Tuesday, September 21, 2010

මුහුණු පොතේ කවි ගැන සංවාදය -2



ඇරඹුම් නිමිත්ත මෙතනින්
මුහුණු පොතේ කවි ගැන සංවාදය -1 මෙතනින්

මුහුණු පොතේ සංවාදය විවෘතයි...ඔබත් එකතු වන්න...


එතැන් සිට....

Sithumini Rathnamalala ‎

@ ඩෝසන්......

ලැකාන් පිළිබඳව මමත් ඔබේ අදහසට එකඟයි, මමත් ඕකම තමයි කියන්නේ, වෙනස් ශානරයන් නිර්වචනය කර ගැනීමට යත්න දැරීමට වඩා එබඳු විචාර ක්‍රමෝපායක පිහිට සමස්ථ "නිර්මාණ" විශ්ලේෂණය සඳහා යෝජනා වියයුතු වග... [ කොහොමත් දැනටFacebook හි ඇති වාගාලාපත් සමඟ නව ශානරයන් සෙවීමත් විහිලුවක්]....වාස්තුව ගැනනම් ටිකක් වෙලා අරන් කතා කරමු.......ඔබ කලින් වතාවක ආඳාගේ වලපතින් අල්ලන්නට ඇති බවයි මට නිකමට හිතුණේ....අද ටිකක් busy කරුමෙට...

Anjana Jayaweera

@dawsa ඔන්න ඉතින් කිව්වා මංගල්ලයක් මෙයා... මම දන්නවා කියලා හිතෙන දේ කියන්නම්....

අමිල ගලප්පත්ති කියපු වචන ටිකක් මතක් වුණා...

“දැන් නෙට් එක ඇතුලේ ලියන සහ කියවන එක පරයමින් බලන, සවන් දෙන සහ සහභාගී වෙන එක වඩ වඩාත් ඉස්මතු වෙමින් පවතිනවා. ඉතින් අපිත් visual කවි..... “

ඔතන ඔය කියන visual කවි එක එක විදියට බලන්න පුළුවන්....

හිතන්න මෙහෙම... ඩෝසාගෙම මම කැමතිම කවිය ගමුකෝ....

අන්තිමට
සුදු රෙද්දේ
දහඩියයි
මහන්සියයි
අපි තුන්දෙනාටම
හිනහයි හිනහයි

මේකට දීලා තියෙන මාතෘකාව “කන්‍යාභාවය“....

හිතන්න ඕකට මාතෘකාවක් නොදී මේ වගේ එකක් එළියට දැම්මා නම්

හිතන මනුස්සයට ඕනි විදියක් හිතන්න පුළුවන්... ඔය පිංතූරේ විදියට ගත්තා නම් artists කෙනෙක් අමාරුවෙන් ඇඳපු පිංතූරේ අවසානයේදී හිතන්නේ මේ වගේ එකක් වෙන්න පුළුවන්..

ඒත් ඔය විදියටම ඔය කවිය තව කෙනෙක් “ජපන් කොඩි“ ගැන ලියපු කවියක් කියලා හිතන්නත් පුළුවන්....

Sujeewa Kokawala

මේක ගිහින් තියෙන දුර. කතාවට ආපු ඔක්කොම හොඳ මත දාල තියෙනවා එක එකට මනාප දෙන එක නැවැත්තුවා.

අදහස් මිටි බැන්දොත්;

@මම රූප වලට එරෙහි ද?

නැහැ. හොඳින් කියවන්න. මං කියන්නේ, සමහරු කවි කියන වචන ගොඩට තේරුමක් නෑ. ඒවා ලියපු ෆොන්ට් වලින්, නැත්නම් චිත්‍රණය කළ තැන් වලින්, නැත්නම් එතන තියෙන පින්තුරෙන් තමයි අදහස එන්නේ. මේවා සැබැවින් ම නිර්මාණ, එහි ගති ගුණ මත මිණිය යුතු.

ඒත් මේවා කවි නොවේ. කවියක් හඬ නගා කියෙව්වොත් තෙරෙන්න ඕනේ. අදහස තීව්‍ර කරන්න තව වෑඩ දැම්මට කමක් නෑ.

@ගොඩක් කවි වල මෙලෝ රහක් නැත්තෙ ඇයි?

1. කවි කියන්නෙ චිත්‍ර හා ග්‍රැෆික් කියා සිතීම
2. අමුතු වචන ඉන්ග්‍රිසි වචන බාගෙ කුණුහරුප විකාර කතා වගේ උඩින් අරන් දැම්මම ඒක නිර්මාණයක් කියා සිතීම.
3. "මනාප", "එළකිරි", "මැක්සා", "මෙන්න කවි" වලට වැටෙන එක
4. හොඳ කවි නොදැකීම. ඔය කඩදහි පොත් කියවන එක ගොඩක් අය නොකරන සමහරුන්ට කරන්න බැරි දෙයක්.
5. පුද්ගලිකත් නැති පොදුත් නැති මූණු පොතේ විකෘතිභාවය. පුංචි පිරිසක වීරයින් වන ලිලිපුට් කවියන් බිහිවීම [අර සින්දු කියන්න බැරි එවුං බාගෙට පුළුවන් එවුංව පුම්බනවා වගේ]
6. කවිය දේශපාලනිකරණය වීම සහ ඒ නිසා ඇති වන ඉච්ඡාභංගත්වය [මතවාද, ගුරුකුළ, සම්ප්‍රදායන්, ලොකුකම්, වන්දනා, ආදී දේ මත කවි ඇගැයීම හා ඉහළට එසවීම]

@අළුත් ශානරයන්

සමා වන්න වචනය අළුත් ඒත් හිතා ගන්න පුළුවන්. මෙහෙමයි, චිත්‍ර අඳින ගෝත්‍රිකයෝ ලෝහ හොයා ගෙන ලෝ කම් කරුවන් වුණා. ඒ වගේ අළුත් තාක්ෂණයත් එක්ක අළුත් කලාවන් හැදෙනවා. ඇයි මේවාට කවි කියලා කියන්නේ.

කැමති නම් හයිබ්‍රිඩ් කරන්න, කවිය චිත්‍රය හා අකුරු/ග්‍රැෆික් වැඩ හැටියට. එතකොට සමහර අයගේ කවිය නෑ. චිත්‍ර හා ග්‍රැෆික් පමණයි.

මේ පදනම මත මං මගේ කවි බ්ලොග තනිකර කළුවෙන් තිව්වා, කවි ලියන්නේ සුදු පාටින්. ඒත් මං මූණු පොතේ දාන කොට චිත්‍රයක් අඳිනවා, තනිකර ම ආසාවට මිසක්, මං ලියන ඒවාට චිත්‍රය අත්‍යාවශ්‍ය නෑ.

@කවි ශ්‍රමය

හෂිත හා එකඟයි. එළිසම කවියක මත් ගණන හෝ [අඩුම ගාණේ] පසු එළිවැට කැඩුවොත් කැතයි. මං ඒ වෙනුවෙන් මාර මහන්සියක් ගන්නවා.

@නිර්මාණ ශ්‍රමය

එකතුවක්. මේක තවත් හොඳ අදහසක්, ඒත් මෙතන මාතෘකාව තුළ මං ආසයි කවිය වෙන් ව දකින්න.

@ප්‍රකාශනයේ නැවුම් භාෂා ආකෘති

හරියටම හරි

@visual කවි

කවියක් ඇත්නම් අවුලක් නෑ. ඒත් නැති තැන කවි කියන වචනය නුසුදුසුයි. සමහර ඒවා කොහෙත්ම කවි නොවේ. දෘශ්‍ය ප්‍රකාශන හෙවත් visual expressions කිව්වට අවුලක් නෑ. ග්‍රැෆික් ආටිස්ට් ල ට ග්‍රැෆික් චිත්‍ර ශිල්පියන් කියා කියන්නෙ නෑ නේද?

@මේ කතාවෙන් මූණ් පොතේ කවි සෙල්ලම ගොඩ දායි ද?

අමාරුයි. ඔය මූණු පොත මේ ලෝකෙට ගෙනා දෙයක් තමයි පුද්ගලික හා පොදු දෙක අතරේ fuzzy hybrid model එකක්. ඒ හරහා මිනිසුන්ට පුද්ගලික වූත් පොදු වූත් ද්වොත්ව චරිතයක් රඟපාන්න පුළුවන්. හැමෝම පොදුයි පුංචි අවකාශයකට, ඉන් පිටදී පුද්ගලිකයි.

ඉතින් කවුරුත් මේවා බලන්නේ නෑ. කීයක් මේක කියවයි ද? කියෙව්වට කීයක් පිළිගනියිද?

ඔබ හොඳින් දන්න "FB කවි සංසදයේ" ඇඩ්මින් ලා කවි නැතිවුණා කියලා බැණුම් අහපු තරමක්. කවි තේරුවොත් හරි ඇගයුවොත් හරි කොහොම හිටීද?

@ FB කවි සංසදය වැරදි ද?

නෑ ඔවුන් හරියට හරි. අංකුර කවීන් ට නිදහසේ එන්න ඔවුන් ඉඩ දෙනවා, ඉතිරි අගැයුම හා නිවරද කිරීම වෙනත් තැනක විය යුතුයි.

@මේ සංවාදයෙන් බිහිවූ ඩෝසන් ගේ බ්ලොග් පිටුව

නියම වැඩක්. private/public dilemma එකෙ හිරවුණ මූණුපොතට වඩා ඒ මාධ්‍යය බලවත්. ඒ වගේම බොහෝ දෙනෙක් දකිනවා.

Krishan Rajapakshe

ඩෝසන් මහත්තොයේ සමවෙන්න මේ හරබර සංවාදය අතරට පැන්නට.... මම මේ කෙමෙන්ටු ටික ඔක්කොම එක කියෙව්වා. සමහර දේ පිළිගත හැකියි. සමහර දේ පිළිගත් නොහැකියි.... නමුත් මම මූණු පොකේ කවිවල දකින හොද දෙයියනේ මොකුත්ම නොලිය එකා හරි කවියක් දැන් ලියනවානේ. එක කවියේ නීති රීති බිදෙනවා වෙන්න පුළුවන්. නමුත් එකගේ මෙකක් නමුත් කණුහරැපයක් නොව අදහස් සංකල්පණාවක් පනිනවනේ එලියට....මම එම කාරණය හොදක් විදියට දකිනවා. මුල පටන්ගත්ත එවුන්ගෙන් අපිට එකෙක් හරි එයි එළියට. මුකුත්ම නොකර දොඩවනවට වැඩිව කවියක් කියන්න බැරිනම් මොකක් හරි ලියන එක හොදයි නේද?

Sujeewa Kokawala

Krishan;
you're right. I never meant to banish that. All I wanna see is a wray for them to evaluate and improve.

Nor do I wish to undermine non-poetry expressions. But they are not poetry. It should be classified different and poetry shud be ...free from it.

Krishan Rajapakshe

habai kaviyaka liveemen pasu labena comments gana urana veema hoo.... e mathin poraka veemata vithsaha kireemen kaviya nowa e nirmana karuwa vinasa vee yai.


Sujeewa Kokawala

Just now on Dawson's wrall there are two tagged albums. Both are good work of art. Since they're not frnds let me call one C and other A. C's work is art and truly poetry. He uses pics to enhance meaning. A uses words as objects in pics. Th...ey're great work of art but not poetry.

I enjoyed A's work more, but C's is only poetry.

Krishan Rajapakshe

namuth sujeewa.. oya mona than edalada ewa kavi nowe kiyanne??? danaganeema saha egena ganeema pinisai mama ehema ahanne??

Sujeewa Kokawala

mehemayi, man kalin kivvaa vage kaviyak kiyanne vachana baavithyen liyapu deyak misa andapu deyak nowre. mage pudgalika mimma nam, kaviya kiyevvama thanikara ehi harayak thibiya yuthuyi. neveyi nam eka visual expression ekak kiyalayi man ki...yanne. vachana objects hatiyata gena andapu chithrayak.

mathaya pudgalikayi, thavama podu mathayak deka nehe.

Krishan Rajapakshe

ow .. oba vishwasa karana mathaya thiyenna puluwan...samharavita oba kaviyak liwwoth mata eka kaviyak nowann puluwan..eka mage mathaya wenawa..mama hamawelawena vishwasa karanne hariyanna ho wadadinn palamuwa yamak kala yuthui kiyala.. sama...havita oba dan kavi nowei kayana nirmana anagathaye kavi obama piliganna puluwan..

kavi saha kavi nowi kiyaddima eka depaththak sahithai...kaviya sambanda hamoama sathu danuma bedahada ganima harai lankawe kaviyata pawathmak hadanna puluwan kiyana mama hithanne...e sadaha obalage vivechan wagema ... adunikayan nirmanth karanna awashmai...


Sujeewa Kokawala ‎

@krishan;

oba "maa" kiyaa sithana aya maa nove. podi gap ekak thiyenava. topic dekak thiyenava meke.

Topic1 : no-kavi

oya "no-kavi" valata pahath deval kiyaa maa garahuwe ne. samahara eva usas nirmaana eth kavi nowe.

udaaharanayak: kavudo kenek [livva kena mata vedi thiyanna epa] "parlimenthuva" kiyaa nirmaanayak kala. eke thiyenne oya vachane writharayi. eka font podi karagena repeat karanavaa. ath dala dekak haa mata mathaka vidihata mini pettiyak eke thibba.

adahasa pahadiliyi. nirmaanaya usas. ithamath creative. eth eya kaviyak nove. okayi point eka.

eya kaviyak novanne kohomada kivvoth MartinW ge gam peraliya kaviyak novana vidihata.

oba me nirmaanayata kaviyak kivvoth man ahanavaa ayi eka keti kathavak novanne kiyalaa.

ada baluvath heta baluvath mata nam eka wenas wenne ne. evata kavi kiyanne wrena vachanayak hadala nathi nisaa.

Topic2 : baala kavi

wenath dimension ekakin gaththoth F/B eke kavith thiyenva. nirmaana agaya pahath [mage tikath bohovita e gode]. apata labena manapa ematayi. punchi parasayaka raja vunu liliput kaviyan. ithin me kaviyan hari agayimakata lak wee, vadaath honda nirmaana daka gena vadi diyunu wenna vidihak thiyenne one.

nathuwwa eka navaththanna kivva nove. mage comment kiyavanna. folk art gana, kavi sansada gana man kivu dhe oba daka nehe vage.


Dawson Preethi

ක්‍රිශාන් ගේ අදහස් එක්ක මම එකඟ වෙන තැන තමයි කවුරු හරි මොනව හරි ලියන එක අද දවසේ අප අත්දකින විශ්මයජනකම දෙයක් කියන එක සහ එම පුද්ගලයා දිරිමත් කිරීම අවශ්‍යයි කියන කාරණය.

අප‍ මේ කතා කරමින් ඉන්නේ ද ඒ දේ ගැනමයි. මේ අලුත් ප්‍රකාශන මාධ්‍යයන් තම නිර්මාණශීලිත්වය හරහා නොයෙක් ආකාරයෙන් පර්යේෂණ කරමින් ඉන්නා අය ඒ ඒ අයගේ නිර්මාණ උචිත ලෙස පෙළ ගැස්වීමේ අවශ්‍යතාවයයි.

උදාහරණයක් ලෙස කිසියම් කෙනෙක් ‍ග්‍රැෆිකයක් තුළට වචන දමා කරන නිර්මාණය දිහා කවි දිහා බලන මිම්මෙන් බලා උරණ වීමට කිසිම තේරුමක් නැහැ කියන එක. මක් නිසාද යත් එය එම සාහිත්‍යාංගය සමග කිසිදු සෘජු සම්බන්ධයක් නොපවත්වන වෙනස් අංගෝපාංගයන්ගෙන් සමන්විත අලුත් දෙයක් වීමයි. හුදෙක් වචන පෙළක් දුටු මතින් ඒ නම් කවියෙකැයි කියන්නට පෙළඹෙන නිසාවෙන් මේ අවුල හට ගන්නේ යැයි මට සිතේ. නමුත් එබඳු වචන පේලි දිහා බැලිය යුත්තේ භාෂාත්මක නිර්මාණ ලෙසින් විනා කවි ලෙස නොවෙයි. හරියටම අපි බෙහෙත් තුණ්ඩුවක් දෙස බලා බෙහෙත් මිලට ගන්නවා විනා එය කවියකැයි කියා රස විඳින්නට නොගන්නා ආකාරයෙන්. මේ වචන පේලි ලිවීම යනුම එහි කතෘගේ කිසියම් මනෝභාවයක් තමන්ගෙන් පිටස්තර සමූහයකට හෝ පුද්ගලයෙකුට සංනිවේදනය උදෙසා හෝ ප්‍රචාරණය උදෙසා කරනු ලබන නිර්මාණයකි. එබඳු සියල්ල කවි විය යුතුයැයි කිසි කෙනෙකු කියා නැත. මෙතන වරද වන්නේ කවි පරිශීලනය අවම වූ පිරිස් -අප ඒ ගැන වෙන්කර දැනගන්නේ ඔවුන් ප්‍රසිද්ධියේ කරනු ලබන විනිශ්චයන් හේතුවෙනුයි-කවි නොවන දේ සහ කවි අතර වෙනස ගැන මෙලෝ වගක් නැති වීමයි. මෙය කනගාටුවට කරුණක්. මේ අය වහ වහා කළ යුත්තේ කවි මේ ආකාර විය යුතුයැයි තර්ක කිරීම‍ නොව මෙතෙක් ලියැවී ප්‍රස්තාවනාවට බඳුන් වූ කවි කියවා බැලීමයි. එයින් ඔවුනට කවි කියා මෙතුවක් පැවැති දේ ගැන අදහසක් ඇති කර ගත හැකියි. එතනදී එම කවි කියවීම් කිසියම් තැනකින් නැවතුනු විට තමන් මේ අනෙකුත් එබඳු ආකෘති සහිත වචන පේළි කවි ලෙස දැකීම නිවැරදිදැයි ස්වයං විනිශ්චයකට ඒමට මගක් පෑදෙනු නියතය. එබඳ හැදෑරීමක් පැහැර හැර කවි නම් ඕනම අදහසකි යන්න හෝ මොනවා හෝ ලිවීම වැදගත් ය යනාදී වූ හෝ අනවබෝධ සහ නොපැසුණු තීරණවල එල්බ ගැනීම නොකළ යුතුය. ඒ මාගේ අදහසයි.

දෙවනුව මෙලෙස කවි යැයි පැවතුන යමක් වේද එය අද දවසේ ‍අප අත්දකින දේ ප්‍රකාශමාන කිරීමට ප්‍රමාණවත් නොවන්නේ හෝ අසම්පූර්ණ ‍වන්නේ හෝ ඊටත් එහා ගිය අවශ්‍යතා ඇත්තේ යැයි සාධනීය ලෙස වැටහෙන්නේ නම් එම පැවැති ආකෘති ‍බිඳහෙලා නව ආකෘති නිර්මාණයේ යෙදිය යුතුය. පර්යේෂණයේ යෙදිය යුතුය.

නමුත් අද දවසේ වෙන්නේ පැවති ආකෘතිය භාවිතා කොට සමාජය විශද‍ ලෙස දැකීමට ප්‍රකාශ කිරීමට කඩාබිඳ දමන්නට එය ප්‍රමාණවත් නොවන නිසාවෙන් නව ෂානර සොයා යාමක් නොවේ.

අද දකින්නට ලැබෙන්නේ කලින් මෙතුවක් පැවති දේ නොදැන එහි ආකෘතිය ප්‍රශ්න කිරීමක් හෝ විචාරය කිරීමකින් තොරව කොටින්ම කිසිදු දැක්මකින් දර්ශනයකින් තොරව හුදු ප්‍රචාරණවාදී ආකල්‍පයෙන් නව ප්‍රවණතා යැයි අගක් මුලක් සොයා ගත නොහැකි ආගන්තුක දේ නිර්මාණකරනයේ යෙදීමයි.

එක්තරා දුරකට ඉහත විග්‍රහය වලංගු වුවද මේ නව ප්‍රවණතාවල සමාජයීය අවශ්‍යතාවක් හෝ පුද්ගල අවශ්‍යතාවක් හෝ ද පැන නැගී ඇති බැව් පසක් කළ යුතුය. සයිබරය නිදහස් අවකාශයකි. මෙහි මහ අනෙකා තමාමය. සමාජයේ මහා අනෙකා දූරින්භූත වී ඇති තතු යටතේ එහි විකල්ප මහා ‍අනේකත්වය සොයා යා හැකි විකල්ප අවකාශය සයිබරය පමණි. තමා නැවත තිරය මත දිස්වන තතු යටතේ කැඩපත් අවදිය නැවත ග්‍රහණය වන තමාගේ පරිකල්පනීය ලෝකයේ දෙවන උපත සිදුවන තැනක්‍ ලෙස මුහුණු‍පොත ගත් විට මේ තතු වටහා ගැනීමට පහසු වේ.

වයස මෝරා ගියත් අද දවසේ මුහුණුපොතට එකතු වන වැඩිහිටියෙකු නැවත මුහුණුපොතෙන් උත්පත්තියක් ලබයි. එහිදී මුහුණුපොතට ඔහු ළදරුවෙකු වේ. ඔහුට සමස්ත මුහුණුපොත ඔන්ලයින් කුමරියක් සේ හෝ ඔන්ලයින් මෝහිනියක් සේ හෝ පළමු වටයේදීම පෙනී වසඟ වෙයි. කාලය ගත වද්දි මුහුණුපොතේ වයස ගැටවර වද්දී මෝහිනියන්ට අමතරව තම හොලෝග්‍රෆික අනෙකා ද හමු වන්නට පටන් ගනී. දේවල් වැරදියට කියැවීමෙන් සයිබර් ගොනෝරියාව ද හදා ගනී. මෙය වෙනත් මාතෘකාවකි.

කෙසේ වුවත් මේ නව ක්ෂණික නිර්මාණකරනයේ යෙදෙන්නන් සපුරන්නේ එතුවක් සම්ප්‍රදාය හෝ වෙනත් මහ කතිකාවක් විසින් නොසැපිරුනු රික්තකයක් බැව් වටහා ගත යුතුය. ලාංකීය කලා සාහිත්‍ය අවකාශයේ සයිබර් සාහිත්‍ය කලාවක් පිළිබඳ නොවැලැක්විය හැකි පැහැර යා නොහැකි සුසමාදර්ශී වෙනසක මුල සිටින අප කළ යුත්තේ ඒවාට වැට කඩොළු බැඳීම නොවේ. මේ තත්ත්වය වටහා ගෙන වෙනස් වීමක් ඉල්ලා සිටින‍ දේ වෙනුවෙන් ඒ වෙනස ලබා දීමත් වෙනස් වීමක් ඉල්ලා නොසිටින දේ පවත්වා ගෙන යාමට අවබෝධයක් ඇති කර ගැනීමත්ය.


පින්තූර ගත්තේ මෙතනින්...



මුහුණු පොතේ සංවාදය විවෘතයි...ඔබත් එකතු වන්න...

0 කුළිය: