සත්‍යවාදියකුගේ දිනපොත-1986 අගෝස්තු 5
1986 අගෝස්තු 5 ජීවිතය එකම සිහිනයක් යැයි සිතේ. මෙබඳු ජරා අදහසක් මීට පෙර මගේ හිතට කා වැදී නැත. භොතිකවාදයට එරෙහි කිසියම් දෙයක් මගේ හිතට කා වැදී නැත. භොතිකවාදයට එරෙහි කිසියම් දෙයක් මගේ හිතට එනවා නම් මම මා ගැනම අනුකම්පා කරමි. භොතිකවාදීනට සිහින ගැන කතාකර වැඩක් නැත. එනමුදු යම් යම් අවස්ථාවල දී මම සිහිනවලට ද ආසාකරමි. පෙරදින රැයේ ද මම සිහිනයක් දුටුවෙමි. නිර්ධන පංතියේ අපේම සහෝදර සහෝදරියන් සමග අතේ රයිපලයක් ඇතිව මම රජයේ හමුදා සමග සටන් වැදුනෙමි. 'උඹලාත් දුප්පත් අම්මලා තාත්තලාගේ පුත්තු' හමුදා භටයිනට මම කෑගසා කීවෙමි. මොන තරම් සුන්දර ද! ඔවුහු ආයුධ බිම තබා අප වැළඳ ගත්හ. ඇත්තෙන්ම එය සිහිනයකි. අනේ... ඒ සිහිනය සැබෑ වෙනව නම්! කවදා හෝ එය සැබෑ කළ යුතුමය. සත්‍යවාදියකුගේ දිනපොත සුනිල් මාධව පේ‍්‍රමතිලක