Saturday, February 21, 2009

ජියෝර්ඩානි

මල් පිපී තිබුනු පාර දෙපස ගස් කොළං වල පොතු වියලී ගිය මතුපිට ලස්සන පෝස්ටරයක් අලවා තිබුණි.

"ගියෝර්ඩානි".....

......"ජියෝර්ඩානි"


......


"ගියෝ" ද "ජියෝ" ද යනු කුමන වෙනසක්දැයි සිතමින් ඇය බස් නැවතුමෙ නැවතී සිටියාය.

ඇගේ පිටුපසින් එක පෙලට එක ළග ඇලවුනු පෝස්ටර පේලි දෙස ඇගේ නිතඹ බලා හිඳී. රිද්මයකට පෝස්ටර දෙස යෙදුනු අවධානය පාරෙ යන බස්වල වෙගයෙන් බැමුමකට ලක්වෙ. ඇය සහ ඇගේ නිතඹ දෙයාකාර අවධානයක...

ජි...යෝ...ර්...ඩා....

බසයක් ක්ෂණිකව ගාල් වෙයි. ඇය එතුලට රිංගා ගනී.

ඇයට ටිකට් ගන්න මතක් කළ කොන්දොස්තර කොල්ලා ගේ ටී ෂර්ට් එක මැද හරියටම තද කළු අකුරින්

"ජියෝර්ඩානි "


නැහැ නැහැ

"පියෙරෙ කාර්ඩින් "

හරියට ම ජියෝර්ඩානි වගේමයි අකුරු...කළු පාටයි ....අමුතුයි ලස්සනයි . ඇය කවුළුවෙන් එලියට දෙනෙත් මෑනුවාය.

ජි..යෝ...ර්...

ඇයට ගස් කඳන් මත සහ තාප්ප මත වූ ජියෝර්ඩානි මතක් විය.

කවුද මෙ ජියෝර්ඩානි ?

ඇය නුගේගොඩට ටිකට් ගත්තාය.

බසය ගැස්සේ. සෙනග පිරෙ. ඉදිරියට පසු පසට තල්ලු වෙ.


මිනිසුන් මහ ගන්දස්කාර ජාතියක් යැයි ඇයට සිතෙයි.

ඇය ළගම හුන් කෙනෙක් ඇගේ සිරුරට තෙරපේ. ඇය මුලින්ම සිතුවට වඩා ඔහු හිතාමතා තම සිරුරට බරවන බව ඇයට ඒත්තු ගියෙන් කනස්සලු මුහුණක් මවා ගෙන ඔහු දෙස හැරී බැලුවාය.

ඔහු සිනාසුනේය.

"මම තමයි ජියෝර්ඩානි. ඔයා මෙච්චර වෙලා කල්පනා කලේ... "



ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 2009/02

Monday, February 16, 2009

සත්‍යවාදියකුගේ දිනපොත-1986 ජුලි 18

1986 ජුලි 18

හෙමින්වෙ මිය ගියේ වසර 25 කට පෙර අද වැනි දිනෙකය. එය අද පුවත්පතක පළ වී තිබිණ. ඔහු කියුබාවෙ වාසය කළ කාලයේ දී කස්ත්‍රෝට කී කතාවක් කොහේදෝ පුවත්පතක හෝ සගරාවක පළ වූ බව මට මතකය. ඔහු කීවෙ අද විප්ලවවාදීන් අවශ්‍ය යුගයක් බවය. ඇත්තෙන්ම එදාටත් වඩා අද විප්ලවවාදීන් අවශ්‍යයැයි මට සිතේ. එදාටත් වඩා අද දුප්පතුන් පීඩිතයන් පෑගීමට ලක්ව ඇති කාලයකි. ලෝකයේ බොහෝ රටවල තත්වය එයයි. පීඩිතයන්ගේ නැගී සිටීම වලක්වාලීම සඳහා මර්ධනය අද එදාටත් වඩා රුදුරුය.

සත්‍යවාදියකුගේ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක

Sunday, February 15, 2009

Naomi Klein-NO LOGO

නයෝමි ක්ලේන් [Naomi Klein] එයාගේ නෝ ලොගෝ [NO LOGO] පොතේ එක තැනක මෙහෙම කියනවා.

අයි බී එම් සමාගම කියනවා ඒ අයගේ පරිඝණක තාක්ෂණය ලොව පුරා පැතිරිලා කියලා සහ ඔවු ඒක එහෙම තමයි නමුත් සමහර වෙලාවට ඒ කියන ජාත්‍යන්තර පැතිරීමෙ ස්වරූපය හරියටම තුන්වන ලෝකයේ රටවල ලාබ ශ‍්‍රමය හරහා බටහිර රටවල ක‍්‍රියාත්මක වන පරිඝණක යන්ත‍්‍රවල චිපයන් සහ ශක්ති ගබඩා පණ ලබනවා වගේ දෙයක්.

මැනිලා නගරාන්තයේ මට වයස දාහතක කෙල්ලක් මුණගැහෙනවා අයි බී එම් පරිඝණකවල සීඩී රොම් එකලස් කරන. මම ඇයට කීවා ඒ වගේ කුඩා වයසකින් ඒ තරම් විශෙෂඥ වැඩක් කරන්න තරම් දක්ෂ එකියක් දැකගන්න ලැබීමත් මහ විශාල සතුටක් කියලා.

"අපි පරිඝණක එකලස් කරනවා" ඇය මට කීවා.

"නමුත් අපි පරිඝණක කි‍්‍රයාත්මක කරන්න නම් දන්නේ නැහැ"

අපේ ලෝකය පෙනෙන තරම්ම කුඩා දෙයක් නොවන වග මට මෙවෙලේ තේරුමි ගියා.


මිල පාලනය

රුපියල් තිස් දෙකේ පාන් ගෙඩියක්
මිල අඩු කර
රුපියල් හතලිස් අටකට විකුණන ලෙස
රජය
සියලු බෙකරි හිමියන්ට
ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට
අණකර ඇත...

මිල පාලනය
මිල පා..ලනය
මිල පා....ලනය

මිල අඩු පාං ගෙඩියක ඇති රස ගුණට වඩා
පොලිතින් කවරයක පෙති ගැසු ලේබල් ද ගසා
එක්ස්පයරි ඩෙට් සහ නිපදූ දිනද බලා
වැඩිපුර ගෙවා කාපිය මෙ පාං ලොලා


ඊ ඒ ඩෝසන් ප‍්‍රීති

2009-02