AI ඔබට ඕන දේ දන්නවද?

 AI ඔබට ඕන දේ දන්නවද?

Transformer එකක් context එක ඇතුළේ relevant information සොයාගන්නේ Query, Key සහ Value — Q, K, V — හරහා.

නමුත් මිනිසාගේ ජීවිතයේත් මේකට පුදුම විදිහට සමාන පෙනුමක් ඇති ප්‍රශ්නයක් නැවත නැවත මතුවෙනවා:

“Other එකට මගෙන් මොනවද ඕනේ?”

Lacan ඒ ප්‍රශ්නය අල්ලන්නේ — Che vuoi?

Episode 05 එකේ අපි Transformer attention mechanism එකේ Q, K, V වලින් පටන්ගෙන Lacanian big Other, desire, symbolic incompleteness සහ “There is no Other of the Other” කියන තැන දක්වා යනවා.

මෙහි අරමුණ Q = Che vuoi?, K = Other, V = Desire කියලා සමාන කිරීමක් නෙමෙයි. ඒවා වෙනස් conceptual systems දෙකක්. වැදගත් වෙන්නේ ඒ දෙක අතර පෙනෙන structural resemblance එක — සහ ඒ resemblance එක කැඩෙන decisive point එක.

Machine එකේ Query එකට Keys තියෙනවා.
Compatibility calculate කරන්න පුළුවන්.
Values weight කරන්න පුළුවන්.

නමුත් human subject අහන ප්‍රශ්නයට —

“What do you want from me?”

— final Key එකක් තියෙනවද?

අවසානයේ මේ ප්‍රශ්නය අපව ඊළඟ confrontation එකට ගෙනියනවා:

Optimization vs Desire

Machine එක answer එක optimize කරනවා.
Human subjectට answer එක ලැබුණාට පස්සෙත් —
“ඒත්…”
කියන තැනක් ඉතිරි වෙනවා.

📄 Working Paper

Transformer Attention and the Impossibility of Symbolic Closure

ResearchGate: https://tinyurl.com/DawsonResearchGateQKV

මෙම වීඩියෝ මාලාව AI, language, structuralism සහ Lacanian psychoanalysis අතර ඇති සමානකම් සහ මූලික වෙනස්කම් අධ්‍යාපනික හා විවේචනාත්මක ආකාරයෙන් පරීක්ෂා කරන අර්ථයේ ජ්‍යාමිතිය / Geometry of Meaning මාලාවේ කොටසකි.


Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු