Monday, September 20, 2010

මුහුණු පොතේ කවි ගැන සංවාද සටහන් ...

ලිපිය හා සබැඳේ


Sujeewa Kokawala


අම්මට හුඩු. මේක එළ උත්තරේ.

අනුන්ගෙ කවි ලොකු පොඩි කරන්න මං කවියෙක් නොවේ. ඒත් ඔබ කියූ පරිදි කවි නම් නොවෙයි බොහෝ දෙනෙක් ලියන්නේ, වදන් හසුරා හැඟීම් ජනනය කරන ප්‍රකාශන.

හුඟක් ඒවායේ ඇති ලස්සනක් මටනම් [පුද්ගලික මතය] නෑ. මෙතන කතාවෙන "කවිය" වුණත් මෙලෝ ...රහක් නෑ. ඒත් ඒවට කට්ටිය හොඳ උත්තර දාලා තියෙන කොට මට හිතෙනවා රස වින්දනයත් රචනය වගේම අළුත් තලයකට ගිහින් ද කියලා. නැත්නම් ඔහේ දාන්න ඕනේ නිසා මොනවා හරි කියලා දානව ද දන්නෙ නෑ කියවපු අය.

මෙකෙන් කියන්නේ කෝට්ටේ යුගයට අනුව හැමෝම කවි ලිවිය යුතුයි කියා නම් නොවේ. පර්යේෂණ කළ යුතුයි පදනමක් මත.

Dawson Preethi

ප්‍රතිචාරයට ස්තුතියි සුජීව. දැවැන්ත පරිමාණයේ වෙළඳ දැන්වීම් ප්‍රචාරක උපක්‍රම විසින් කවිය ඩෝසර් කරමින් සිටිනා බව මුහුණු පොතේ කවියන්ගේ නිර්මාණාත්මක හැසිරීම් විසින් පෙන්වා දෙමින් සිටියි.

මේ සංවාදය කොතනින් හෝ පැන නැගී මෙම මස්තබාල්දු වෙමින් පවතින... සාහිත්‍යංගය බේරා ගැනීමට කටයුතු කළ යුතුයි යන්න ‍මගේ අදහසයි.


Sujeewa Kokawala

මේ ලියන මාත් මූණු පොතට කවි කියා [මට හිතෙන] දේවල් දමන නිසා මේ මතය සංවේදි යි.

මං මූණු පොතෙ තියෙන ගොඩක් කවි කියවන්නෙ නැත්තේ මෙලෝ රහක් නැති නිසා. ඔන්ලයින් ෆේස් බුක් ඉන්ටනෙට් වගේ වචන මැජික් නොවෙයි. ඒවා නිකම් ලිවුවට එහි රසයක් නෑ. කැමති නම් ඒවා පා...විච්චි කර කවි ලියන්න පුළුවන්, හැබැයි කවිය තියෙන්නේ වචනෙන් එළියේ.

මං හිතන්නෙ ඔය සුපර් ස්ටාර් වගේ සිද්දියක් මේක. හිතන්න සුපර් ස්ටාර් එකේ පළමු වටය නොනැවතී තියෙනවා. විනිසුරන් [උන් හරියි කියා කියනවා නොවේ] නැහැ. මුළ සිටම ප්‍රේක්ෂක ප්‍රතිචාර පමණයි. ඉතින් කට්ටිය හිට ගෙන සින්දු කියනවා. දෙවෙනි වටයක් නෑ.

කවුරුහරි කිව්වොත් මොනවා හරි අර සුපර් ස්ටාර් එකේ ගෙදර යන එවුං වගේ බණිනවා කිව්ව එකාට.

මිනිස්සු පෝළිමේ කරන්නේ රැල්ලට කරන වැඩ. ඇගැයුමක් නෑ. හරියට බස් එකේ යන සින්දු වගේ.

මීට අමතර ව කවියක් ලියලා කෙල්ලෙක් සෙට් කර ගන්න නැත්නම් තරහ උන කෙල්ල/කොල්ලා යාළු කර ගන්න උත්සාහ කීම නම් කමක් නෑ. අඩු ගාණෙ පදනමක් තියෙනවා. සින්දු කියන්න බැරි මමත් සින්දුවක් ප්‍රැක්ටිස් කළා එහෙම දේකට.

මං ආයිත් දකින්නෙ රසිකයින් ගෙ ලෙඩේ. මොන රෙද්දට ද කට්ටිය දාන්නෙ "එළ කිරි", "මැක්සා" කියලා.


Dawson Preethi
 අදහස් ප්‍රකාශ කරන්න නොයෙකුත් භාෂා මාදිලි පාවිච්චි කිරීම සහ අත්හදා බැලීම් කිරීම අගය කළ යුතුයි. ඒවාට වෙනස් එළඹුම් ඔස්සේ ඇගයීම් කරන්නට අනෙකුත් අය උත්සුක විය යුතුයි. ඒ ලියන සියල්ල කවි නම් වූ ප්‍රොටොටයිප් එකක් හා සසඳමින් විනිශ්චය කරගන්නට පිරිස් ...බලය පාවිච්චි කිරීම නිසා ස්වයංමෝහනයට පත්වීමෙන් එම නිර්මාණකරුවන් බේරා ගත යුතුයැයි යන්න මගේ අදහසයි.

කවියට අත නොතබා අනෙකුත් භාෂා නිර්මාණයන් වෙනම සසඳා කිරා මැනීමේ ක්‍රම වේදයන් අප සොයා ගත යුතුය යන්නයි මගේ අදහස.

අදහස් සියුම් ලෙස මිනිස් සිතට කාවැද්දීමේ කලාව වඩාත් බර වන්නේ ප්‍රචාරණ කලාවට මිසක් කවියට නොවේ. කවිය රිද්මයත් අර්ථයත් අතර සුසංයෝගයක්. එහෙමයි මම හිතන්නේ...


Sujeewa Kokawala

කෙටියෙන් කිව්වොත්, තෝරා ගත් [කාව්‍යමය අගය පමණක් සළකා] නිර්මාණ මූණු පොතේ [වෙනම] පළ කිරීමෙනුත්, උසස් යැයි සිතිය හැකි කවියන් ද මූණු පොතට නිර්මාණ දැමීමෙනුත් තරමක් ගොඩ දැමිය හැකියි.

කොමෙන්ටු දැමීමෙන් මිතුරන් ද තරහ වීම පමණයි වෙන්නේ.මට කියන්න තෝ කවුද කියල අහන්න පුළුවන්.

අනික පොදු හා පුද්ගලික කියන වචන දෙක මූණු පොතේ තරම් දූෂණය වෙච්ච තව තැනක් නෑ. කවිය දාන්නේ උගේ බිත්තියේ අපිටත් කොක්කක් එල්ළලා. ඉතින් බලලා පොදු විවරණයක් කළොත් ඔන්න කෑ ගහනවා ඒක මගේ පුද්ගලික නිර්මාණ අවකාශය කියලා. බිත්තිය උගෙනේ. කවිය ලෝකෙට.


Hashitha Abeywardana

මෙතන තියෙන මූලික ගැටළුව ඉස්මතුවෙන්නේ කවි නිසා නෙවෙයි. සමාජ ජාලගත වීම නිසා. කවිය මෙතනට එන්නෙ ව්‍යතිරේකයක් විදිහට. මිතුරන් අතර ජනප්‍රිය වීම, ඉස්මතුවීම, හොඳයි කියා අසා ගැනීම ආදී එදිනෙදා පුද්ගලික උවමනාවන් වල ප්‍රකාශනයක් විදිහට 'කවි' නම් සංඥාව...ෙන් ඇඟවෙන දේ යොදාගැනීමක් විදිහටයි මුලින්ම මම මේ තත්වය තේරුම්ගන්නේ.

මූලික හුරුවක් අවශ්‍යයි කියන වෘත්තික ක්ෂේත්‍ර වගේ නෙවෙයි. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ලියන්න පුලුවන්. අනික කලා නිෂ්පාදනයකට උවමනා කිසිදු හෝ නිෂ්පාදන සාධකයක් මේ සඳහා උවමනා නෑ. මේක 'රෙස් නල්ලියස්' [පොන්තනෝනාගේ පස්ස බඳු] තත්වයක්. ප්‍රමාණිකත්වය කිසිදු ගැටළුවකට ලක් වන්නේ නෑ. පොදු එකඟ තාවයක් [රෙස් කොමියුනිස්] මෙහිදී උවමනා නෑ [තිබිය යුතු වුවත්].

මේ පහුගිය කාලේ ගායකයන් බිහිවූ ආකාරයෙම දිගුවක්. නිෂ්පාදන වියදම් අඩුවීම නිසා "බෑන්ඩ්" කැසට් බිහිවීම. එක ...දෙක... ආදී වශයෙන් වැල් බිහිවීම වුනා. 'මාධ්‍ය පණිවුඩය වූ කලෙක' මාධ්‍යය විසින් එල්ල කරන පැවැත්මේ අභියෝගය තේරුම් ගත යුතු වෙනවා. මෙහි අවසාන ප්‍රතිඵලය විය හැක්කේ බ්‍රිතාන්‍යයේ සාම්ප්‍රදායික තණබිම් වල ඛේදජනක [tragedy of commons]ඉරණම ට කවිය ලක් වීමද?


Sujeewa Kokawala

හෂිත;

ජන කලාවක් [ෆෝක් ආට්] තිබිය යුතුයි. සුපර් ස්ටාර් වල පොඩි සාධනීය ලකුණක් හැටියට සමහරු කියන්නේ ඕක නෙ.

ඒත් ප්‍රශ්නේ මේවා ඇගයීමකට ලක් වෙන්නෙ නැති එක.

අංකුර ජන කවියෙක් චාටර් කවියක් කිව්වොත් පරිපුර්ණ කවීන් අතරේ ඌ ව විවේචනය වෙනවා. හිටිවන කවියෙක් මාත්‍රා වැරැද්දුවොත් සබයට ඒක තේරෙනවා, ඊළඟ එකා ඌට ගේම දෙනවා.

