Sunday, March 8, 2009

සත්‍යවාදියකුගේ දිනපොත -1986 ජුලි 28

1986 ජුලි 28

මාසයේ සවුත්තුම දවස අදයි. අදයි පඩි. මාසේ පඩියෙන් ජීවත්වෙන ලංකාවෙ හැම මිනිහෙකු මෙන්ම මගේ පඩි දවස ගැන ද කතාකර වැඩක් නැත. මගේ පඩි දවසේ ළතැවෙන්නේ මා පමණක් නොවෙ. ගෙදර සියල්ලෝම ළතැවෙති. තුට්ටුවකින් හෝ වැඩි පඩි ඉල්ලා ගෙදර ගියවුන්ට මල් තබා වඳින්නට සිතේ.

සත්‍යවාදියකුගේ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක

0 කුළිය: