1986 අගෝස්තු 4
ඔරියානා ෆලාචිගෙන් හුගාක් කාලයකට පස්සේ අද ලියමනක් ලැබුණා. ඇය මගේ ජීවිතයට නව පණක් දුන්නා. ඔරියානා මුලින්ම හමු වූ දිනය මට මතක් වෙනවා. නවසිය හැත්තෑ එකේ අපේ‍්‍රල් මාසයේ එක් දිනයක මට ඇගෙන් පණිවිඩයක් ලැබුණා.
එදා රජය කී අන්දමෙ 'ත‍්‍රස්තවාදියකු' හමුවී සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට ඇය ආශාවෙන් හිටිය. මා ඔ සේතුං ලා චෙ ගුවෙරාලා කස්ත්‍රොලා හමු වී ලෝකයට විප්ලවයේ සත්‍යය පැවසූ ඔරියානා ෆලාචි ... එදා මොන තරම් සුන්දර දවසක් ද? මම මගේ 'ත‍්‍රස්තවාදී' මිතුරකු සමග ඇය හමුවීමට ගියෙමි. ඇය ඇසූ ප‍්‍රශ්නත් මට අද වගේ මතකයි.
'... විප්ලවයක් කරන්නට හැදුවෙ ඇයි... '
'පීඩිත පංතියට විමුක්තියක් ලබා දීමට' ඔහු පිළිතුරු දුන්නේ මොනතරම් ආඩම්බරයකින් ද?
'උඹෙ රටෙ පීඩිත පංතිය කියන්නේ කවුද? '
'මෙ රටෙ සියයට අනූ නවයක්ම පීඩිත පංතිය. ඒක අපි දන්නව. '
'උඹලා මැරෙන්න බය නැද්ද? '
'අපෝ නැහැ. මැරෙන්න බය නැති නිසයි විප්ලව කරන්න ගියෙ. අපි මැරුණත් අපි කරන දේ හරිනම් ප‍්‍රශ්නයක් නැහැ. '
එදා ඔරියානා ෆලාචි චෙ ගුවෙරා ගැනත්, මාඔලා ගැනත්, ලෙනින්ලා, මාක්ස්ලා, ගැනත් කතා කළ හැටි මට මතකයි.
'මෙ රටෙ තරම් බුද්ධිමත් තරුණ කොටස් මට ලෝකයෙ කිසිම තැනක හම්බ වෙලා නැහැ '
මගේ 'විප්ලවවාදී' මිත‍්‍රයා සිපගනිමින් ඇය එසේ කී අයුරු මට මතකයි.
ඔරියානාගේ ලිපියේ තිබූ ඇතැම් දේ මෙ දින පොතේ ලිවිය යුතුයයි මට සිතේ.
'... ඉතාමත් සාමකාමී නිහඩ දූපතක්ව තිබූ නුඹගෙ ශ‍්‍රී ලංකාව ඇද වැටී තිබෙන තත්වය ගැන ඇත්තෙන්ම මම කණගාටු වෙනව. උඹත් ජාතිවාදය කරපින්නා ගෙනද? අනවශ්‍ය ප‍්‍රශ්න අහන්න මම කැමති නැහැ. නමුත් එකම එක ප‍්‍රශ්නයක් අහන්නම්. එය ඇසිය යුතුයි.'
'... උඹගෙ විප්ලවවාදීන් අද රටෙ නැද්ද? '
ලියනවා නම් ඔරියානා බලා සිටියත් උත්තර ලිවිය හැකිය. එම උත්තරයත් ඇය කියන දෙයම නිසා එයින් පලක් නැත. විප්ලව ගැන කතා කරන අපි අද අවලංගු කාසි බවට පත්වී ඇත්තෙමු. මෙය විප්ලවවාදීන්ගේ යුගය විය යුතු වුවත් මෙහ පාහරයින්ගේ යුගය වීම අවාසනාවක්.
සත්‍යවාදියකුගේ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක
0 කුළිය:
Post a Comment