Friday, July 17, 2009

කළුම කළු තාර මණ්ඩි


අන්ධකාර සිතුවිල්ලෙන්
දෑස් මනස් දෝනාවන්
අඳුරෙන් වැසී ඇති මොහොතේ
දුම්වැටියක් දල්වා
ආලෝකය දුම් ගුලි තුල සඟවා
මා හදවතට යවන්නටයැයි සිතමින්
බොහෝ ගැඹුරට සුසුම හා මුසුව
දුම් ඇද්ද ද
ඒවා
අවසානයේ
මගේ ආලෝකමත් පෙණහළු තුල
කළුම කළු තාර මණ්ඩි
පින්තාරු කර ඇති වග මට දැනේ.

[මොඩිලියානි සිනමා පටය නරඹන අතරතුර ලියැවුනකි]
ඊ ඒ ඩෝසන් ප‍්‍රීති


072009