මේ නිර්මාණය මට හමුවන්නේ අනුර ජයවර්ධනගේ මුහුණු පොතේ නිර්මාණ ඇල්බමයකිනි.
එහි අන්තර්ගතය පිළිබඳ මගේ අදහස් දැක්වීම මේ ආකාර නිර්මාණ බොහෝමයක තිඹිරි ගෙයක් වූ මුහුණුපොත් වාසීන්ගේ උනන්දුව පිණිස මෙහි ලියා තබමි.
සඳැස්- නිසඳැස් -ඡායාරූප මුහුවකින් මේ නිර්මාණය සංයුක්ත වේ.
"එලා සිසිලක නදී
එපා නොකියන මදී"
මේ යෙදුම් දෙක තවත් සකස් කරන්නට වූයේ නම් කවිය වාගාලංකාරයට යට නොවන මධුර දෙයක් බවට යම් පරිපූර්ණත්වයකට යන්නට ඉඩ තිබ්බා. අරුත් සහ අරුත් නොවන දේ උදෙසා තාලය හුවමාරු කරගත් විට පැරණි සම්ප්‍රදායික කවිය ඇතුලේ සිදු වූ දේ ... මේක ඇතුලෙත් සිදු වෙනවා. ඒක නව කවිය නම් වූ නැටුමට කොර පුද්ගලයෙක් එබ්බෙව්වා වගේ වැඩක්.
විසංයෝජනය
පළමුවෙනි පද හතරේ එන පුරුෂ ලෝකයේ ආශාවේ කේන්ද්‍රය සහ වස්තුව වන ස්ත්‍රිය පිළිබඳ පාරභෞතිකය සදාතනිකව සූචනය කරනු ලබන සංකේතීය විශ්වය නැවත පරිකල්පනීය ලෙස ගොඩ නංවා ඇති හෙයින් එහි විසංයෝජනයම එම පද හතර අවසානයේ ම ලැබෙයි. එනිසා මේ කවිය වෙනත් බොහෝ නිර්මාණ මෙන්ම මෙටාෆරය පැටාෆරයක් දක්වා සංවර්ධනය නොවීමේ දුර්වලතාවය නිසාම ඔලුවක් ඇතුලේ සිදුවිය යුතු විසංයෝජනය ඉන් පරිභාහිරව ම භාෂාත්මක ප්‍රකාෂණයේම සිදු වෙන්න සලස්වලා. ඒ කියන්නේ දෙවන පද පෙල තිබ්බත් නැතත් කවිය ඇතුලේ ස්ත්‍රිය කිච වෙලා. එපා නොකියන මදී යන යෙදුම පරස්පර හෝ නොගැලපෙන අරුත් හැඟවුම් ශ්‍රේණියක අතරමං වුවද එයින් පිළිබිඹු වන මදුවිත එපා කියන තෙක් පොවන ස්ත්‍රිය නම් භෞතික ස්ත්‍රිය නොවන පාරභෞතික ආශාවේ වස්තුවයි. අපට ඇය හමු වන්නේ සිනමා පටයක හෝ වැළ චිත්‍රපටයක හෝ ගණිකා ගුබ්බෑයමක දී වීම නිසා නොවන්නක් වන්නක් ලෙස සිහිනමය තත්වය සවිඥානිකව පොයටිකල් ලිවීමක් වීම තුළ එහි අභ්‍යන්තරය කඩා දමා ඇති බව යළිත් සාධනය වේ. එනයින් මේ කවියේ විසංයෝජනය කවිය තුළම සිරගතව ඇත. එනයින් කවියේ දෙවන කොටසේ එන මදුරු තැලීමේ මෙටාෆරය හුදු ප්‍රෝඩාවකි. මදුරුවන් තලා තමන්ගේ නින්දට සුව සලසන යථාවට