Showing posts with label Naomi Klein. Show all posts
Showing posts with label Naomi Klein. Show all posts

Sunday, February 15, 2009

Naomi Klein-NO LOGO

නයෝමි ක්ලේන් [Naomi Klein] එයාගේ නෝ ලොගෝ [NO LOGO] පොතේ එක තැනක මෙහෙම කියනවා.

අයි බී එම් සමාගම කියනවා ඒ අයගේ පරිඝණක තාක්ෂණය ලොව පුරා පැතිරිලා කියලා සහ ඔවු ඒක එහෙම තමයි නමුත් සමහර වෙලාවට ඒ කියන ජාත්‍යන්තර පැතිරීමෙ ස්වරූපය හරියටම තුන්වන ලෝකයේ රටවල ලාබ ශ‍්‍රමය හරහා බටහිර රටවල ක‍්‍රියාත්මක වන පරිඝණක යන්ත‍්‍රවල චිපයන් සහ ශක්ති ගබඩා පණ ලබනවා වගේ දෙයක්.

මැනිලා නගරාන්තයේ මට වයස දාහතක කෙල්ලක් මුණගැහෙනවා අයි බී එම් පරිඝණකවල සීඩී රොම් එකලස් කරන. මම ඇයට කීවා ඒ වගේ කුඩා වයසකින් ඒ තරම් විශෙෂඥ වැඩක් කරන්න තරම් දක්ෂ එකියක් දැකගන්න ලැබීමත් මහ විශාල සතුටක් කියලා.

"අපි පරිඝණක එකලස් කරනවා" ඇය මට කීවා.

"නමුත් අපි පරිඝණක කි‍්‍රයාත්මක කරන්න නම් දන්නේ නැහැ"

අපේ ලෝකය පෙනෙන තරම්ම කුඩා දෙයක් නොවන වග මට මෙවෙලේ තේරුමි ගියා.