Saturday, November 8, 2008

සිහින වෙනුවට මරණය කවියට නැගීම


එක් උදයක සියලු දේ දැවෙමින් තිබිණි
එක් උදෑසනක
පොලොව මත්තෙන් නැගී මතුවුණු
ගිනි මැලයේ ගිනි දලු
වැනසූය මිනිස් කැළ
එතැන් සිට වෙඩි හඩය
එතැන් සිට වෙඩි බෙහෙත්
එතැන් සිට රුධිරය
ගුවන් යාන් මුසල්මානන්
සමග වු පල් හොරුය
ආර්යාවන් සමග
වයන්නට මෙන් සැකසූ අත් ඇති
පල් හොරුය
අහස හරහා
විසුරුවා සුභ පැතුම්
දරුවන් මරා දැමුමට
කලු තවුසන් සමග
පැමිණියේ පල් හොරුය
දරුවන්ගේ සිරුරු තුල
ගලා යන ලේ මෙන්ම
නොමැති ව කිසිදු කලබල
වීදිවල ගැලුවෙය
දරුවන්ගේ රුධිර දහරා
හිවලුන් ද නොඉවසන හිවලුන්
කටු පඳුරා කපා ඉවත ලූ ගල් බොරලුය
සර්පයන් පිළිකුලෙන්
ඉවත ලන සපුන්මය
මුහුණට මුහුණ ඔබ හමු වූ විට දී ඔබ
ලෙයින් නැග ආ රළක් මෙන්
දුටිමි ස්පාඤ්ඤ කුලුණ
පෙෘඨත්වය සහ මහිත්
එකම රැුල්ලේ ඔබ ගිලී යන
ගෙයින් ගෙය
මල් වෙනුවට
ගලා යනූයේ
පිළිස්සෙන ලෝහය
දෙ‍්‍රා්හී ජෙනරාල්වරුනි
පෙනෙයි මගෙ
මරණයේ නිවහන
බලනු
බිඳ වැටී ගිය ස්පාඤ්ඤය
ස්පාඤ්ඤයේ සෑම තත්වයක්ම
තුවක්කුවක ඇස් ඇරුණු
සෑම ළදරු මරණයක්ම
ඉපදුනු
සෑම අපරාධ උණ්ඩයක්ම
ස්පාඤ්ඤය එළිදරව් කරවයි
සොයා ගත් යම් දිනක
උඹලගේ හදවත් හි ගොන් ඇස
අසනු ඇත
ඇයි ඔහුගේ කවියේ දී
ඔහු උපන් භූමියේ
ගිනි කඳු තුරු ලතා
සිහිනයන් පිළිබඳව
කවි වලට නොනැගුවෙ
එව බලව
වීදිවල ලේ දහර
එව බලව
වීදිවල ලේ දහර

පැබ්ලෝ නෙරුඩා

උපුටනය ලංකා ඉරිදා සංග‍්‍රහය 08-06-2008 සිහින වෙනුවට මරණය කවියට නැගීම


2005 වසරෙ නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද හැරල්ඩ් පින්ටර් ගේ නොබෙල් සම්මානය ලබා ගනිමින් කළ දේශනයේ සඳහන් කල පැබ්ලෝ නෙරුඩා ගේ කවියක කොටසක්. මෙම ලිපිය පරිවර්තනය කරන ලද්දේ පබෝදනී චන්ද‍්‍රරත්නය.



සම්පූර්ණ ලිපිය බලන්න


http://nobelprize.org/nobel_prizes/literature/laureates/2005/pinter-lecture-e.html












0 කුළිය: