ජීවිතය පිරී යයි


කාමරය මුල්ලේ
නිදා සිටි ගිටාර තත් මතට
සිවිලිමෙන් පතිත හූනෙක්
[ද්‍රාං!!!]
නංවයි තත්රාව බිඳ හුදකලා නිහඩබව


ජීවිතය හිස් කුහරයක් ගිටාර බඳ මෙන් 
මායිම් දාර නොදැකිය හැකි
අඳුරු බිත්තිවලින් වටවූ
සිතිවිලි දෝංකාර දෙන වැදී තැන තැන

බොල් හඩකට වුව
අනුනාද කැටි කළ
ගිටාර හිස් කුඹල මෙන්
නැවත නැවතත් ඇසෙයි
ඒ අහඹු තත්රාව
අදිසි හස්තයකින් පිරිමැදුනු
දිව නදකින් වාතලය කැළඹුනු


ජීවිතය පිරී යයි
අහස් වෙඩිල්ලක් මෙන්
ආලෝක දහරාවෙන්
අකුණක් කෙටුනු විලසින්


ලියා අවසන් වූ කල
සිත උපන් රස සතපා පද තුළ
කවියක...
ජීවිතය පිරී යයි



ඩෝසන් ප්‍රීති
08/2010

සිතුවම ArtRage ඇසුරෙනි.

Comments

Popular posts from this blog

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්