Saturday, January 14, 2012

ඔබේම නිර්මානාත්මක ලේඛනයකට

Friday, January 13, 2012

... තුරු

කොන් කැඩුනු තරුවකි
මීදුමකින් වැසී ගිය වැනි
තියුණු යෞව්වන හීසර විදි
දුන් රිදුම් කමකට නැති

ඉඳහිට අහස මුදුනෙනි
බැස යයි ඉඩ හසර දී
තියුණු තුඩු සිඳි බිඳී
මලින කනවැන්දුමක් වැනි

සැනෙලි කෙඳිති රැල් බිඳී
අඳ නෙත් දහසක දැවටුනි
එකැස් යෝධයකු සේ නිදි
සඳ අලසව වැතිර හිඳී

තරු
තරු
පායන
තුරු

13/01/2012

ගුටර්න්බර්ග්ට පාංශුකූලය-අන්තර් ක්‍රියාකාරී සහ සයිබර් සාහිත්‍යය