අයත් ස්ත්‍රිය ද මේ කවිය ඇතුලේ පැවැත්ම පාරභෞතිකයකි. ඊට හේතුව ගොඩනගා ඇත්තේ කවියේ ග්‍රැෆිකය යි. කවියේ ග්‍රැෆිකය කවියේ භාෂාත්මක ගොඩනැංවීම පුහු ව්‍යායාමයක් බවට එක සැණින් හරවා දමා ඇත. නොඑසේ නම් ඒ දෙකෙහි ගැටුමෙන් උපදින කියැවීම් ගැන කතෘ සවිඥානික නොවීමේ දෝශය හේතුවෙන් මෙම සමස්තය අවුලක් බවට පත් කර ඇත. එය කුමක් වුවත් මා මෙහිදී සලකන්නේ කතෘ මේ සියළු දේ කොම්පෝස් කර ඇත්තේ සවිඥානිකව බවයි. එම උපකල්පනය නිවැරදි නොවන්නේ නම් නිර්මාණය පාඨකයා නොමග යැවීමේ කුමන්ත්‍රණකාරී නිශ්පාදිතයක් වීම අහම්බයක් නොවේ. මෙම කවියේ සමස්ත වර්ගඵලය එකම කියවීමකට ලක් කළ විට එහි අන්තර්ගතයෙන් එහි ව්‍යුහය දෙවරක් විසංයෝජනාත්ම ඛණ්ඩනයකට ලක්වේ. අක්‍රිය මිනිසෙකු උඩුබැලි පා යුවලත් ඔහු හා රමණාවසාන ඉරියව්වක් නිරූපණය කරන ගැහැණු සිරුරත් හෝ අස්වාභාවික ලෙස රමණය අසල හෝ එබඳු කිසිදු රමණ යාන්ත්‍රණයක එළඹුමක් නැති සුව නින්දේ ව්‍යාජ ඉරියව්වක යෙදුනු ස්ත්‍රී ශරීරය අංගයක් ලෙස පෙනී යන කියුටෙක්ස් ගෑ නියපොතු සහිත ස්ත්‍රී පාද හැඟවුම් කරන්නේ භාෂාත්මක ගොඩනැංවීම සියල්ල සංකේතීය වෙස් මුහුණක් බවයි.
එනම් සැබෑ ස්ත්‍රිය එපා නොකියන තෙක් මධුවිත පොවන්නේ වත් පිරිමි සුවබර නින්දට මදුරුවන් තලා පොරෝන සකස් කරන්නියක් ද නොව ඇයද පිරිමි විඳින අලස සුව රාමුවම තුළ වැජඹෙන තවත් එක් පිරිමි ශරීරයක්ම බවයි.
මේ කවියේ භෞතික රාමුවේ අන්තර්ගතය අපව කැඳවා යන සංකේත ලෝකයයි. දෙවනුව එම සංකේත ඔස්සේ ගොඩනැංවූ පරිකල්පනීය ස්ත්‍රීවාදී ලෝකයයි.
රිද්ම සළකා බැලූ විට ද උක්ත අවුල නැවත හමු වේ.
පළමු පද හතරේ කොළඹ කවි රිද්මය විසින් පිරිමි ප්‍රෝඩාව ෆැන්ටසියක් බවත් දෙවන කොටසේ එන නිසඳැස් ආකෘතික රළු නැවතුම් සහිත ප්‍රතිපක්ෂ පද පේළි අට තුළ වූ ස්ත්‍රී හැඟවුම පිරිමි සත්‍යය වුවද එය නීතියක් බවත් ඒ තුළ ඇති ප්‍රෝඩාමය කියවීම ඒ දෙකටම පිටින් පවතින ග්‍රැෆිකය තුළ කොටු කළ වසා දැමූ යථ මතුවීම හරහා පුපුරා යන බවත් පෙනී යයි.
P.S.
මේ සියලු කාරණා කතෘ සවිඥානය තුළින් උපන්නද නැද්ද යන්න විමසීම කිසිදා යථාර්ථයක් නොවන යථකට අත වැනීමක් බැවින් එය බාතියානු අර්ථයෙන් කතෘගේ මරණය හරහා නිශේදනය කර දමා ඇති බව සලකන්න. නිර්මාණයක් සමග මගේ ගනුදෙනුව කතෘ ගේ පරිකල්පනීය සාධක ඉක්මවා යයි. කවියක වචන අතරට ග්‍රැෆික එබීම සරල කාරණයක් නොවේ. එය මනෝවිශ්ලේෂණාත්මක කියැවීමක් තුළ කතෘ විසංයෝජනාත්මක කියැවීමකට ලක්වේ. මගේ අවධානය නිර්මාණයට පමණි.
ආශ්‍රිත ග්‍රන්ථ/වෙබ් අඩවි
1. Roland Barthes-Image Music Text
2. Roland Barthes-Camera Lucida
3. The Originary Metaphor- p. 270 Of Grammatology-Derrida
4. Pataphysics
1 කුළිය:
Sithumini Rathnamalala
ඩෝසන් මෙහිදී අනුර යොදාගත් චිත්‍රක හැඩතලය පිළිබඳවත් සැළකිල්ලට ගෙන තිබෙනවා....නමුත් මට හිතුණේ ඔහුගේ චිත්‍රක යෙදුම එතරම් ගැඹුරු ආස්ථානයක සිට යොදාගෙන නැති බවයි.........
"නොඑසේ නම් ඒ දෙකෙහි ගැටුමෙන් උපදින කියැවීම් ගැන කතෘ සවිඥානික නොවීමේ දෝශය හේත...ුවෙන් මෙම සමස්තය අවුලක් බවට පත් කර ඇත." මෙහිදී මා ඩෝසන් සමග එකඟයි..
මා ඒ නිසා වියමන ලෙස සැළකූයේ ඔහුගේ වචන සැකැස්ම පමණයි.....
නමුත් මෙහි විසංයෝජනාර්ථයෙන් කතා කළ හැකි දෙයක් නැති බවයි මගේ අදහස....ඩෝසන් ගේ මතුකර දැක්වීම් mataphoric contradictions මිස විසංයෝජනයන්ට පාර කපන කරුණු නොවෙයි.මන්ද යත් කවියේ සමස්ථ නිරූපණයන් හරහා වියමනෙහි එකිනෙක හා ගැටෙන අරුත් ඉස්මතු කිරීමට හෝ ඒ හරහා ඇපොරියාවක් තුළ එවැනි අරුත් සංඝටනයක් සිර කිරීමට කවියේ වචන අපොහොසත් වීම නිසයි....කවිය තුළම සිරවී අඩු මාසෙන් එළියට පනින්නේ විසංයෝජනාත්මක එළැඹුමක් නොව කවියා විසින් යොදාගත් උත්ප්‍රාසාත්මක රූපක සංරචනයයි.... See more
46 minutes ago · LikeUnlike.
Dawson Preethi @Sithumini
උත්ප්‍රාසය යනුම මෙටාෆරික ගැටුමයි. ඉන් මා කියවා ගන්නේ ඊට පසුබිම් ව්‍යුහය සකස් කරන වචන හමු නොවන යථ කරා ගමන් කිරීමේදී සූචනයට ලක්වන දෙයයි. මෙය ම ඔබට ඇපෝරියාවක් ලෙස ඌණනය වීම සහේතුකයි. විසංයෝජනාත්මක ලෙස කවි කියැවීමත් විසංයෝජනාත්මක ලෙ...ස දාර්ශනික ප්‍රස්තුතයන් විදාරණය කිරීමත් සන්දර්භය අනුව ස්ථානගත වේ.
අවසන් විග්‍රහයේ දී විසංයෝජනාත්මක වන්නේ දාර්ශනික එළඹුම් බැව් මගේ විශ්වාසයයි. කවියක් වැනි නිර්මාණයක් විසින් කුළු ගන්වන දාර්ශනික කතිකාවන් නොවන්නට අපට විසංයෝජනාත්මක ලෙස විග්‍රහ කළ හැකි භාෂාමය අමුද්‍රව්‍ය හමු නොවේ. මෙහි දී ස්ත්‍රීවාදි එළඹුම එබඳු විසංයෝජනාත්මක කියැවීමකට අපව තල්ලු කරනු ලැබුවද එය මෙම නිර්මාණය තුළ එකම සන්දර්භයක් තුළ එකිනෙක පුපුරුවා හැර ඇති බැව් මගේ නිගමනය යි. උත්ප්‍රාසාත්මක රූප සංරචනය යනුම විසංයෝජන ඔපරේටරමය තත්වයට එළඹුමක් බැව් මගේ අදහසයි. එනමුත් මා මෙහි දක්වා ඇති පරිදිම එය අපගේ ඔලු තුළ සිදුවන හෝ එහි භාෂාමය ප්‍රකාශනය ලෙස එලියට පොලා පැනීමේ අවකාශය නිර්මාණය විසින්ම කොටු කර ඇති සේ මට දැනෙයි. කෙටියෙන් කිව හොත් මෙම නිර්මාණය තුළ හමුවන සියළු ස්ත්‍රීන් යනු එකිනෙකට වෙනස් දාර්ශනික එළඹුම් තුළ ස්ත්‍රී මෙටෆරයන් ය.
පළමු ස්ත්‍රිය ෆැන්ටෑස්මැටික සිහින ස්ථරයේත් දෙවන ස්ත්‍රිය යථ තුළ අවිඥානික ස්ථරයේත් තුන්වන ස්ත්‍රිය යථාර්ථවත් ලෙස වැසී ගිය ඡායාරූප ස්ථරයේත් පැවැත්ම මේ අවුලට හේතුව ලෙස මම දකිමි.See more
16 minutes ago · LikeUnlike · .
Dawson Preethi P.S.
අනෙක් අතට නිර්මාණයක ක්ෂිතිජය එහි සන්දර්භය ඔස්සේ කිසියම් සන්නිකර්ශනමය සීමාවක් ස්වාභාවිකව හෝ කෘත්‍රිමව නිමවන්නේ නැත්නම් එහි කියැවීම ප්‍රායෝගික නොවෙයි. එනම් මා මෙම නිර්මාණය තුළ සියල්ල එකට කැටි කරගන්නට තැත් කරන්නේ එහ රූපමය භෞතික සීමාව වන සම...ස්ත ග්‍රැෆිකයේ සෘජුකෝණාස්‍රය තුළ ඒකරාශී වන සර්වත්‍රයයි. එම සර්වත්‍රය තුළ අනුර ජයවර්ධනගේ නම ද ඇතුලත් සියලු දෘශ්‍ය උපාංග එකට ගෙන කියවීම යනු එම නිර්මාණයේ සමස්තය තුළට වැදීමේ ප්‍රායෝගික එළඹුමයි. මෙම නිර්මාණයේ ඡායාරූප කොටස නොසළකා හෝ අක්ෂර හැඩය හෝ ෆොන්ට්ස් වල වෙනස නොසළකා හෝ සිවුපදය විතරක් සළකා හෝ කියැවීම යනු මාගේ කියැවීම නොවේ. නිර්මාණය සවිඥානික නම් එහි අන්තර්ගත සියළු උපාංග කතෘගේ අවිඥානික සම්බන්ධයේ යථාමය වූ ප්‍රකාෂණය ලෙස ගැනීම මට අනුව සම්පූර්ණ කියවීමක ප්‍රායෝගික භාවිතයයි. එහෙයින් මෙහි ඡායාරූපයේ භූමිකාව මට අනුව තීරණාත්මක වේ.See more
4 minutes ago · LikeUnlike · .
Post a Comment