Sunday, February 15, 2009

මිල පාලනය

රුපියල් තිස් දෙකේ පාන් ගෙඩියක්
මිල අඩු කර
රුපියල් හතලිස් අටකට විකුණන ලෙස
රජය
සියලු බෙකරි හිමියන්ට
ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට
අණකර ඇත...

මිල පාලනය
මිල පා..ලනය
මිල පා....ලනය

මිල අඩු පාං ගෙඩියක ඇති රස ගුණට වඩා
පොලිතින් කවරයක පෙති ගැසු ලේබල් ද ගසා
එක්ස්පයරි ඩෙට් සහ නිපදූ දිනද බලා
වැඩිපුර ගෙවා කාපිය මෙ පාං ලොලා


ඊ ඒ ඩෝසන් ප‍්‍රීති

2009-02

5 කුළිය:

E.A.Nuwan Chinthaka said...

කවදත් රජයේ උත්තුංග පරමාර්තය ජනතාව වෙත උපරිම සහන ලබා දීමත්. .
රට වැසියා සුඛිත මුදිත කිරීමටයි. . .

ඒ උතුම් ප්‍රයත්නයේ වාසි ලබන ජාතියේ කොටස් කරුවෙක් වීම ගෙන ණය ගැති වෙමු..

kasun said...

මට මේක දැක්කම මතක් වුනේ ‍ජෝර්ජ් ඕවල් ගේ '1984' කෘතිය. ඒකෙත් තියෙනවා ඔයවගේ කතාවක්. මතක හැටියට යම් ආහාර සලාකයක ප්‍රමාණය 'වැඩි කර ඇත' කියල නිවේදනය කෙරුවත් ඇත්තටම වෙලා තියෙන්නේ ඒක තවත් 'අඩු කරපු' එක. ඒත් ප්‍රචාරය කරන්නේත්, මිනිස්සු වටහාගන්නේත් අනිත් පැත්තට.

H said...

@ Kasun - මටත් ඕක මතකයි. ඇත්තටම දැන් ලංකාවට වීගෙන යන්‍නෙ ඒ ව‍ගේ එකක් නේද?

සමහර විට 48ට පාන් ගන්න බැරි නම් කාපල්ලා කේක් කියලත් ‍හෙට අනිද්දා නිවේදනය කරයි ;)

දිසා said...

හා හා හා ප‍්‍රීති ප‍්‍රීති ප‍්‍රීති

ඩෝසන් said...

kasun>>

godak honda kiyawannek bawa theruna 1984 gena sandahan kireemen.

eke thawa lassana katha godak thiyenawa.

hariyatama Utopia wagema. mama e poth dekama kiyawala thiyenawa.