Monday, June 8, 2009

BOONDI-කවි සහ කෙටිකතා නිර්මාණ තරගය -අක්ෂර සෙනග දෙවන සැසිවාරය-



කවි සහ කෙටිකතා නිර්මාණ තරගය

http://www.boondi.lk/ වෙබ් අඩවිය මගින් එහි වර්ෂපූර්ණය වෙනුවෙන්, එළඹෙන සැප්තැම්බරයේ දී සංවිධානය කරනු ලබන අක්ෂර සෙනග දෙවන සැසිවාරයට සමාන්තරව, කවි සහ කෙටිකතා නිර්මාණ තරගයක් පැවැත්වෙයි. මෙමගින් සාහිත්‍යය පිළිබඳව යම් උත්තේජනයක් ඇති කිරීමට අපේක්ෂිත ය. පැහැදිලිව පෙනී යන එම අරමුණට අමතරව, මෙය සැබෑ පරාර්ථකාමී අරමුණු වෙනුවෙන් ලේඛනයේ යෙදෙන මිනිසුන් මේ පොළොව මත තව දුරටත් ඉතිරිව සිටින්නේ ද යන්න පිළිබඳ ඇසිඞ් පරීක්ෂාවක් ද වෙයි. එක් අශ්වයෙකු වින් කරන රේස් පවත්වන වෙළෙන්ඳන් හීනයකින්වත් නොපතන අන්දමේ ත්‍යාග පිරිනැමීමේ රටාවක් මෙහි ලා අප විසින් සැලසුම් කරනු ලැබ තිබේ.

තරගය පාසැල් සහ විවෘත යන අංශ දෙකෙන් පැවැත්වෙයි.

පාසැල් අංශය - ලංකාව තුළ රජයේ පාසැල්වල උසස් පෙළ පන්තිවල ඉගෙනුම ලබන සිසුනට පමණක් මේ සඳහා ඉදිරිපත් විය හැක.
විවෘත අංශය - වයස් සීමාවක් නැත. ලංකාව තුළ හෝ ඉන් පිටත වාසය කරන ඕනෑම ලාංකිකයෙකුට මේ සඳහා ඉදිරිපත් විය හැක.

කොන්දේසි-

1. තරගය කවි සහ කෙටිකතා ලෙස අංශ දෙකකින් යුතු වන අතර එක් අයදුම්කරුවෙකුට මේ අංශ දෙකම සඳහා හෝ එකක් සඳහා ඉදිරිපත් විය හැක.

2. නිර්මාණ භාර ගන්නා අවසාන දිනය - 2009 අගෝස්තු 17.

3. කෙටිකතා අංශය සඳහා එක් අයදුම්කරුවෙකුගෙන් එක් නිර්මාණයක් පමණක් සලකා බැලෙන අතර කවි සඳහා කවි නිර්මාණ දෙකක උපරිමයට යටත්ව නිර්මාණ එවිය හැක.

4. සිංහල බසින් කළ නිර්මාණ පමණක් ඉදිරිපත් කළ යුතුය. නිර්මාණ සඳහා වෙනත් කිසිදු සීමාවක් (වචන සංඛ්‍යාව හෝ තේමාව හෝ මතවාදීමය) නොමැත.

5. එවනු ලබන කිසිදු නිර්මාණයක නම, ලිපිනය ආදී කිසිදු විස්තරයක් සඳහන් නොකළ යුතු අතර හැඳුනුම්පත් අංකය (ජාතික/තැපැල්) පමණක් නිර්මාණ සඳහා භාවිතා කරනු ලබන සියළු කරදාසි වල සටහන් කළ යුතුය. විදෙස්ගත ලාංකියන්ට පමණක් විදේශ ගමන් බලපත‍්‍ර අංකය හැඳුනුම්පත් අංකය වෙනුවට යොදා ගත හැක.

6. සාමාන්‍ය තැපෑලෙන් නිර්මාණ එවන අයදුම් කරුවන්ට පැහැදිලි අකුරෙන් ලියූ අත් පිටපත් හෝ යතුරු ලියනය කළ මුද්‍රිත පිටපත් හෝ එවිය හැක.

7. ඊමේල් මගින් නිර්මාණ එවන අයදුම් කරුවන් අභය අකුරු මාදිලියෙන් (FMAbhaya) ටයිප් කොට ms-Office Word ගොණුවක් ලෙස අමුණා එවිය යුතු අතර එම ගොණුවේ මුල හැඳුනුම්පත් අංකය (ජාතික/තැපැල්) පමණක් සඳහන් කළ යුතුය. විදෙස්ගත ලාංකියන්ට පමණක් විදේශ ගමන් බලපත‍්‍ර අංකය හැඳුනුම්පත් අංකය වෙනුවට යොදා ගත හැක. ගොණුවේ නමෙහි හෝ ගොණුවේ කිසිදු තැනක නම, ලිපිනය ආදී කිසිදු විස්තරයක් සඳහන් නොකළ යුතුය. ඊමේල් හැඳින්වීම (Subject)- ”AKSHARA SENAGA 2009 COMPETITION” ලෙස යෙදිය යුතුය.

8. තැපෑලෙන් එවන නිර්මාණ එවිය යුතු ලිපිනය -
අක්ෂර සෙනග 2009, කවි සහ කෙටිකතා නිර්මාණ තරගය, බූන්දියේ අපි, අංක 190/3/A, කැන්දලියැද්ද පාලූව, රාගම.

ඊමේල් ලිපිනය - boondionline@gmail.com

9. සියළු අයදුම්කරුවන් පහත දැක්වෙන විස්තර සැපයිය යුතුය. තැපැල් මගින් නිර්මාණ එවන අයදුම්කරුවන් වෙනම කරදාසියක ද ඊමේල් මගින් නිර්මාණ එවන අයදුම් කරුවන් වෙනම පි-ධෙසෙජැ උදරා ගොණුවක් ලෙස ද මෙම විස්තර එවිය යුතුය.

ආදර්ශ අයදුම් පත - පාසැල් අංශය

නම-

ඔබ සහභාගී වන අංශ - (කෙටිකතා පමණයි/ කවි පමණයි/ කෙටිකතා සහ කවි යන අංශ දෙකම)

උපන් දිනය-

හැඳුනුම්පත් අංකය (ජාතික/තැපැල්)-

පුද්ගලික ලිපිනය-

පුද්ගලික දුරකථන අංකය-

උසස් පෙළ විෂයය ධාරාව-

පාසැලේ නම-
පාසැලේ ලිපිනය-

පාසැල අයත් මැතිවරණ කොට්ඨාශය-
විදුහල්පතිතුමාගේ නම-
පාසැලේ දුරකථන අංකය-


ආදර්ශ අයදුම් පත - විවෘත අංශය

නම-

ඔබ සහභාගී වන අංශ - (කෙටිකතා පමණයි/ කවි පමණයි/ කෙටිකතා සහ කවි යන අංශ දෙකම)

උපන් දිනය-

හැඳුනුම්පත් අංකය (ජාතික/තැපැල්)-
විදේශ ගමන් බලපත‍්‍ර අංකය (විදෙස්ගත ලාංකියන්ට පමණක්)-
පදිංචි රට (විදෙස්ගත ලාංකියන්ට පමණක්)-

මැතිවරණ කොට්ඨාශය-
පුද්ගලික ලිපිනය-

පුද්ගලික දුරකථන අංකය-


තිළිණ-

කෙටිකතා සඳහා
පාසැල් අංශය - රු. 25,000.00
විවෘත අංශය - රු. 20,000.00

කවි සඳහා
පාසැල් අංශය - රු. 30,000.00
විවෘත අංශය - රු. 15,000.00


තිළිණ ලබා දීමේ කොන්දේසි-

1. ජයග‍්‍රාහකයා සිය අනන්‍යතාවය තහවුරු කළ යුතුය.
2. සියළු තිළිණ පුද්ගලික ප‍්‍රදානයන් නොවන අතර ජයග‍්‍රාහකයාට තමන් කැමති පාසැලක් නම් කිරීමේ වරම හිමි වෙයි.
3. ජයග‍්‍රහණය කළ මුදලේ අගයට සරිලන පොත් ප‍්‍රමාණයක් එම නම් කරන ලද පාසැලේ පුස්තකාලයට අප විසින් පිරිනමනු ලැබේ.
4. ජයග‍්‍රාහකයන් විසින් නම් කරනු ලබන සියළු පාසැල් රජයේ පාසැල් විය යුතු අතර, තිළිණ ප‍්‍රදානය සඳහා එම පාසැලේ විදුහල්පතිවරයා හෝ ඔහුගේ අවසරලත් අයෙකු පැමිණිය යුතුය.
5. තිළිණ ප‍්‍රදානය 2009 සැප්තැම්බර් මස කොළඹ දී පැවැත්වෙන අක්ෂර සෙනග 2009 උළලේ දී සිදු කරනු ලැබේ.
6. සාධනීය තත්ත්වයේ ඇති සියළු නිර්මාණ බූන්දි සහ ආශ‍්‍රිත වෙබ් අඩවිවල පළ කෙරෙන අතර, එම නිර්මාණ ඉදිරියේදී අප විසින් මුද්‍රණයෙන් එළි දැක්වීමට අපේක්ෂිත කෙටිකතා සහ කවි නිර්මාණ සංග‍්‍රහයන්ට ද එක් කරනු ලැබේ.



විමසීම්-

තරග කොන්දේසි සම්බන්ධ සියළු විමසීම් සඳහා පහත දුරකථන අංකය භාවිතා කරන්න.
071 4488498 (අමිල චන්ද්‍රසෝම)



බූන්දියේ අපි
http://www.boondi.lk/
Sri Lankan Site for Literature, Arts and Politics.

අංක 190/3/A, කැන්දලියැද්ද පාලූව, රාගම. 0777260817 boondionline@gmail.com

0 කුළිය: