සිතුමිණිගේ කවි කලලයක් කවියක් වැනි යමක් දක්වා...





ගුගුරුවා මහ පොළොව
බිහිරි කර බහිරව දෙසවන
සයිරන් නදින් පුපුරුවා කන්බෙර
උගුළුවා ගැසූ මිහි මත- මිනිස් රැළ සීසීකඩ

විදුලි සේ පැමිණි සෛන්ධව රිය පෙළ
මුදා හැර ට්‍රෝජානු ගිනි දුම් යකඩ බල

සැණෙකින් නැගී මහ ගොස
තිරිංග තදැව නැවතුණ රිය අස

වේරම්භ වාතය හමා ගොස් කළතා
ලෝක ධාතුවම සැණෙකින් හකුලා
පිම්බී හැකිලී සිව් දිග කාලාවකාශා
නැවත මතු විය
‍මොහොතකට පෙර පැවති රූ සෝබා

නිහඩව තනිව සර්වතෝභද්‍රයම හැකිලී
බිඳුනු සුදු සැරයටියකි වැතිරී
මහ මඟ ඉවුරේ තනිවූ තොටියෙකී
හබල් බිඳී කහ ඉරී තැලී විසිරී


ප.ලි.

සිතුමිණි විසින් නිර්මිත කවි අනුභූතියක් කවියක් බවට පරිවර්තනය කෙරුමට මා දැරූ වෙහෙසක් මේ ලිපියේ සටහන් කරනු කැමැත්තේ සිතුමිණිගේ කාරුණික අනුග්‍රහයෙනි.

සිතුමිණි ඔබට තුති.

මුහුණු පොතේ මුල් කවිය සහ එහි කොමෙන්ටු මෙතනින් බලන්න.

Comments

ස්තුතියි ඩෝසන් ......
සිතුමිණි..
ඩෝසන්/සිතුමිණි,

පට්ට විචාර දෙන්න තරම් මං සිරා පොරක් නොවේ. ඒත් සිතුමිණි ගෙ අවසානය ඩෝසන්ට වඩා හොඳයි කියා හිතෙනවා. සිතුමිණි ගෙ කවියෙත් රිද්මයේ ඇති අඩු කමක් මිස වෙනත් අඩුවක් නෑ. ජාලයේ දකින කවි වල හැටියට මට නම් පට්ට සිරා ඒ කවියත්. මං ඩෝසන්ගෙ රිද්මය එක් කිරීමට ආසයි.
ආහ් එක දෙයක්. සිතුමිණි ගෙ කොටසේ වාර්තාවක ගතිය වැඩියි. ඒක හොඳ නෑ

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු