බන්දුලගේ
කවි පොත මට ලැබිල දැන් ගොඩක් දවස්. එකින් එක කියවන් එක දිගට යන්න පුළුවන් නිර්මාන
සංග්‍රහයක් තමයි බන්දුලගෙ පොත. අනෙක් පොත් කීපයේ තිබූ තේමා වගේම “යට කඩේ
උඩ ගෙදර”
තේමාවත් නියමයි. හැබැයි මොකද්ද අර උත්කෘෂ්ඨ කවි සොයන අය නම් මේ කවි පොත ඇසින්
නොදකින එකමයි හොඳ. මොකද ඒ අයගේ සනීප ජීවිතේට අදාළ අනුරාගික-ස්වේතාලිප්ත-ක්ලිටෝරිස්මික
කාව්‍යමය මෙව්වා එක මේ කවිවලින් නොලැබෙන නිසාය.
මාක්ස්
ජීවමානයි
පහත
මාලයේ
නිතර
ම පාහේ
සෙනඟින්
සපිරුණ
‘කෝවිල
වාගේ
සල්ලිම
වැටෙනා!’
වෙළඳ
සැලයි!
ඉහළ
මාලයේ
තෘප්තිමත්
බිරිඳකගෙ
කට හඩ
දරුවන්ගෙ
සිනාහඩ
පියානෝවක්
වැයෙන
මුදු හඩ
සවන්
පිනවන,
විදුලි
මිණි පහනින්
අලංකෘත
‘පසන්
නිවසයි!’
එක
එක කවියාගෙ තේමා සහ ශෛලි එකිනෙකින් වෙනස්. එක කවියෙකුගෙ නිර්මාන අරභයා කරනු ලබන
විග්‍රහයක් තවත් අනෙක් කවියෙකුගේ නිර්මානවලට ද
අදාළ දැයි ඇසීම එතරම් සුදුසු නොවේ. එහෙම විශ්වීය නීති රීති ඇතැයි සිතන්නෝද
මැට්ටෝයැයි විදග්ධ භාෂාවෙන් පැවැසිය හැකිය. අපට සමහර නිර්මාන ඇගයීමට අලුත්
නිර්ණායක උපදවා ගන්නට සිදු වේ. අර ඉහලින් කීවා සේ ක්ලිටෝරිස්මික බව යනුවෙන් ම
හඳුන්වා ඇත්තේ සමහර අලුත් කවිවලට අනන්‍ය ලක්ෂණයකි. නැත්නම් විදග්ධ අයුරින් සම්පිණ්ඩනය කළ හොත් 'රෝග ලක්ෂණයකි'. දැනට එය
පර්යේෂණාගාරවල බීකර ඇතුලේ රෝපණය කරමින් එහි ගඳ සුවඳ නිර්ණය කරමින් පවතින නිසා, වැඩි
විස්තරයක් මේ ලියන අවස්ථාවේ ප්‍රකාශ වී නැති හෙයින්, මග හැර යන්නට සිදු වේ.
ගොනෝ
දරා
සිරස “අං
තට්ටුව”
උජාරුවට
හිඳ!
තප්පුලමින්
පැනගෙන විත්
අපට
අනින්නට
සැරසෙන
නුඹ ගොන් තඩියෝ
මොහොතක්
සිතුවෙ ද?
“සිරස
මතට අං
තට්ටුව
ආවේ කොහොම ද?”
කිරෙන්
ඇරුණ ළපටි නුඹට
තණකොළ
කැවු අපි
පිදුරු
පුන්නක්කු සපයා
සතුටු
වුණෙත් අපි!!
“අංදළු” හිස මත
මතුවෙනු මුලින් ම දුටු අපි!!!
යසයි
ගොනෝ එහෙව් අපට මෙහෙම වෙලත් මදි
සමහර
මුහුණු පොතේ පෙකෙනිවැල කපාගෙන ඉපදුන නිර්මානකරුවන්/කාරියන්ගෙ කේන්දර ගොඩක් බලන්නට
මට එහි නිහඩව සිට කළ හැකි විය. සමහරෙක් කැමරාවක් අතැතිව ඉපදුනාහුය. ඉන් පසු ට්‍රම්පට්
පිඹින්නට විය- ලංකට් ඉඹින්නට විය. සමූහ ගායනා ය. ඊළඟට සර්පිනා ද කී බෝඩ් ද ඊටත්
පසුව ටයිප්රයිටරවලට ද තඩි බාන්නට විය. මින් විශාල සාහිත්‍යයක් දෛනිකව නිපදවේ. ඒවා
කෙටියෙන් ක්ලිටෝරිස්මිකය. ඒ ක්ලිටෝරිස්මික ආනුභාවෙන්ම බේදයකින් තොරව තම හිස් මත අං
ද මෝදු වෙයි. අර කවියෙන් කියැවෙන්නා සේම මේ ගොන් තඩීන් විටමින් ලෙස ගිලින්නේ ද වටේ
ඉන්නවුන් කපා දෙන තණ කොළමය.
කවියේ
ගොනා නම් එන්නේ අපට අනින්ටය. මුහුණු පොතේ ගොන් තඩියන් එන්නේ අනින්ට නොව අන්න
ගන්ටය. අන්න ගන්ට ආරාදනාව පාන්නේ බිත්ති මත කක්කහිල අතුරා පැහැරීමෙනි. මේ පැහැරීම්
කවියැයි බීකර පරීක්ෂාවකින් හඳුනාගත හැකි අය ඇත. දැනටමත් එවැනි පර්යේෂණ ප්‍රමිති රහස්
ඇත්තෝ කැමරා ආම්පන්න අතැතිව වැඩට බැස ඇත. තණ කොළ ගිල්ලමින් ෆ්‍රීෂියන් දෙනුන් කුසපුරවා
තඩි ගොම තැඹි තම බිත්ති මත එවුන් ලව්වා හෙලාගැනීම දැන් තරගයකි.
දැන්
මේක බේර ගන්න කවුරුවත් මැද්දට පැන ඩෙගා නැටීමේ ඇවැසිතාවක් ඇත්තේ නැත. ඒවා විය යුතු
පරිද්දෙන් සිදු වෙමින් පවතිනා බැව් පමණක් වටහාගෙන නොවැටහුනා සේ සිටීම ප්‍රමාණවත්ය.
තැන
නොතැන නොබල අනිමින් දුව පනින අංතට්ටුකාරියන්ට බොහෝ විට අවශ්‍ය වන්නේ මළවුන් සමග
කතා කළ හැකි රහස අනාවරණය කරන යකැදුරෙකුගේ පිහිට විනා ජීවත් වන අයගේ ඇසුර නොවේ.
බන්දුල
කවදාවත් මුහුණු පොතේ කවි ලියන්නට තටමා නැත. ඒ නිසාත් ඌට ආදරේ හිතේ.
ලේඛිකා
මුළුතැන්ගෙයි
මස්-මාළු
පලා එළවළු
සුද්ධ කරන
ලියන කපන
පොල් මිරිකන
හාල් ගරන
ළිපේ තබන
හද ගින්නෙන්
ළිප දල්වන
හැඳි ගාමින්
ජීවිතයේ
ලුණු ඇඹුල්
මිරිස් පදමට
ඇද්ද බලන
ගැඹුරු තෙලේ
බැදෙන දිවිය
පදමට
ගින්දර අඩුකර
බාගෙන
මේසෙට තබන
බමන ගතින්
නිති හැසිරෙන
පුරුෂයෙකුට
කට ගැස්මව
කරබාගෙන
ඉවසීම ම
ප්‍රගුණ කරන
රෙදි සෝදන
රෙදි වේළන
හෝද හෝද
මඩේ දමන
ගෙට අවුදින්
සැවොම නිඳන
රෑ මැදියම
අවදි ව හිඳ
ගෙවුණ නියැති
කැපුණ ඇඟිලි
තුඩගින් ගත්
පන්හිඳගින්
පත් ඉරු මත
ලියන මකන
කපන කොටන
ජීවිතයේ සිරකරගත්
වාං දොරටු
ඉවසිල්ලේ
හැර දමා
සැහැල්ලු වෙන!
මොට්ටු
(ලක්ශාන්තට ආදරයෙනි)
හිතග්ගිස්සේ
නැතක් මොට්ටු
මල් නොව ඒ
මිසෙක මොට්ටු
උඩ දමමින්
එවන් මොට්ටු
නොවන් වදන්
සමග ඔට්ටු
ගසක එතත්
නැතක් මොට්ටු
මල් නොම වේ
එහැම මොට්ටු
විකසිත කර
ගනුව මොට්ටු
නොම සිටිමුව
කටේ පිට්ටු
වදන්වලින්
නොදා වෙට්ටු
යන මග
හදවතට කිට්ටු
බදාගන්ට
ගියොත් මොට්ටු
මහත් කවිය
වේවි කෙට්ටු
සර්ප
බිත්තර සහ මොට්ටු!
‘මකරන්ද
කමල’කරයේ
සර්පයෙක්
බිත්තර දමා
සර්ප
පැටවුන් ඉපැදුණා
කවි
- කුකවි
හයිකු
කවි
නොකවි
- ප්‍රතිකවි!
සර්ප
පැටවුන්
දිගින්
වැඩි වී
සිව්
පද ද දිග
නිසදැස්
ද මහ
ආඛ්‍යාන
ද නැඟී ඒ!
‘මොට්ටු’ මල් වී
මල්
යාය වෙයි
‘දහසකුත්
මල්’
පිපී ඒ
ඒ
නමුත්,
ලොලිටා
ආචරණයේ
ලෝල
සිත් ඇති
සර්පයා!
‘මගේ
හිත නම්
මොට්ටුවලටයි!’
පෙනේ
විදහා -අහිංසක ලෙස
පැවසුවා!