Friday, November 9, 2012

Less than nothing හෙවත් හිස් බවටත් වඩා හිස්බව!

ළඟදී ඊමේලයක් එවලා තිබ්බා සහෘදයෙක් (සුභද්‍රා) "අකුරු නැත්තේ ඇයි?" කියලා මගෙන් අහලා. මට පුදුම හිතුනත් එක්කල. "වචන ටැක්සි" කියවන අය ගණනින් අතේ ඇඟිලි ගාණටත් අඩු නිසයි ඒ පුදුමය. ලියන්න කිසිම වෙලාවක් නෑ මේ දවස් ටිකේ; එහෙම ලියා යැවුවත් ඇත්තටම ලියන්න තරම් දේවලුත් නෑ මට මේ මොහොතේ හෙවත් හිස් බවටත් වඩා හිස්බව අත් විඳින නිසා.

හෂිත අබේවර්ධන ගණිතයෙන් කොටසකුයි සාහිත්‍යයෙන් කොටසකුයි මනෝ විශ්ලේෂණයෙන් කොටසකුයි එකතු කරල ලියල තියෙන ලිපි කීපයක් පහුගිය දවස්වල උඩින් පල්ලෙන් කියවලා ගොඩක් සතුටක් දැනුණා.

කාලෙක ඉඳලා මම හිතං හිටපු අදහසක් ඒ ස්වරූපෙන්ම නොවුනත් මේ ළඟදී ජිජැක් ලියලා තිබ්බා එයාගේ අලුත්ම පොතේ එයාගේ දාර්ශනික ව්‍යවහාරික භාෂාවෙන්. ඒක කියවද්දීත් අර වගේම සතුටක් ඇති වුණා කීවොත් නිවැරදියි.

මම කාලෙක ඉඳන් විශ්වාස කරන දෙයක් තමයි සියළු මිනිස් අවබෝධයන් අනාගතයේ දී අන්ත දෙකකට බෙදී යාවි කියන එක. ඒක හරියටම ධ්‍රැවීකරණයක් කීවත් වඩාත් නිවැරදියි. සරලව ඒ අන්ත දෙක කීවොත් එක අන්තයක් වෙන්නේ මනෝ විශ්ලේෂණය. එතකොට අනෙක් අන්තය වෙන්නේ ක්වොන්ටම් භෞතිකය. මේ දෙකමත් එකට යාවෙන තැන විද්‍යාව තියේවි කියලයි මට හිතෙන්නේ. මම මේ අදහස දරාගෙන ඉන්නේ නිශ්චිත හේතුවක් ඇතුවයි. මිනිසා ගේ චින්තනය අවසානයේ දී මනෝ විශ්ලේෂණයට ඌණ වෙලා චින්තනය නොවන සියළු භෞතිකය ක්වොන්ටම් භෞතිකයට ඌණ වෙනවා කියන එකයි ඒකෙන් හැඟවෙන්නේ. වෙනත් විදියකින් කීවොත් සියළු මිනිස් දැනුම එක්කෝ මනෝ විශ්ලේෂණයේ ව්‍යුත්පන්නයක් හෝ එසේ නොවන විෂයයක් ක්වොන්ටම් භෞතිකයේ ව්‍යුත්පන්නයක් බවට පත්වෙන්නයි ඉඩ තියෙන්නේ.

මේ ගැන උනන්දු කෙනෙකුට කාලය සොයාගෙන කියවන්න වටින පොතක් තමයි මේ; 2012 වසරේ ජිජැක් විසින් ලියා පළ කළ Less than nothing : Hegel and the shadow of dialectical materialism මෙතැනින් බාගත හැකියි.

"There is a moment of truth in this dismissal: translating quantum phenomena into a larger context to impress the public is wrong and misleading—in our reality, objects do not occupy two places at once, and so on. However, the ontological question persists, even if it remains unanswered: what is the ontological status of the phenomena covered by quantum formulae? While obviously not part of our daily reality, they must have a status which cannot be reduced to the scientists’ imagination or discursive constructs."

page 656 (pdf version) Less than nothing : Hegel and the shadow of dialectical materialism by Slavoj Zizek

p.s.

ස්තුතියි හෂිත!

3 කුළිය:

හෂිත said...

ණයක් ගෙව්වා වගෙ සතුටක් දැනුනා..

Subhadra Jayasundara said...

හිස් තැනින් තමයි ෙඩා්සන් හැම ෙද්ම බිහි ෙවන්ෙන, එතැන තමයි පිරිපුන්ම තැන.හිස් බවත් එක්ක ලියන්න.

තිසර said...

අවංකවම කියනව නම්... ක්වොන්ටම් භෞතිකය ගැන යම් අදහසක් තිබ්බත්, මනෝ විශ්ලේෂණාත්මක කාරණා ගැන මගේ දැනීම අල්පයි... ඒ නිසාමයි ඔබගේ පසුගිය ලිපියේ තිබූ යෙදුම් ගැනත් විමසුවේ... ඒ පිළිතුරු ඔස්සේ ගිහින් ඒ සම්බන්ධ යම් යම් කාරණා කියවන්න පෙළඹුනා. නමුත් කාල වෙලාවත් එක්ක, ඒ වගේ අලුත්ම මාතෘකාවකට මනස හැඩ ගස්සවගෙන ඇතුළුවෙන්න ටිකක් අමාරුයි, ඒ ගැන දරන්න වෙන වෙහෙස වැඩියි.

ඔබ කියලා තියන අදහස ගැන මට මෙහෙම ප්‍රශ්ණයක් අහන්න හිතුනා. මේක අහන්නේ මනෝ විශ්ලේෂණයේ දි භාවිතවෙන සිද්ධාන්ත බොහොමයක් ඉදිරිපත්වෙලා බොහොම කල් ගිහින් කියන උපකල්පනයත් එක්ක. ක්වොන්ටම් භෞතිකයත් ඒ වගේනෙ... එහි සිද්ධාන්ත ඉතාම පැරණි ඒවනේ... ඉතින් ඇයි මේ වෙනකොට ඔය ධ්‍රැවීකරණයවීම වෙලා නැත්තේ? මේ ධ්‍රැවීකරණය කාලයත් සමග හෙමින් හෙමින් සිදුවෙන දෙයක්ද? එහෙමත් නැත්නම් දැනටත් හෙමින් සිදුවෙමින් පවතින ක්‍රියාවලියක් ඉදිරියේදී වේගවත්වෙලා සිද්ධවෙන දෙයක්ද? එහෙමත් නැත්නම් අනාගතයේ සිදුවෙතැයි හිතන යම් ක්‍රියාවලියකින් ආරම්භවීමට නියමිත දෙයක්ද?

ඔබ සඳහන් කරලා තියන පොත කියෙව්වොත් සමහර විට උත්තරයක් හොයාගන්න පුළුවන් වෙයි... ඒත් අර කලින් කියපු කාරණා නිසාත්, අතිශය වෙහෙසකර අත්දැකීමක් වෙන බව අනිවාර්යයෙන් දන්නා නිසාත්... ඒක කෙරෙන එකක් නැහැ...