විය යුතු අතර, තිළිණ ප‍්‍රදානය සඳහා එම පාසැලේ විදුහල්පතිවරයා හෝ ඔහුගේ අවසරලත් අයෙකු පැමිණිය යුතුය.
5. තිළිණ ප‍්‍රදානය 2009 සැප්තැම්බර් මස කොළඹ දී පැවැත්වෙන අක්ෂර සෙනග 2009 උළලේ දී සිදු කරනු ලැබේ.
6. සාධනීය තත්ත්වයේ ඇති සියළු නිර්මාණ බූන්දි සහ ආශ‍්‍රිත වෙබ් අඩවිවල පළ කෙරෙන අතර, එම නිර්මාණ ඉදිරියේදී අප විසින් මුද්‍රණයෙන් එළි දැක්වීමට අපේක්ෂිත කෙටිකතා සහ කවි නිර්මාණ සංග‍්‍රහයන්ට ද එක් කරනු ලැබේ.



විමසීම්-

තරග කොන්දේසි සම්බන්ධ සියළු විමසීම් සඳහා පහත දුරකථන අංකය භාවිතා කරන්න.
071 4488498 (අමිල චන්ද්‍රසෝම)



බූන්දියේ අපි
http://www.boondi.lk/
Sri Lankan Site for Literature, Arts and Politics.

අංක 190/3/A, කැන්දලියැද්ද පාලූව, රාගම. 0777260817 boondionline@gmail.com

Sunday, June 7, 2009

මදිරා මඩ ගොඩ

මදිරා මඩ ගොඩ

වියලි කර්කෂ පොලොව මත
ඇද හැලෙන තෙත බරිත
පොල් ගෙඩි වැහි බිඳු මෙන්
අහසින් ඒකාකාරව
---------ලම්බකව
-----පොලොව මත
--------අභිලම්බව
----------------පතිත වන
----------------මොර සූරන වැහි මෙන්
----------------ඇද හැලෙන
--------------------------සුරා විත වැස්ස
----------මගේ බඩ බොකු පතුල මතු පිට
-----හයිඩො‍්‍රක්ලෝරික් අම්ල සමග මුසුව
-------------නිවා දාහය දිවි කම්කටොළු
------------------------විරහ තරහ මරහ
---------- අඳුර විනිවිද නොඅඳුරන ලෙස
--------------ජීවිතේ ගං පතුල වෙත යන
-----------උල්පත් සොයා මුසුවැ දග වන

------------මෙ මදිරා
------------බොකුදිරං
පානය කරමින් කවර ගී පොතක් දැයි
අනෙක් මී විතක් දැයි
විපිලිසරව සොයා යමි
බඩ බොකු කැවුතු අතගා බලමි

ඇගේ ඒ නිලුපුල් නෙත් මිණි සොයා

බොහෝ කලකට පෙර සිටම
-----------සිත පතුල ගරා මතු කළ
ඒ මිණි කැටය වෙත
බහිරව පූජාව අතපසුව
දෑතින්- දෑසින් ගිලිහී ගිය
ඒ මිණි කැටය

බොකුදිරං
සෝමපානය...
පානය කරමින්
කවර ගී පොතක් දැයි
අනෙක් මී විතක් දැයි
විපිලිසරව සොයා යමි

යලි යලිත් වැල් කූඩය කරකවමින්
බඩ බොකු පතුල මදිරා මඩ ගොඩ
කලතමින් සොයමි
ගිලිහී ගිය ඒ මිණි කැටය

ඩෝසන් ප‍්‍රීති 200906