Wednesday, November 5, 2008

කේමදාස ප‍්‍රණාම

ඔබ යනවා නම් යන්න!

වෙණ තතකි
සත් ස්වරයකි
සියක් මුවකින් බෙණෙන
අසිරියකි

දළ රළට එකඟව
පොල් ලෙලි සේ නිසසලව
නොඇදී පහලට
උඩු ගං බැලූ ගමනකි

ගොලු හදවතක සර
නිධානයක ගොරතර
උදුම්බරාවක් වී
පලයක්ම වූ කුසුම්ය

එක පැහැර මවා ලූ
විස්කම් නාද පෙළහර

කුසිනාරා පුරවර
බුදු ඇස නිවුණු තැන
සල් මල් පෙති වැගිර
වැලපුණු දහසක් නාද

පැහැර බුදු බඳ යකුලු පහරින
වසවතුන් ගත් නිදහන
යසෝදරා ඉකිබිඳුම

සියල්ල දී අපට
නාද කවියක් කොට

හිතුවක්කාර ඉසිවර ගඳඹ
මොනවා කරන්නද
ඔබ යනවා නම් යන්න !

රත්න ශ්‍රී විජේසිංහ2008/10/27

ලංකා 2008/11/02 පුවත්පතෙන් උපුටා ගන්නා ලදී

1 කුළිය:

Buru Babe said...

vachana bara vedi unath hithata denena yamak... meva apita genavata pin thamai denna venne apita umbata