දශරථ වගෙ ද මං ?
කිරෙන් වියැලූන ද දෙතන් මත
දහදිය ගලයි රන්වනින
මෙලමයින් විසෙන් නොදරු ද
අත පත ගායි ඝණඳුර
සූ සැටක් නල
රුහිරු ධමනි තුල ඇන
සොයයි ජීවිතය
කළලයෙන් පැන ලෙවි මත
තාත්තා මම ය තවමත්
දොස්තර දොරටුව මුර කරන
”අපේ සප්පයන් කිසි දින
අකාලයේ නොමියෙත්ය”
මුමුණමි
හිස් සීලිමට
සෘෂ්‍යශෘංග , අද නුඔ කොහි සැඟව ?
නොම යදිමි රාම ලක්ෂ්මණ භරත
රැක දුන මැනව ම දුක්පත් පුත
හෙට ලොව දිනන නොදිනන නොදන්න...
ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 2008
0 කුළිය:
Post a Comment