ඒ මොකද? නිර්මාණ පොදු පරාසයට පේනවා. එතනින් උත්තර ලබෙනවා. මූණු පොත ඔතනදි දෙන්නේ සුළු පිරිසකට විතරයි. ඒ අතරේ ඉන්නෙත් මේ විනාඩි පහකට එතනට පැන්න හදිස්සි කාරයෙක්. කොහෙද ඉතින් විවරණය කරන්නේ.

හැබැයි ඉතින් ලකුණු දාගන්න එක නම් මානව ස්වභාවයක්. වැරද්ද, උන්ව විවරණය කරන්න කියවන එකා දන්නෙ නෑ, තමන්ට ඕනෙත් නෑ.


Sujeewa Kokawala

තවත් ප්‍රශ්ණයක්. කවිය ලස්සන වෙන්න චිත්‍ර දැම්මට කමක් නෑ. ඒත් සමහරුන් ගේ චිත්‍රය හෝ ෆොන්ට් එක වෙනස් කළොත් තේරුමක් නැති වෙනවා.

මට නම් ඔය වගේ සීන් අල්ලන්නෙ නෑ.


Hashitha Abeywardana


ආකෘතික ව කරන, පෙළෙහි කරන, ව්‍යූහයෙහි කරන භ්‍රාන්තික වෙනසක් ඉවසීම හෝ එය තේරුම් ගැනීම [අජිත් තිලකසේන පිළි සම කිරීම හා සංයුක්ත කවි ඊට පෙර සිරි ගුණසිංහ ඔහුගේම රූපක තනාගැනීම] කළ හැකියි. එහි අභ්‍යාසමය කටයුත්ත හා පුද්ගලිකව එකඟ නොවුණත් ක්ෂේත්‍රයක් ...ලෙස එකඟ විය හැකියි. උදාහරණයක් විදිහට ඉන්දික ගේ රූප කවි හා ඔහු පසුව ග්‍රැෆික් රාමුවක කවි ලිවීම ගත්තොත්, අල්ලිස් අයියාගේ දොදොල් තාච්චිය වගේ ඔහුගේ ආකෘතිය මතුපිටින් අල්ලාගෙන කරන වචන ජිල්මාට් පෙන්වාදිය හැකියි.

සුජීව හා එකඟ වෙන ගමන් එරෙහි වෙනවා එක් අදහසකට, හොඳ කවි පල කිරීමෙන් පෙළැඹවීම් ඇති කළ හැකියි කියන කරුණට. මෙහෙම කරපු වෙලාවක මට ලැබුණ එක ප්‍රතිචාරයක් තමයි [මම දහම් ගැට හඳුන්වාදීමට උත්සාහ කළා] එහි මතුපිට කියවීම කළ කෙනෙක් අසභ්‍ය කොමෙන්ට් දැමීම. මෙහිදී මම හිතන්නේ 'ප්‍රභා වළලු' [aura] අදාළ නැති යුගයකයි අපි ඉන්නේ.

ඉතා සුළු දෙනෙක් හෝ පෙළඹුණොත් එය කොන්ටම් පිම්මක්. අනික තමා කවි ලියැවෙන්නේ අන්තර්ජාලයේ පමණක් නොවේ යන්න.


Hashitha Abeywardana

‎[උදාහරණයක් විදිහට ඉන්දික ගේ රූප කවි හා ඔහු පසුව ග්‍රැෆික් රාමුවක කවි ලිවීම ගත්තොත්, අල්ලිස් අයියාගේ දොදොල් තාච්චිය වගේ ඔහුගේ ආකෘතිය මතුපිටින් අල්ලාගෙන කරන වචන ජිල්මාට් පෙන්වාදිය හැකියි.]
මෙය සිමියුලෙක්‍රමයක් මිසක් ඔරිජිනල් වැඩක් නෙවෙයි. හැබ...ැයි ආකෘතිය කොපි කරපු අය හිතනවා තමන් 'ඉන්දික ගුණවර්දන' වගේම තමා කියලා.




Sujeewa Kokawala

hashitha;

kiyavannange ganana digatama me paththe vadi venava. kadadaasi poth vala adu venava. e nisa me maadyaye anaagathaya lokuyi. ekayi dawson ge mathayata man mechchara livve. nathnam thamange biththiye monava livvama apata mokada?

oya cassette aapu kaale maha gaayakayo cassette kale nathi nisaa, okkoma ahuwe nihal nelson haa desmond [man unge sindu valata akamathi ne], eth passe okkoma casstte gahuvama kattiya bedilaa sindu ahuvaa kamathi ayage.

honda kavi aavoth kamathi aya balayi. honda dakiyi, e thulin anik un igena ganiyi.

habayi rasa vindanayath aluth thalayakata avith nam [mage kalin comments balanna] e kiyanne vade kela venavaa. ehenam me katha karana api vanda vii yana sathva kottaashayak.


Hashitha Abeywardana ‎.

ඉහත උපුටා ඇති කමල් ගේ රූපයේ confirm වචනය conform වචනය විදිහට දැක්වෙනවා. මේ වගේ අවුල් කොහොමද සමනය කරන්නේ. සාක්ෂරතාවයේ මූලිකාංග මූලධර්ම පවා උල්ලංඝනය කරන කෙනෙක් අතින් කවි ලියවෙන්න පුලුවන්ද? කමල්ට වරදින්නේ ඉන්ගිරිසි අකුරක්, සිංහල බසේ කවදාවත් ...සංකල්පයක් නොවූ හා අකුරුරටාවක් නොවූ විකෘතීන් මෙහිදී මුණ ගැහෙනවා හා සමහරු ඒවා ගැන උද්දාම වෙනවා.




Hashitha Abeywardana

I do agree with your comment and that was what I also said in the 4th comment above. :-)


Hashitha Abeywardana ‎.

සුජීව:

එහෙම වඳ වී යා යුතු විටෙක වඳවී යාම අත්‍යාවශ්‍යයි.
නියංරකුසා බීත කරමින
බිරම් වැසි නාවොතින් හෙටදින
ගොයම් ගස් නාඬා මියෙ නු ඇත
...තවත් වපුරනු පිණිස ඉඩහැර
-නන්දන වීරසිංහ-


Sujeewa Kokawala

hashitha:

maath ekata lasthiyi. liyana kavi valath man venasak karanne ne vanda vii yaama ta baye. adu paadu hadanavaa pamanayi. kiyavana kavi ivara unoth nikam innava.




Dawson Preethi

මගේ අදහස නම් මේ තරුණ නවක නිර්මාණකරුවන්ට අදහස් පළ කිරීමේ නව ෂානරයන් සොයා ගැනීමට ඉඩ හසර දී ඒවා එම තාක්ෂණික නිර්නායක ඔස්සේ විචාර කිරීමට සමත් විචාර මූල ධර්ම සොයා යා යුතු බවයි.

කවිය පිළිබඳ නැවුම් අදහස් යැයි මේවා පටලවා ගැනීම නතර කළහොත් කවියේ පැවැත්ම තහවුරු වෙයි කියලයි මම හිතන්නේ.


lush Яandima

ඔබ සියළු දෙනාගෙම මතය්ට මමද එකඟ වෙමි..
එසේම මට දැනෙන පරිදි නම් යමෙකු හරහා යම් නිර්මාණයක් [කවියක් හෝ වෙනත් යමක්] බිහි වීම්ට තමා මුහුණ දෙන අත්දැකීම් පිටිවහලක්වන බවයි..

@සුජීව - කවිය අලංකාර කිරීමට් චිත්‍රයක් හෝ ෆොන්ට් එක මාරු කිරීමේ වැරැද්දක් මා ...නම් නොදකියි.. මන්ද යත් තම තුලින් බිහි වූ නිර්මාණයට තමා උගත් දෙයක් එක් කිරීමෙන් එහි වරදක් සිදුවී ඇතැ මා නොසිතයි..

[මෙය හුදෙක් මාගේ චින්තනයක් පමණි..]


Sithumini Rathnamalala

ඩෝසන්, සුජීව, හසිත, මේ ඉතා වැදගත් කතා බහක්......මේ කතා බහ දිගින් දිගට නොකැඩී තබා ගත හැකිනම් Facebook හි සමස්ථ අඳබාල "කවි" සංස්කෘතිය යහපත් තැනකට ගෙන ඒම නොකළ හැකි නොවේ යැයි මා සිතනවා...සිදුවිය යුතු ප්‍රධානම දෙය නම් පිට කැසීමෙන් තොර සෘජු විචාර කලාවකට මුල් ගල් තැබීමයි.....ඔබ තිදෙනාටම මගේ ගෞරවය හා ස්තුතිය...........


Dawson Preethi


@Milush


කවියක් හෝ වෙනත් ඕනෑම දෙයක් දෘශ්‍යමය අලංකාරවල ඔතා දීමෙහි ඇත්තේ ආකර්ෂණීය වුවමනාවන් වේ. එනම් ප්‍රචාරණමය වුවමනාවන් ය. එය වරදක් නොවේ. නමුත් එම උපක්‍රම ඔස‍්සේ තම නිර්මාණය අසල නැවතුන ‍පාඨකයාට ඊළඟට ලැබෙන්නේ කුමක් ද යන්නයි ගැටළුව. නිර්මාණය ත...ුළ වන්නේ අවරගනයේ දෙයක් නම් එනමුත් එහි පසුබිම් ග්‍රැෆික සහ ප්‍රචාරණ උපක්‍රම ආකර්ෂණීය නම් එම පාඨකයා කුමක් අරභයා තම මතය ප්‍රකාශ කරන්නට පෙළඹෙන්නේ ද යන්න මත නිර්මාණය තක්සේරුවට ලක්වීම අවදානම් දෙයකි. රසඥතාවයේ දිශානති වෙනස් වීමකි.

ලස්සන රූප වර්ණ සහ හැඩතල ඔස්සේ එහි ඇති වාචික වියමන ද අගයන්නේ නම් එය දෝශයකි. එබඳු දේ දැන් දැන් බහුලව සිදුවන බැව් පෙනේ. දුර්වල පද ඝටනාවෙන් යුත් අවරගනයේ කවි යැයි කිසිදු ගුණාත්මක බවකින් තොර නිර්මාණ ප්‍රශස්ත දේ බවට සැණෙකින් පොලා පැනීමට පසුබිමෙන් වන ලස්සන රූප- ග්‍රැෆික හේතු වීම ඛේදයක් නොවන්නේ ද?

ග්‍රැෆික සහ ෆොන්ට් විවිධ ලෙස හැසිරවීමෙන් නිපදවන භාෂාමය නිර්මාණ උදෙසා වෙනස් එළඹුමකින් විචාර සම්ප්‍රදායක් ගොඩනගා ගත යුතු බැව් මට හැඟේ. එය බොහෝ දුරට මනෝවිශ්ලේෂණාත්මක ආකෘතියක් විය හැකියැයි මට සිතේ.




Hashitha Abeywardana ‎.

මෙහිදී කවිය සේම විචාරත් දියුණු විය යුතුයි යන අදහසට මම පැහැදිලිව එකඟයි. නමුත් සිදුවෙමින් පවතින්නේ විචාර හා කවි දෙකම වලපල්ලට යෑමයි. ශානරික පොළා පැනීම හා ගොණුවීම තෙරුම් ගැනීම 'කවි ශ්‍රමය ' වගේ වචනයයක් මෙතනට ගෙන එන්න මම කැමතියි, මක් නිසාද මේ ...ශ්‍රම වැගිරීම හා කවි නිෂ්පාදනය සම්බන්ධකිරීමෙන් කවි තත්ත්වය පිළිබඳ මැදිහත් වීමක් කළ හැකියැයි මම විශ්වාස කරන නිසා.
මේ ශ්‍රමය වැගිරීම උපදින්නේ කවි මූලධර්ම [කවි මූලධර්මවාදීන්..? හෙහ් හෙහ්] රැකීමට යම් ආකාරයකින් උත්සාහ දැරීමෙන්. මම මේ කරුණ ඉස්මතු කරන්නේ උපායමාර්ගික එළැඹුමක් ගැන හිතමින්. [back to basics] නම් තැන තමා මම ඉන්නේ නැතහොත් අලුත් සියල්ල නරකයි කියන අතීත කාමයෙන් පෙළෙමින් නෙවෙයි. [හණමිටි අය එක්ක වෙනම වැඩක් තියෙනවා කරන්න] අලුත් දේ පරණදෙය ඉක්මවා යා යුතුයි කියන එකත් මෙහිදී කියන්න වෙනවා.


Sithumini Rathnamalala ‎

@ ඩෝසන්,
විවිධ නිර්මාණ ආකෘතීන් එක්වී නව නිර්මාණ ආකෘතීන් බිහිවීම නිර්මාණ ක්ශෙස්ත්‍රයේ ප්‍රගමනයට උදව්වක්.....කවිය හා දෘශ්යමය භාව ප්‍රකාශනය එක්වීම ඉතා පැරැණි ආකෘතික වෙනස් කමක්.....එය හර සුන් අලංකාරයක් පමණක් වුව හොත් ඉන් කවිය මැරෙනවා තමයි.........
හැබැයි "කවිය" කියා වැටකොටු බැඳගෙන ඊට වෙනම විචාරයකුත්, උක්ත පරිදි වෙනස් ආකෘතීන් සහිත නිර්මාණ වලට වෙනම විචාර කලාවකුත් යෝජනා කරනවාට වඩා සමස්ථය "නිර්මාණ" විචාරයකට ලක් කිරීම වඩා ප්‍රගතිගාමී නොවේද??? නැත්නම් අපි පැරැණි ආකෘතික විචාරයටම ව්‍යංගයෙන් ආවඩනවා නොවේද.....?????


Dawson Preethi

ඔව් සිතුමිණි කියන කතාවේ බරපතලකමක් තියෙනවා. මට එහෙම හිතුනේ නැත්තේ අපි කෙටිකතාව හෝ නවකතාව හෝ වෙන වෙනම නිර්ණායක ඔස්සේ විවිධ දෘශ්ටිකෝණ ඔස්සේ විචාරයේ යෙදෙන නිසා එබඳුම ආකාරයකින් "කවි" සහ "ප්‍රචාරණ මාධ්‍යයන්" හැකි දුරකට වෙන්කොට ඒවා වෙනස් තල තුළ වි...චාරයට ලක්කිරීමක් ගැනයි මට සිතුණේ.

