Friday, November 13, 2009

මහා බර අඩි

මහා බර අඩි

බලහත්කාරයෙන් වුවද ලංකා
ගැබ්බර ලඳක් වී ඇත සුන්දර

මිනිස් වගට පෙම් කළ
මිනිස් දහමට ලේ හළ
මිනිස් පුතෙකු

දැවී ආලෝකය ලබා දී
අළුවලින්

ඔහු යලි තටුවක් ලබයි

රිදී හිරු රැස් අවට ඉතිරෙන
උදෑසන
උතුරු තරැවද නිසලය
උන් මේ සියල්ල ඉවසයි
මතුරන්නට වදන් නැති හෙයින්

නිහඩ බව විශ්වයම මතුරයි

පුත නුඹ අද මිනිස් සත වෙත
මහා බර අඩි තියා ගොස් ඇත

ඝාතකයා ද දූෂකයා ද
වුව නුඹ පිය
දේවත්වය ලබා අද ඇත

නුඹ නමදින්නට රහසින් ගයන ගීය
ඔහු නමදින්නට ද හඩගා ගයයි ඒ සැම

රහසේ මම
නුඹ සිප වැළඳ ගමි

ඝාතකයා ද දූෂකයා ද
දැන් දෙවියන් බැවින්


ඩෝසන් ප්‍රීති
131109


[ඉල් මහේ සැමරුම නිමිති කොට ලියැවුනකි.
]



1 කුළිය:

නුවන් චින්තක said...

මාතෘත්වය සීරු මාරු වන අනගි මොහොතක් පිළිබඳ අනගි පද පෙළක් වගෙයි.