අකීකරු පුත‍්‍රයාට ලියමි- ඉසුරු ප‍්‍රසංග

අකීකරු පුත‍්‍රයාට ලියමි

පූර්විකාව

කවියකු උපන් කල

මව්වරු හඩා වැලපෙති
ඒ දරුවා තමාට නොව
ලෝකයට හිමිවන බැව් දැන

ස්ටෙපාන් ත්සනෙව් බල්ගේරියාව

නුඹ උපන් කල
හඩා වැළපිනි මව
කවියකු නිසා නොව
උපන් එ සැනෙහි
නාඩාම නුඹ හුන් වග දැක...

ලොව දැක නිබඳ
හඩා පල නැතියෙන
හුනිව ද දරා සිත දැඩිකර...

විනම් කවියකු මෙරට
වලඳින ගුහා සුව මිස
ලොවට උන් හිමි නැතියෙන
දුක්වන කරුණු නැත මව්නට...

වැළපෙයි අදත් නුඹ මව
කවියකු නොවු පුතු ගැන...

කවි සිත කවියටම
නොව ලෝකයට පුද කර

රතු මලෙක රූ ලැබ
නුඹ පිපෙන ගොහොරෙහි තතු දැන...

ඉසුරු ප‍්‍රසංග
තුරු හිසක තරු සැගව 2006 කාව්‍ය සංග‍්‍රහයෙන්


tbc

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්