ඔබ කියන සමස්තය උදෙසා විචාරයක් නිර්මාණය කිරීම බරපතල දෙයක් නොවේද? විශේෂයෙන් "චිත්‍රකලා විචාරය" සහ "වචන සමග සුසංයෝග වූ පෝස්ටර්" වැනි "කවි" විචාරයේ පොදු ලක්ෂණ විය හැක්කේ මනෝවිශ්ලේෂණාත්මක දේ පමණක් යැයි මට හැඟේ.


Sithumini Rathnamalala


‎@ හසිත......
"කවි ශ්‍රමය" වෙනුවට "නිර්මාණ ශ්‍රමය" ගැන කතා කළොත් වඩා සාධාරණ නොවෙයිද.....?


Sithumini Rathnamalala


‎@ ඩෝසන්
ඔවු, එය බරපතලයි තමයි....නමුත් සමහර නව කලා මාධ්යයන් තුළ මෙය වඩා සාධනීය අයුරින් සිදුවී තිබෙනු දැකිය හැකියි....උදාහරණයකට video art සහ installation art එකතුවීමෙන් නිමැවුණු නව ආකෘතියක් වන video installation art විවරණය වන ආකාරය සැලකිය... හැකියි...


Hashitha Abeywardana ‎.


පින්තූර, ග්‍රැෆික් හා අකුරු හැඩ නිසා ලැබෙන දෘශ්‍ය ආදානය විසින් කවි නිර්මාණයක ඇති එළැඹුම හා අනිකුත් ආදානයන් යටපත් කෙරෙන බවයි මගේ විශ්වාසය. වචන අසමත් තැනකදී යි රූප උවමනා වෙන්නේ, රූප පහසුවෙන් සොයා ගැනීම [සුලබ වීම] රූප හා වචන හාමු කිරීමට පහසු... වූ පමණින් ව්‍යූහමය වෙනසක් වෙන්නේ නෑ.
ඉන්දික, අනුර හා වීරයා මේ ගැන කළදේ පුරෝගාමීයි, ආපහු අල්ලිස් අයියාගේ දොදොල් තාච්චිය එයාව කොපි කරපු බාල දොදොල් කාරයෝ නිසා පරණ බඩු කඩේට විකිණීයාමට අපි සම්මුඛ වෙනවා.
මේ ගැන අපි ඇවිත් නතර වෙලා තියෙන තැන තමයි 'එයා සේකර පුතා වගේ' 'රත්නශ්‍රී ගේ දුව වගෙ; කියන අලංකාරිකයකින් කවියාව හෝදන එක. නමුත් ඉන් එහා අලුත් මිමි හදා ගැනීම කළ යුතුමයි.


@සිතුමිණි: නිර්මාණ කියා පොදුවේ කතා කිරීම මෙතනට බරපතල වැඩියි කියලා මට හිතුණා. මොකද ප්‍රශ්නය මතු වුනේ කෙටි ලියවිලි හා කුඩා සමෝධානයන් නිසා. අනික් කාරණේ මේ රූප කවි සම්බන්ධයෙන් උනන්දුවෙන අය පිකාසෝ, රිවේරා හා ඩුශාම්ප් කරපු දේවල් හොයා බලනවා නම් හොඳයි. ලෙවකන්න පුලුවන් පිස් පෝච්චියකට තියෙන්නෙ ජේ මට්ට් [DuChamap] අස්සන් කරපු එක විතරයි.


Hashitha Abeywardana ‎.


මම වතාවක් ශ්‍රව්‍ය ඉන්ස්ටොලේෂන් එකක් හරහා ඇවිද ගියා, විවිධ හඬ දහස් ගණනක් [ප්‍රවෘත්ති පවා] ස්ටීරියෝ වර්ධක හරහා යොමු කරලා තිබුණා ටේට් මොඩර්න් හි ප්‍රධාන ශාලාවට. එහි වැදගත් කමවුනේ භාව උද්දීපන තෙමාවකින් ඉදිරිපත් කිරීම, භාව සූචනයට එරෙහිව ගෙන ඒ...ම. :-)


Sithumini Rathnamalala


ප්‍රචාරක කලාවන් අධ්යයනයට නම් මනෝවිශ්ලේෂණවාදී ප්‍රවේශය [ඔබ කියන්නේ ෆ්‍රොයිඩ් ගේ මත සමඟ පිවිසීමක් නම්] යොදාගත හැකි මුත් උදාහරණයකට typographic poetry ගතහොත් ඒ විවරණයන් සඳහානම් psychoanalytic approach පමණක් ඇති වෙන්නෙ නෑ කොහෙත්ම.....එය කාව්ය විචාරය හා අත්‍යන්තයෙන් බැඳී පවතිනවා......


Hashitha Abeywardana


‎@සිතුමිණි: ඔබ මතුකරන කරුණ මගේ විෂය පථයෙන් එලියේ තියෙන්නේ. නමුත් මට වැටහෙන්නේ මනෝවිශ්ලෙෂණයේ ෆ්‍රොයිඩියානු ප්‍රවේශයට මෙන්ම ජුන්ගියානු සංකේතික විශ්ලේෂණයට හා සාම්ප්‍රදායික කලා විචාරයට පොදු කණ්ඩාංක ලකුණු කර ගැනීමක් පෙර සූදානමක් උවමනයි කියලා. [සංකල්ප වැරදි නම් සමාවෙන්න]


Dawson Preethi


මට හිතෙන්නේ සිතුමිණි අපට විචාර සම්ප්‍රදායක හිස් තැනක් ඇත්තේ ඇත්ත වශයෙන්ම විචාර සම්ප්‍රදායක් ඇති දෙයක් විසින් ප්‍රතික්ෂේප කරන දෙයක් උදෙසායි. එනම් සම්ප්‍රදායික කවිය විසින් ප්‍රතික්ෂේප කරන මේ නව ප්‍රචාරණවාදී ෂානරය ට අලුත් විචාර මූලධර්ම පද්ධතිය...ක් තනා ගැනීමයි. මට හිතෙන්නේ එතනින් පටන් ගත්තොත් අපට බොහෝ දේ පහසු වනු ඇති බවයි.


උදාහරණයක් වශයෙන් ලංකාවේ සිනමාව උදෙසා යම් විචාරක කලාවක් ඇති නමුත් ටෙලි නාට්‍ය සඳහා එබන්දක් නොපවතී. අනෙක් අතට චිත්‍රකලා විචාරයක් යම් පමණින් ‍ගොඩනැගී ඇතත් වාස්තු කලාව සඳහා එබන්දක් මාධ්‍ය තලයේ සාකච්ඡාවට බඳුන් නොවෙයි. නොඑසේ නම් දැනුම් පද්ධතියක් ගැන ඉඟියක් නැත. මා විසින් කලකට පෙර රුක්ෂාන් විද්‍යාලංකාර මහතා සමග සාකච්ඡා කර සිළුමිණ පුවත්පතට ලිපි දෙකක් සම්පාදනය කළේ මෙවැනිම කතිකාවක් ගොඩනැගීමට වුවද එය තිඹිරිගෙයිම වැළලුනි. එහි දී සංගීතය සමග සමපාත වන සංගීතයේ ව්‍යාකරණය ලෙසින් සාකච්ඡා කල නව විචාරාත්මක දෘෂ්ටිය වාස්තු කලා විචාරාත්මක ප්‍රවාදයක් ලෙස ඉස්මතු වූයේ නැත. එනමුත් එබඳු විචාරාත්මක එළඹුම් වාස්තුවට ඇවැසි බැව් වැටහේ.


දැන් මා යෝජනා කරන්නේ සම්ප්‍රදායික විචාරය විසින් ප්‍රතික්ෂේප කරන දෘශ්‍ය කවි ලෙස හඳුනාගත හැකි නිර්මාණ සර්වත්‍රය කිරා මැන සුදුසු ලෙස ස්ථානගත කරගැනීමට ඇවැසි නිර්ණායක පිළිබඳ එකඟතාවන් ගොඩ නගා ගැනීමට ඇවැසි සම්මුතිමය සාකච්ඡාව මෙතැනින් ඇරඹිය යුතු බවයි.


Sithumini Rathnamalala ‎


@හසිත......
මාර්ශල් ඩුශාම් ගැන මතක් කළ එක වටිනවා......mixed medium කියන එක අද එතැනිනුත් හුඟක් දුර ඇවිත් නේද.....?? විචාර විධි ක්‍රම තුළ....!!!


Dawson Preethi


වැරදීමක් තියෙනවා ඉහත කොමෙන්ටුවේ. සමාවෙන්න.


"එහි දී සංගීතය සමග සමපාත වන සංගීතයේ ව්‍යාකරණය ලෙසින් සාකච්ඡා කල නව විචාරාත්මක දෘෂ්ටිය වාස්තු... "


යන්න
මෙලෙස නිවැරදි විය යුතුයි.


"එහි දී සංගීතය සමග සමපාත වන වාස්තුවේ ව්‍යාකරණය ලෙසින් සාකච්ඡා කල නව විචාරාත්මක දෘෂ්ටිය වාස්තු..."


Hashitha Abeywardana


ඩෝසන් කියන රිටි හා හුණ්ඩු තැනීම මේ ව්‍යායාමය ඔස්සේම කරන්න පුලුවනි නම් හා වෘත්තික කෝණයකින් පිවිසෙන්න පුලුවන් නම් විෂයයක් තෝරාගෙන මන්දක් දමා බැලියයුතු අවස්ථාවක්. අනික තමා ඇන්ඩි වොර්හොල් වගේ අය මෙතනදි අල්ලා ගැනීම, සමෝධානය පිළිබඳව මූලික අදහස් වලින් ඇරඹිය හැකිද?


Dawson Preethi


‎@Hashitha


නිර්ණායක යැයි යමක් රිටි හා හුණ්ඩු ලෙස තැනිය නොහැකිය. ඒවා පවත්වා ගත යුත්තේ ස්‍ප‍ර්ශෝන්මුඛ රේඛා වශයෙන් පමණි. මන්ද යත් එබඳු නිර්ණායක හා සමපාත වන නිර්මාණ උත්සාහයේ ශ්‍රමය ප්‍රායෝගික ලෝකය වැටකඩුලු වලින් බාධා කරවන බැවිනි. එබඳු දෙයක් මගේ අදහස් තුළ නොවේ.


Hashitha Abeywardana
රූපකයකින් කතා කලා පමණයි.. :-)


Dawson Preethi


typographic poetry විග්‍රහ කිරීමේදී ෆ්‍රොයිඩියානු ප්‍රවේශය අක්‍රිය වුවද ලැකානියානු ප්‍රවේශය සක්‍රිය වේ. සංකේත විශ්වය සහ පරිකල්පනීය විශ්වය තුළ සන්දර්භගත වන්නට ඇති හැකියාව හේතුවෙන් එය යෙදිය නොහැකි මිනිස් නිර්මාණ ප්‍රවේශයක් නැත.


වාස්තුව ඝණීභූත වූ සංගීතයක් ලෙස ස්ථානගත කොට ඇරඹෙන විචාරවේදයත් වෙතොත් එය ෆ්‍රොයිඩියානු [pleasure principles] වුවද වාස්තුව ජීවත්වීමේ යන්ත්‍ර ලෙස ගත් විට එය ලැකානියානු [desire as a social construction] එළඹුමකි.


Anjana Jayaweera


වැඩ පැත්තක දමා post එකයි comments ටිකයි කියෙව්වා... සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා....


"ප්‍රකාශනයේ නැවුම් භාෂා ආකෘති"'.... ඩෝසා ගේ මේ වචන ටික inspiration එකක්..


අපිට බැරිද ඔතන ඉඳන් මේ කවි නෙමෙයි කියන ආකෘතිය ගැන ටිකක් විපරම් කරන්න?


Dawson Preethi


පුළුවන් කියලයි මම කියන්නේ. ඉතිං අංජන කතා කරන්න ඔයා අපට වඩා දන්නවා දෘශ්‍ය ප්‍රයෝග බලපාන හැටි වචන රටා වලට පිටින් සහ ඇතුලෙන්...


Sithumini Rathnamalala ‎


@ ඩෝසන්......
ලැකාන් පිළිබඳව මමත් ඔබේ අදහසට එකඟයි, මමත් ඕකම තමයි කියන්නේ, වෙනස් ශානරයන් නිර්වචනය කර ගැනීමට යත්න දැරීමට වඩා එබඳු විචාර ක්‍රමෝපායක පිහිට සමස්ථ "නිර්මාණ" විශ්ලේෂණය සඳහා යෝජනා වියයුතු වග... [ කොහොමත් දැනටFacebook හි ඇති වාගාලාපත් සමඟ නව ශානරයන් සෙවීමත් විහිලුවක්]....වාස්තුව ගැනනම් ටිකක් වෙලා අරන් කතා කරමු.......ඔබ කලින් වතාවක ආඳාගේ වලපතින් අල්ලන්නට ඇති බවයි මට නිකමට හිතුණේ....අද ටිකක් busy කරුමෙට...


Anjana Jayaweera


‎@dawsa ඔන්න ඉතින් කිව්වා මංගල්ලයක් මෙයා... මම දන්නවා කියලා හිතෙන දේ කියන්නම්....


අමිල ගලප්පත්ති කියපු වචන ටිකක් මතක් වුණා...


“දැන් නෙට් එක ඇතුලේ ලියන සහ කියවන එක පරයමින් බලන, සවන් දෙන සහ සහභාගී වෙන එක වඩ වඩාත් ඉස්මතු වෙමින් පවතිනවා. ඉතින් අපිත් visual කවි..... “


ඔතන ඔය කියන visual කවි එක එක විදියට බලන්න පුළුවන්....


හිතන්න මෙහෙම... ඩෝසාගෙම මම කැමතිම කවිය ගමුකෝ....


අන්තිමට
සුදු රෙද්දේ
දහඩියයි
මහන්සියයි


අපි තුන්දෙනාටම
හිනහයි හිනහයි


මේකට දීලා තියෙන මාතෘකාව “කන්‍යාභාවය“....


හිතන්න ඕකට මාතෘකාවක් නොදී මේ වගේ එකක් එළියට දැම්මා නම්?


http://img841.imageshack.us/img841/1319/16812305.jpg


හිතන මනුස්සයට ඕනි විදියක් හිතන්න පුළුවන්... ඔය පිංතූරේ විදියට ගත්තා නම් artists කෙනෙක් අමාරුවෙන් ඇඳපු පිංතූරේ අවසානයේදී හිතන්නේ මේ වගේ එකක් වෙන්න පුළුවන්...


ඒත් ඔය විදියටම ඔය කවිය තව කෙනෙක් “ජපන් කොඩි“ ගැන ලියපු කවියක් කියලා හිතන්නත් පුළුවන්....

මුහුණු පොතේ සංවාදය විවෘතයි...

පින්තූර ගත්තේ මෙතනින්.

0 කුළිය: