Friday, November 14, 2008

කර්තෘ අඥාතයි කාව්‍ය සංග‍්‍රහය-ඊ එම් ඩී උපාලි

මෙතනින් මාරු වෙනු 1983
පියාඹන අස්සයා 1985
එව බලව 1998
චර පුරුෂ 2000
චෙරිමල් යාය 2000
වන තාරාවී 2006
බෝනික්කිගේ සෙල්ලං ගේ 2008

ඒ සියල්ල වේදිකා නාට්‍ය පිටපත්ය. හොඳින් කණට හුරුය. දෙකක් පමණක් තවම නිෂ්පාදනය වී නැත්තේය...

මුල් දෙකම ස්වතන්ත‍්‍රයි.
තෙවැන්න අනුවර්තනයකි.
සිවුවැන්න පරිවර්තනයකි. මුල් නිර්මාණය නිකොලායි ගොගොල්ගේය.
ඊළගට ඇත්තේ ඇන්ටන් චෙකොව් ගේ නිර්මාණයේ වෙදිකා නාට්‍ය පරිවර්තනයයි.
වෙදිකාවෙ සිහසුනේ සදාකාලික රැුඳිවිහෙන්රික් ඉබ්සන් ගේ සුප‍්‍රසිද්ධ නාට්‍ය පිටපත් හතරෙන් දෙකකි අවසානයේ පරිවර්තිත ව ඇත්තේ.

1996 දී
තුන්සිත් රටා මැයෙන් කාව්‍ය සංග‍්‍රහයක් ද

2005 දී
දඹරන් පිළිමය නමැති යොවුන් නවකතාව ද

2007 දී
ළය විරේකය නමැති නව කතාව ද
කළ හෙතෙම

2008 දී
කර්තෘ අඥාත වී ඇති හෙයිනි මේ හෙලි දරව්ව...
මේ කර්තෘ අඥාතයි කාව්‍ය සංග‍්‍රහයෙන් උපුටා ගත්කවියකි.

අලු

අඩ සිය වසක
රොඩු බොඩු
වදන් වරණ රෙක්කයෙන්
ඇවිස්සුවෙමි
එකතු කළෙමි
එක තැනකට
පිළිවෙළකට

දැන් ඉතින්
ගිනි තබමු
එකතු කළ
එ රොඩු බොඩු

තෙමෙ
අලු වී යද්දී
අවට
අලු කරනු වස්

ඒ කවියාගේ පෙරවදනයි.

මෙ ප‍්‍රථම කවයි

හෙවණැල්ල

වැසි වස්සන ඇලි ඇතු දී බමුණන්ට
ආයෙමි වංකගිරි පාරමි සපුරන්ට
රුව ඇති දූ පුතුන් පිදුවත් බුදුවන්ට
ප‍්‍රාණසරි බිසෝ නම් බෑ දන්දෙන්ට

කිරි එරුණලු සඳමහ මුත්තණු ළයට
දෙදරුන් බරට රන් දුන්නලු ජූජකට
නුඹේ බරට රත‍්‍රන් මුලු රටෙත් නැත
මා හිස ගිය ද නුඹෙ හිත බෑ දන් දෙන්ට

තෙමා වැටුණි කිඳුරග නෙත් සඳගිරියේ
දමා කුමරි වැඩියෙද කිසි අත් බවයේ
අදරින් පැතු එ බුදු බැව් මහද බැබළියේ
එද හෙවණැල්ල මට දන් දිය හැකි ද පියේ ?

ඊ එම් ඩී උපාලි

0 කුළිය: